RSS

106. සහාය ගැල් කරුවාට යාලු කම පරදුවට තබා මලෙන් ලියමි.

10 Jan
106. සහාය ගැල් කරුවාට යාලු කම පරදුවට  තබා මලෙන් ලියමි.

ඔබ සමහරෙකුගේ යෝජනා සලකා බලා මෙම ලිපිය ඉවත් කරන ලදි.

එහෙත්…

මෙම ලිපිය ලිවීමේදී සිද්ධිය මිස අනන්‍යතාවය හෙලි වෙන අයුරුන් කටයුතු නොකලෙමි.
අනික, මේ සිද්ධියේදී මතුකලේ, පෙමින් වෙලී සිටියදී නිරතුරුව අනෙකා ගැන තොරතුරු සොයාබලන පෙම්වතුන්, පසු කලකදී සම්පූර්ණ වටයක් ආපසු හැරී එකිනෙකා නොසලකා හරින කාලකන්නි ක්‍රමය ගැනයි.

මෙය මොවුන් දෙදෙනාට පමනක් පොදුවූ දෙයක් නොව සමාජයේ සුලභව දැකිය හැකි දෙයක් නිසා යම් අයෙකුගේ ඇස් ඇරවීම පිණිස මෙම ලිපිය ඉවහල් වේ යයි උදක් සිතුවෙමි.

P.S.:
මම යටින්ම දාපු කමෙන්‍ටුවත් මෙතනට ගැලපේවි කියලා හිතෙනවා.

ඔන්න අයින් කලා.

මේ මටත් මගේ වැඩක් බලාගෙන, මගේ දේ හරි නිසා අනිත් උන්ට ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා ඇස් පියාගෙන ඉන්න බැරි කමට ලියවෙච්ච ලිපියක්.

කාගෙවත් පෞද්ගලික ප්‍රශ්ණ පැත්තකින් තිබ්බොත්, එදා අතින් අල්ලාගෙන ආරක්ෂා කරපු පෙම්වතිය, අද කෑවද, බිව්වද, ගෙදර ගියාද, නැතිනම් කොහෙවත් මරලා දාලාද, කියලා හොයන්න වත් උවමනාවක් නැතිවීම ගැන ඇතිවෙච්ච කලකිරීමක් විතරයි මෙතන නිමිති කරගත්තෙ.

ඒ වගෙම යම් විදිය‌කට අර අන්තිමට කිව්වා වගෙ සමූහ දූෂනයකට ලක්වෙලා මරලා දාලා තියෙන ගෑනියෙක්ව දැක්කාම හනේ හපොයි කියනවට වඩා එවැනි දෙයක් වලක්වාගන්න පොඩි හරි දෙයක් මට හැකි හැටියට කරන්න මට හිතුනා.

ඉඳගෙන සාකච්ඡා කරන්න අනිත් උන් ගත්ත උත්සාහ අසාර්ථක වෙච්ච බව මම මේ ලිපියෙම සඳහන් කරලා තිබුනා.

‘ලු’ ප්‍රත්‍යයෙන් යොදන්න වෙන පසුබිම් කරුණු මම ලියුවේ නැහැ.

මේ සම්බන්ධයෙන් ‘මල පැනීම’ ගැනවත්, බ්ලොග් පෝස්ට් එකක් ලිවීම ගැනවත් මම පසු තැවිලි වෙන්නෙ නැත්තෙ, තවමත් අනිකා ගැන පොඩ්ඩක් හෝ සංවේදී වීමේ ගතිය බින්දුවක් හෝ මා තුල ඉතිරිවී ඇති නිසා වෙන්න ඇති කියලා හීනියට ආඩම්බර වෙන නිසයි.

පෙම්බස් දොඩන සිප වැලඳ ගන්න පෙම්වතුන් යුවලක් දැක්කාම සමහරුන්ට ආසාත්මික ගතියක් දැනුනත්, මට නම් ඇති වෙන්නෙ සතුටක්. ඒත් අද අත්වැල් අල්ලාගෙන, යන එන පෙම්වතුන්ගෙන් වැඩි හරිය හෙට මේ වගෙ වේවි කියලා හිතෙන කොට ඇතිවෙන්නෙ දුකක්.
ඩූඩ් කියන එකා ඒ ටික විතරක් කිව්වා කියලා මතක් තිබුනොත් ඇති.

 

ටැග: , , , , ,

20 responses to “106. සහාය ගැල් කරුවාට යාලු කම පරදුවට තබා මලෙන් ලියමි.

  1. AKM

    ජනවාරි 10, 2013 at 10:59 ප.ව.

    එකත් උනා එහෙනම් ඈ….

     
  2. AKM

    ජනවාරි 10, 2013 at 11:12 ප.ව.

    කතාව බොක්කටම වැදුණා. ජීවිතේ කියන්නේ පුදුම දෙයක්, එදා දිවෙන් දිව ගාගෙන හිටපු අය අද වෙනකොට මෙහෙමද කියලා හිතනකොට….

    ඒ අතින් ඇත්තටම “ලාලනී” කියන්නේ ගරු කරන්න ඕනි චරිතයක්. වෙන තැනකදී ඔය වගේ දෙයක් උනානම් මෙලහකට ඩිවෝස් කේස් එකක්. මේ කතාව බලලවත් ඔයාගේ යාළුවගේ අන්ධ වෙච්ච ඇස් දෙකට පෙනීම ලැබේවා! කියල ප්‍රාර්ථනා කරන්නම්.

    පුංචි පවුලේ නැවතත් කිරි ඉතිරේවා!

     
    • AKM

      ජනවාරි 10, 2013 at 11:15 ප.ව.

      එකේ කතාව දාලා පෝස්ට් එක කියෙව්වම හීන් දාඩිය දැම්මා. මගේ ගොන් පාට් එක ලත් තැනම ලොප් උණා.

      First & Last time I wrote “I’m a first”

       
      • henryblogwalker

        ජනවාරි 11, 2013 at 12:12 පෙ.ව.

        මටත් මේක හරිම හිතට අමාරු වෙච්ච දෙයක් අකමා. මාත් එහෙම පතනවා.
        මේ. හීන් දාඩිය දාන්නෙ මොකටද? ඕක ඔය හෙන සීරියස් ගන්න දෙයක් නෙවෙයි. ඔය මහා ලොකු ගත්කරුවොත් පාරෙ යන ගමන් ලයිට් කණුවලට තට්‍ටු කරනවා, ගල් වලට පයින් ගහනවා. ඉතින් අපි ඉඳහිට මම එක කිව්වාම ඔය කියන තරම් මහා ලොකු අපරාදයක් වෙන්නෙ කොහොමද? ජීවිතේ සැහැල්ලුවෙන් ගත කරමු අකමා.

         
  3. hiruni

    ජනවාරි 11, 2013 at 12:44 පෙ.ව.

    කියවලා ගොඩක්ම දුක හිතුන කතාවක් ඩුඩ්…..මමත් මේ දෙන්නව දන්නවනේ…හරිම දුකයි….ගොඩක් දුකෙන් ලියල තියෙන්නෙ කියල කියවද්දිම තේරෙනවා…

    මේක කියවල ඒ අන්කල් හැදුනොත් හොදයි….මම හැමදාම කියන දේ අදත් කියනව…ඩුඩ් වගේ මහත්තයෙක් ලබන්න අම්මත්…අම්ම වගේ නෝනා කෙනෙක් ලබන්න ඩුඩුත් ගොඩක් වාසනාවන්තයි…

    දුක් වෙන්න එපා හැමදේම හරියයි…..ඒ අන්කල්ටම තේරේවි

     
  4. Kenji @ Japan

    ජනවාරි 11, 2013 at 9:50 පෙ.ව.

    අනිත් සෙට් එක කියලත් අහපු නැති මිනිහට මේ වගේ මල් පොකුරෙන්ම තදට ලියල තියෙන ගැල් පාට්නර් ගජයගේ කිමවත් අහපිය යකෝ කියල තමයි කියන්න තියෙන්නෙ.දෙමාපියන්ගේ කිමවත් අහන්නෙ නැතිව ආව එකටද ගොන්වස්සෝ ඇයට මේ දුක්ගින්දර දෙන්නෙ?හිතන්න එපා තමන්ගෙ බිරිද ලග තියෙන ගුණ සුවද,පස්සෙ හම්බ වෙන අය ලග තියෙයි කියල.

     
  5. හංසකිංකිණි

    ජනවාරි 11, 2013 at 10:30 පෙ.ව.

    හ්ම්!!!
    ඉස්සෙල්ලම හිතුණෙ වෙනද වගේ කමෙන්ට් නොකර යන්ඩ.. ඇත්තටම අයියෙ එහෙම ගිහින් ආයෙත් හැරිල ආවෙ…
    මං කැමති නෑ මේ ලියල තියෙන දේ ගැන යමක් කියන්ඩ… ඔයා මේ ලියල තියෙන දේවල් විතරයි අපි මේ දෙන්න ගැන දන්නෙ… අනික ඔයා දන්නෙ අතීතයේ හිටපු හොඳම යාලුවො දෙන්නව…එයාලගෙ ජීවිත කොහොම ගලා ගියාද?? කියල මේ කියවන අපි දන්නෙ නෑ…
    ඒ දෙන්නගෙ අතරේ ඇත්තටම තියෙන දුරස්වීම මොකද්ද කියල අපි කවුරුත් දන්නෙ නෑ.. දන්නෙ ඔයා මේ ලියන සිද්ධිය සහ ඔයා කියන දේවල් විතරයි…
    ඒ නිසා තුන්වන පාර්ශවයක් විදියට මං ඒ දිහා බලනව විතරයි
    අන්න ඒ හන්ද මම මේ දෙන්න ගැන මොනවත් තීන්දු දෙන්ඩ යන්නෙ නෑ..

    ඔයා මේක ලියපු එක වැරදියි කියල කියන්ඩ එහෙම නෙවෙයි මං යන්නෙ..
    මේ දෙන්නගෙ හොඳම යාලුවෙක් විදියට, මට දැනිල තියෙන විදියට මොන දේකදිත් තමන්ගෙ පවුලට මුල්තැන දෙන කෙනෙක් හැටියට ඔයාට ඔයා ඉස්සරහ වෙච්ච ඒ නොසැලකිලිමත්කම සහ ඔයා ඒ මනුස්සය ගැන අහල තිබුණ කාරණා ඔප්පුවෙන විදියෙ දේවල් වුණාම ඒ ගැන තරහ එන්ඩ ඇති..
    ඒක හරි…සාධාරණයි
    ඒත් මට හිතෙනව ඔයා මේක ඉස්සෙල්ල එයාට පෞද්ගලිකව ඊමේල් කරන්ඩ තිබුණ කියල.. බ්ලොග් එකේ දාන්ඩ කලින්!!
    හොඳම යාලුවෙක් විදියට ඔයාට ඒ පියවර මේකට කලින් අරගන්ඩ තිබුණ කියල මට හිතෙනව…
    මේක කිසිසේත්ම ඒ මනුස්සයට පක්ෂපාතව කියන දෙයක් හෝ ඒ මනුස්සය කරල තියෙන, කරන කිසිම දෙයක් සාධාරණීකරණය කරන්ඩ ලියන දෙයක් නෙවෙයි…
    මේක බ්ලොග් ලෝකෙ මට ඉන්න සීමිත හිතවතුන්ගෙන් කෙනෙක් වෙච්ච ඔයාට බොහොම ගෞරවයෙන් කියන මගේ අදහස පමණයි..

     
  6. kavikaari

    ජනවාරි 11, 2013 at 11:52 පෙ.ව.

    http://emailkavikaari.blogspot.com/2012/11/blog-post_26.html

    මමත් ඔහොම එකක් ලිව්වා. දැං තත්වෙ වෙනස් වෙලාලු. ඩුඩ්ට මතක ඇති කොමෙන්ට් කරලත් තිබුනා.

    ඇත්තටම හොඳ යාලුවෙක් දැනෙන්ට ඇන්න පහරක් මේක. හොඳට පෙරලුනොත් ඉතා හොඳවෙයි. කවුරු උනත් දෙපැත්තෙම කතාව ඇහුවොත් මිසක් මේකට මුකුත් කියන්න බැහැ.

    නමුත් අදාල පුද්ගලයා තම හර්දය සාක්ෂියෙන්ම අහන එක තමා වඩා හොඳ. තමා කුමක් කලයුතුද යන වග. වැරදි මාවතක ගියානං හරි පාර පෙන්නන්න මෙහෙම මිතුරෙකු ඉන්න එකම ලොකු දෙයක්.

     
  7. raigamahandiya

    ජනවාරි 11, 2013 at 1:15 ප.ව.

    කෝ මචන් මා දමපු ප්‍රතිචාරය. උඹත්, දැන් පරමාදර්ශී වෙලා කොමෙන්ටු මකනවද?

     
    • kavikaari

      ජනවාරි 11, 2013 at 1:21 ප.ව.

      මචන් හෙන්රි පොර “පිවිතුරු සමාජයක්” හදන්න වෙහෙසෙන කෙනෙක්ද? මේක මා නිතර දකින දෙයක්. පවුද්ගලික ජිවිතයේ අර පිවිතුරු සත්ත්වයා පලා යනවා. අප කිසි කෙනෙක් පරමාදර්ශී නැහැ කියන්නා වගේම. ඕනේ කෙනෙකුට ප්‍රශ්න තියෙන්න පුළුවන්. විශේෂයෙන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනක් ජිවිතයට හවුල් නම්. ඔබ මේක ලියුවා කියා එයා හැදෙන්නේ නැති බව මට විශ්වාසයි. http://bluejeansntshirts.blogspot.com/2013/01/34.html

       
    • henryblogwalker

      ජනවාරි 11, 2013 at 7:34 ප.ව.

      රයිගම්, මම ස්පෑම්, ට්‍රෑෂ් වල බැලුවා. එහෙම එකක් නෑ. උඹ මගේ ඩෙනිමට දාපු එක වෙන්නැති ඔය මේකට දැම්මා වගෙ මතක. ඒක නම් අන්න තියෙනවා දිලිසි දිලිසි.

       
  8. ගැමියාගේ පත් ඉරුව

    ජනවාරි 11, 2013 at 1:40 ප.ව.

    //If one man called you a donkey
    pay him no mind
    if two men called you a donkey
    buy yourself a saddle.//

    මරු කියමනක් මේක මම අදමයි ඇහුවේ…..

    මේ කතාව කියවනකොට ටිකක් විතර තරහක් දැනුනා මට‍ත්.එතකොට ඉතින් ළඟම හිතවතෙකුට මොනා හිතෙනවා ඇත්ද කියලා මට හිතාගත්තෑකි.

    හැබැයි ඉතින් හැදෙන්න උවමනාවක් නැත්තං බඩ උඩ ඉඳන් හේවිසි ගැහුවත් වැඩක් වෙන්නේ නෑ.තමන්ගේ බිරිඳට ආදරයක් කරුණාවක් තියෙනවනං අඩුම ගානේ චූටි හරි අනුකම්පාවක් තියෙනවනං මෙහෙම වැඩක් කවුරුවත් කරන්නේ නැතිවෙයි.දැන් අහන්න ලැබෙන ගොඩක් දේවල් හැබැයි එහෙම අනුකම්පා විරහිත කෘර මිනිස්සුන්ගේ වැඩ නිසා මට හිතාගන්න බෑ දැන් ලංකාවේ මිනිස්සුන්ට වැරැද්ද නිවරැද්ද හිතන්න හිතක් නැතිවෙලාද කියලත්.

    අදාල මිතුරා මේක කියවලා මේ කොමෙන්ටුත් කියවනවනං මගේ කොමෙන්ටුවත් කියවයි කියලා හිතලයි මෙහෙම ලියන්නේ….

    ගත්ත තීරණ හරි හෝ වැරදි වේවා දැන් ආපහු හැරෙන්න එපා හැරෙන්න ගියොත් අහිංසක ජීවිත කීයක් නම් විනාස වෙයිද දන්නෙ නෑ එහෙම වුනොත් තමන්ට දැන් තියෙන නිදහසත් තියෙන ආදරෙත් නැතිවෙයි.මතකනේ අර ලමයිවයි නෝනවයි මරලා සතුටින් ඉන්න හදපු මිනිහට වෙච්චි දේ ඒ නිසා පසුතැවීමක් ඇති නොවෙන්න වැඩ කරන්න. තියෙන දේ රැකගන්න.

    //දුවන මුවන් දැක නොදමව් නෙලූ පළා//

    චුට්ටක් හරි ආදරෙන් එක වචනයක් හරි නෝනට කිව්වට අතින් පයින් යන්නෙ නෑනේ ඉඳලා හිටලා තෑග්ගක් ගෙනත් දුන්නත් පාරට ඇදගෙන වැටෙන්නේ නෑනේ.ඒ නිසා ටිකක්වත් කරුණාව දක්වන්න හැබැයි අසරණියක් කියලා නෙමෙයි මේ තමන්ගෙ ආදරේ නේද කියලා…..

    එතකොට එයාගෙනුත් ආදරේ ඔයාට‍ විඳින්න පුළුවන් වෙයි මොකද එයාට ‍හිතෙයිනේ ඉස්සරට වඩා ආයේ මෙයා මට ආදරෙයි කියලා

    //සෑම ක්‍රියාවකටම ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත//

    ඩුඩිතුමනි සමස්ථයක් වශයෙන් ගත් කල ඔබතුමා හොඳ සැමියෙක් හොඳ පියෙක් සංවේදි පුද්ගලයෙක් වගේම සුපිරි මිතුරෙක් කියලත් කියන්න පුළුවන් බයක් නැතිව…

     
  9. RanDil

    ජනවාරි 11, 2013 at 2:00 ප.ව.

    ගෙදර ගුණවත් පවුලක් ඉද්දි බට්ටෝ පනින්න යන එව්වංගේ අඬු කැඩෙන්න ඕනෑ…………….. ඕං ඔච්චරයි මට කියන්න හිතෙන්නේ අයියේ……………😦

     
  10. Ayilas A

    ජනවාරි 11, 2013 at 3:34 ප.ව.

    මුත් අර ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ වගේ එකෙක්ද හෙන්රි ?

    මටත් ඔය වගේ උන් දෙතුන් දෙනෙක් හමුවෙලා තියෙනවා. බදිනකල් කෙල්ලට වැසිකිලියටවත් යන්න නැහැ කෝල් කරලා අහනවා “කොහෙද ඉන්නේ , මොකද කරන්නේ “කියල බැන්දට පස්සේ උන්නද මලාද වගක් නැහැ.

    මටනම් හිතෙන්නේ මුන්වගේ උන් බදින්න කලින් මෙහෙම හොයන්නෙත් තියෙන අදරේකට නෙවේ, සැකය වැඩි කමට කියලයි.

     
  11. Ayilas A

    ජනවාරි 12, 2013 at 8:57 පෙ.ව.

    @ රයිගම
    මොකක් හරි මගුලක් වෙනවා.. හෙන්රි සහ සිරා මගේ පොස්ට් එකකට දාපු කොමෙන්ට් moderate එකේදී පොස්ට් උනේ නැහැ. ඊට පස්සේ මගේ mail එකේ තිබුන එක පොස්ට් කළා විතරක් නෙවේ comment moderation අයින් කළා.

     
  12. henryblogwalker

    ජනවාරි 12, 2013 at 12:05 ප.ව.

    ඔන්න අයින් කලා.

    මේ මටත් මගේ වැඩක් බලාගෙන, මගේ දේ හරි නිසා අනිත් උන්ට ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා ඇස් පියාගෙන ඉන්න බැරි කමට ලියවෙච්ච ලිපියක්.

    කාගෙවත් පෞද්ගලික ප්‍රශ්ණ පැත්තකින් තිබ්බොත්, එදා අතින් අල්ලාගෙන ආරක්ෂා කරපු පෙම්වතිය, අද කෑවද, බිව්වද, ගෙදර ගියාද, නැතිනම් කොහෙවත් මරලා දාලාද, කියලා හොයන්න වත් උවමනාවක් නැතිවීම ගැන ඇතිවෙච්ච කලකිරීමක් විතරයි මෙතන නිමිති කරගත්තෙ.

    ඒ වගෙම යම් විදිය‌කට අර අන්තිමට කිව්වා වගෙ සමූහ දූෂනයකට ලක්වෙලා මරලා දාලා තියෙන ගෑනියෙක්ව දැක්කාම හනේ හපොයි කියනවට වඩා එවැනි දෙයක් වලක්වාගන්න පොඩි හරි දෙයක් මට හැකි හැටියට කරන්න මට හිතුනා.

    ඉඳගෙන සාකච්ඡා කරන්න අනිත් උන් ගත්ත උත්සාහ අසාර්ථක වෙච්ච බව මම මේ ලිපියෙම සඳහන් කරලා තිබුනා.

    ‘ලු’ ප්‍රත්‍යයෙන් යොදන්න වෙන පසුබිම් කරුණු මම ලියුවේ නැහැ.

    මේ සම්බන්ධයෙන් ‘මල පැනීම’ ගැනවත්, බ්ලොග් පෝස්ට් එකක් ලිවීම ගැනවත් මම පසු තැවිලි වෙන්නෙ නැත්තෙ, තවමත් අනිකා ගැන පොඩ්ඩක් හෝ සංවේදී වීමේ ගතිය බින්දුවක් හෝ මා තුල ඉතිරිවී ඇති නිසා වෙන්න ඇති කියලා හීනියට ආඩම්බර වෙන නිසයි.

    පෙම්බස් දොඩන සිප වැලඳ ගන්න පෙම්වතුන් යුවලක් දැක්කාම සමහරුන්ට ආසාත්මික ගතියක් දැනුනත්, මට නම් ඇති වෙන්නෙ සතුටක්. ඒත් අද අත්වැල් අල්ලාගෙන, යන එන පෙම්වතුන්ගෙන් වැඩි හරිය හෙට මේ වගෙ වේවි කියලා හිතෙන කොට ඇතිවෙන්නෙ දුකක්.
    ඩූඩ් කියන එකා ඒ ටික විතරක් කිව්වා කියලා මතක් තිබුනොත් ඇති.

     
  13. ayilas

    ජනවාරි 12, 2013 at 3:36 ප.ව.

    අපරාදේ හෙන්රි ඒ පොස්ට් එක අයින් කලේ.. මම නම් එක පුද්ගලික සිද්දියක් විදිහට කොහොමත් දකින්නේ නැහැ. ඔය දේ බොහෝ දෙනෙක් කරන වරදක්.

    //පෙම්බස් දොඩන සිප වැලඳ ගන්න පෙම්වතුන් යුවලක් දැක්කාම සමහරුන්ට ආසාත්මික ගතියක් දැනුනත්, මට නම් ඇති වෙන්නෙ සතුටක්. ඒත් අද අත්වැල් අල්ලාගෙන, යන එන පෙම්වතුන්ගෙන් වැඩි හරිය හෙට මේ වගෙ වේවි කියලා හිතෙන කොට ඇතිවෙන්නෙ දුකක්.//

    ඔය කියමනට මම සම්පුර්ණයෙන්ම එකයි හෙන්රි.

     
  14. අසරණයා

    ජනවාරි 12, 2013 at 7:43 ප.ව.

    ඇත්තම කියනවනම් පොස්ට් එකත් කමෙන්ට් ටිකක් කියෙවුවා මට එත් තේරුනේ නැහැ මොකක්ද ඇත්තටම වුනේ කියලා.

     
  15. iamdeejay

    ජනවාරි 16, 2013 at 8:49 පෙ.ව.

    ඩුඩ්,

    ඇත්තටම විවාහකයින් හැටියට හැම කෙනෙක්ම තමන් ගෙ යුතුකම් හා වගකිම් දැනගත යුතුයි කියලා මම නම් හිතන්නෙ. මෙ යාළුවන් දෙන්නාට සුභ වසරක් වගෙම සුභම සුභ අනාගතයක් වේවා!!!!!!!!

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: