RSS

86. හි… හි… ඔයාගෙ කටත් ඇරිලා, හෙන්රී!

11 Sep
86. හි… හි… ඔයාගෙ කටත් ඇරිලා, හෙන්රී!


හායි, හෙන්රී!


හායි, අමාලි!


මම ඔයාගෙ නම ස්කයිප් එකේ නිකමට සර්ච් කරලා බැලුවා. මෙන්න ඉන්නවා යාලුවා!


ස්කයිප් දෙවියන්ට ස්තුති වේවා! හෙහ්, හෙහ්…කොච්චර කාලෙකින්ද, නේ?


ඉතින්, කොහොමද හෙන්රි?


ඉන්නවා, අමාලි. වරදක් නෑ. ඔයා කොහෙද ඉන්නෙ? මේ කැනඩාවෙ ඇඩ්‍රස් එකක් වැටෙන්නෙ?


ඔව් අනේ. මම කැනඩාවල තමයි ඉන්නෙ. ටොරොන්ටෝ වල, යූ එස් බෝඩර් එකේ වගෙ. ඔයාලත් එක්ක ටීචිං කලානෙ ලංකාවෙ.  ඊට පස්සෙ ඔයා ට්‍රාන්ස්ෆර් උනානෙ.


ඔව්, ඔව්. මම ගියානෙ එතනින්, ඉතින්?


ඊට පස්සෙ හුඟක් දේවල් උනා. කෙටියෙන් කිව්වොත්, මට ඩේවිඩ් මුණ ගැහුනා.


ඒ කියන්නෙ, ඔයා දැන් බැඳල හෙම ඉන්නෙ?


අනේ ඔව්, හෙන්රි. ඩේවිඩ් කැනේඩියන්.


අහා. ඉතින් හොඳයිද ඔහේ ජීවිතය?


හපොයි ඔව්, හෙන්රි.  මම ආසම, මේ ‍ෆ්‍රීඩම් එකට. මෙහෙ කැමති ඇඳුමක් අඳින්න පුලුවන්.  ගෑණියෙක් කියලා නෑ, කැමති දිහාවක, කැමති වෙලාවක, යන්න එන්න පුලුවන්.  ලංකාවෙදි වගේ, අනිත්  උන් රබර් ඇහැ දාන්නෙ නෑ. අපේ ලංකාවෙ උන්ගෙ ඇටිටියූඩ් නම් ඉතින් හදන්න බෑනේ, හෙන්රි. හරියට ලිං ගෙම්බො වගෙ ඔහේ ඉන්නවානෙ!


හ්ම්ම්… ඒ කතාවෙ නම් ඇත්තක් තියෙනවා තමයි.


ඔව් අනේ. මේ කපල්ස් පාරෙ යන ගමන්, නැවතිලා කිස් කලාට, කවුරුවත් බලන්නෙවත් නෑ, කැත විදියට. දැක්කෙ නෑ වගෙ යනවා. කොහොමද ලංකාවෙ හෙම එහෙම කලොත්? ඕකනෙ කොල්ලො, කෙල්ලො චාන්ස් එකක් ලැබිච්ච ගමන්, ගෙස්ට් හවුස් වලට රිංගන්නෙ. ඕකනෙ ධර්මද්වීපයෙත් කාම අපරාධ වැඩි.


ඕවා කතාකරල වැඩක් නෑ, අමාලි. ඉතින් ඔයාට බබාල හෙම ඉන්නවද?


හි… හි… හි…!


ඇයි හිනා වෙන්නෙ?  මම හිනා යන දෙයක් කිව්වද?


දෙන්නෙක් ඉන්නවා. කෙල්ලයි කොල්ලයි. උන් දැන් බබාලා නෙවෙයි, අනේ . මහ උන්. ඇයි අනේ, ඒ දෙන්න මගෙ කලින් මැරේජ් එකේනෙ. ඔයා  අර ඉස්කෝලෙ ඉන්නකොට, ස්ටාෆ් එකත් එක්ක, බර්ත්ඩේ වලටත් ඇවිල්ල තියෙන්නෙ!


හුටා, හුටා, ඇත්ත නේන්නම්. එතකොටත් එයාලා සෑහෙන ලොකුයිනේ?


ඒකනෙ. දෙන්නම බැඳලා දැන්.


හප්පට සිරි! අපි දන්නෙම නැතුව වයසට ගිහින් නේ? එයාලත් ඔහෙන්ද බැන්දෙ, නැතිනම් ලංකාවෙ අයද?


මෙහෙන් මෙහෙන්. දෙන්නම බැන්දෙ කැනේඩියන්ස්ලා.


ආහා!


දූට නම්, අපරාදෙ කියන්න බෑ, හරීම ෂෝක් හස්බන්ඩ් කෙනෙක් හම්බවුනා හෙන්රි. ඔයාට කියන්න, උදේට ඉස්සෙල්ලම ඇහැරෙන්නෙ, ඒ කොල්ලා, බ්‍රයන් තමයි. ඊට පස්සෙ කිචන් එකට ගිහින් බ්‍රෙක්ෆස්ට්, කොෆී හෙම හදාගෙන, ට්‍රේ එකේ තියාගෙන ඇඳට ගෙනල්ලාලුනේ කෙල්ලව ඇහැරවන්නෙ.


ෂෙහ්.. මොන සැපද, ආ?


ඔව් අනේ, බ්‍රයන් ගෙදර ලොන්ඩ්‍රි ඔක්කොම  කරන්නෙ හරිම සතුටින්ලු. මගෙ කෙල්ලට ඇඟිල්ලක් උස්සලා කරන්න වැඩක් නෑලු. අන්න ඒකයි මේ රටවල තියෙන ලිබරල් ඇටිටියූඩ්  එකේ වෙනස. ගෑණු පිරිමි වෙනසක් නෑ. සමාන අයිතිවාසිකම්. කෙල්ල ඉතින් ලන්ච් එක හදලා, ගේ පොඩ්ඩක් අස් පස් කරලා ඉන්නවලු.  අනේ බ්‍රයන් හවස වැඩ ඇරිලා ගෙදර ඇවිත්, ඩිනර් එකත් ප්‍රිපෙයා කරනවලු. ඊට පස්සෙ කැන්ඩල් ලයිට් ඩිනර් එකක් සෙට් කරනවලු, අනේ.  බලන්න හෙන්රි, කොච්චර රොමෑන්ටික්ද කියලා.


මට මොකුත් කියන්න වචන මතක් වෙන්නෙ නෑ අමාලි.


ඔයාට කියන්න, ඩිනර් එකට පස්සෙ, මේසෙ ක්ලියර් කරලා, ඩිෂස් සෝදලා තියන්නෙත් බ්‍රයන්ලු. මගෙ කෙල්ල නම් හරිම ලකී. දාහකින්  හොයාගන්න බැරි කොල්ලා අනේ, සුද්දෙක් වුනාට.


එතකොට පුතා?


පුතා ගැන නම්, මම කතා කරන්නවත් කැමති නෑ, හෙන්රි.


ඇයි අමාලි, මොකද අප්සෙට් එක?


ඉහි… ඉහි…! අනේ මගෙ කොල්ලා ගැන තමයි මට දුක. ඌ අමාරුවෙ වැ‍ටුනා මේ කොහේවත් යන කැනේඩියන් මළ හෝන්තුවක් කරේ එල්ලාගෙන.


ඇයි ඉතින් එහෙම කියන්නෙ?


අනේ හෙන්රි ඔයාට කිව්වාම මොකෝ, අර මල හෝන්තුව, මූසල කමට පස්ස පැත්තට අව්ව වැටෙන කල් දපනවා, මළකඳ වගෙ. අපේ එකාට තමයි, වහලා වගෙ, උදේම නැගිටලා ගිහින්, බ්‍රෙක්ෆස්ට් එකයි, කොෆී එකයි හදලා, අරකිට ඇඳට ගිහින් දෙන්න වෙලා තියෙන්නෙ. මල විකාර! ඉතින් ගේකට ශ්‍රියා කාන්තාව වඩීද?  ඌ තමයි ගෙදර රෙදි ඔක්කොම හෝදන්නෙ, මදින්නෙ ඔක්කොම, ඩෝබි වගෙ. අරකිගෙ අතපය වලට හෙන ගහලද මං අහන්නෙ!


ඒ ඔක්කොමත් හරි. අපේ ගොනා, ඔෆීස් එකේ අච්චර මැරිලා, මැරිලා, ගෙදර ආවම අර නෝනා මහත්තයට කෑම ටිකත් හදලා දෙන්න ඕනෙලුනෙ. ඒ ඔක්කොමත් හරි ඉටිපන්දං එලියෙන් කෑවෙ නැත්නම්, අරකිට ගිලෙන්නෙත් නෑලුනෙ. අනේ මගෙ කට! අපි නොදන්න රොමෑන්ටික් ඩිනර්!  මට නම් හොඳ කුණුහබ්බ කටට එනවා ඕවා ඇහෙනකොටත්, හෙන්රි!  අනේ ඒ කරලත්, අපේ හරකා තමයි වලං ටික හෝදන්නත් ඕනෙ.


අනේ මගෙ අහිංසක කොලුවා අහුවුනා පරට්ටියෙකුට! ඉහි ඉහි …හලෝ හලෝ හෙන්රි, හෙන්රි!  ඔයාගෙ නෙට් කනෙක්ෂන් එක ස්ලෝද මන්දා ඔයාගෙ පික්චර් එක ‍ෆ්‍රීස් වෙලා…හි… හි… ඔයාගෙ කටත් ඇරිලා…! හි… හි…හරි කැතයි හෙන්රි ඔයාගෙ කට ඇරිලා තියෙන විදිය නම්! හි… හි…!


මෙය මා අසා ඇති විකට කතාවක් මත පදනම් වූ  නිර්මාණයක් පමණි.

 

ටැග: , , ,

133 responses to “86. හි… හි… ඔයාගෙ කටත් ඇරිලා, හෙන්රී!

  1. Hasitha

    සැප්තැම්බර් 11, 2012 at 12:11 පෙ.ව.

    මේ කතාවම ළඟදී කියෙව්වා වගේ මතකයි. මේක නම් උපරිමය් වගේ🙂 සාපේක්ෂ දේවල්වල රඟ තමා රඟ

     
  2. chathuri

    සැප්තැම්බර් 11, 2012 at 12:13 පෙ.ව.

    he he…. duwata nidan ididdi huband wada karana eka hondai… puthage wife nidiyan iddi puth wada karaddi tama naraka.maru amma.. he he

     
  3. hiruni

    සැප්තැම්බර් 11, 2012 at 12:16 පෙ.ව.

    i really thought this was a conversation you had at the beginning then i realised, i was wondering why she doesn’t let you even speak a whole sentence…. he he he….people take things the way they want not as they are…i think that’s the problem…nice story [ still didn’t download the sinhala font :D]….nice photo too Dude😀

     
  4. Kenji @ Japan

    සැප්තැම්බර් 11, 2012 at 6:06 පෙ.ව.

    හිනා ගස්සල අපිව මරන්නද හදන්නේ හෙන්රි?මේක ඇත්තට උන කතාවක්ද,නැත්නම් ගොතල ලියපු එකක්ද?කොහොම උනත් ලෙසටම සුපිරිය.

     
  5. Kenji @ Japan

    සැප්තැම්බර් 11, 2012 at 6:12 පෙ.ව.

    අන්තිමට ලියල තියන එක කොමන්ට් එක දැම්මට පස්සේ දැක්කේ.හිනාවෙ සැරකමට අන්තිම ටික පෙනුනේ නැහැ.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 11, 2012 at 9:59 ප.ව.

      බලාගෙන කෙන්ජි වැඩිය හිනා වෙන්නෙ. ලඟ ඉන්න අය කලබල වෙයි.😀 මේක අර මම කිව්වා වගෙ පොඩී සිද්ධියක් විශාලනය කරලා මම හඳුනන ඇත්ත චරිතයක් කතා කරන හැටි හිතෙන් මවාගෙන කරපු නිර්මාණයක් විතරයි!

       
  6. emailkavikaari

    සැප්තැම්බර් 11, 2012 at 6:20 පෙ.ව.

    හෙන්රි ඉපදිලා තියෙන්නෙ USA වල අම්මල එහෙ හිටපු කාලෙද? මම කතාවෙ කැමතිම මරුමුස් ලුක් එක දාගෙන කොල්ල වගේ කොන්ඩෙ හදන ෆොටෝ කෑල්ලට. දීපා හිනාකාල තමා දවස ගෙවනවා ඇත්තෙ. දවසම වගේ දෙන්න එක ඉස්කෝලෙ නේද ඉන්නෙ?

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 11, 2012 at 10:00 ප.ව.

      ඊමේල්කවිකාරි කිව්ව කතාව මට තේරුනේ පැය ගානකට පස්සෙ. මේ අර මගෙ ටී ෂර්ට් එකේ තියෙන කෑල්ල නේ? කොල්ලො විතරක්යැ කොන්ඩෙ හදන්නෙ!😀 ඔව් කවිකාරි අපි දෙන්නම වැඩකරන්නෙ එකම ඉස්කෝලෙ.ඔය ස්ටාෆ් රූම් එකේ ඉඳන් චැට් කරන කොට ලැපියෙ කෑම් එකෙන් ගත්ත ෆෝටෝ එකක්.

       
  7. Naleen Dilruksha

    සැප්තැම්බර් 11, 2012 at 7:30 පෙ.ව.

    අම්මගෙ චරිතය සහ නැන්දම්මගේ චරිතය එක්කෙනෙකුට රඟ දක්වන්න ලැබුණාම වෙන දේ ……..නියමයි හෙන්රි…

     
  8. Gold fish

    සැප්තැම්බර් 11, 2012 at 7:51 පෙ.ව.

    මාර වෙනසක් නේද…. ලස්සනයි ලියලා තියෙන විදිය.

     
  9. haree

    සැප්තැම්බර් 11, 2012 at 8:17 පෙ.ව.

    හිනා කාලා මැරෙනවා.. සුපිරියි!

     
  10. marayagehorawa

    සැප්තැම්බර් 11, 2012 at 10:18 පෙ.ව.

    කතාව කලින් අහලා තිබුනා උනත් මේක ලියලා තියෙන විදියට පස්ටෙට හිනා යනවා බං… ඔන්න ඔහොමයි වෙනවා කියන්නේ…

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 11, 2012 at 10:17 ප.ව.

      මාරෙ ඔය කලින් අහලා තියෙන එක මෙහෙම දිග එකක් නෙවෙයි නේද? මම නම් කියෙව්වෙ පේලි කීපයක ඉංග්‍රීසි කතාවක්. පොඩී සිද්ධියක්.🙂

       
  11. lokujohn

    සැප්තැම්බර් 11, 2012 at 10:28 පෙ.ව.

    විහිලු කතාවක්ම කියන්න බෑ ඔය ගතිය තමයි හුඟ දෙනෙකුට තියෙන්නේ. කොහොමත් තමන්ගෙ ඇහේ තියන පරාලෙට වඩා අනිත් එකාගෙ තියන කෙන්ද තමයි පෙන්නේ.

     
  12. හංසකිංකිණි

    සැප්තැම්බර් 11, 2012 at 10:33 පෙ.ව.

    කිව්වත් වගේ තමුන්ගෙ එකාට හොඳක් වෙලා අනුංගෙ එවුන්ට කෙලවුණත් කමක් නෑ කියන එක නෙව ියෙන්නෙ මේ කතාවෙත්!!
    හැබැයි අයියෙ විහිලුවටවත් හිතුණෙ නෑ උඹ මේ ලියන්නෙ හිතලුවක් කියල.. මට මැවිල පෙණුන බොල උඹ කටත් ඇරිල ඇස් ගෙඩි දෙකත් උලුප්පගෙන ඉන්න හැටි!!

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 11, 2012 at 10:20 ප.ව.

      උඹලා දෙන්නට නම් කලාතුරකින් හම්බවෙන සුපිරි නැන්දම්මලා දෙන්නෙක් හම්බවෙලා තියෙන්නෙ. උඹ නැන්දම්මෙක් උනාමත් එහෙම වෙයිනෙ නැත්ද? මටත් උඹ ඔය කියලා තියෙන විදියටත් ෆෝටෝ එකක් අරන් දාන්න නොහිතුනාම නෙවේ. උඹ ඒක විස්තර කරලා තියන කාව්‍යමය භාෂාව දැක්කම මට දැන් හිතෙනවා නොදාපු එක හොඳයි කියලා.

       
      • හංසකිංකිණි

        සැප්තැම්බර් 12, 2012 at 8:19 පෙ.ව.

        ඒක නං හැබෑව අයියෙ… ආයෙ නෑ දෙන්න තකට තක… මං නැන්ම්මෙක් වෙච්ච දවසටත් ඒ රූලෙං පිට පැනල පිස්සු කෙලින්ඩ නං කිසිම කල්පනාවක් නෑ මගෙත්

         
  13. chami4u~චමී4යු

    සැප්තැම්බර් 11, 2012 at 11:10 පෙ.ව.

    ඔන්න නැන්දම්මලා හිතන විදිය .. තමන්ගේ අය ගැන විතරයි හිතන්නේ හරිම ආත්මාර්ථකාමී . මම හිතුවේ ඇත්තටම උන කතාවක් කියලා..නියම කථාව …

     
  14. පනුච්චි

    සැප්තැම්බර් 11, 2012 at 11:15 පෙ.ව.

    හි හි හපොයි…. මරු කතාව…🙂

     
  15. ගිම්හානි

    සැප්තැම්බර් 11, 2012 at 11:20 පෙ.ව.

    නියම කතාව . හිනා උනා ඇති වෙනකම් .

     
  16. අඩවි රජා

    සැප්තැම්බර් 11, 2012 at 11:36 පෙ.ව.

    ඔන්න ඔහොමයි අම්මලා පුතාලට තියෙන ආදරේ…🙂

    හෙහ් හෙහ්…සිරා කතාව ඈ

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

     
  17. DDT

    සැප්තැම්බර් 11, 2012 at 11:41 පෙ.ව.

    හෆොයි …… ඔන්න අම්මණ්ඩිල ! ලියපු ස්ටයිල් එක නම් මරු, හිනා කාල මැරෙනව.

    මොකක්ද අනේ, අද උදේ මම එනකොට බ්ලොගේට මොකක්ද වෙල මේ පෝස්ට් එකට කමෙන්ට් කරන්න බෑ, කලින් එකේදිත් කමෙන්ට් කරන්න හදනකොට ඒක ඩිසේබල්කරල තිබුණ. මොකද මේ දවස්වල පිස්සු කෙලින්නෙ නිවාඩුවක්වත් සෙට් වීගෙන එනවද?

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 11, 2012 at 10:41 ප.ව.

      අනේ බං DDT, මේ වර්ඩ්ප්‍රෙස් සුද්දා වෙලාවකට මලක් ඇදලා ඉන්නවා ඇත්තෙ. පිස්සු කෙලින්න ගන්නවා ලොවෙත් නැති. මමත් ඒක දන්නෙ, “ආං උඹේ කමෙන්ට් පෙට්ටිය හොරු අරං” කියලා අර ජනුවා මේල් එකක් එව්වමයි.
      නිවාඩුවක් නං සෙට් වීගෙන එනවා තමයි තව මාස දෙකකින් විතර!🙂

       
  18. මී පැටියා

    සැප්තැම්බර් 11, 2012 at 12:02 ප.ව.

    අඩක් ඇරුනු දොර = අඩක් වැසුනු දොර

     
  19. Weniwel

    සැප්තැම්බර් 11, 2012 at 12:19 ප.ව.

    හදාපු කතාවක්ය කිව්වට මට නම් එහෙම හිතෙන්නේම නැත්තෙ ඇයිද මන්දා ?

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 11, 2012 at 10:43 ප.ව.

      ඒ කියන්නෙ ඒ තරම් ස්වභාවිකයි කියන එකද වෙනියා? මෙහෙමනෙ බං, බොරුවක්, ඇත්ත පසුබිමක් සහිතව කිව්වාම තමයි හොඳම බොරුවක් වෙන්නෙ. මොකද ඔය කතාවම කියන්න පුලුවන් කාන්තා රත්නයන් මාත් එක්ක වැඩ කරලා තියෙනවා. ඊට පස්සෙ එයාලා ඔහොම කතාවක් කටින් වෙට්‍ටු දාලා කියන හැටි හිතෙන් මවාගෙන ලියන එක එච්චර ගේමක් නෙවෙයි. ඒකට අමුනනවා ස්කයිප් කතාව.

       
  20. සිරාගෙ කාමරේ

    සැප්තැම්බර් 11, 2012 at 12:22 ප.ව.

    හෙන්රි අයියට අවුල් උනේ පරණ ට්‍ර‍යි එක සුද්දෙක් බැන්දයි කිව්වට පස්සෙ නේද ?

     
  21. ක්සැන්ඩර් | Xander

    සැප්තැම්බර් 11, 2012 at 12:47 ප.ව.

    මේක හිනාවෙවී බැලුවට වඩා මම නම් බැලුවේ හොඳ යතාර්ථවාදී පොස්ට් එකක් කියලා. අපේ මිනිස්සු හිතන පතන විදිය ගැන හෙන්රි මේ උපහාසෙන් කතා කරන්නේ සත්‍ය අත්දැකීමක් මත පදනම්වදෝ මට හිතෙනවා.

    කොහොම වුනත් ඔය කතාවේ ගත යුත්තක් වගේම අපිට අපේ ගැනම හිතන්නත් යමක් තියනවා., මතුපිටට වඩා ගැඹුරු අර්ථයක් ඇතුලෙන් දිවෙනවා.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 11, 2012 at 11:02 ප.ව.

      ක්සැන්ඩර්, මෙහෙමයි. මේ කතාව මම අහපු පොඩී ජෝක් එකක් වුනත්, මේ වගෙ හිතන, කතාකරන අය මම දන්නවා. මම දන්න එක අක්කා කෙනෙක් ඉන්නවා ගමේ, එයා මේවගෙ ඒවා කියන්නෙ කටහඬ වෙනස් කරකර. තව මාත් එක්ක වැඩ කරපු කීප දෙනෙක් ඉන්නවා, මේ චරිතෙට ගැලපෙන.
      ඒ වගෙම සමහරුන්ගෙ ආකල්ප ඔයවගෙ තමයි.🙂

       
  22. praveena

    සැප්තැම්බර් 11, 2012 at 1:01 ප.ව.

    අමාලි, බෑණා වගේ පුතා හොඳ වෙනවට කැමති නෑ වගේ නේද? බලාගෙන යනකොට කැනේඩියන් කොල්ලෝ මාර ෂෝයිනේ. මට ගත්ත හැකිද ඔය අමාලිගේ ෆෝන් නොම්මරේ 🙂

    // හි… හි…හරි කැතයි හෙන්රි ඔයාගෙ කට ඇරිලා තියෙන විදිය නම්! හි… හි…!//
    තමාටම මෙහෙම ලියාගන්න රටක් තියනවද හැබෑට?😀

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 11, 2012 at 11:03 ප.ව.

      ප්‍රවීනා, ඇයි ඕස්ට්‍රේලියන් කොල්ලෝත් ඔය වගේම තමයි නේද?😀 මම කන්නාඩිය ඉස්සරහට ගිහින් එක එක විදියට කට ඇරලා බැලුවා. කැතයි තමයි. ඉතින් ඇත්තම ලිව්වා.:D

       
  23. Sarath Lankapriya

    සැප්තැම්බර් 11, 2012 at 1:20 ප.ව.

    ඔන්න ඔය විදිහට තමයි හුඟක් කාන්තා පක්ෂේ අය මිනිස්සු දිහා බලන්නේ. මන් දන්නා පවුලක අයියා ගෑනී කියන විදිහට නටනවා අපේ පවුල දිහා බලන්නේ නැහැ කියලා කියන නංගී තමුන්ගේ මිනිහා නටවනවා තමුන්ට ඕන විදිහට ඒ යකාට තමුන්ගේ පවුල දිහා බලන්න ඉඩ නොදී වළි දානවා. .. කවදාවත් තමුන්ව දකින්නේ නැහැ..

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 11, 2012 at 11:04 ප.ව.

      ඔය තියෙන්නෙ ජීවමාන උදාහරණ. සරත්, ඕක හුඟ දෙනෙක් ගාවා තියෙන ගතිගුණයක්. බෑණා හෝ ලේලිම වෙන්න ඕනෙ නෑ. මට අර ජෝක් එක කියෙව්වාම ඒක තදින්ම හිතට වැදුනා.🙂

       
  24. පරිකල්පන

    සැප්තැම්බර් 11, 2012 at 1:28 ප.ව.

    මේක ඇත්තටම පිස්සු ලෝකයක්…🙂

     
  25. මාලන්

    සැප්තැම්බර් 11, 2012 at 1:32 ප.ව.

    ලංකාවෙන් ගිහින් පිටරට ඉන්න නෝනලා ඔය වගේ නිසා අන්තිම වෙනකම්ම මම හිතුවේ ඇත්ත කියලා😀 Excellent..!

     
  26. Senna

    සැප්තැම්බර් 11, 2012 at 2:50 ප.ව.

    සුපිරියි සුපිරියි… ඔෆිස් එකේදිනෙ කියෙව්වෙ.. ඩූඩ් අනිත් දවසෙ මේ වගේ ඒවා දාද්දි ඔෆිස් එකේ කියවන්ඩ එපා කියලා දාපන් හරිද.. නැත්තම් මේ වටේ පිටේ ඉන්න බකමූනො ටික බලනවා මූ මොකද ස්ක්‍රීන් එක දිහා බලාගන තනියම විරවන්නෙ කියලා.. නිකන් අර 18+ වගේ. එකක් දැම්මනම් හරි.. නිකන් O- වගේ එකක්🙂

    ඒ අස්සෙන් මේ කතාව පිටිපස්සෙන් අඩන්නද හිනාවෙන්නද කියලා හිතා ගන්ඩ බැරි කතාවකුත් යනවා..

     
  27. සිඳු

    සැප්තැම්බර් 11, 2012 at 3:06 ප.ව.

    Is this only an imagination? whatever it is, i like these sections
    “මම ආසම, මේ ‍ෆ්‍රීඩම් එකට. මෙහෙ කැමති ඇඳුමක් අඳින්න පුලුවන්. ගෑණියෙක් කියලා නෑ, කැමති දිහාවක, කැමති වෙලාවක, යන්න එන්න පුලුවන්. ලංකාවෙදි වගේ, අනිත් උන් රබර් ඇහැ දාන්නෙ නෑ. ”

    “මේ කපල්ස් පාරෙ යන ගමන්, නැවතිලා කිස් කලාට, කවුරුවත් බලන්නෙවත් නෑ, කැත විදියට. දැක්කෙ නෑ වගෙ යනවා. කොහොමද ලංකාවෙ හෙම එහෙම කලොත්? ඕකනෙ කොල්ලො, කෙල්ලො චාන්ස් එකක් ලැබිච්ච ගමන්, ගෙස්ට් හවුස් වලට රිංගන්නෙ. ඕකනෙ ධර්මද්වීපයෙත් කාම අපරාධ වැඩි.”

    I like and admire Sri Lankan culture and attitudes. but in my point of view, above two statements are absolutely true.
    රබර් ඇහැ නෙමේ, ඇස් ගෙඩි දෙක එලියට පනින්න බලන්නෙ සම හරක්. කොටට අඳින්නම ඕනෙ නෑ. ටිකක් වෙලා පාර අයිනෙ හිටගෙන හිටියත්, වාහන වල හෝන් වැදෙනව…. ත්‍රී වීලර් ස්ලෝ වෙනව. අඩුම තරමෙ අමතර පනතියකට යන පොඩි ගෑණු ළමෙක්ටවත් නිදහසක් නෑ. ඒ වෙලාවට හිතට එන තරහ නම්……

    පාර අයිනෙ කපල් එකක් අත් අල්ලන් හිටියොත් ලෝක විනාසෙ. කටවල් ඇරගෙන බලන් ඉන්නෙ වටේ පිටේ ඉන්න අය.

    අනේ මන්ද, කවද වෙනස් වෙයිද කියල මේ මිනිස්සු.

    දැන් කට්ටිය කියයි, ලංකාවෙ සංස්කෘතිය ‍රැකිල තියෙන්නෙ මේ ආකල්ප නිසා කියල. මට කියන්න තියෙන්නෙ කෙහෙල්මල් ආකල්ප කියල තමයි.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 11, 2012 at 11:27 ප.ව.

      සිඳූ, ඒ සිඳූ උපුටා ගත්ත කොටස් ඇත්තෙන්ම මම කතාවට රිංගෙව්ව මගෙ අදහස්. ඒ කලේ අමාලි තනිකරම කලු චරිතයක් නොවන බවත්, සමාජ ක්‍රම ගැන වැටහීමක් ඇතිකෙනෙක් බවත් පෙන්නන්න. ඒ වගේම එයා බෑනා ගැනයි ලේලි ගැනයි දරන පරස්පර විරෝදී ආකල්ප වලට එන්න කලින් එන මාර්ගය අතුරන්න.

      හරි ඒ අදහස් මම ප්‍රභලව විශ්වාස කරන දේවල්. මම විශ්වාස කරනවා සිඳූටත්, මගෙ දුවටත්, මගෙ බිරිඳටත් තව ඕනෙම ගැහැණියකටත් ලංකාවෙ පාරක, තමන් කැමති ඇඳුමක් ඇඳගෙන නිදහසේ යන්න පුලුවන් වාතාවරනයක් තියෙන්න ඕනෙ කියලා, එක එකාගෙන් කුණු කතා අහන්නෙ නැතුව, පාරෙ ඉන්න පිරිමි ( සහ ගැහැණු) අමුතු සතෙක්, ලිංගික භාන්ඩයක්, නැතිනම් කෑල්ලක් කියන හැඟීමෙන් බලන්නෙ නැතුව.

      පාරෙ හරි, වෙනත් ස්ථානයක හරි කොල්ලෙකුටයි කෙල්ලෙකුටයි විතරක් නෙවෙයි, වයසක ජෝඩුවකටත් අත් අල්ලාගෙන, තුරුලු වෙලා එක කුඩේ යටින් යන එක මැජික් එකක් නොවෙන දවසක් උදා වෙන්න ඕනෙ.

      පෙම් කරන එක අපරාධයක් නොවෙන බව කාටත් වැටහෙන දවසක් එන්න ඕනෙ.

      අනික ලංකාව කියන්නෙ කේශාන්තයේ සිට පාදාන්තය දක්වා රෙදි පොරවාගෙන සිටිය යුතු අරාබි රටක් නොවන බවත් අපි තේරුම් ගන්න ඕනෙ. කෙල්ලෙක් කොට ගවුමක් ඇඳං ගියාම උගුර කට වේලිලා, සිහිමුර්ඡාවෙන තත්වයෙන් අපේ පිරිමිත් උඩට එන්න ඕනෙ. මේ දැනට යන විදියට ගියොත් ලඟදීම අපිත් ඇවිදින කූඩාරම් වගේ පෙනේවි.

       
      • සුදීක

        සැප්තැම්බර් 12, 2012 at 4:40 ප.ව.

        ලංකාවේ වෙන්නේ වැඩිහරියක් අඳින්නේ වැහෙන්න නිසා, ඉඳල හිටලා කෙල්ලෙක් කොට එකක් ඇන්දාම කට ඇරෙනවා. එහෙ අයට දිගට ඇඳන් හිටියොත් කට ඇරෙනවද දන්නෑ?

         
  28. Kandyan

    සැප්තැම්බර් 11, 2012 at 3:08 ප.ව.

    අමාලිට පිස්සු ඩබල් ද? පොටෝ කෑල්ලේ නම් හෙන්රිගෙ mouth closed.

    කතාව නං මරේ මරු… ඔය වගේම අපේ රටේ උන්දෑ කෙනෙක් අපේ ගෙවල් ලඟ හිටියා.. කොලුවා අයිරිෂ් කෙල්ලෙක් කරගහගෙන ආව දා ඉඳලා අම්මන්ඩි බර බරේ අපේ උන්දෑ එක්ක. කං පුරවාගෙන ගෙදර එන්නෙ. හොඳ වෙලාවට වෙන පලාතකට සංක්‍රමණය උනා.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 11, 2012 at 11:41 ප.ව.

      ඒ හරියෙදි කැන්ඩියන් මම කට වහගෙනම තමයිනෙ ඉන්නෙ. අන්තිමටමනෙ හක්ක පැන්නෙ. ආ ඒ කියන්නෙ දැන් ජෝඩුවම කනක් ඇහිලා ඉන්නවා!🙂 වාසනාවන්!

       
  29. රාජ්

    සැප්තැම්බර් 11, 2012 at 3:32 ප.ව.

    පට්ට‍! කියන්න දෙයක් නෑ.

     
  30. maathalan

    සැප්තැම්බර් 11, 2012 at 3:47 ප.ව.

    මම උදේම කොමෙන්ට් කොරන්න ට්‍රයි කොරන කොට. දාන්න බැරුව ගියා. අර ග්‍රිෆිත්ස් මොකෙක්ද. හෙන් රි ද මෑන්. උඹගේ පරිවර්ථනය හා නිර්මාණ ශක්තිය නම් පට්ට පට පට. කොයි වෙලාවෙත් ෂර්ට් එකක් ඇඳගෙන හිටපං කොලර් උස්සන්න. කන පැලෙන්න ගහල තියෙන්නේ ලස්සනට.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 11, 2012 at 11:47 ප.ව.

      අනේ මාතලං ලමයො, මේ අධිරාජ්ජවාදී වර්ඩ්ප්‍රෙස් සුද්දා පිස්සු කෙලිනවා හිටපු ගමන්. අඩේ උඹ මට මාර සම්මානයක්නෙ දීලා තියෙන්නෙ. තෑංක්යූ වේවා. මම ෂර්ට් වලට ආසම නෑ බං, ටී ෂර්ට්වලට විතර.

       
  31. සාබිත්

    සැප්තැම්බර් 11, 2012 at 3:49 ප.ව.

    😀 තමන්ගෙ වාසියට තමා ඔක්කොම

     
    • තොටියාස්....

      සැප්තැම්බර් 11, 2012 at 4:26 ප.ව.

      භාර්යාවන් වර්ග ගැන ඉස්සර බුද්ධාගම ඉගෙනගන්න OL කාලේ අහලා තියනවා දාස භාරි කියලා කෙනෙක්.. මට පේන්නේ මේ කියන්නේ දාස භාරිගෙ පුරුෂ version එක ගැනද කොහේ.. හෆොයි අති භයංකාර තත්වයක්..!!
      ඒක නෙවි ඉතින් මොකද මේ අපේ ඩූඩ් සර් මූඩ් ගහලා ඉන්නේ..? මුළු ලෝකෙම හිසමත කඩා වැටිලා වගේ

       
      • henryblogwalker the Dude

        සැප්තැම්බර් 11, 2012 at 11:50 ප.ව.

        හෙහ් හෙහ්, තොටියාස්, ඔය පට්ට ලිබරල් වර්ෂන් එක. මට හිතාගත්තෑකි ඇයි අති බයංකර කියලා. අර කාමරේ හැටි එහෙම කියලා තිබ්බෙ! 😀 ම්ම් මම මූඩ් ගහලාද ඉන්නෙ? හැමතිස්සෙම ෆෝටෝජෙනික් විදියටහිනාවෙලා ඉන්න බෑනෙ!

         
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 11, 2012 at 11:49 ප.ව.

      ලෝකෙම එහෙමනෙ සාබිත්! තමන්ගෙ වාසියට තමයි.

       
  32. කම්මල

    සැප්තැම්බර් 11, 2012 at 4:27 ප.ව.

    අපේ නැන්දම්ම කියන්නෙ මම හොද බෑන කියල. යකෝ දැන්නේ වැඩේ තේරුනෙ, මාව හාව කරල වගේ.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 11, 2012 at 11:52 ප.ව.

      නැන්දම්මා උඹට හොඳ බෑණා කියනවානම් කම්මල, ඒක මේන්ටේන් කරාගන්න එක තමයි තියෙන්නෙ. ඔය නැන්දා ලේලි ගැ‍ටුම, නැන්දම්මා බෑණා ගැ‍ටුමට වඩා දරුණු එකක්!🙂

       
  33. iamdeejay

    සැප්තැම්බර් 11, 2012 at 5:25 ප.ව.

    ඩුඩ්,

    මේ කතාවේ කියන අම්මලා අපේ සමාජයෙත් ඇත්තටම ඇති කියලා මට නම් හිතෙන්නේ, මොකද මෙ කතාව කියලා තියෙන්නෙත් ආසියානු මවක්නෙ නේද? 😀

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 12, 2012 at 9:57 පෙ.ව.

      නැතුව නැතුව, ඇත්තටම ඉන්නවා. ගෑණු විතරක් නෙවෙයි. පිරිමිත් ඉන්නවා. මේ වගෙ ප්‍රශ්නෙකදි විතරක් නෙවෙයි. පොදු වාහනයක යනකොට, වාහන එලවනකොට, පෝලිමක ඉන්නකොට වගෙ අවස්ථාවල්වල පවා වෙනස දකින්න පුලුවන්.

       
  34. විසිතුරු

    සැප්තැම්බර් 11, 2012 at 7:10 ප.ව.

    😀😀😀

     
  35. තරුවා

    සැප්තැම්බර් 11, 2012 at 7:33 ප.ව.

    කමෙන්ටුවක් පස්සෙන් වැටිලා මෙන්න මාත් ආවෝ…. මේකනම් පට්ට කතාව ඈ…

     
  36. ළිහිණි

    සැප්තැම්බර් 11, 2012 at 7:52 ප.ව.

    අම්මා සහ නැන්දම්මා කියන වෙනස කියන්නෙ ඔන්න ඔහොම උනාම වෙන්න ඇති…අනේ පව්…

     
  37. Sumith Niriella

    සැප්තැම්බර් 11, 2012 at 9:24 ප.ව.

    කැනේඩියානු බිරිදක් ශ්‍රී ලාංකික නැන්දම්මා කෙනෙකු බවට වේෂ නිරූපනය වීම……😀

     
  38. AKM

    සැප්තැම්බර් 11, 2012 at 9:47 ප.ව.

    // ඉහි… ඉහි…! අනේ මගෙ කොල්ලා ගැන තමයි මට දුක. ඌ අමාරුවෙ වැ‍ටුනා මේ කොහේවත් යන කැනේඩියන් මළ හෝන්තුවක් කරේ එල්ලාගෙන. ළමයි දෙන්නෙකුත් ඉන්නවා. මහ වලත්ත ගෑනියෙක්. නැත්නම් ළමයි ඉද්දි මිනිහව දාල මගේ එකාගේ කරේ එල්ලෙයියැ…//

    අඩේ හෙන්රි අයියේ, මේක ගොතපු එකක් කියලා නොදැ ඉන්න තිබුනේ. ඒ තරම් පට්ට කතාව.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 12, 2012 at 10:17 පෙ.ව.

      අප්පට සිරි, AKM තවත් අමතර පසුබිම් තොරතුරු සපයලා නේ!🙂 එහෙම නොදා බෑනෙ AKM. අනුන්ගෙ කතාවක් තමංගෙ වගෙ කියලා බේරෙන්න අමාරුයි, මොකද ඔය හැම කතාවම කවුරු හරි අහලා තියෙනවා. අනික ඒක බ්ලොගර් කෙනෙකුට තමන්ටම කරගන්න පුලුවන් ලොකුම හානියක්

       
      • AKM

        සැප්තැම්බර් 12, 2012 at 10:13 ප.ව.

        ඔව් හෙන්රි අයියේ, අනුන්ගේ දෙයක් තමන්ගේ වගේ ලියන එක තරම් කැත දෙයක් තවත් නෑ. ඔයා අන්තිමට අහපු කතාවක් කියලා දාපු එක හරි.
        අපි හැමෝම කැමතියි හීන ලෝකවල ජීවත් වෙන්න. යම් සිද්දියක් තමන්ට හරි හිතවතෙකුට හරි උනොත් ඒ සිද්දිය ගැන එන feeling එක වැඩියි. අද රටේ සිය ගානක් අනපේක්ෂිත මරණ වලට මුහුණ දෙනවා. ඒ එකකටවත් “අනේ අපොයි” කියන්නැති උන් තමන් දන්න කෙනෙකුට දෙයක් උනොත් මාස ගානක් කියෝනවා.
        ඉතින් ඊයේ රෑ නිදිමතේ කියන්න ගියේ මගේ ආතල් කුඩු වීම ගැන. ඒත් කියවෙලා තියෙන්නේ වෙනත් දෙයක්.

         
  39. vpokura

    සැප්තැම්බර් 11, 2012 at 9:51 ප.ව.

    නැන්දම්මා යනු ගැහැනියකි…නේ..???

     
  40. චන්දන

    සැප්තැම්බර් 11, 2012 at 10:22 ප.ව.

    මං අදමයි ආවේ මෙහාට.
    අන්තිමට “නිර්මාණයකි” කියන තැනට ආවත් මට දැනුනේ ඇත්තම සිද්ධියක් වගේ.. සර් ගේ ෆොටෝ ඒකත් නියමෙට මැච් වෙනවා සීන් එකට.🙂

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 12, 2012 at 10:52 පෙ.ව.

      චන්දනව සාදරයෙන් පිළිගන්නවා. ම්ම්ම් ඔය ෆෝටෝ එකත් මම හවසක ස්ටාෆ් රූම් එකේ ඉඳන් චැට් කර කර ඉන්න එකක් තමයි. බොහෝම ස්තුතියි. ආයෙ එන්න.

       
  41. ravi

    සැප්තැම්බර් 11, 2012 at 11:32 ප.ව.

    හප්පච්චියේ නැන්දම්මල කියන්නෙ පුදුම ජාතියක් හෙන්රි…..ඒත් අපරාදෙ කියන්ට බෑ.. උන්දැ බුදුන් දැක නිවන් දකින්ට ඕන..මට නම් හම්බ උනේ..ආයෙ කියල වැඩක් නෑ….නොම්මර එකේ නැන්දම්මෙක්….අපෙම අවාසනාවට උන්දැ අවුරුදු තුනකට ඉස්සර නැතිඋනා…

    මේ නැන්දම්මල ගැන පොඩි කතාවක්…

    George went on a vacation to the Middle East with most of his family, including his mother-in-law.  During their vacation, and while they were visiting Jerusalem, George’s mother-in-law died.  With the death certificate in hand, George went to the American Consulate Office to make arrangements to send the body back to the States for proper burial. 

    The Consul, after hearing of the death of the mother-in-law, told George, “My friend, the sending of a body back to the States for burial is very, very expensive.  It could cost as much as $5,000 dollars.”  The Consul continued, “In most of these cases, the person responsible for the remains normally decides to bury the body here.  This would only cost $150 dollars”. 

    George thinks for some time, and answers the Consul, “I don’t care how much it will cost to send the body back.  That’s what I want to do.” 

    The Consul, after hearing this says, “You must have loved your mother-in-law very much, considering the difference in price between $5,000 and $150 dollars.” 

    “No, it’s not that,” says George.  “You see, I know of a case many, many years ago of a person that was buried here in Jerusalem, and on the third day he was resurrected.  Consequently, I do not want to take that chance!”

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 12, 2012 at 11:05 පෙ.ව.

      රවිත් ඒ දුර්ලභ වාසනාව උරුම කරගත්තු වාසනාවන්තයෙක් එහෙනම්.
      අර කතාව නම මම අහලා තිබ්බෙ නෑ රවියා. බුවා නම් කිසිම චාන්ස් එකක් ගන්න කැමති නෑ වගේ. වැඩේ කියන්නෙ ඔය monster-in-law නැන්දම්මා සංකල්පය ලෝකේ වටේටම එක වගෙ ජනප්‍රිය එකක්නෙ.

       
  42. Hima..

    සැප්තැම්බර් 12, 2012 at 10:57 පෙ.ව.

    කිසිම කම්මැලිකමක් නැතිව එක දිග‍ට කියෙව්වා.නියම කථාව.හනේ ඇත්තටම මේ වගේ දේවල් සිද්ධ වෙනවනේ…

     
  43. ගැමියාගේ පත් ඉරුව

    සැප්තැම්බර් 12, 2012 at 12:05 ප.ව.

    ලස්සනට ලියලා තියෙනවා… අන්තිම පේලිය කියෙව්වමයි දැනගත්තේ මේක හදපු කතාවක් කියලා මාරයි ඈ… එක මොහොතකට හිතුනා පැරැන්නෝ අර හැඳි මිටේ කතාව කියලා තියෙන්නේ කට කහනවට නෙමේ කියලා😛

    ඒක නෙමෙයි ඩුඩිතුමා ඇස් හීනි කරගෙන ඉන්න විදිය දැක්කම පරණ නලුවෙක්ව මතක් වුනා.මට ඒ නළුවගෙ නම මතක නෑනේ.සුමින්ද සිරිසේන කියන නළුවා එක්ක කේ ජයතිලකගේ කතාවකින් නිර්මාණය කරපු නාට්ටියකද කොහෙදෝ ඒ නළුවා රඟපෑවේ.නාට්ටියේ පියල් කියන චරිතෙටද මන්දා හිටියේ… මතක් වුනාම කියන්නම් හරියටම…

    කතාව අතරට රිංගවලා තියෙන නිදහස ගැන කොටස නම් සෑහෙන්න වැදගත්.හැබැයි ඉතින් මම නම් හිතන්නේ ඒ ලැබෙන නිදහස මධ්‍යස්ථව ප්‍රයෝජනයට ගන්න එක යහපත් කියලා.නැත්තම් බස්වල ගිහිනුත් හමාරයි නිදහස නැතිව බස්වල කොරන කියන දේවල් එක්ක ඔහොම නිදහසක් ලැබුනොත් පිටිපස්සේ සීට් එකේ බබාලත් හදයි… ආදරය කරන එක මිනීමැරුමක් කියලා හිතලා ඒවට වැට බඳින එක නවතිනවනම් කොච්චර ෂෝයිද…

    ඒක නෙමෙයි අදනෙ දැක්කේ ඩුඩිතුමාගේ කොණ්ඩෙ ටිං ටිං ගෙ වගේ…

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 12, 2012 at 12:35 ප.ව.

      හලෝ ගැමි දරුවා. එහෙනම් කතාව හිතට අල්ලලා.🙂

      අඩේ මාව නලු බට්ටෙකුටත් සමාන කලා නේ? හෙහ් හෙහ්! මතක් උනාම කියන්නකො, කොලර් එක උස්සා ගන්න හරි බඩ කපාගෙන මැරෙන්න හරි හිතෙන්නෙ නැතෑ!

      නිදහස ගැන කිව්වොත් ගැමියා, ඔය නිදහස තියෙන රටවල බස් වල ඔය කියන තත්ත්වයක් තියෙනවද කීයලා අපි ඒ රටවල ඉන්න අයගෙන් අහලා බලමු. මම නම් හිතන්නෙ තහනම් ගෙඩියෙ රස නිසයි ඔහොම වෙන්නෙ කියලා. ලව් කලාම පොලීසියෙනුත් අල්ලගෙන යන්න හදන රටක, සිප වැලඳ ගැනිල්ලකට අයුතු වටිනාකමක් ලැබෙනවා. මම හිතන්නෙ ඒකයි ඔය ප්‍රශ්නෙ කියලා. එහෙම නිදහසක් ලැබුනොත් මුලදි මුලදි නිදහස සාමාන්‍යකරනය වෙනකල්, සීමාව ඉක්මවා යාම් අඩුවෙන්න වගේම, පෙම්වතුන් ජෝඩුවක් දැක්කම උන්ට නිදහසේ ඉන්න දීම කියන සංකල්පෙට අනිත් අය හැඩ ගැහෙන්නත් සෑහෙන කාලයක් අවශ්‍ය වේවි.

      අඩේ, මේවා කතාකරන්න ඕනෙ මම නෙවෙයි බං උඹලාගෙ වයසෙ උං.

      ඇයි ගැමීස්, වෙනදටත් කොන්ඩෙ ඔහොම තමයි.😀

       
      • ගැමියාගේ පත් ඉරුව

        සැප්තැම්බර් 13, 2012 at 2:14 ප.ව.

        කතාව තමයි කේ ජයතිලකයන්ගේ “චරිත තුනක්”…. ඒකේ ඉසාට රඟපෑවේ සුමින්ද සිරිසේන,සනාට රඟපෑවේ ජයසේකර අපොන්සු,රංජිත්ගේ චරිතෙට රඟපාපු කෙනාගේ නම මතක නෑ.හැබැයි මට යන්තම් මතකයි ඒ නළුවගේ මූණ.ඒ මූණ ඉතින් ඩුඩිතුමාට සමානයි…. යන්තම් යන්තම්

        අනිත් කාරණේ නම් කවදා ලංකාවේ වෙයිද දන්නෑ අප්පා… මල් වත්තට යන්නත් අයිඩින්ටි බලන රටක් මේක අවුරුදු 21ට අඩු එවුන්ව මල් වත්තට යන්න නොදෙන්නේ ඇයි කියලා මට තාම හිතාගන්න බෑ.පේරාදෙණියෙදි මට ඔහොම වුනේ.ඔන්න ඔය වගේ දේවල් වෙද්දි වටේ පිටේ ඉන්න හෝටල් කාරයන්ට වාසියි.වැව රවුමේ බංකු උඩ කතා කරන්නත් තහනම්.මල් වත්තත් තහනම් මොනා කරන්නද ඉතින්… වෙලාවට සරසවි බුක් ෂොප් එකට ගිහින් පොත් වලින් බාගේ බාගේ කියවලා ඒ කාලේ ගෙවලා දාන්න පුළුවන් වුනා….

         
  44. රූ

    සැප්තැම්බර් 12, 2012 at 1:01 ප.ව.

    සිරාවට දීපාත් මෙහෙම කියයිද දන්නෑ දවසක…!!! හික්ස්..

    කොහොම වුනත් මේ ආකල්ප නිසා තමයි නැන්දම්මා ලේලි වලි දුර දිග යන්නෙ..

     
  45. හිරු

    සැප්තැම්බර් 12, 2012 at 1:28 ප.ව.

    හිනා ගියේ ඩූඩ් අයියගේ කට දැකලා….

    ඕකනේ ඩුඩ් අයියේ අම්මගෙයි නැන්දම්මගෙයි වෙනස.. මට නම් ඕක හොදට තේරෙනවා… අපේ අම්මගෙ ලෙඩ වලින් මල්ලිගේ කෙල්ලව බේරන්න වෙන්නෙත් මට තමයි… අඩුගානේ අපේ අම්මට එහෙම කරන එක වැරදියි කියන්න මට පුළුවන්…හි හි… ඒකත් ලොකු දෙයක්…. අපේ නැන්දම්මා නම් වෙනසක් නොකර ඉන්න ට්‍රයි කරනවා කියලා මට තේරෙනවා…. ඒත් ඉතිං හිටපු ගමන් ට්‍රැක් පනිනවා…. හි හි…

    ලංකාවේ උන්ගේ ඇට්ටියුඩ් නම් මේ කල්පෙට හදන්න බෑ ඩූඩ් අයියේ….. මහ ලොකුවට ලෝකෙට ඇරිලාලු.. මොන පිස්සුද.. තාම ලිං ගෙම්බෝ තමා…..

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 13, 2012 at 8:15 ප.ව.

      ඇයි හිරු මගෙ කට එච්චරටම අප්සෙට් එකට පේනවද?😀 හැම ෆෝටෝ එකකටම පෝස් කරන්න බැහැනෙ.

      ඔයා එතකොට සාම නියෝජිතයෙක් විදියට දැනට ක්‍රියාකරගෙන යන ආකාරයටම නැන්දම්මෙක් වුන දවසටත් ක්‍රියා කරන්නකො.

      මට මේක ලියනකොට ඇත්තටම මතක් වුනා හිරු අර ෆෝන් කාඩ් එකක් ගන්නද කොහෙද කඩේට යනකොට ත්‍රී වීල් කාරයෙක්ගෙන් බේරෙන්න කාණුවෙන් එහා පැත්තට පනින්න වෙච්ච කතාව. අපිට ගිය කලක්!

       
      • හිරු

        සැප්තැම්බර් 14, 2012 at 9:43 පෙ.ව.

        කට විතරක් නෙවෙයි ඇස් දෙකත් ඒ වගේ… උදේ පාන්දර ළමයි ටික ඔලුව කාලා වගේ….

        තාම නෑ තාම නෑ…. ඌට තාම ගෙදරින් කචල්…. දැන් බැනුම් අහන්නේ මම.. හි හි.. ඒක නිසා තමයි කිව්වේ ඉස්සරහට ඕක කරන්න වෙන්නේ මට කියලා….. සමහරවිට මාත් වෙනස් වෙයි.. කවුද දන්නේ….? ඒ කාලේ වෙනකොට ඉන්න එකක් නෑ මං හිතන්‌නේ… මේ කැඩුම් බිදුම් වෙන විදියට… හි හි…

        ඒවා ගැන නම් කතා කරලා වැඩක් නෑ අයියේ…. මේ නාකි මට එහෙම නම් ඉතිං කෙල්ලෝ ගැන කුමන කතාද…. අපේ මහත්තයා මට ගෙදරින් එළියට බහින්න දෙන් නැති එකට මට එයාට බනින්න බෑ ඉතිං….

         
  46. සෑම්

    සැප්තැම්බර් 12, 2012 at 2:18 ප.ව.

    පරක්කු වුනා එන්න. දැක්කද යථාර්තය.

    ගෙවල් දෙකේම වෙන්නෙ එකම දේ. තමන්ගෙ එකාට සැප ලැබෙනකොට හොදයි. අනිත් එකා සැප ගන්නකොට නරකයි.

    උබේ පොටෝව පට්ට🙂 බීලද ඉන්නේ ?

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 13, 2012 at 8:17 ප.ව.

      ඔහොම තමයි සෑම්. කරුමෙ කියන්නෙ තරුන කාලෙදි නැන්දා ලේලි ගැ‍ටුමෙන් බැටකාපු ලේලියන්ටත් තමන් නැන්දම්මා වුනාම ම්ලේ ෆෝමැට් වෙන එක.

       
  47. රොබින්

    සැප්තැම්බර් 12, 2012 at 2:25 ප.ව.

    දෙපැත්තක වෙනස එකම කෙනාට නොතේරෙන හැටි නේද ? හෙන්රි අයියේ ?

     
  48. සුදීක

    සැප්තැම්බර් 12, 2012 at 4:51 ප.ව.

    නියම කතාව හෙන්රි. වැරදිලා හරි ඔය අම්මණ්ඩි ලංකාවේ ඉඳලා අර දෙන්නා ලංකාවෙන් බැන්ද නම් කියන්න වෙන්නේ “අනේ මගේ කෙල්ල දාසියෙක් වගේ බත් තම්බනවා, එකට මගේ කොල්ලට හම්බෙලා ඉන්න කෙල්ල රත්තරං” කියල. අර පැත්ත මාරු වුන ඒක විතරයි වෙනස. අපේ රටේ හැටියට මිනිහා මේවා කලොත් මහා ලොකු මදිකමක්. එත් ඒ රටවල එහෙම නෑ. අනේ මන්ද මම ලංකාවේ වෙලත් ඔය වගේ වැඩ කරලා තියෙනවා.

     
  49. අටම්පහුර

    සැප්තැම්බර් 12, 2012 at 7:20 ප.ව.

    කියන්ඩ වදන් නැ පට්ට පට පට

     
  50. මඩිස්සලේ නිශාන්

    සැප්තැම්බර් 12, 2012 at 8:49 ප.ව.

    එක එක්කෙනාගෙන් දේවල් බලාපොරෝත්තුවුනාට අපේ අතින් ඒ දේවල් පිට අයට කරලා දෙන්න ගොඩක් කට්ටිය කැමති නැහැ

     
  51. Gaminie Vijith

    සැප්තැම්බර් 12, 2012 at 9:10 ප.ව.

    එල කතාව මචෝ … ඔයවගෙ චරිත කොච්චර හම්බ වෙනවද? .. මුල හරිය කියවනකොට මට හිතුනෙ ඇත්තටම උඹේ පරණ බැචියෙක් අහම්බෙන් හම්බ වෙලා කියලා.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 13, 2012 at 8:55 ප.ව.

      මචං ගාමිණී, ඇත්තටම මගෙ බැචියොත් නැත්තෙ නෑ මේ වගෙ. මේ නිර්මාණ බිහිවෙන්නෙ තමන්ගෙ හෝ අනුන්ගෙ අත්දැකීම් එකතුවකින්නෙ!

      අර ගමන ගැනත් ලියාපං මචං!

       
  52. cartothilakasiri

    සැප්තැම්බර් 13, 2012 at 1:25 පෙ.ව.

    වදන් කවි පොත

    1.
    පළමුව බුදුන් වැඳ
    දෙවනුව දෙසු දහම් වැඳ
    මහ සඟරුවන් වැඳ
    පටන් ගනිමුව ගණදෙවිඳු වැඳ

    2.
    ගණපති සුරන් වැඳ
    ගුරුවර පහත් බැස වැඳ
    දෙගුරුන් නැමී වැඳ
    ඉඳුව වන පොත් දී පොතට වැඳ

    3.
    බුත් සරණා වදනින්
    දම් සරණා වදනින්
    සඟ සරණා වදනින්
    මෙතුන් සරණා වදනින්

    4.
    සම්මා සම්බුත් සරණා වදනින්
    නව ලොවුතුරු දම් සරණා වදනින්
    පිවිතුරු සවු සඟ සරණා වදනින්
    පැවතුම් මේ තුන් සරණා වදනින්‍

    5.
    උතුමා නිති බුත් සරණා වදනින්
    පවරා සදහම් සරණා වදනින්
    සෙතදා මහ සඟ සරණා වදනින්
    උවදුරු හර තුන් සරණා වදනින්

    6.
    අගරජ සුරරජ මුනිරජ වදනින්
    මුතුහර හෙළදම් දම්රජ වදනින්
    උරදා නේ නය මුනිසුත වදනින්
    සිළුමිණි සිතුමිණි තිසරණ වදනින්

    7.
    ස්‍වස්ති විභූෂණ කමලා වදනින්
    සිද්ධමලංකෘත විමලා වදනින්
    අතුලිත මුනිවර චරණා වදනින්
    ආභා භාසුර කිරණා වදනින්

    8.
    ඉහකුල පූජිත චරණා වදනින්
    ඊශ නිශාකර බරණා වදනින්
    උමා වධූපති මහිමා වදනින්
    ඌරු මනෝහර ජඞ්ඝා වදනින්

    9.
    සෘණජ නයනා මෘතයා වදනින්
    සෲ කල්පායන කිරණා වදනින්
    ඏකුල සන්තති භුවනා වදනින්
    ඐ මහීපති මහිමා වදනින්

    10.
    එක බාහුබල ජිතයා වදනින්
    ඓරාවන පූජිතයා වදනින්
    ඔෂ්ට්‍ර මනොහර ජඞ්ඝා වදනින්
    ඖපගවස්වී කෘතයා වදනින්

    11.
    ආංම්‍රෙඩිත විධි කුසලා වදනින්
    අඃ කී අක්‍ෂර ෂොඩශ වදනින්
    සිද්ධම් වේවා ගණපති වදනින්
    අස්තු නමො ජන තිලකා වදනින්

    12.
    කඛගඝඞා චඡජඣඤා වදනින්
    ටඨඩඪණා තථදධනා වදනින්
    පඵබභමා යරලව ශෂ වදනින්
    සහළා අං ඉති සිද්ධිරස්තු වදනින්

    13.
    අවන පටන් අඃ වන්නට වදනින්
    දැනෙන සොළස පෙර සොරකුරු වදනින්
    කයන එපස් වග යානව වදනින්
    මෙවන සුතිස් දනු හසකුරු වදනින්

    14.
    එක්සොර පස්වග යරලව සතරා
    ශෂ සහ එකකුරු ළයනෙක අකුරා
    සුරුවත් සමහරු නොදනිති ඉඳුරා
    සෝඩියෙ බරකුරු දැනගන් සපුරා

    15.
    කණ්ඨජ සත අහ කවගය වදනින්
    තාලුජ සත ඉය චවගය වදනින්
    මුර්ධජ සත රළ ටවගය වදනින්
    දන්තජ සත ලස තවගය වදනින්

    16.
    ඔෂ්ඨජ සය ඌ පවගය වදනින්
    තාලුජ කණ්ඨජ ඒකුරු වදනින්
    කණ්ඨජ ඔෂ්ඨජ ඕකුරු වදනින්
    දන්තජ ඔෂ්ඨජ වෝකුරු වදනින්

    17.
    මුදුනය දසනය උපදින කුරටා
    යෙදු තාලුජය ද සෙසුකුරු වලටා
    ලදු අග මැද දිව දුනු තැන් ලෙසටා
    හඳුනව කරණය කී ලෙස කුරටා

    18.
    මේ ලෙස කුරු උපදින තැන් දනුවා
    ආ ලෙස අකුරට කරණය දනුවා
    වූ ලෙස ඒකජ ද්විජකුරු දනුවා
    කී ලෙස ගරුකය ලහුකය දනුවා

    19.
    එක්වූ අකුරට පෙරකුරු නිතිනා
    වක්වූ ගුරු දිගු බව යයි දැනෙනා
    දික්වූ නොම වණ සිටි එක මතිනා
    දැක්වූ පෙර ඉසි ලුහු යයි දැනෙනා

    20.
    එකමත ලුහු යැයි දැනකි යමින්නේ
    යුගමත දිගු යැයි ගුරු පවසන්නේ
    වෙනමත තුනෙකින් පුලුත කියන්නේ
    අඩමත දැනගන් හසකුරයන්නේ

    21.
    අවණය ආදී ඒකජ අකුරු
    එවණය ඈ දනු ද්විජ නම් අකුරු
    දෙවන කවග සහ ලහුකය අකුරු
    එයිනැර සෙසුකුරු ගරුකය අකුරු

    22.
    ගනිමින් පස්වග පළමු දෙවන කුර
    සමගින් සවණ ද අගොසය කිවු පෙර
    ළයනන් තව සෙසු කුරු නම් ගොසකුර
    දැනගන් මේ ලෙස සෝඩියෙ දෙයකුර

    23.
    ගොසකුරු නොම ගොසකුරු යන දෙවගෙකි
    තොස වන දනිතය සිතිලය දෙවගෙකි
    නිසසය නිසිතය යන කුරු දෙවගෙකි
    බස පෙර ඇත සෝඩියෙ කරු දෙවගෙකි

    24.
    පස්වග යුගසිවු දනිතය දන්නේ
    එමවග වල එක තුන පවසන්නේ
    නොවළඟ සිතිලය දැන කියමින්නේ
    මෙමවග කුරු පෙළ තෝරා දෙන්නේ

    25.
    සිතරා එක්කට යාදී නවකුරු
    නොහැරා දනු එක් පාදී පසකුරු
    විතරා සොර එක් එක් සුන් දෙයකුරු
    සපුරා දැනගන් සෝඩියේ සිවුකුරු

    26.
    පණසෙක සොර සහ හස දෙවගින්නේ
    එහි එක එක හසකුර සදමින්නේ
    සොළසෙක සොර ලූ කල ගණනින්නේ
    නොව සැක පන්සිය සැටකුරු දන්නේ

    27.
    සෝඩියෙ සූතිස් පිල්ලම කාදී
    ලූ කල සොරයන් සොළසද ආදී
    ගණනින් පන්සිය සැටෙකින් සුසැදී
    අකුරෙන් සතළිස් සතරක් බේදී

    28.
    පෙර හස පරසොර සද නොව වෙනසක්
    කර වියරණ විදි දැන ඇති විලසක්
    කුරු හස එකකට වැඩිවිය සොළසක්
    තිර කුරු මඟ දැනුමට වැනි දිවැසක්

    29.
    සෝඩිය පටන් ගෙන වන පොත් කරව දැනා
    පිල්ලම් කියා හල්පිල් අකුරු දැනගෙනා
    ලියා අකුරු වැල්ලේ ගෙඩි නොකා දැනා
    ඇණවුම් සකස් කඩ සකසේ ඉගෙන ගෙනා

    30.
    තුබු තැනෙක සොර සතුරන් ගත නොහෙනා
    එසැඩ මනාවත් වතුරෙන් වළ නොයනා
    කෝප වුවත් රජ මැතිඳුන් ගත නොහෙනා
    උගත මනා සිල්පය මැයි මතු රැකෙනා

    31.
    අල්ලට සිඟාවත් රසනැති කැවිලි කකා
    වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක්තකා
    කල් ගිය රෙදි වැරැළි ඇඳ දැලි කුණෙන් වකා
    ඇල්මෙන් අකුරු උගනිවු ඉදිරි වැඩ තකා

    32.
    බසේ මියුරු තෙපලති දෙගුරු සවනතේ
    ඇසේ කඳුලු අකුරට ගිය කලට ගතේ
    කසේ සැමිටි වේවැල් ඉරටු ගෙන අතේ
    දසේ පසේ ගෙඩි දෙති පිටට එක රතේ

    33.
    වේවැල් කෝටු නාරං සියඹලා අතු
    කිතුල් පොල් ඉරටු වැල් කසඹිලිය අතු
    මෙ හැම ඉපල් මගෙ දෑතට නොපෑ යුතු
    පමා නොවී එමි අකුරට මෙයින් මතු

    34.
    පොල් ඉරටේ අණ තදකර ගතිම්මා
    ඉන් ඔළ මොළ කමකට සිත නොලම්මා
    දැන් නිසල ව ඉඳ අකුරුත් කියම්මා
    ඉන් අප දඟ ගෙයක ලූ දෑය අම්මා

    35.
    අම්මොයි කියා ගෑ සියොලඟ තෙල් රුවට
    යම්මොයි කියා යති අකුරට ගුරුන් ගෙට
    බම්මොයි කියා බස් තෙපලති විටින් විට
    අම්මොයි කිය කීවත් ගුරු දෙතෙයි බැට

    36.
    රුප්පා වල ඉඳ කෙළිනා දවස් දැඩී
    තැප්පා සේම ගිනි උයුලද්ද මැඩි මැඩී
    අප්පා උකුළ ඉඳ තෙපලන බස්ම දැඩී
    අප්පා බලා උන්නත් වළකීද ගෙඩී

    37.
    ගණදෙවි කෝවිල පිරිබඩ ලන්නේ
    දත මැද පිරුවට ඇඳ පේවෙන්නේ
    කළ කී දේ මට සාදා දෙන්නේ
    පින් ඇති ගණදෙවි නුවණක් දෙන්නේ

    38.
    කිරි දී වෙඬරුද පස්ගෝ රසිනා
    උඳු මුං තල මෑ කරලින් සොබනා
    මේ නන් කැවුමෙන් නිති පුද ලබනා
    දෙන් මට නුවණක් ගණපති යෙහෙනා

    39.
    අඹ දඹ ඇටඹ ද කරඹ ද පුදමී
    හොලුපලු ලාලු ද ගිවුලු ද පුදමී
    අතිරස අග්ගල අත්සුණු පුදමී
    ගණදෙවි නුවණක් දෙනු පා වඳිමී

    40
    . පුදා විලඳ අතිරස කිරිබත් සකුරු
    සදා මල් බුලත් පුවකුත් ලා කපුරු
    විදා වතක් සොඳ අඳවා ගුරු ඇදුරු
    මෙදා කළෝතින් වැඩවේ සව් ඉසුරු

    41.
    පුදමි මම් ඔබට පස් පඬුරෙන්ම සරා
    අඹ දඹ කෙසෙල් පලවැලයෙන්ම තුටු පුරා
    ගොම පිරිබඩ මල් පහනින් ම සිත් පුරා
    දෙවන් මට නුවණ ගණදෙවිඳු පින් පුරා

    42.
    වැඳලා දෙවියන් පොත අරගන්නේ
    යැදලා ගුරුනුත් සිත නො තලන්නේ
    සකලා සිල්පය මට සෑදෙන්නේ
    දැකලා ගණදෙවි නුවණක් දෙන්නේ

    43.
    සොඳින් බැබලි ගජ මූණෙකි පත්මේ
    තෙදින් විදුරු විත්නා නුවණැත්මේ
    යෙහෙන් නැගුණු මීවාහන යුත්මේ
    වඳම් එ ගණදෙවි සිරිපද පත්මේ

    44.
    සුදු දළ ගජ සොඬ මූණෙකි පත්මේ
    සුදු මීයකු නැගෙමින් වැඩ ගත්මේ
    සොඳ උමයංගන ඉසුරුගෙ පුත්මේ
    වඳිමුව ගණදෙවි සිරිපද පත්මේ

    45.
    අකුළා ගෙන සොඬ ගජතකු වැන්නේ
    නෙරවා කන් පොතු සුළු කුළු වැන්නේ
    සියොලඟ ගෝමර මල්පෙති වැන්නේ
    පින් ඇති ගණදෙවි නුවණක් දෙන්නේ

    46.
    අඹ ගෙඩියක් උදෙසා තම චිත්තේ
    ලොබ කොට දිව ගොස් දළ බිඳ ගත්තේ
    ඔබටම මම දැන් ගැතිවෙමි නිත්තේ
    සුබ නුවණක් කිම දෙනවා නැත්තේ

    47.
    නුවණ මෙමට දෙන සොඳ උමයංගා
    සිවුසැට බරණින් සැදි සිව ලිංගා
    පුදමින් අත්සුණු ගෙන ආලංගා
    දෙන් මට ගණදෙවි නුවණ නොසංගා

    48.
    පුරුදු කරනා සතනම පුරුදූ
    පසිඳු නුවණක් ලබනට එබඳූ
    ගිරිදු ඉසුරට දාකර එවැදූ
    ගණිඳු සිරිපද නමදිම් පසිඳූ

    49.
    රන්වන් අංකුස සුරතින් ගත් නිති
    බුන්දත් සිවු අත් ගජ මූණක් ඇති
    තුන්නෙත් නන්දන කරවන විකුමැති
    දෙන් දැන් නුවණක් ගණපති පින් ඇති

    50.
    මන් මද ගජකුඹු වත ඇත දික් කළ
    පුන් සඳ මෙන් සිරි උදුල උපන් කල
    කන් තළ මිණි රැස් ගණපති පින් බල
    දෙන් මට නුවණක් සමුදුර මෙන් රළ

    51.
    මූෂක වාහන මොදක හස්තම්
    චාමර කර්‍ණ විලම්බිත සූත්‍රම්
    වාමන රූප මහෙශ්වර පුත්‍රම්
    විඝ්න විනායක පාද නමස්ත්‍වම්

    52.
    අවනත සුරගණ විඝටිත චරණම්
    ඝටතට විගලිත මදජල මුදිතම්
    විකසිත කරරුහ කරතල කමලම්
    ප්‍රණමිත ශිවසුත ගණපති මභයම්

    53.
    කුංකුම වර්‍ණ චතුර්භුජ යුක්තම්
    නාග මුඛම් මකුටංකිත ශුණ්ඩම්
    අංකුශ පාශක හස්ත සුපාදම්
    වහ්නිදෘශං ගණනාථ සුරූපම්

    54.
    සූරිය කුල ඇති හිරු දෙවියන්නේ
    පෑවිය අණසක ලොව පවතින්නේ
    කාරිය සිතුවා සාදා දෙන්නේ
    සූරිය දෙවියනි මා රැක දෙන්නේ

    55.
    බබළා උදය ගිරි මුදුනෙන් වඩින්නේ
    නොවළා අඳුරු බිඳ ලොව එළි කරන්නේ
    දැකලා සියලු රෝ දුක් දුරු කරන්නේ
    මෙකලා සොඳින් හිරුදෙවි මා රකින්නේ

    56.
    සීතා පතිරජු මෙන් ගුණ උත්තම
    බීතා ජනයන් දුරකර සත්තම
    ඈතා පිරිපත හරිමින් නිත්තම
    නාතා සාමිනි රකු මා නිත්තම

    57.
    මෙන්දිඩ ගිරි රද පිරිසිරි ලත්තම
    තුන්තුඩ තුති යස ගොස කළ නිත්තම
    මන්මැඩ මරු මතු බුදුවන උත්තම
    සෙංකඩ ගල සුරිඳුන් වඳු නිත්තම

    58.
    ලොවසෙත් කරවන පත්තිනි සඳිනේ
    සලඹත් අරගෙන සළු සලවමිනේ
    වෙනසිත් නොසිතා මගෙ ගුරුවරුවනේ
    නුවණත් ආසිරි දී මා රකිනේ

    59.
    මන් ලෙස නමදිම් සරණත කර පෙම
    නන්යුරු රෝදුක් පිරිපත දුර දම
    දැන් මෙ වදන් කවි කියමි බොලඳ මම
    දෙන් මට නුවණක් සුරිඳු කතරගම

    60.
    මුහුදු අසල බඩ සුපිහිටි එනුවරෙකී
    ඉස බැඳි ඔටුන්නෙන් සැදුණේ රජ රුවෙකී
    දෙපා පියුම් පෙති සුරත ද රනෙන් වැකී
    ඇඳින ගොසින් වඳු දෙව්රජ මේ ලෙසකී

    61.
    තැඹිලි තඹුනෙල් නවසි බෝදිලි තල් කිතුල් ඉඳි කැන් මනා
    ලේනතැරි දෝතලු පුවක් වලු කදලි සුවඳෙල් සමගිනා
    ලබු පුසුල් නාරං දොඩම් අඹ රසැති වැල වරකා ගෙනා
    තෙදැති ගණපති නුවණ දෙන් මට පුදමි මේ හැම සිතුමෙනා

    62.
    තානු තරුණ අරුණ කිරණ බරණින් සැදි තේජනේ
    බානු අසුර අසුරන් යුද ඔදවැඩි ගිරි රාජනේ
    මූණු සයෙකි අත් දොළසෙකි මයුරා පිට වාහනේ
    රූණු රටේ පිහිටි කන්ද කදිර දේව රාජනේ

    63.
    බලවර්දන තුඟු පාබල සිරිනුත් ගිරි රාජනේ
    නැගිදුර්ජන අසුරන් දප බිඳහැරි සිහ රාජනේ
    තොසවර්දන මූණු සයෙකි නැගි සිකිනිඳු වාහනේ
    ජයවර්දන නුවර පිහිටි කදිර දේව රාජනේ

    64.
    සිද්ද රන්දුනු තදව ගනිමින් එරන් හීයක් අරගෙනා
    සද්ද වූ ලෙස ගොසය කරවා මඟුල් පෙරහැරයෙන් යනා
    යුද්ද වන් තද රොසින් දස හිස් රාවනා බිඳ ජයගෙනා
    ඇද්ද තව මට වෙනින් පිහිටෙක් කතරගම සුරිඳුන් විනා

    65.
    කතරගම පුර පවර යස තෙද විහිදුවන දිවයුරාණන්
    සකල සිරිලක දෙව් නරන් හට පැවත එන සොමි සඳාණන්
    පඳුරුලන කෙතැ ගොයම් විලසට නුවණ මට දෙන රජාණන්
    රුදුරු රිපඳුරු පදට ගුරු මට කතරගම දෙව් රජාණන්

    66.
    කදිරනේ නෙක බරණිනේ නිති සැරසුණේ පිරි තෙදණිනේ
    කළරනේ මිණි දුනු ගෙනේ අත පොළමිනේ විදුලිය මෙනේ
    විදිරනේ සැර එකතිනේ සැඩ අසුරනේ දප මඩිමිනේ
    කදිරනේ දෙවි උතුමනේ සව්සිරි දෙනේ රකු මා දැනේ

    67.
    කතරනේ රුව බබළමින් සිටි සූසැට බරණින් සිරිසරා
    අතරනේ දුහු රැගෙන නිතියෙන් මයුරා වාහනයට අරා
    කොත රනේ රන් මාලිගාවට වැඩම කරවා විසිතුරා
    කතරනේ දෙවි උතුමනේ මට නුවණ ගෙනදෙන් පින්පුරා

    68.
    රූණු රට කදිරාපුරාදිප මූණුසය ඇති දෙවි රජාණනි
    ආනුබාවෙන් මෙමට නෙ සතර සිද්ද කර දෙන සමුදුරාණනි
    බානු තෙදපල සව්සතුන් හට එළිය කර දෙන සොමි සඳාණනි
    දී නුවණ සිරි දිනෙන් දින රකු කතරගම පුර දෙවි රජාණනි

    69.
    සයුර මෙන් රළ නෙපුද පෙරහර ඉසුරුවන විමනේ සුරන්
    පතුරවන තද තෙදින් අදිපති මෙසිරිලක හිමි දෙවි නරන්
    නිතර සෙත්කොට බලා දිවැසින් නොයෙක් රෝදුක් දුරු කරන්
    පතර යසසිරි නුවණ දෙන් මට කදිර සුරිඳුනි සුර වරන්

    70.
    ඈත කප් කෙළ ගණන් බුදුබව පතා විවරණ ලදින් සහතුට
    වීත රාගත් රිද්දි නුවණත් ආයුවර්ධන කරන හැමවිට
    පාත තොටගමු විහාරේ වැඩ සිටින දෙවියනි දහම් සිහිකොට
    දෝත මුදුනේ තබා වඳිනෙමි නාත දෙව්රජ නුවණ දෙන් මට

    71.
    සිද්ද කිහිරැළි සමන් බොක්සැල් විභීෂණ සිවුවරම් රජපති
    සිද්ද මහබඹ සක්ද ඉසිවර කතරගම දෙවියනුත් සිතරුති
    සිද්ද පත්තිනි දොළහ දෙවියෝ භද්‍රකාලී දේවි ගණපති
    සිද්ද සිරිලක මෙහැම දෙවියෝ මෙමට ආසිරි දිගා දෙන් නිති

    72.
    දලුත් දිමුතු රිවි මෙන් තද තෙද පරසිදු සක්වල වට
    මලුත් පහන් සමග පඬුරු පුද ලැබ වැජඹෙන සහතුට
    නිලුත් රතිනි සුදින් දිලෙන රන්කොත් කැලුමෙන් හැමවිට
    අළුත් නුවර පුල්වන් දෙවි රජුනි නුවණ දෙවන් මෙමට

    73.
    තුන්තරා වැඩි මුනිඳු ගඟපැන් සනහමින් වැඩි කැළණියේ
    ගංතෙරා සළ වීදි දෙපසේ පිළිම ගෙවලින් ගිගිණියේ
    ඉන් පුරා ලූ දාතු දාකුස දාගැබින් සිරි පැමිණියේ
    පින්පුරා ඔබ වෙහෙර වැන්දෙමි නුවණ දෙන් දෙවි කැළණියේ

    74.
    සතත හරි හර විතන මුනි යුධ මෙඛලා ගිරි ශොභනම්
    සවත ශිව ශිව රූප නිර්මල වහ්නිසඤ්චය සන්නිභම්
    උභය රවි කුල මේරූ සිංහල ධාර නිර්මිත ධාරණම්
    ධරති ධර ධර භවති භව භව නාරසිහ රජ නාරණම්

    නිමි.

    සඥාපනය

    මෙහ මහඟු රචනාවෙකි. 1 – 5 කවිවලින් තෙරුවන් නැමැදුම ද, 12 දක්වා සෝඩියේ අකුරු හැඳින්වීම ද, 28 වැන්න දක්වා අක්‍ෂර විභාගය ද එතැන් සිට 36 දක්වා ඉගැනීමේ අගය හා සිසුනට අවවාද ශාස්‍ත්‍ර දායක ගණදෙව් වත හා ඔහු සොහොයුරු කඳකුමරු තෙදබල ආදිය ද සඳහන් වේ. මෙහි කර්‍තෘ කීර්ති ශ්‍රී රාජසිංහ රජු (1742-1777) දවසැ වුසූ අත්තරගම බණ්‍ඩාර රාජගුරු පඬිතුමා යැ යි කියත්.

    බළන්ගොඩ ආනන්‍දමෛත්‍රෙය ස්ථවිර

     
  53. දුකා

    සැප්තැම්බර් 13, 2012 at 1:27 ප.ව.

    මේක උඹලගේ අම්මා කියපු කතාවක්ද මන්දා ඩූඩ් . .

     
  54. මඩයා

    සැප්තැම්බර් 13, 2012 at 5:44 ප.ව.

    දූට වෙන කෙනෙක් කරද්දී හොදයි
    තමන්ගේ පුතාට එහෙම කරන්න සෙට් උනාම අවුල් අනේ මන්ද:/
    මවු සෙනෙහෙ වෙන්න ඇති😛

     
  55. anithkona

    සැප්තැම්බර් 13, 2012 at 6:22 ප.ව.

    මේක ලංකාවේ සාම්ප්‍රදායික රාමු තුල හිරවෙලා ඉන්න අම්මලාගේ හැටි තමයි. නියම කතාව ! ආයෙ ලියන්න කියලා මට මතක් කරාට ස්තූතියි ඩූඩ්. ලියන එකත් එපා වුනා වැඩ වැඩි වෙද්දී. රැකියා වැඩත් ජීවිතේ වැඩත් වැඩි උනා.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 13, 2012 at 9:02 ප.ව.

      හරිම සන්තෝෂයි අනිත් කොණව ආපහු දකින්න ලැබුනු එක ගැන. ‍රැකියා වැඩත්, ජීවිතේ වැඩත් වැඩි වුනා? ජීවිතේ වැඩ නම් වැඩි වෙන්න එපායැ නැත්ද? දැන් දිගටම ලියමු, හොඳේ!

       
  56. පූසා

    සැප්තැම්බර් 14, 2012 at 7:00 ප.ව.

    මටනං පෝස්ට් එකට වඩා පෝස්ට් එකට දාලා තියෙන පොටෝ එක ගැනයි ප්‍රශ්නේ ආවේ. ඕං මං නොකිව්වයි කියන්න එපා…. මේ බ්ලොග් එක කියෝන ගෑල්ලමයි පරිස්සමෙන් ඈ. ඔය කොණ්ඩේ අතිං වහං ඉන්නේ ඉදිලා තියෙන කෙස් ටික හංග ගන්න!😀😀

     
  57. Hiruhimawi

    සැප්තැම්බර් 15, 2012 at 2:59 පෙ.ව.

    හී හී……………නියම කතාව අන්කල්..:)🙂

     
  58. wicharaka විචාරක

    සැප්තැම්බර් 15, 2012 at 11:02 ප.ව.

    මේ කතාවට හිනාවෙන්න ඕනේ මොන පැත්තෙන්ද කියලා හිතාගන්න බැරිවුනා ටිකක් වෙලා යනතුරු. එංගලන්තේ ගියත් බලලා ඥාව් කියනවනේ. අපේ එවුන් ලෝකය දිහා බලන හැටි අඟහරු ලෝකෙට ගියත් වෙනස් වෙන්නේ නැහැ.

     
  59. JP

    සැප්තැම්බර් 16, 2012 at 3:48 පෙ.ව.

    හෝ හෝ ..අන්න කොල්ලෝ …….
    මම OLD fashion ද මන්දා…හැබැයි ඔය කියන “සංස්කෘතික නිදහසට” නම් මම එච්චරම කැමැත්තක් නෑ….සංස්කෘතිය ඕනේ වෙන්නේ අපේ අනන්‍ය තාවය වගේ රෙද්දවල් වලට විතරක් නෙමෙයි ..අපේ සිතුම් පැතුම් වියෙන්නෙත් ඒ රැහැන් වලින්මයි කියලයි මම හිතන්නේ ..

     
  60. Red

    සැප්තැම්බර් 16, 2012 at 10:14 පෙ.ව.

    හිහිහි…මේක හරියට චන්ද්‍ර අනගිරත්නගේ නරලොව හොල්මන් තීරු ලිපියක් කියෙව්වා වගේ.. මරු..🙂

     
  61. Gaminie Vijith

    සැප්තැම්බර් 23, 2012 at 9:57 පෙ.ව.

    මේ වගෙ මළ සමයං කොච්චරවත් හම්බ වෙනවා මචං. උං සපයන විනෝදය ලබලා ඇඟේ ලේ පිරිසිදු කරගන්න පුලුවන්. වෙන ගන්න දෙයක් නෑ …!
    තිලකයා දාලා තියෙන වදන් කවිපොත මම අහලා තිබුනට මීට කලින් කියවලා තිබුනෙ නෑ.

     
  62. Miyuru

    සැප්තැම්බර් 23, 2012 at 1:22 ප.ව.

    මේක කියවනකොට මං දන්න කෙනෙකුත් මතක් උනා… සිදුවීම් මේවම නොවුනට හොඳට දැකල අහල තියෙනව මේ වගේ සංවාද… ඒ නිසා මේක හිතලුවක්ම නෙවෙයි ඩූඩ්… මෙහෙම අය ඉන්නව සමාජයේ…

     
  63. නරකයා..

    ඔක්තෝබර් 14, 2012 at 5:27 ප.ව.

    ෙමවා ෙමෙහම ෙනාෙවනවනං තමා පුදුෙම……..

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: