RSS

89. එන්න සබ්මැරීන් එකක යන්න!

26 Sep
89. එන්න සබ්මැරීන් එකක යන්න!

මීට අවුරුදු කීපයකට කලින් අපි ගියා සබ්මැරීන් එකක. ජර්මනියෙ නිෂ්පාදනය කරපු මේ සබ්මැරීනය  මාල දිවයිනට පැමිණෙන සංචාරකයන් සඳහායි. මුලදි මුලදි නම් මේ සබ්මැරීනය පැදවූයෙ විදේශික නියමුවන්, දැන්නම් දේශීය නියමුවො පුහුණු කරලා තියෙන්නෙ. කතාව පින්තූරෙන්ම කිව්වා නම් ඉවරයි නේ?

මීට වැඩිය පින්තූර පැටෙව්වොත් බ්ලොග් පෝස්ට් එක ලෝඩ් වෙන එකකුත් නැහැනෙ. ඒක නිසා ඉතිරි කොටස ඊලඟ පෝස්ට් එකෙන්. :) 

 
 

ටැග: ,

56 responses to “89. එන්න සබ්මැරීන් එකක යන්න!

  1. පනුච්චි

    සැප්තැම්බර් 26, 2012 at 11:13 ප.ව.

    ශා මරු නේ…

     
  2. hiruni

    සැප්තැම්බර් 26, 2012 at 11:37 ප.ව.

    මේ ගමන මට අද වගේ මතකයි….හරිම සුන්දර අත්දැකීමක්….පාට පාට මාලු…ලස්සන කොරල් එහෙම….ආයෙම දවසක යන්න ඇත්නම්…😀

     
  3. Senna

    සැප්තැම්බර් 26, 2012 at 11:44 ප.ව.

    ෂාහ් නියමයි ඩූඩ්.. මේකනම් ලේසියෙන් දකින්ඩ හම්බෙන අවස්ථාවක් නෙමේ.. යන තැනක කමරාවක් අරන්ගිය ඩූඩ්ට මාගේ ප්‍රණාමය..

    කෝ අර සබ්මැරින් එකට නගින්ඩ බලන් ඉන්න බුවාගෙ ෆොටෝ එක නෑනෙ🙂

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 27, 2012 at 12:57 ප.ව.

      ඔව් සෙන්නා. මම යන යන තැන කැමරාවක් අරන් යනවා ඉස්සර ‍ෆිල්ම් රෝල් කාලෙ ඉඳන්ම. බොහෝම ස්තුතියි.
      අර සබ්මැරීන් එකට නගින්න බලා ඉන්න බුවාගෙ ෆෝටෝ එක ඊ ගාවා එකට දානවා. ඒක නෙවෙයි. සෙන්නට කොහොමද ඒ ෆෝටෝ එක ඒකමයි කියලා ක්ලික් වුනේ කියලා මමත් කල්පනා කලේ. මාර මීටරයක්නෙ උඹ බලං ගියාම.

      ඒක නෙවෙයි සෙන්නෝ. අර අපි නිතර කියනවා නේද “ඉරකි තිතකි” කියලා. ඒ උඹ ගැන නේද කියන්නෙ?😀

       
      • Senna

        සැප්තැම්බර් 27, 2012 at 1:57 ප.ව.

        මමත් ඉතින් මේ බ්ලොග් අවකාශේ හුඟක් අහුමුළු වල රිංගනවනෙ..🙂 ඇයි දවසක් කෙහෙල්කොටුවෙ චූටි මහත්තයා සබ්මැරිනයක් ඇඳපු දවසෙ ඔය කතාව කිව්වා මතක නැද්ද ? ආන්න ඒ මතකයෙන් තමා මම ඔය කිව්වෙ.. බලන් ගියාම මාත් මීටරයක් තමා නේද වෙන මොහකටවත් නෙමේ ඕප දූප වලට🙂

        ඇත්තටම ඩූඩ් ඉස්සෙලම ඔය තිත ගැන අහපු වෙලේ මම ඒ කමෙන්ට් එකේ දාපු බුදු අම්මෝ ලකුණක තිත ගැන ඇහුවා කියල තමා මම මුලින්ම හිතුවෙ..

        එහෙනම් මම ගැන වෙන්ඩ ඇති….🙂 😀

         
  4. ක්සැන්ඩර් | Xander

    සැප්තැම්බර් 27, 2012 at 2:07 පෙ.ව.

    අර කියන්නා වගේ මේවා ලේසියෙන් ලැබෙන අවස්ථා නෙවෙයි.. ඉතුරු ටිකත් බලමු..

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 27, 2012 at 1:03 ප.ව.

      ඒක ඇත්ත ක්සැන්ඩරයෝ. ගොඩබිමින්, ගුවනින්, මුහුදෙන් යන පොදු ප්‍රවාහන ක්‍රම තුනෙන්ම ගියත්, මුහුද යටින් කියන හතරවෙනි එකෙනුත් යන්න පුදුම ආසාවක් ඇති වුනා අපි හතර දෙනාටම.

       
  5. vpokura

    සැප්තැම්බර් 27, 2012 at 7:48 පෙ.ව.

    ෂා මාර අත්දැකීමක්නෙ…! ඊ ලඟට තව ලස්සන පොටෝ තව දෙන්න.

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 27, 2012 at 1:06 ප.ව.

      ඇත්තෙන්ම වීයෝ මම ඔක්කොම එක පාර මේකට දාන්නත් ගිහිල්ලා පස්සෙ කල්පනා කලා ඔය ස්ලෝ කනෙක්ෂන් තියෙන යාලුවො කොහොමද එතකොට බලන්නෙ කියලා. ඇයි ලෝඩ් වීමෙත් ප්‍රශ්නයක් තියෙනවනෙ. හරි ඊ ලඟ එකේ දානවා.

       
  6. wicharaka විචාරක

    සැප්තැම්බර් 27, 2012 at 8:18 පෙ.ව.

    ඊළඟ කොටසේදී පින්තුර වගේම විස්තරත් වැඩියෙන් දෙන්න.

    සබ්මැරින් ගියාට මූදෙ පාරවල් හිටින්නේ නෑ නේද 😀😀😀

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 27, 2012 at 1:09 ප.ව.

      විචාරක, මහා ගොඩක් ෆෝටෝස් දැම්මාම අර මම කිව්වා වගෙ ලෝඩ් වීමෙ ගැටලු තියෙන නිසා මේ හා සමාන පින්තූර සංඛ්‍යාවක් එක්ක, විස්තර තව පොඩ්ඩක් දාන්න කල්පනා කලා.
      ඇයි නැව් ගියාට පාර වල් හිටින්නෙත් නැත්නම් සබ්මැරීන් ගියාට කොහොමත් හිටින්නෙ නැතුව ඇති.🙂
      (අර ෆොන්ට් වැඩේට මොකද වුනේ?)

       
  7. චන්දන

    සැප්තැම්බර් 27, 2012 at 8:55 පෙ.ව.

    නියමයි නේ. කලාතුරකින් දකින්න ලැබෙන ෆොටෝ ටිකක්. ඉතිරි ටිකත් දාන්න.

     
  8. buddhiprasadh

    සැප්තැම්බර් 27, 2012 at 9:46 පෙ.ව.

    අවසන් හිරු කිරණ වියකැලා යද්දි හිතට මොනවද දැනුනේ? මේකේ යද්දි හෙල්ලෙනවද? මුහුද ඇතුලට යද්දි ඇලවෙලා ද යන්නෙ…. මාලු විතරද දැක්කෙ?

    බටයක් වගේ එකක් ඇතුලේ වතුර අතරින් ගමන් කරද්දි දැනුන දේවල් මොනවද? මේ වට පිලිතුරු ඊලග ලිපියෙන් ලබා දීපන් ඩූඩ් මහත්තයා.!

     
    • henryblogwalker the Dude

      සැප්තැම්බර් 27, 2012 at 1:14 ප.ව.

      උඹ මේ සබ්මැරීන් වලට පුදුමාකාර ප්‍රේමයක් දක්වන බව මම දන්නවා. ඇයි අර එක පාරක් පෝස්ට් එකකුත් දැම්මෙ.
      හරි බං මම මුලින් නම් ඔය විස්තර නොකියා පින්තූරෙන්ම කතාව කියලා දාන්න හිතා හිටියත්, දැන් ඔය කියාපුවා දාන්නම්. බොහෝම ස්තුතියි බුද්ධියා.

       
  9. පිණිබිඳු

    සැප්තැම්බර් 27, 2012 at 9:49 පෙ.ව.

    කෙනෙක්ට ලේසියෙන් ලැබෙන අත්දැකීමක් නෙමෙයි ඩූඩ් සහ පවුලට ලැබිලා තියෙන්නෙ. ඒ අත්දැකීම අපිත් එක්ක බෙදාගත්තට ස්තූතියි.

     
  10. සිරාගෙ කාමරේ

    සැප්තැම්බර් 27, 2012 at 10:34 පෙ.ව.

    ඉන්න කස්ටිය හදුන්වා දුන්නොත් නරකද ?

     
    • henryblogwalker

      සැප්තැම්බර් 30, 2012 at 11:08 පෙ.ව.

      ඇයි බං අපේ ගෙදර ඉන්නෙ හතර දෙනයිනෙ. ඔය මුල ඉඳන් බෝට්‍ටුවෙ යන්නෙ අපි.
      අනිත් වුන් නම් ලෝකෙ කොහෙන් ආපු වුන්ද දන්නෙ නෑ අර ජෝර්ඩානියන් පවුල ඇර. උන්ව හඳුන්නෙ අපි දවස් දෙකක් එකට කට්ට කාපු නිසා මේක ඕව බුක් වෙලා.

       
  11. කෝරලේ මහත්තයා

    සැප්තැම්බර් 27, 2012 at 12:12 ප.ව.

    මරේ මරු..

     
    • henryblogwalker

      සැප්තැම්බර් 30, 2012 at 11:04 පෙ.ව.

      ආයිබොවං කිව්වා කෝරළේ මහත්තයා. හික් හික් මට මතක් වෙන්නෙම ජෙල් කරලා ස්පයික් කරපු කොන්ඩෙ නැමි පනාව ගහන් ඉන්නහැටි අප්පා!

       
  12. රාමා

    සැප්තැම්බර් 27, 2012 at 1:14 ප.ව.

    ස්තුතියි අත්දැකීම් බෙදා ගත්තාට …

    අපේ රටෙත් , ඔය වගේ දේවල් පටන් ගන්න බැරි නැනේ.. පුළුවන් එවුන්ට උවමනා නැහැ. උවමනා එවුන්ට (මං වගේ එවුන්ට) කර ගන්න බෑ..😀

     
  13. රාජ්

    සැප්තැම්බර් 27, 2012 at 1:27 ප.ව.

    මේක ඩෙනිමෙ දැම්මෙ නැත්තෙ ඇයි?

     
  14. හිරු

    සැප්තැම්බර් 27, 2012 at 2:51 ප.ව.

    කෝ අප්පා මේක අර ඩෙනිම් කෑල්ලේ නෑ නේ……

     
  15. Weniwel

    සැප්තැම්බර් 27, 2012 at 3:35 ප.ව.

    අපිට කොයින්ද ඉතින් බූල් බල්ලො ? ඉඳලා හිටලා ස්නෝකල් මාස්ක් එකක් දමන් මුහුද යට බැලුවොත් මිසක්කා..

     
  16. DDT

    සැප්තැම්බර් 27, 2012 at 4:41 ප.ව.

    මෙයා හැමදාම හොඳම තැනින්නේ නවත්තන්නෙ. ඉතුරු ටිකත් ඉක්මනට දාන්ඩෝ…..

    ‘මූද යටින් ලීග විසිදාහක්‘ ගියේ නෑ නොවැ.😀

     
    • henryblogwalker

      සැප්තැම්බර් 30, 2012 at 11:09 පෙ.ව.

      ඉතිං බං DDT හොඳම තැනින් නවත්තන එක දක්ෂ කමක් නොවෙයිද? ලීගවිසිදාහක් ගියා නම් ඉඩ කඩං උගස් තියලත් බෑ බං.

       
  17. Kandyan

    සැප්තැම්බර් 27, 2012 at 8:36 ප.ව.

    හොඳ එක්ස්පීරියන්ස් එකක් නේද ඩූඩ්. අමතක වෙන්නෑ ජීවිතේටම.
    අවුරුදු කීපයකට කළින් මමයි හාමිනේයි බාබඩෝස් වලදී මේ විධියෙම සබ්මැරීනයක ගියා.

     
  18. මඩිස්සලේ නිශාන්

    සැප්තැම්බර් 27, 2012 at 8:49 ප.ව.

    ෂා නියමයි මට නම් ජීවිතේට ඕකක යන්න හම්බෙන එකක් නැහැ

     
    • henryblogwalker

      සැප්තැම්බර් 30, 2012 at 11:10 පෙ.ව.

      නිශාන්, ජීවිතය දිහා අර දොස්තර හොඳ හිතේ ඉන්න”බෑ බෑ හරියන්නෙ නෑ, ඕක හරියන්නෙ නෑ” කියන දෘශ්ඨියෙන් බලන්න එපා බං. අපි හිතන දේවල් නෙවෙයි වෙන්නෙ.

       
  19. AKM

    සැප්තැම්බර් 27, 2012 at 9:38 ප.ව.

    මාත් ගියා වගේ හැගීමක් ආවා. එල

     
  20. තිස්ස දොඩන්ගොඩ

    සැප්තැම්බර් 27, 2012 at 10:56 ප.ව.

    කවද දකින්නද අප්පා මෙව්වා ඉතින්….

     
    • henryblogwalker

      සැප්තැම්බර් 30, 2012 at 11:12 පෙ.ව.

      හනේ බං තිස්ස, ‘අර වයසක උපාසකම්මා කෙනෙක් වගේ’ එහෙම කියන්න එපා.😀 උඹ ඔහෙ ඉඳං එනකොට මාලේ බැහැලා ඕක කරන්න පුලුවන්නෙ ඕනෙම නම්. ඔන්ලයින් බුක් කරන්න බැරි දේවල් නෑනේ.

       
  21. ළිහිණි

    සැප්තැම්බර් 27, 2012 at 11:57 ප.ව.

    දැන් මට ඩූඩ්ගෙ පෝස්ට් පැටලෙනවා…ඩෙනිම හන්දා…හි හි
    ෂෝක් ගමනක්නෙ…ඒ කියන්නෙ ඩූඩ් ඉන්නෙ මාලෙද ?

     
    • henryblogwalker

      සැප්තැම්බර් 30, 2012 at 11:12 පෙ.ව.

      හපෝයි පටලගන්න එපා ලිහිණි. ඉතින් ඔය දෙකේම අප්ඩේට් වෙන ඒවා ඔයාගෙ බ්ලොග් එකි බ්ලොග් රෝල් එකෙන් දැක්ක හැකිනෙ. ඔව් ළිහිණි, මෝල්ඩිව්ස් වල නමුත් මාලේ නෙවෙයි.

       
  22. lokujohn

    සැප්තැම්බර් 28, 2012 at 12:57 ප.ව.

    තව විස්තර ඉස්සරහට එනවනේ එතකන් බලාගෙන ඉන්නවා.

     
  23. කෝකිල

    සැප්තැම්බර් 29, 2012 at 4:27 පෙ.ව.

    ඩුඩ්ට මතකද මන්ද මමත් ඔය සබ්මැරීනයේ යන්න අපි හිටපු දුපතේ ඉදල පැය 12 ක බෝට්ටු ගමනකින් ප්‍රදාන දූපතට ආපු හැටි. ඒ කාලේ කරපු පිස්සු විකාර.😀

     
  24. Naleen Dilruksha

    සැප්තැම්බර් 29, 2012 at 2:32 ප.ව.

    එළකිරි ට්‍රිප් එකක්නේ බොහොම අපුරුවට පිංතූරවලින් විස්තරය කියල තියනවා ඩූඩ්.

     
  25. රූ

    සැප්තැම්බර් 30, 2012 at 1:34 ප.ව.

    ඉතුරු පින්තූර ටික බලලම ඕන හිතේ තියන දේවල් ටික කියන්න..තාම තිරේ ඇරුනා විතරයිනේ..

     
  26. emailkavikaari

    සැප්තැම්බර් 30, 2012 at 6:49 ප.ව.

    මමත් ඕකෙ ගිහිං පතුල බලල ආව. ළමයි කිමිදෙන්ටත් ගියා මාලෙ ගියවෙලේ. ඕකෙ ගියාට පස්සෙ පැය ගනනක් යනකං නැවත ගුවන්ගත වෙන්ට බැහැ කං අඩි වලට නරකයිලු.

    අපි ගිය දා නං හිටියෙ තදපාට හමක් ඇති කාන්තාවක් එය පැදවීමට

     
  27. ගැමියාගේ පත් ඉරුව

    ඔක්තෝබර් 1, 2012 at 12:43 පෙ.ව.

    මම මුලින්ම හිතුවේ ෂා මාර වාසනාවක්නේ කියලා…. ඒත් අර සබ්මැරින් එහේ මොල්ලිය වගේ කොටසේ හිල් තියෙනකොට කල්පනා කලේ මේක සිරාවටම මුහුද යටින් යනවදෝ කියලා…

    මේක දැක්කම මුලින්ම මතකෙට ආවේ අර රැසියාවේ සබ්මැරින් එකක් එක්ක 118ක් නාවිකයෝ මැරුණු සිද්ධිය.ඊට පස්සේ මතකෙට ආවේ අභිරහස් සබ්මැරිනය කියන කතාව.අන්තිමේටම මතකෙට ආවේ මුහුද යටින් ලීග විසිදාහක් කියන කතාව… ඇත්තම කිව්වොත් ප්ලේන් වල යන්න තියෙන ආසාවට වඩා සබ්මැරීන් එකක යන්න මාර ආසාවක් මට තියෙන්නේ.ප්ලේන් එකේ යන්න තිබ්බ ආසාව සෙන්නා අයියා කුඩේ කුඩු කරලා දැම්මනේ එයාගේ පෝස්ට් එකෙන්…

    කාලෙකින් ආයෙමත් ආවේ තව මාස දෙක තුනක් යනකන් සුපුරුදු රිද්මයට එන්න බැරිවෙයි අප්පා….

     
  28. Gaminie Vijith

    ඔක්තෝබර් 1, 2012 at 7:28 පෙ.ව.

    ප්‍රභාකරන් උන්නැහේ ලංකාවෙ කස්ටියට යන්නත් සබ්මැරීන් එකක් හදාගෙන ගියා මචං .. ඒත් ඉතිං හමුදාවෙ මල්ලිලා ඉරිසියාවට ඒක ඉවරයක් කරන්න දුන්නෙ නෑනෙ …

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: