RSS

98. මෙන්න වැඩක්!

15 Nov

මාල දිවයිනේ ජාතික වෘක්ෂය පොල් ගහ. නමුත් මේ මිනිස්සු කන්නෙ වේලිලා කරකුට්ටං වෙච්ච පොල්. ඒවායින් සම්බලයක් හෙම හැදුවම අප්පිරියයි. අමු ගෙඩි කැඩුවත් වේලෙන්න තියෙනවා. ගිය සති අන්තයෙ මම බ්ලොග් ලෝකෙ සැරි සරන අතරෙ අපිට ඇහුන ටොක් ටොක් ගාලා සද්දයක්. බැලින්නම් ලඟ ගෙදරක පොල් ගහක් කපනවා.

මේක සිද්ද වුනේ ලංකාවට වඩා ටිකක් වෙනස් ක්‍රමයකට නිසා මමත් කැමරාවක් අරන් දිව්වා බලන්න. මාල දිවයින් වැසියන්ගෙ අනිත් කිසිම වැඩක් ගැන අපේ ප්‍රසාදයක් නැති වුනත් මේ වැඩේ නම් ඒ හැම එකකටම වඩා වෙනස් කියලා මට හිතුනා.

හොඳ ආදර්ශයක් ගන්න තියෙනවා නම් කාගෙන් වුනත් කමක් නෑනෙ. අනික මාල දිවයිනේ ජනජීවිතය ගැනත් මොනවා හරි ලියන්න කියලා මට බ්ලොග් සහෘදයෙක් කිව්වෙ මේ මෑතකදිනෙ.

අපේ ගස් කපන්නෙකුට කියලා මේ වගෙ වැඩක් කරගන්න ගියොත් තියෙන අමාරුව මම අත්දැකීමෙන්ම දන්නවා. නමුත් මේ වැඩේ කරපු වේගය නම් අපිට අදහා ගන්න බැරි වුනා. මම මේ ඡායාරූප ගත්තෙ මම ගත්ත වීඩියෝවෙන්.

මුලින්ම බලන්න පාවිච්චි කරන ආරක්ෂක ක්‍රමවිධි. වලල්ලක් නෙවෙයි දාගෙන ඉන්නෙ කකුලට. සේෆ්ටි හානස් එකක්. ගේමක් නැතිව ගහේ හිටගෙන් ඉන්න පුලුවන්.
දැක්කද ඉනටත් තව ආරක්ෂක පටියක් දාලා බැඳගෙන ඉන්නෙ.
මාල දිවයින්  පොරොවත් අපේ ඒවට වඩා වෙනස්. බලන්න හැඩේ.
මේ කාර් එකකුත් රිංගනවනෙ ඒක අස්සෙ.
ගන්ඩකො නෝනා ඔය හුචක්කුව අහකට!
කැපුනා ඇති. පොරොව පාක් කරමු මෙහෙම.
ගැටේ ලෙහෙලා…
ගැට ගහමු පහතට වෙන්න. ඒයි මල්ලි, ඔය ෆෝන් එකෙන් මල් කැඩිල්ල පැත්තක තියලා ලනුව ඇදලා අල්ලපං අරිද?
හ්ම්ම්ප්..!
ජර බරාස්..!!
පට්ටයි නේ?
යාආආආහ්…!
කොහොමද වැඩේ?
මේ ගහ කුට්ටි හතරකට නැත්නම් පහකට කපලා බිමට දැම්මෙ ගහ යටම තියෙන ගේ, තාප්පෙ පාර  අනිත් ගස් ඔක්කොම බේරලා.
අනික හෙන කෲ එකක් හිටියෙත් නෑ. ලණුව අදින්න තව එක බුවෙක් හිටියා. ඇ‍ඟේ අමාරුවට කසියාත් නෑ.
වැඩේ ඉවර වෙච්ච ගමන් මම දුවලා ගිහින් අමු පොල් ගෙඩි ටිකක් මිලට ගත්තෙ හරිම සතුටින්. මම පොල් ඉල්ලුවාම මට ගොඩ ගහල තිබ්බ වේලිච්ච පොල් ටිකක් දෙන්න හැදුවා. මම කොල පාට පොල් පෙන්නලා මේවයි ඕනෙ කිව්වාම කට්ටිය මා දිහා බැලුවෙ අනුකම්පාවෙන්, ‘හනේ මෙහෙමත් මෝඩයො ඉන්නවනෙ.’ කියන්නා වගෙ.

වර්ඩ්ප්‍රෙස් එක්ක තරහ අය ප්‍රතිචාරයක් දාන්න මෙතන කොටන්න
 

ටැග: , , ,

26 responses to “98. මෙන්න වැඩක්!

  1. පිණිබිඳු

    නොවැම්බර් 15, 2012 at 1:58 ප.ව.

    පොල් බඩ ඉල්ලගත්තෙ නැද්ද කන්න

     
    • henryblogwalker the Dude

      නොවැම්බර් 16, 2012 at 7:49 ප.ව.

      නෑ පිණිබිඳු. ඒ මිනිස්සු කකා හිටියා. මට දුන්නොත් ගන්නවා මිසක් ඉල්ලන්න බෑනෙ.
      අනික පිණිබිඳු අපි අපේ රටේ ප්‍රතිරූපය ගැන හරි සැලකිලිමත් වෙනවා.

       
  2. Praසන්னP

    නොවැම්බර් 15, 2012 at 2:32 ප.ව.

    ඔය විදියට ගහක් කපන්න හොඳ පුරුද්දක් තියෙන්න ඕන. නැත්තං තමංගෙ පැත්තට ගහේ කපපු කෑල්ල ලිස්සල ඇවිල්ල මූනකට නැතුව ඉන්න පුලුවං.

     
  3. helapaya

    නොවැම්බර් 15, 2012 at 2:39 ප.ව.

    උඩ කුට්ටිය ගැස්සිලා මූනෙ වැදුනනම් කපපු එකා කොහෙ හිටීද.

     
    • henryblogwalker the Dude

      නොවැම්බර් 16, 2012 at 7:50 ප.ව.

      මමත් බයේ හිටියෙ එහෙම වෙයි කියලා. උඩ කුට්ටි කීපයත් ක්‍රමයට කපපු නිසා තමයි මම මේක වීඩියෝ කලේ මට මේකෙ විශේෂයක් පෙනුන නිසා.
      හැලපයා දැක්ක කල්!

       
  4. R.p. Susantha

    නොවැම්බර් 15, 2012 at 2:58 ප.ව.

    ලංකාවෙත් ගස් කපන්නො මෙහෙමම දක්ෂයි. අපේ ගහක් කැපුව ගේ ලඟම කිසිම දේකට හානියක් නැතුව. වැඩේ ඉවර වනතෙක් අපි හිටියේ ඇගේ ලේ නැතුව. ඒත් ඔවුන් දක්ෂයි.
    ලස්සන කතාවක් රූපත් එක්කම.

     
  5. දමිත්

    නොවැම්බර් 15, 2012 at 3:39 ප.ව.

    පට්ටම කතාව..නිකම් චිත්‍ර කතාවක් වගේ ගලපලා තියෙනවා රෑපත් එක්ක…එල

     
  6. Lokka

    නොවැම්බර් 15, 2012 at 4:50 ප.ව.

    ලංකාවේ ගස් කපන්නෝ කොච්චර දක්ෂද කියනවනම් මේ ලගදී දවසක මහා රෑ අපේ ගෙදර මිදුලේ තිබ්බ සුදුහදුන් ගහ කපලා මුලත් ගලවාගෙන ගිහින් තිබ්බා. අයේ කොලයක් වත් හොයා ගන්න නෑ ! කපන සද්දයක් වත් නෑ ! ඔන්න ලංකාවේ වැඩකාරයෝ ! මල දිවඉන වගේද !

     
    • Chandana

      නොවැම්බර් 15, 2012 at 10:04 ප.ව.

      ඔය හඳුන් ගස් කපන එක නම් කරනවා උන් කිසි සද්දයක් ඇහෙන්නේ නැති වෙන්න. පොඩි කියතකින් කපනවා කියන්නේ.

       
    • henryblogwalker the Dude

      නොවැම්බර් 16, 2012 at 7:52 ප.ව.

      @ලොක්කා: පට්ටයිනෙ ලොක්කා. අපේ බුවාලා කරන හොර වැඩ ලොවෙත් නෑ.

      @චන්දන: ඒ කියන්නෙ හඳුන් ගස් හොරකම නැගලා යන කර්මාන්තයක්ද?

       
  7. hiruni

    නොවැම්බර් 15, 2012 at 6:38 ප.ව.

    ශා මෙන්න වැඩ….අපේ ගෙදර පොල් ගස් ටික කපන්න ගිහින් වින්ද වදේ මතකද?

    ලස්සන ෆොටෝ ටික….ශෝක් කතාව….😀😀😀

     
  8. Kenji @ Japan

    නොවැම්බර් 16, 2012 at 4:58 පෙ.ව.

    ලංකාවේ සමහර පොල්කඩන/ගස්කපන අය උදේට වැඩේ කරන්න එන්නෙත් එයාලගේ “කරටි” කඩාගෙනනේ මාචං.සමහරුන්ගේ කන් කඩාහැලිලා,තොල්පෙරලිලා,ඇස් දොබගෙඩි වගේ කතාකරද්දී කෙලපාර ස්ප්‍රේ වෙනවා වැඩේ බාරදෙන්න හිතෙන විදියට නෙමේනේ.

     
    • henryblogwalker the Dude

      නොවැම්බර් 16, 2012 at 7:54 ප.ව.

      අනේ ඔව් කෙන්ජි. අපිට බයයි මුං ඩෝප් මරගාතෙ මොනවාහරි කරගනීද කියලා. මම නම් කියනවා වැඩේ ඉවරවෙලා ඕනෙ තරං බීපල්ලා කියලා.

       
  9. සිරාගෙ කාමරේ

    නොවැම්බර් 16, 2012 at 10:09 පෙ.ව.

    ගහ කපපු අයියා හෙන්රි අයියගෙ වයසෙම වගේ නේද… එළ කොල්ලෙක්… අපේ උන් නම් කඹේ අදිනකොට පහතට රූටනවා නොවැ ගහෙන්… මෙතැනදි තාක්ෂණයේ නව පිබිදීමක් මම දැක්කා… නරකද මේකටත් අලුත් ගැජට් එකක් නිර්මාණය කලොත්… පොල්බොඩ කන්න කවුරුත් හිටියෙ නැද්ද ?

     
    • henryblogwalker the Dude

      නොවැම්බර් 16, 2012 at 7:55 ප.ව.

      බුවා මට වඩා බාල ඇති සිරා.🙂
      මගෙ වයසෙ උන් එළ කොල්ලො නේන්නම් බොල.😀
      අලුත් ගැජට් ඕනෙ නෑ බං. අපි අර කර්මාන්තෙ දියුණු කරගන්න බලමු.
      උන් පොල්බොඩ කකා හිටියෙ.

       
  10. Raj

    නොවැම්බර් 16, 2012 at 10:12 පෙ.ව.

    ගහේ කොළ දැක්කම මම හිතුවේ දාර ගස්ලබු ගහක් කියල අපේ උන්ට ඉතින් ගස් යන්න කසිප්පු ඔනමනේ නැත්තං කකුල් වෙව්ලනව අනිච්චේ දුක්කේ

     
    • henryblogwalker the Dude

      නොවැම්බර් 16, 2012 at 7:56 ප.ව.

      ගස්ලබු ගහ තිබ්බෙ ඒ ලඟනෙ බං.
      මම නම් බීලා ඉන්න වුන් ගස් වලට යවන්නෙ නෑ. ඒ නැත්ත අපිට කොයින්ද බං මිනිස්සු යවන්න ගස්?

       
  11. ක්සැන්ඩර් | Xander

    නොවැම්බර් 16, 2012 at 12:55 ප.ව.

    පොල් ගහක් කපනවා කියන්නේ ලංකාවේ නම් හෙටානිද්දා ජාතික අපරාදයක් වෙයි. පොල් වල ගණන් දැක්කම එලෝ පොල් පේනවනේ.🙂 මාලදිවයින් එවුන්ට අමු පොල් සම්බල් ටිකක් හදලා දුන්න නම් ඉවරනේ.

     
  12. gold fish

    නොවැම්බර් 16, 2012 at 5:27 ප.ව.

    මෙහෙටත් අඳුන්වලා දුන්නොත් හොඳයි වගේ

     
  13. iamdeejay

    දෙසැම්බර් 1, 2012 at 9:05 ප.ව.

    හොදටම පරක්කුයි , එත් ඉතිං කමෙන්ට් එකක් දැම්මෙ නැත්තම් මට හිතට හරි නෑ. :ඪ්

    ආහ්! අපි තුන්දෙනාට මෙ ක්‍රමය අළුත් වුනාට හුගක් දෙනෙකුට එහෙම නැති බව පේනවා කමෙන්ට් කියෙව්වාම.🙂

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: