RSS

100th Post @ 50,000 hits!

21 නොවැ.
100th Post @ 50,000 hits!


ඉංග්‍රීසි භාෂාවෙන් ලියවෙන HeyDude බ්ලොග්ස්පොට් බ්ලොගයෙන් බ්ලොග් ලෝකයට මුලින්ම අවතීර්ණ වූ මට ඉන් දිනකට පසුව සිංහල බ්ලොග් අවකාශයට ඇතුල්වෙන්න මේ ‘මට හිතෙන හැටි’ නම් වූ වර්ඩ්ප්‍රෙස් සිංහල බ්ලොගය මට යාත්‍රාවක් වුනා.


පසුව බ්ලොග් මිතුරන්ගේම ‘වර්ඩ්ප්‍රෙස් විරෝධතාවය’ හමුවේ මම මගේ ඩෙනිම නම් වූ මගේ නවතම බ්ලොග්ස්පොට් බ්ලොගය ආරම්භ කලත්, සිංහල බ්ලොග් ලෝකයෙ යම් කිසි ස්ථාවරයක් ඇති කර ගන්න මට උදව් වුනු මට හිතෙන හැටි අමතක කරලා දාන එක ගුණමකු කමක් හැටියටයි මා දකින්නෙ.


ඉතින් මෙතෙක් කල් මට හිතෙන හැටි ලුහුබැඳි, ඒවාගේම ප්‍රතිචාර දැක්වීමට කාලය වැයකල, සහ කියවීමට කාරුණික වූ ඔබ සැමටයි මාගේ මේ ප්‍රණාමය.


ඒ වාගේම, මට හිතෙන හැටි පාඨකයන් අතරට ගෙනයාමට උපකාරී වූ සින්ඩිවලටත්, බ්ලොග් රෝල් වල ඇතුලත් කර සහයෝගය දුන සහෝදර බ්ලොග් කරුවන් වූ ඔබටත් මගේ හද පිරි ස්තුතිය.


අවසන් වශයෙන් සිංග්‍රීසි යුනිකෝඩ් මෘදුකාංගය නිමැවූ තමීරටත් මගේ විශේෂ ස්තුතිය.


හිට්ස් පනස් දහසත් සියවෙනි පෝස්‍ටුවත් එකට එළැඹීම අපූරු සිදුවීමක් නොවේද?


ඔබේ හිතවත්,


henryblogwalker the Dude.

 
ප්‍රතිචාර 103

Posted by මත නොවැම්බර් 21, 2012 in සැමරුම්

 

ටැග: ,

103 responses to “100th Post @ 50,000 hits!

  1. Thimira Rekha Perera

    නොවැම්බර් 21, 2012 at 12:11 පෙ.ව.

    සුභ පැතුම් ඩූඩ්…
    ජය වේවා!!!
    සිනා බො වේවා!!!

     
  2. hiruni

    නොවැම්බර් 21, 2012 at 12:32 පෙ.ව.

    මගේ සුබම සුබ පැතුම් ඩුඩ්!!!!! හරිම සතු‍ටුයි අපිට 😀 😀 😀

    ඔව් මෙච්චර කාලයක් පුරා ලස්සන පෝස්ට් අප වෙත ගෙනාපු ” මට හිතෙන හැටි” බ්ලොග් එක අමතක නොකිරීම හරිම හොද දෙයක්

    තව තවත් ලස්සන පෝස්ට් ලියන්න වාසනාව, ශක්තිය ලැබේවා!!!!

    අපිට කියවන්න තව තවත් පෝස්ට් ලියන්න ඩුඩ්, අපි බලාගෙන ඉන්නවා….:D 😀 😀

     
  3. Alchemiya

    නොවැම්බර් 21, 2012 at 1:39 පෙ.ව.

    තව ලියන්න තව ලියන්න….
    100 පනහ වෙනකම් ම ලියන්න….

     
  4. දුකා

    නොවැම්බර් 21, 2012 at 1:59 පෙ.ව.

    Congrats Dude . . . .!

     
    • henryblogwalker the Dude

      නොවැම්බර් 21, 2012 at 9:08 පෙ.ව.

      ස්තුතියි දුකා උඹට.
      මේ ඒක නෙවෙයි, මට උඹේ ස්පෑම් මේල් එකක් ආවනෙ උඹට වේල්ස් වලදි වෙඩි තියලා හෙන ජල්බරියක් වෙලා උඹ අතරමං වෙලා කියලා. පස්සෙ මම අපේ යාලුවන්ගෙන් අහලා වෙරිෆයි කරගත්තෙ.

       
  5. Jp

    නොවැම්බර් 21, 2012 at 3:29 පෙ.ව.

    සුභ පැතුම්. දිගටම යමු

     
  6. Kenji @ Japan

    නොවැම්බර් 21, 2012 at 5:30 පෙ.ව.

    මගේ සුභ පැතුම් ඔබට!!!ඔබ ඇසූදුටු ,කියවපු ,අත්දුටු දෑ රසබර/හරබර විදියට අපගේ සිත්වලට කාවදින ලෙසටම ලියන නිසයි මෙපමණ ප්‍රමාණයක් ඔබ සමග සිටින්නේ.ඔබ සැබෑ දක්ෂයෙකි.දිගටම ලිවීමට ශක්තිය පතමි!!!!

     
    • henryblogwalker the Dude

      නොවැම්බර් 21, 2012 at 9:31 පෙ.ව.

      බොහොමත්ම ස්තුතියි කෙන්ජි.

      බ්ලොගත් නොලිව්වත් මුලු හදවතින්ම බ්ලොග් ලියන අපිව දිරිමත් කරන මගේ බලගතුම රසිකයෙක් වූ කෙන්ජිට මගෙ කෘතඥතාවය. 🙂

       
  7. ඉෂාන්

    නොවැම්බර් 21, 2012 at 7:08 පෙ.ව.

    සුබ පැතුම්! තව තවත් වැඩි වැඩියෙන් පොස්ට් ලියන්න හැකියාව ලැබේවා!

     
  8. Weni

    නොවැම්බර් 21, 2012 at 7:14 පෙ.ව.

    මොකේ ලීවත් අපි ඇවිත් කියවලා යනවා.. රස විඳිනවා හෙන්රි.. සුබ පැතුම් !

     
    • henryblogwalker the Dude

      නොවැම්බර් 21, 2012 at 9:36 පෙ.ව.

      මම ඒක දන්නවා මචං. මම හැබැහින් දැකලා තියෙන අතලොස්සක් වූ බ්ලොග් මිතුරන්ගෙන් ඉහලම තැනක වැජඹෙන්නෙක්නෙ උඹ. උඹේ අන්තිම පෝස්ට් එක නම් පට්ට පට පට. නියම ලියන්නා ශෛලිය!

       
  9. kavikaari

    නොවැම්බර් 21, 2012 at 7:21 පෙ.ව.

    සුභ පැතුම් ඩූඩ්!!!

     
  10. තිස්ස දොඩන්ගොඩ

    නොවැම්බර් 21, 2012 at 7:58 පෙ.ව.

    ජය ජය ජයවේ…!!!

     
  11. marayagehorawa

    නොවැම්බර් 21, 2012 at 7:58 පෙ.ව.

    මෙන්න අපේත් සුභ පැතුම් ලොක්කා… ඔහොම යං ඔහොම යං…

    මේ ඒක නෙවෙයි බං..අර උඩින්ම දාපු පින්තූරේ මොකක්ද බං… හරියට නිකං ගෑණිගෙන් ගුටි කාපු ගතියක් ඒකේ තියෙන්නේ… :D:D:D

     
    • henryblogwalker the Dude

      නොවැම්බර් 21, 2012 at 9:45 පෙ.ව.

      බොහෝම ස්තුතියි බං මාරෙ. උඹ මේ දවස්වල රහස් පරීක්ෂණයක කරවටක් එරිලා ඉන්නවා කියලා දූසමාන ආරංචියක් ලැබුනා.

      ඔන්න ඕකනෙ බං. මම උඹේ ප්‍රොෆයිල් ෆෝටෝ එක ගැන කිසි දෙයක් කිව්වද? දැන් මම විරිත්තාගෙන ඉන්න එකක් දානවා වෙලාවක. 😀

      ඇයි බොල මම ප්‍රබුද්ද දේවල් නොලියන එකේ අඩු ගානෙ පින්තූරෙ වත් ප්‍රබුද්ද වෙන්න කියලා හිතාගෙන සිරාවට එකක් ගත්තා ලයිට් හෙමත් නිවලා. ඔන්න බලාපියව් තොපි කියන දේ. :O

      යකෝ අර මහගම සේකර, ෂේක්ස්පියර්, වගෙ වැඩකාරයන්ගෙ ෆෝටෝ දිහා පොඩ්ඩක් බලාපල්ලකො. ඒවටත් උඹලා ඔයවගෙ එව්වා කියනවද? :O

       
      • marayagehorawa

        නොවැම්බර් 21, 2012 at 11:04 පෙ.ව.

        යකෝ එහෙම කියන්න එපෑ..කවුද දන්නේ මේක මේ ප්‍රබුද්ධ වීමේ උත්සහයක් කියලා… ඇත්ත ඇත්ත එහෙම බැලුවමනං සෑහෙන්න ප්‍රබුද්ධ පාටක් පේන්න තියෙනවා… අමාවක දවසක කාමරේ ලයිට් ඕෆ් කරලා කැමරාවේ ෆ්ලෑෂරෙත් ඕෆ් කරලා එකක් ගත්තනං තවත් හොඳට ප්‍රබුද්ධ වෙයි… 😀

        සේකරලට/ශේක්ෂ්පියර්ලට මොකවත් කියන්න ඕනද බං.. ඒවා පොටෝනේ…:D:D:D

         
  12. Maathalan

    නොවැම්බර් 21, 2012 at 8:19 පෙ.ව.

    මටත් කියන්න තියෙන්නේ මාරයා කියපු එකම තමයි. නිකන් කක්කි දාන්න අමාරු කෙනෙක් වගේ. හිනා මූනක් එක්ක පින්තූරයක් දාපන්කෝ.

    මගේ හදවතින්ම උණුසුම් සුභ පැතුම් මචෝ..

    උඹ බ්ලොග් ලොව රජෙක්…..

    සුබ අනාගතයක්….!!! හෙහ් හෙහ්…. 🙂

     
    • henryblogwalker the Dude

      නොවැම්බර් 21, 2012 at 10:18 පෙ.ව.

      අනේ බොල! අන්න මම මාරයට උත්තර දුන්න ඒකට. 🙂

      මදැයි ප්‍රබුද්ධ විදියට ෆොපටෝ එකක් දාන්න ගියා.

      මාතලන් බොක්කෙන්ම ස්තුතියි මචෝ! 🙂

       
  13. nirosha

    නොවැම්බර් 21, 2012 at 8:21 පෙ.ව.

    100 ta subha pathum..comment nokalata hamadama kiyawanawa.

     
  14. නරකයා

    නොවැම්බර් 21, 2012 at 8:24 පෙ.ව.

    තව චිරාත් කාලයක් ලියන්න ලැබෙන්න කියලා පාර්ථනා කරනවා ඈ…

     
  15. දේශකයා

    නොවැම්බර් 21, 2012 at 8:37 පෙ.ව.

    ඩුඩෙ මේ පටන් ගත්ත විතරනේ බං. ඔන්න බලාපං කොච්චර අගේ ඇති දෙයක්ද කියලා. මගේ උණුසුම් සුභපැතුම්. මාතලං කිව්ව වගේ බ්ලොග් ලෝකේ නියම වැඩකරුවෙක් තමා ඩුඩෙ කියන්නේ. (බොට මං ඕක කලින්ම කිව්වම පිළිගත්තේ නෑ නේ)

     
  16. R.p. Susantha

    නොවැම්බර් 21, 2012 at 8:42 පෙ.ව.

    සුභ පැතුම් හෙන්‍රි. 1000 වත් ලියන්න ලැබේවා!!!!

     
  17. Gaminie Vijith

    නොවැම්බර් 21, 2012 at 9:28 පෙ.ව.

    උඹේ බ්ලොග් ලිවිල්ලට වගේම බ්ලොග් ලියන අනිත් එවුන්ට දෙන ධෛර්ය්‍යයටත් මම ගරු කරනවා මචෝ. ජය වේවා …!

     
  18. සිරාගෙ කාමරේ

    නොවැම්බර් 21, 2012 at 9:45 පෙ.ව.

    ඔබේ වෙළද නියෝජිත තැනගේ උණසුම් සුභ පැතුම් !
    මේ සමග එවා ඇති පාර්සලයේ ඇති ගල් බෝතල් දෙකද පිළිගන්න…

    දාලා තියෙන ෆොටෝ එක නිකං අස්සයා මැරිච්ච කව් බෝයි ගේ එකක් වගේය…

    ජයම වේවා !

     
    • henryblogwalker the Dude

      නොවැම්බර් 21, 2012 at 10:35 පෙ.ව.

      අන්න මගෙ පාට්නර්.
      ඒ ගල් බෝතලේට නම් උඹ වැරදිලා වෙන මොකුත් දැම්මවත්ද මන්දා ජූන්ඩක් විතර ලුණු රහයි.

      අස්සයා මලත් කව්බෝයිනෙ බං.

      සිරා, උඹටත් ජයම වේවා. අපේ ව්‍යාපාරයටත් එසේම වේවා.

       
    • තොටියා

      නොවැම්බර් 25, 2012 at 8:50 ප.ව.

      අස්සයා මැරිච්ච කව් බෝයි ….. +++++++
      අන්න වචනේ… I got the same feeling.. ඕක කියාගන්න හරිහමන් වචනයක් ඒ වෙලේ ආවේ නෑනේ..
      @ සිරා: කවුරුහරි ඩූඩ ගොනාට අන්දලා තියනවා මේක හෙන ප්‍රබුද්ධ ලුක් එකක්ය කියලා. එයත් දැන් එහෙමම හිතන් ඉන්නේ. ඩූඩ්ගේ බිස්නස් පාට්නර් විදියට වහාම සිරා ඒ ගැන හොයා බලා නුවණැස පෑදිය යුතුය

       
  19. sanjaya සිතුවිලි

    නොවැම්බර් 21, 2012 at 9:47 පෙ.ව.

    සුබපැතුම් 100 ට දිගටම ලියන්න දිරිය ලැබේවා ….

     
  20. හංසකිංකිණි

    නොවැම්බර් 21, 2012 at 10:01 පෙ.ව.

    උණුසුම් සුබ පැතුම් ඩූඩ් අයියෙ…!!! හැට පැනල හොට බිම ඇණිල ඉන්න කාලෙදි, පුතත් එක්ක තරඟෙට බ්ලොග් ලියන්ඩත් වාසනාව උදා වේවා!!!

     
  21. ක්සැන්ඩර් | Xander

    නොවැම්බර් 21, 2012 at 10:12 පෙ.ව.

    සුභපැතුම් ඩුඩ්. 100 ට 200 කුත් තව හිට්ස් ගොඩකුත් එක්ක අරගන්න වාසනා වේවා!!

    අර නියෝජිත සිරා කියන්නා වගේ අස්සයා මැරිච්ච කවුබෝයි වගේ පින්තුරයක් තමා මටත් පෙනෙන්නේ.

     
    • henryblogwalker the Dude

      නොවැම්බර් 21, 2012 at 10:40 පෙ.ව.

      ඔන්න ඕකනෙ ඉතිං උඹලත් එක්ක බැරි.

      යකෝ කව් කියන්නෙ එළ නේද, මී නෙවෙයිනෙ ? ඉතින් මේ එළ කොල්ලෙක් තමයි.

      බොහෝමත්ම ස්තුතියි Xander.

       
  22. ළිහිණි

    නොවැම්බර් 21, 2012 at 10:24 පෙ.ව.

    මගෙන් සුබ පැතුම් ඩූඩ්… !
    අපි ඉස්සරවෙලාම බඩ් අලාගෙන් හිනා වෙන්න ගොඩ උන තැන මෙතනනෙ…

     
  23. Sabith Liaquat (@Sabithl)

    නොවැම්බර් 21, 2012 at 10:59 පෙ.ව.

    congrats dude!

     
  24. පරිකල්පන

    නොවැම්බර් 21, 2012 at 12:59 ප.ව.

    ‍නේචරියට සුභ පැතුම් ඩූඩ්!

    ලියා‍‍‍ගෙන… ලියා‍‍‍ගෙන… යන්න. අපි කි‍යෝගෙන… කි‍යෝගෙන… එනවා 🙂

     
    • henryblogwalker the Dude

      නොවැම්බර් 21, 2012 at 2:59 ප.ව.

      බොහොම ස්තුතියි පරිකල්පන. එහෙම ලියාගෙන ලියාගෙන යන්න කරුණු තිබ්බත් වෙලාවට් තමයි හිඟ. අනික මම චිත්‍රත් අඳින හන්දා තමයි වැඩේ හුඟක් ඇදෙන්නෙ.

       
  25. DDT

    නොවැම්බර් 21, 2012 at 1:31 ප.ව.

    සුභ පැතුම් හෙන්රි අයියා. තව තවත් ලියන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියල නැවතත් ප්‍රාර්ථනා කරනව.

    අම්මෝ ….. මේකෙ කමෙන්ට් එකක් දාන්නෙ කොච්චර කාලෙකින්ද? මම හිතුවෙ සීයටත් කමෙන්ට් එක වෙඩිමට දාන්ට වෙයි කියල.

    මම මේ අඩවියෙ මුල්ම කමෙන්ට් එක දැම්මෙ අපේ ඔබා මාමගෙ සමුගැනීම ගැන ලියපු සටහනට, ඊට කලින් අතරින් පතර ඇවිත් කියවල තිබුණට ඉස්සෙල්ලම කමෙන්ට් එකක් දැම්මෙ එදා. එදා ඉඳන් හැමදාම ආවා.

    ෴ හිට්ස් පනස් දහසත් සියවෙනි පෝස්‍ටුවත් එකට එළැඹීම අපූරු සිදුවීමක් නොවේද? ෴

    මෙයාට දෙන දෙයියො එළව එළව දෙනවනේ. 🙂

     
    • henryblogwalker the Dude

      නොවැම්බර් 21, 2012 at 3:04 ප.ව.

      අර ඩෙනිම පටගත්ත දවස් වල මට එහෙම කරන්න වුනා. මම කිව්වෙ කමෙන්ට් වහලා තියෙන එක. දැන් එහෙම කරන්න අදහසක් නෑ.

      අර මම උඩින් කෙන්ජිට කිව්වා වගෙ, බ්ලොග් නොලියන, නමුත් ලියන අපිට පුදුමාකාර විදියට කමෙන්ට් වලින්ම අතහිත දෙන ප්‍රභලයෙක් තමයි DDT.

      ඒ සහයෝගය තව දුරටත් මම උඹලගෙන් බලාපොරොත්තු වෙනවා.

      අනික උඹ මොන තරම් සාර්ථක බ්ලොග් ලියන්නෙක් වෙයිද කියලා මම හැමදාම හිතනවා උමේ කමෙන්ට් දැක්කාම. ඉතින් තවම බ්ලොග් එකක් පටන් ගන්න අදහසක් නැත්ද?

       
  26. සිඳු

    නොවැම්බර් 21, 2012 at 2:27 ප.ව.

    මගේ උණුසුම් සුබ පැතුම් ඩූඩ්. ආසාවෙන් කියවෙන බ්ලොග්ස් 3ක් මේ. ඒක ගැන කියන්න ඕනා නෑනෙ, ඔයා දන්නවනෙ

     
  27. Senna

    නොවැම්බර් 21, 2012 at 2:46 ප.ව.

    100 යි 50000 යි සුබ පැතුම් ඩූඩ්…

    මම නම් මේ ෆොටෝ එකට මාර කැමතියි.. ඒකෙ කියන්ඩ නොතේරෙන අමුතුම ගතියක් තියනවා..

    එක අතකින් මේක පාලුවට ඇරලා දාන එකත් අපරාදයක්.. ඒත් බ්ලොග් දෙහෙක මොනවා ලියන්ඩද නේද ?

     
    • henryblogwalker the Dude

      නොවැම්බර් 21, 2012 at 3:06 ප.ව.

      අරුන් බොරුවට අරෙහෙම කියන්නෙ සෙන්නා. හික් හික්.

      බ්ලොග් දෙකම ලියනවා. ඇන්ටි වර්ඩ්ප්‍රෙස් කට්ටිය සහ ඇන්ටි බ්ලොගර් කට්ටිය යන දෙකොට්ටාශයටම තමන් කැමති එකක කමෙන්ට් එකක් දාන්න පුලුවන්නෙ එතකොට.

      බොහෝම ස්තුතියි සෙන්නා මට හැමදා දෙන සහයෝගයට.

       
  28. abeetha

    නොවැම්බර් 21, 2012 at 3:24 ප.ව.

    චිරං ජයතු…. ඇස මනස පිනවන බ්ලොග් එකට ස්තූතියි හෙන්රි අයියා..

     
  29. රූ

    නොවැම්බර් 21, 2012 at 4:03 ප.ව.

    සුභ පැතුම් ඩූඩ්..

     
  30. රාමා

    නොවැම්බර් 21, 2012 at 4:31 ප.ව.

    සුභ පැතුම්.

    වර්ඩ්ප්‍රෙස් දිනේවා !!! 😀

     
  31. Chandana

    නොවැම්බර් 21, 2012 at 4:54 ප.ව.

    අවස්ථා දෙකම එකට උදා වීම නම් දුර්ලභ දෙයක්..
    මගෙනුත් සුබ පැතුම් ඩුඩ් අයියා..!!!
    (පොඩ්ඩක් වහින්නත් වගේ.. නියම වටපිටාව. හීතල යන්නත් එක්ක මේකත් සමරලා පාටියක් වත් දාමුද 🙂 )

     
    • henryblogwalker

      නොවැම්බර් 25, 2012 at 7:30 ප.ව.

      ඇත්තෙන්ම ඒක විශේෂයක් චන්දන. බොහෝම ස්තුතියි.
      ඒක නෙවෙයි මොකද බං හැම තිස්සෙම මොකකින් හරි ඔලුව වහන් ඉන්නෙ?
      මේක පොඩි එකා වුනාට තට්ටයෙක්ද මන්දා? 😀

       
  32. අසරණයා

    නොවැම්බර් 21, 2012 at 6:11 ප.ව.

    දෙකටම සුභ පැතුම්. කාලයක් තිස්සේ වුනු අලකලංචි ආසාවෙන් කියවන තැනක් මෙතන.

     
    • henryblogwalker

      නොවැම්බර් 25, 2012 at 7:32 ප.ව.

      “කාලයක් තිස්සේ වුනු අලකලංචි”
      මරු කෑල්ල බං. ඒක මට බ්ලොගේ තේමා පාඨය හැටියට දාන්නත් හොඳයි කියලා හිතෙනවා. 🙂
      ස්තුතියි අසරණයා.

       
  33. Nishan de Silva

    නොවැම්බර් 21, 2012 at 9:03 ප.ව.

    සුභ පැතුම් සර්

    -මඩිස්සලේ නිශාන්

     
  34. පූසා

    නොවැම්බර් 21, 2012 at 9:18 ප.ව.

    සුභ!

     
  35. තොටියා

    නොවැම්බර් 21, 2012 at 11:20 ප.ව.

    වූඩ් විසින් ඩුවල් ඇනිවසරි එකක් සමරන අපූරු මොහොතේ මමත් සුභ පතනවා…. අර මුලින් දාල තියන පින්තූරෙට මාගේ විරෝධය.. කණස්සල්ලෙන් එපාවෙලා වගේ ඉන්නේ ඇයි. ලඟදී මේ පැත්තට එන්න ඉන්න එකේ හැපි මූඩ් ෆොටෝ එකක්නේ දාන්න තිබුණේ

     
    • තොටියා

      නොවැම්බර් 21, 2012 at 11:26 ප.ව.

      නම ලියද්දී ප්‍රින්ටින් මිස්ටේක් එකක් වෙලානේ… වූඩ් නොව ඩූඩ් ලෙස නිවැරදි කරගන්නා මෙන් ඉල්ලමි. වූඩ් කිව්වොත් නැතිනම් අර වුඩීවුඩ්පෙකර් වගේ තේරෙනවනේ.. හැකක කෑ කෑ හැකක කෑ කෑ… හැක හැක හැක

       
    • henryblogwalker

      නොවැම්බර් 25, 2012 at 7:50 ප.ව.

      මේක හෙන ප්‍රබුද්ධ ලුක් එකක් තියෙන එකක් තොටියාස්. හෙහ් හෙහ්! 😀

      බොහෝම ස්තුතියි සුබ පැතුමට තොටියා.

      වූඩි වූඩ්පෙකර්ගෙ හිනාවට මාත් හරි ආසයි. 😀

       
  36. Akm

    නොවැම්බර් 22, 2012 at 1:58 පෙ.ව.

    Henri aiye, math oyage sinhala keruwawa mulinma rasawinde methanin. Oya kohomath mula amathaka karana ekek nowana bawa man mulinma denagaththe oyage mul pasalata giya eken. Umbe oya honda purudda hinda thamai umbata hemadama hariyanne.
    Jayen jaya!
    Saman dew radungema pihitai!

     
    • AKM

      නොවැම්බර් 22, 2012 at 7:28 ප.ව.

      ඊයේ ගෙදර හිටියේ නෑ. ෆෝන් එකෙන් බැලුවේ.

      ටොක් … ටොක්… ටොක්….
      හෙන්රි අයියේ……
      කෝ මූ බඩු පැක් කරන්නවත් ගිහින්ද?
      නැත්නම් කලින් ෆ්ලයිට් එකට සෙට් වෙලාද?

      ඔන්න ආයෙත් 100ටයි, 50,000ටයි සුභම සුභ පැතුම්.
      ඔබට ජයෙන් ජය!!
      සමන් දෙව් රදුන්ගේම පිහිටයි!!

       
      • AKM

        නොවැම්බර් 22, 2012 at 7:30 ප.ව.

        ආ… අමතක උනා. පින්තුරේනම් නියමයි. භාව ප්‍රකාශයන් ලෙසටම තියෙනවා. වරණ ගැලපීමත් එහෙම්මමයි.

        ඇත්තටම ලස්සනයි.

         
        • henryblogwalker

          නොවැම්බර් 25, 2012 at 7:55 ප.ව.

          ස්තුතියි අකමා. මුල් සිඳගැනීම හොඳ වැඩක් නෙවෙයි නේ?
          අර කිව්වත් වගෙ බඩු පැක් කරන්නයි. අන්තිම මොහොතේ එක එක දේවලට දුවන්නයි තියෙන නිසා පට්ට බිසි වෙලා හිටියා තමයි.
          අකමාටත් අම්මාටත් සමන් දෙව් රදුන්ගේම පිහිටයි.

          ඔන්න අකමායි සෙන්නායි විතරයි ඒ පින්තූරේ මම දැකපු දේ දැක්කෙ. 🙂

           
  37. Jayakody Jayasri

    නොවැම්බර් 22, 2012 at 7:37 පෙ.ව.

    you are thinking very big of yourself, are you not? i congratulate on your achievement, but remember that pride… regards jayakody

     
  38. කම්මල

    නොවැම්බර් 22, 2012 at 10:15 පෙ.ව.

    100 ට සුබපැතුම් !!!!උඩ තියන ෆොටෝ එක …එක්කෝ ඕනෙ නෑ ,මේවගේ වෙලාවක මොකට් ඕව කියනවද ?

     
  39. Raj

    නොවැම්බර් 22, 2012 at 10:29 පෙ.ව.

    සුබපැතුම් ඉංග්‍රිසි සර්…..

     
  40. Raigama

    නොවැම්බර් 22, 2012 at 2:52 ප.ව.

    හෙන්රි මා දැන් සිංහල බ්ලොග් කියවන්නෙම නැති ගානයි. හැබැයි මා ප්‍රතිචාර දැම්මත් නොදැම්මත් ඔබගේ එක කියවනවා. සුබ පැතුම්!

     
  41. sAm

    නොවැම්බර් 22, 2012 at 3:57 ප.ව.

    ජය වේවා හෙන්රියා. අපි ආසාවෙන් රැදෙන බ්ලොගක් !

     
  42. ලොකුජොන්

    නොවැම්බර් 23, 2012 at 12:11 පෙ.ව.

    සුබ පැතුම් Dude

     
  43. susara

    නොවැම්බර් 25, 2012 at 3:13 ප.ව.

    සුබපැතුම් ! හෙන්රි
    ජය වේවා

     
  44. ඉමල්ක ද සිල්වා

    නොවැම්බර් 25, 2012 at 4:37 ප.ව.

    duda මාමේ මගෙනුත් ඔන්න සුභ පැතුම් !

     
  45. කෝරලේ මහත්තයා

    නොවැම්බර් 28, 2012 at 11:31 පෙ.ව.

    ඔන්න ඩුඩ් අයියේ මගේ සුභපැතුම්. ඩෙනිම පැත්තේ ආවට මේ පැත්තේ එන්නේ නැහැනේ. මේ වර්ල්ප්‍රෙස් මට දිරවන්නේ නැහැ

     
  46. ගැමියාගේ පත් ඉරුව

    නොවැම්බර් 29, 2012 at 11:29 පෙ.ව.

    මුලින්ම සුභ පතනවා මේ කඩඉමට කෙටි කාලයකදි ලඟාවෙන්න හැකියාව ලැබුණු එක ගැන.ඒ වගේම කියන්න ඕනේ මේ කාලය තුල ලියපු හැම ලිපියකින්ම මොනාම හරි ගන්න දෙයකුත් තිබ්බ එක ගැන නිහතමානිව ඔබට සතුටු වෙන්නත් පුළුවන් කියලා….

    පින්තූරේ නම් දුකෙන් ඉන්නවා වගේ පේන්නේ ඇයි අප්පා මෙච්චර සතුටු දේකට දුක්වෙන්නේ උඩ පැනලා අත්පුඩියක් ගහලා ඉන්න එපැයිනේ…..

    සෑහෙන්න කාලෙකින් මේ පැත්ත ඇහැක් ඇරලා බැලුවේ ඒ වෙලාවටම අවුරුද්දේ සංවත්සරයත් හිට්ස් පනස්දාහත් තිබීම තවත් එක්තරා අහඹුවක්.හොඳ වෙලාවට මට මේ වැදගත් මොහොත මග හැරුනේ නැත්තේ….

    කොහොමද ඉතින් සැප සනීප හොඳින් ඉන්නවද… අපේ පොඩි ඩුඩියි අක්කා ඩුඩියි ඩුඩි තුමියයි සනීපෙන් ඉන්නවනේ නේද?? කාලෙකට පස්සේ ඕං මං මතක් කලා කියන්න

    පහුගිය ලිපි ටික කියවන්න ආසාවෙන් ඉන්නවා කොහොම හරි ඇවිත් කියවන්න ඕනේ.සුභ පැතුම් ඩුඩි අයියේ ඔහොම යං දිගටම….

    ඒක නෙමෙයි ප්‍රස්නයක් තියෙනවා අහන්න…

    රස්සාවකුත් කරන ගමන් පවුලේ වැඩත් බලන ගමන් කොහෙන්ද අප්පා බ්ලොග් ලියන්න වෙලාව හොයාගන්නේ??? එකක් දෙකක්නම් කමක් නෑ කිව්වැකි

     
    • henryblogwalker the Dude

      නොවැම්බර් 29, 2012 at 9:30 ප.ව.

      අන්තිම ප්‍රශ්ණෙට ඉස්සෙල්ලම උත්තර දුන්නොත්, ඇත්තෙන්ම ඒක හරි අමාරු දෙයක් ගැමියා. කොහොමත් අපි කවුරුත් බ්ලොග් වලට කාලය ගත කරනවා වැඩියි කියලා මමත් හිතනවා.

      අර සුබ පැතුම් ඔන්න මම ගෙදර අයට දුන්නා. එයාලා අහනවා ගැමියගෙ ඉගෙනීම වැඩ කටයුතු දැන් හොඳට කරනවද කියලා.

      පහුගිය දවස් ටිකේ හෙන බිසි. මේ දවස් වල මව්බිමට ඇවිත් ඊටත් වඩා බිසි. මේ දැනුයි ගෙදර ආවේ කොළඹ ගිහින්.

      මම එන්නම් පත් ඉරුව පැත්තෙ. පහුගිය කාලෙ හුඟාක් වැඩ අතපසු වුනා . ලැපියත් මේ සර්විස් කරලා ගෙනවා විතරයි.

      බොහෝම ස්තුතියි ගැමියා.

       
      • gamiyage path iruva

        නොවැම්බර් 30, 2012 at 10:05 ප.ව.

        adeeee lankawata awitda inne………

        Mama danuine danne internet natiwa jeewithen baagayak na wage appa…..

        Dan job eka karanawane,weekend eke tamai clz wada karanne… Eken blog ekata liyanna hithannawat wela na….

        Santhosai saneepen maw ratata awit innawa kiyala danagattama….

         
  47. Naleen Dilruksha

    නොවැම්බර් 30, 2012 at 8:53 පෙ.ව.

    ජයම වේවා හෙන්රි. මගේ සුබ පැතුම් පිළිගන්න.

     
  48. iamdeejay

    දෙසැම්බර් 1, 2012 at 9:01 ප.ව.

    මෙන්න අපි තුන්දෙනාගෙම සුභ පැතුම් ඔයා බ්ලොග් එකටයි ඔයාටයි මේක දිගටම කරගෙන යන්න. 🙂

     

henryblogwalker the Dude වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න