RSS

90. සබ්මැරීන් චාරිකාවේ ඉතිරිය…

30 සැප්.
90. සබ්මැරීන් චාරිකාවේ ඉතිරිය…

මේ හෙන්රිබ්ලොග්වෝකර්ගෙ අර දුර්ලභ ඡායාරූපය, බ්ලොගර් ප්‍රොෆයිල් පික්චර් එක.”කෝ අර සබ්මැරින් එකට නගින්ඩ බලන් ඉන්න බුවාගෙ ෆොටෝ එක නෑනෙ” කියලා අපේ සෙන්නා අහලම තිබ්බා. මෙන්න බඩු. 😀

දිය යට සිට මුහුදු මතුපිට දු‍ටු අවසන් හිරු කිරණ වියැකිලා ගියා මතකයිනෙ?


මේ කතාවෙ අගක් මුලක් තේරෙන්නෙ නැතිනම් කියවන්න මේ කතාවෙ පළමු කොටස, “එන්න සබ්මැරීන් එකක යන්න”

නියමිත වෙලාවට විනාඩි තිහක් කලින් මාලේ ජෙටි අංක 1 ට ඇවිත් ඉන්න කියලා තමයි උපදෙස් දෙන්නෙ. එතනින් අර අපි ගියාවගෙ සාමාන්‍ය බෝට්‍ටුවකින් තරමක් මුහුද මැද්දට වෙන්න පිහිටලා තියෙන Whale House නමින් හැඳින්වෙන පාවෙන සබ්මැරීන් ජෙටියට (submarines floating dry-dock)  සංචාරකයන්ව එක්ක යනවා.
මේ සබ්මැරීනයේ නම Whale Submarine වුනාට මේක තල්මසුන් නරඹන්න තියෙන සබ්මැරීනයක් කියලා වරදවා තේරුම් ගන්න එපා. ඒක  නමක් විතරයි.
අද නම් ටිකට් එකක් වැඩිහිටියෙකුට USD 80.00 සහ ළමයෙකුට USD 40.00 ක්ද වගෙ මතකයි.

මේ මිල ගනන් වෙනස් වෙලා තියෙන්න පුලුවන්.

ඔන්න යානය කිමිදෙනවා. සම්බ්මැරීනයේ පිටත සවි කරලා තියෙනවා ඉතාම ප්‍රභල, හාත් පස එලිය විහිදුවන ආලෝක ධාරා. ඒ වගේම ඔය පින්තූරවල පෙනෙන විදියට මාලු සබ්මැරීනයේ කවුලු (Port Holes) ලඟට ගෙන්නා ගන්නට පොඩි උපක්‍රමයක් යොදලා තියෙන්නෙ.

ඒ තමයි කවුලු අසලම තියෙන නොසල් වගයකින් මාලු කෑම සබ්මැරීනය අවට ජලයට නිකුත් වෙන එක. මේ මාලු පොර කන්නෙ ඒවා කන්න.

පුංචි ළමයිට නම් ඉතාම සුන්දර ලෝකයක්!

මේ කවුලු අසල වීඩියෝ මොනිටරුත් සවි කර ඇති බව ඔබට පේනවා ඇති.

මේ වේල් සබ්මැරීනය 1994 වසරෙදි, අමරිකානු නාවික කටයුතු පිළිබඳ කාර්යංශයේ (The American Bureau of Shipping and Bureau Veritas) දැඩි රෙගුලාසිවලට අනුකූලව සැලසුම් කොට නිර්මාණය කරලා  තියෙන්නෙ, ජර්මනියෙ Karlsruhe නගරයේ පිහිටි, Bruker Meerestechnik GmbH නිෂ්පාදනායතනයේදීයි.

මේ සබ්මැරීනය මුලින්ම සේවයට යොදවලා තියෙන්නෙ 1994 දි. ටොන් 120ක් බ‍රැති, අඩි 73ක් දිගැති මේ යානයට හැකියාව තියෙනවා, මගීන් පනස් දෙනෙක් සහ දෙදෙනෙකුගෙන් යුත් කාර්‍ය මණ්ඩලයත් ‍රැගෙන, මීටර් 150ක් දක්වා ගැඹුරු මුහුදේ කිමිදෙන්නට.

එතකොට මේ නවීන සම්බැරීනය ලොවේ ඇති ගැඹුරු මුහුදෙ කිමිදෙන විශාලතම මගී සබ්මැරීනය කියලයි ඔවුන් නම් කියන්නෙ.

වායුසමීකරණය කර ඇති මේ සම්බැරීනය තුල සාමාන්‍ය වායු ගෝලීය පීඩනය පවත්වාගෙන යන නිසා සාමාන්‍ය ආකාරයට හුස්ම ගන්න පුලුවන්. ඒ නිසාම මේ සබ්මැරීනයේ කිමිදී මතු පිටට පැමිණි වහාම වුනත් ගුවන් ගමනක යෙදෙන එක කිසිම අවදානමක් නැතිබව ඔවුන් සහතික වෙනවා. නමුත් ඔබ ඔක්සිජන් ටැංකියක් බැඳගෙන කිමිදුනා නම් (scuba diving) තත්වය වෙනස් මම හිතන්නෙ.

මේ යානයට නොට් 4.5ක වේගයෙන් ගමන් කල හැකි වුවත් ඔවුන් මේ සංචාරය සඳහා යොදා ගන්නේ නොට් 1.5 ක උපරිම වේගයක් පමණයි. ඒ වගේම මීටර 150ක ගැඹුරක ආරක්ෂා සහිතව කිමිදිය හැකි වුවත් ඔවුන් මීටර් 40 ට වඩා ගැඹුරට යන්නෙ නෑ මේ සංචාරයේදී.

ඔවුන් මුලින්ම මීටර් 25 කදී නවතිනවා මේ කොරල් පර සහ එහි වාසය කරන නොයෙකුත් විසිතුරු ජීවීන්  දැක බලා ගන්නට. දෙපැත්තෙම නරඹන්නන්ට සමාන අවස්ථා ලබාදීමට ඔවුන් යානය හසුරුවනවා.

දෙවන නැවතුම මීටර් 40ක ගැඹුරේදී සිදුවෙනවා. සබ්මැරීනය මෙහිදී ඇත්තටම කොරල් උද්‍යානයක පිහිටි කොරල් ගුහාවක් අසල වැලි නිම්නයක ගාල් කරනව කිව්වොත් නිවැරදියි. මෙහිදී ඇත්තෙන්ම අර ප්‍රභල ආලෝක ධාරා නිසා විවිධ නම් ඇති දැවැන්ත grouper වැනි මසුන් පවා දැක බලාගත හැකියි.

මේ කිමිදීම් රාත්‍රී කාලයේදී පවා කරනවා.
දිනයේ වේලාව, දියවැල් වල තත්වය හා වෙනත් කරුණු රාශියක් යහපත් නම් සම්බැරීනය, මෝරුන් කෑම කන තැන් (shark feeding areas), ගිලී ගිය නැවක්, හා වෙනත් විසිතුරු කොරල් පර කරාත් ඔබව ගෙනයන්නට ඉඩ තියෙනවා. එදා නම් එහෙම වුනේ නෑ.

මේ මම සහ ගැඹුරු මුහුද.

තාත්තයි පුතයි.

මේ සබ්මැරීනය ප්‍රමිතියට අදාල සියලුම ආරක්ෂක අංගෝපාංගයන්ගෙන් සමන්විත නිසා සහ ඉතා හොඳින් පුහුණු වූ ප්‍රංශ සහ දේශීය නියමුවන් විසින් පදවන නිසා, ඉතාම ආරක්ෂාකාරී සුව පහසු ගමනක් ඔවුන් සහතික වෙනවා.

ඔබට ඒත් සැක නම් සබ්මැරීනය සියලුම මගීනට සහ කාර්ය මණ්ඩලයට පැය සියයකට සෑහෙන ඔක්සිජන්, ජලය, සහ ආහාර ගෙනයනවා.

කොහොමත් නියමුවා මුහුද මතුපිට පාලන මැදිරියත් සමඟ නිරන්තර රේඩියෝ සබඳතාවයක් පවත්වා ගන්නවා.

ආපහු මතු පිටට.

මේ එදා අපේ සබ්මැරීන් නියමුවා.

පොඩි එකත් ආසයිනෙ පයිලට් මේ වැඩේ කොහොමද කරන්නෙ කියලා බලන්න,මං වගේම! 🙂

අම්මයි දුවයි ඉනිමගේ නගින්න ලෑස්තියි.

මේ මම සහ මගේ ඩෙනිම ඉනිමගේ, Forever In Blue Jeans. 😀
දෙයියනේ අර සෙන්නාට ‘මගේ ඩෙනිම’ පේන්නෙම ‘මගේ වෙඩිම’ වගේලුනෙ. 😀

බ්ලොග්වෝකර් පවුලේ අය.

මෙන්න භාණ්ඩේ. දුරකථන අංකය බඳේ ලියලා තියෙන්නෙ තල්මසෙකුට මෝරෙකුට උනත් කෝල් එකක් දීල බුක් කරන්න පුලුවන් වෙන්න.

අර සබ්මැරින් එකට නගින්ඩ බලන් ඉන්න බුවා නැවතත්

නැවතත් මාලේ නගරය.

ඒක නම් අපූරු අත්දැකීමක්.

කරුණාකරලා වර්ඩ්ප්‍රෙස් එක්ක තරහ අය ප්‍රතිචාරයක් දාන්න මෙතන ඔබන්න.

 
 

ටැග: ,

6 responses to “90. සබ්මැරීන් චාරිකාවේ ඉතිරිය…

  1. Hasitha

    ඔක්තෝබර් 1, 2012 at 6:59 ප.ව.

    පළවෙනි එක කියවන්න වෙනවා ඔක්කෝටම කලින් 🙂

     
  2. DDT

    ඔක්තෝබර් 1, 2012 at 7:05 ප.ව.

    උදේ දාපු එකමයි. එකම දවසෙ දෙකේම එකම දාන්ට එපෝ……

    අයියෝ …. පික්‍ෂු හැදෙනව අෆ්ෆා.

     
    • henryblogwalker

      ඔක්තෝබර් 1, 2012 at 7:22 ප.ව.

      හසිත, DDT මගේ ඩෙනිමේ කමෙන්ට් කලානම් හරි. මේකෙන් මේ ලින්ක් එක විතරක් දැම්මෙත් ඩයිවර්ට් කරන්න ඒකට. සමාවෙන්න ඕනෙ කරදරයට.

       
      • DDT

        ඔක්තෝබර් 1, 2012 at 9:00 ප.ව.

        ඊ …… විහිළුවට අනේ කිව්වෙ. එතකොට ඉදිරියට ‘මට හිතෙන හැටි‘ ‘මගේ ඩෙනිමට‘ ජැක් ගහනව විතරද?

         
  3. henryblogwalker the Dude

    නොවැම්බර් 11, 2012 at 7:03 පෙ.ව.

    ඔන්න ආයෙ කමෙන්ට් ඇරියා මේ දැන්.

     

Hasitha වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න