RSS

108. බාස් කතා / ගරාජ් බාස්.

15 Jan
108. බාස් කතා / ගරාජ් බාස්.

කට්ටිය කියලාත් තිබ්බ නිසා බාස් කතා කීපයක් ලියන්න හිතුනා. මේ මොහොතෙත් අපි දෙන්නටම මේසන් බාස්ලත් එක්ක මල පැනලා ඉන්න ගමන්මයි මේ ලියන්නෙ.

ඒත් මුලින්ම ‘ගරාජ් බාස්’.

ඉතින්, මේක පුලුවන් තරම සරළව කිව්වොත්, මට සිද්ද වුනා මගෙ දුප්පත් වෑන් පොජ්ජෙ ‘පවර් ස්ටියරින් ‍රැක්’ එක දාන්න. ඉතින් දැම්මා. මේ තියෙන්නෙ ඒක අහවල් එකක්ද කියලා නොදන්න අයට බලාගන්න ගලවලා අයින් කරපු එක. මම ගරාජ් එකට ගියෙත් මේකෙ පොඩි ලීක් එකක් තිබ්බ නිසා, ‘ඕන්නම් ඔය ඔයිල් සීල් දෙකක් ගැහුවාම ගොඩ යයි,’ කියලා හිතාගෙන.

“මේකට මහත්තයෝ ‍රැක් එක දාන්න වෙනවා,” කිව්වාම මම ගල් වුනා.

හරි, ඉතින් ‍සෑහෙන ගානක් කෙලවාගෙන, දවසක් නාස්ති කරගෙන, ගරාජ් එකේ රස්තියාදුවෙලා රැක් එක දැම්මා කියමුකෝ.

ඔය වගෙ ගැජට් එකක් දැම්මාම අනිවා වාහනේක අලයින්මන්ට් ආපහු තියන්න ඕනෙ. අලයින්මන්ට් කියන්නෙ ඉස්සරහ රෝද දෙක තියෙන්න ඕනෙ කෝණ කීපයක්. මේවා කැස්ටර්, කෑම්බර්, ටෝ ඉන් කියලා තුන් ආකාරයි. ඕක වැරදුනාම ටයර් වල පැත්තක් අධික වේගයෙන් ගෙවී යාම, වේගයෙන් ධාවනය කිරීමේදී පාලනය අපහසු වීම, වගෙ විවිධ රෝගාබාධ හැදෙනවා.

අර ගැජට් එක හයි කරලා ඉවරවෙනකොට රෑ වේගන ආපු නිසා මම ටිකක් අප්සෙට් ගහලා හිටියෙ, අලයින්මන්ට් තියන වර්ක්ෂොප් එක වැහැව්වොත් කියලා, මොකද පහුවදා ගල් පාන්දර දඹුල්ලට යන්න යෙදිලා තිබ්බ නිසා අලයින්මන්ට් තියන්න බැරිවේවි කියලා. එතකොටම අර මගෙ බාස් උන්නැහෙ බුවා කිව්වා, ‘අන්න අහවල් සුලුනගරෙ තියෙනවා අලුත් තැනක්, ගිහින් බලන්නකො නියමෙට කරනවලු’, කියලා.

මාත් අර මම වෙනදට යන තැන බලා වේගයෙන් ගමන් කරද්දි, අර කියපු සුලු නගරෙ පහුවෙනකොට වෙලාව හයත් පහුවෙලා තිබ්බ නිසාත්, අර කිව්ව අලුත් තැන තවමත් ඇරලා තිබ්බ එතැනට ගියා කොහොමද කියලා බලන්නත් එක්ක.

වාහනේ වලට දාලා, කම්පියුටරේට සම්බන්ධ කලා. නමුත් කම්පියුටරේ වැඩ සටහන තෝරන්නෙ අලයින්මන්ට් තියන බුවා නෙවෙයි, සමහර විට හතර, නැතිනම් පහ වසරෙ ඉගෙනගන්න බුවාගෙ පුත්තරයා. අනික මේකෙ අලයින්මන්ට් තියන්න මේ බුවා වැඩි දෙයක් කලෙත් නෑ, ‘කැස්ටර් කැම්බර් නම් හරි, තියන්න ඕනෙ නෑ,’ කියලා පොර කිව්වා. කොහොම හරි බුවා අලයින්මන්ට් තියන ගමන්ම ටයර් කඩේට දුවනවා, ටයර් එකක් විකුණන්න හරි, ගණං කියන්න හරි. ඊට පස්සෙ ආපහු දුවගෙන ඇවිත් පොඩ්ඩක් එහෙ මෙහෙ කරලා ආයෙම දුවනවා පැච් එකක් දානවා. ඔන්න ඔය විදියට බුවා අලයින්මන්ට් තියලා රුපියල් අටසිය පනහක ගාස්තුවක් අය කරලා, මාස කීපයක වගකීමකුත් එක්ක මට සහතිකේකුත් නිකුත් කලත්, මට මේ අලයින්මන්ට් තිබිල්ල නම් ඇල්ලුවෙම නෑ.

මට පුදුම හිතුනෙ මේ බුවාට ස්ටියරිං වීල් එක ගලවාගන්න බැරි වෙච්ච එකයි. (අලයින්මන්ට් තිබ්බාම ස්ටියරිං වීල් එක කෙලින් තියෙන්න ගලවලා ආපහු හයි කරනවා නියම අතට.)

මේ බුවා නට් එක ගලවලා ස්ටියරිං වීල් එකට දෝයි දෝයි ගාලා ගහලා ගහලා, පස්සෙ එතනට ආපු යාලුවෙකුටත් කියලා, ඒ බුවත් තවත් ටිකක් පතබෑවත් ස්ටියරිං එක ගැලවුනේ නෑ. පස්සෙ මේකා කිව්වනෙ, ‘අනේ ආපහු ගරාජ් එකට ගිහින් මේක ගලවා ගන්න,’ කියලා.

පස්සෙ ගරාජ් එකට ගියාම බුවා අර පැය කීපයකට කලින් මට නිර්දේශ කරපු අලයින්මන්ට් බාස්ගෙ මව්ගුන වයලා එක පාරින්ම (වන් ෂොට්) වීල් එක ගැලෙව්වා.

පහුවදා ගල්පාන්දර දඹුල්ලට ගිහින් ගෙදර ආවා පට්ට පාන්දර.

මේ තියෙන්නෙ අලයින්මන්ට් තියන්න අවශ්‍ය උපකරණ රෝද වලට සම්බන්ධ කරලා තියෙන හැටි

මේ තියෙන්නෙ අලයින්මන්ට් තියන්න අවශ්‍ය උපකරණ රෝද වලට සම්බන්ධ කරලා තියෙන හැටි

මේ තියෙන්නෙ අලයින්මන්ට් තියන්න භාවිතා කරන පරිගණකය

මේ තියෙන්නෙ අලයින්මන්ට් තියන්න භාවිතා කරන පරිගණකය

දවස් කීපයකට පස්සෙ මම අර මගෙ සුපුරුදු අලයින්මන්ට් තියන බුවා හම්බවෙලා කතාව කියලා දැම්මා අලයින්මන්ට් චෙක් කරන්න වලට. පොර වලට බැහැලා දිග ලීවරයක් අරගෙන එහෙට මෙහෙට ඇනලා පෙන්නුවා මට.

අයියෙ ලෝවර් සස්පෙන්ෂන් ආම් බුෂ් එක ගිහින්. මේ!
ආයෙම ඇන්න ලීවරෙන්.

අයියෙ, ටයි බාර් බුෂ් ගිහින්, මේ!

“එතකොට මල්ලි ඒවා ගහන්නෙ නැතුව අලයින්මන්ට් තියන්න බෑ නේද?”

“බෑ අයියෙ, ගිහින් මේ බුෂ් ටික ගහගෙනම එන්නකො.

මාත් ඉතින් ගිහින් බුෂ් ගහගෙන පහුවදා ආවා.

DSC_0199

පොර රුපියල් හත්සිය පනහකට එළකිරි වගෙ අලයින්මන්ට් තිබ්බා. ඇත්තටම මේ බුවා නියම ප්‍රොෆෙෂනල් වැඩ්ඩෙක්. පාවිච්චි කලෙත් ඉතාලියේ නිශ්පාදිත අලුත්ම පරිගණක පද්ධතියක් සහ වැඩ සටහනක්.

පළවෙනි ප්‍රශ්ණය: මේකට ඔය කිට්‍ටුවම තියෙන පවර් ස්ටියරිං ‍රැක් එක දාන්න යට රිංගපු වෙලේ බාස් උන්නැහේ ඔය බුෂ් ටික නොදැක්කෙ ඇයි?

දෙවෙනි ප්‍රශ්ණය: ඇත්තෙන්ම ගලවලා බැලුවාම ගන්නම දෙයක් නැති, මේ බුෂ් ටික දාන්නෙ නැතිව අලයින්මන්ට් තියන්න බැරිනම් අර යක්සයා අලයින්මන්ට් තියලා මට මාස මාස කීයකද වගකීමකුත් එක්ක සහතිකයක් නිකුත් කලේ කොහොමද?

ප ලි: මේ පින්තූරවල තියෙන්නෙ අර ප්‍රොෆෙෂනල් අලයින්මන්ට් බුවාගෙ වර්ක්ෂොප් එක.

ප. ප. ලි.
මේ ලිපිය මුල් වරට පල වුනාම ඇනෝ හිතවතෙක් අහලා තිබුනා එයා බෑග් තියෙන ස්ටියරිං වීල් ගලවන්නෙ කොහොමද මේ වෙලාවට කියලා. ඒ ප්‍රශ්ණයත්, ඒකට මම දීපු පිළිතුරත් මෙතන දාන්නෙ ඒකත් වැදගත් ප්‍රශ්ණයක් නිසා.

  1. Henry
    I can’t understand one thing.As far as I know no need to remove the steering wheel to centre it.Think about a new car with an Air bag.It is a somewhat hard to remove the wheel as first you have to isolate air bag and then after reinstalled it to the safety computer.Can’t do all these without a scanner or proper analyser.

    ReplyDelete

  2. Hi Anonymous. Thanks for the comment. It is like this. The alignment program, at one point displays the on screen message “Now straighten the steering wheel” or something similar to that. The alignment dudes ignore this. When I asked the more experienced dude why won’t he follow that, he said the older vehicles have too much play in the steering system that it won’t really do the trick. And that really would work with the latest vehicles with airbags,” he added.
    I think in the vehicles like that simply straightening the steering wheel would do the trick.

    මෙම ලිපිය මුල් වරට මගේ ඩෙනිමේ පළවූවකි.

 

ටැග: , , , , ,

13 responses to “108. බාස් කතා / ගරාජ් බාස්.

  1. iamdeejay

    ජනවාරි 15, 2013 at 12:27 ප.ව.

    හැම අවුරුද්දෙම මෙ ගරාජ් බාස්ලා මොකක් හරි නොසැලකිලිමත් වැඩක් කරලා අපෙන් අමතර ආදායමක් උපයා ගන්නවාමනේ.

     
    • henryblogwalker

      ජනවාරි 19, 2013 at 6:55 ප.ව.

      බාස්ලා ගැන හොඳක් ඇහුවෙ සීයට ඉතාම සුළුගනනක් නේද දාලා තිබ්බ ඔක්කොම කමෙන්ට් වලින්? මගේ ඩෙනිමෙත් එක්ක.

       
  2. hiruni

    ජනවාරි 15, 2013 at 4:04 ප.ව.

    ඒ ගැන නම් කියල වැඩක් නෑ…..තමන් කරන රස්සාව වත් හරියට කරන්නේ නෑනේ….

    බාස්ලා නිකන්වත් හිතන්නෙ නෑ ඒයාලගෙ නොසැලකිලිමත්කමෙන් කොච්චර අනතුරු වෙන්න පුලුවන්ද කියල
    :/

     
  3. Ayilas A

    ජනවාරි 15, 2013 at 4:11 ප.ව.

    අපෝ හෙන්රි ඔය මල ඉලව් බාස්ලා ගැන කියල වැඩක් නැහැ. ඕකුන්ට ඕනේ කරන්නේ කියක් හරි කඩාගන්න විතරයි. මමනම් දැන් හොඳටම මට්ටුවෙලා කොම්පැනි එකෙන් පිට දෙන්නෙම නැහැ.

     
  4. DDT

    ජනවාරි 16, 2013 at 1:26 පෙ.ව.

    ලිපිය නම් කලින් කියවලනේ තිබුනෙ. අපූරුම දේ

    “මෙම ලිපිය මුල් වරට මගේ ඩෙනිමේ පළවූවකි“ කෑල්ල.

    ඩෙනිමට ගියාම “මෙම ලිපිය මුල් වරට මට හිතෙන හැටි බ්ලොග් අඩවියේ පළවූවකි“

    මම බලන් ඉන්නෙ ඩූඩ් දෙක ටපලවගන්නකන්. 🙂

    හ්ම් …. නිදිමතයි, කටත් ඇරෙනව. අපි එහෙනම් ගියා.

     
  5. Nihal Gurusinghe

    ජනවාරි 18, 2013 at 10:34 පෙ.ව.

    මෙයාලට කියන්නෙ මක බාස්ල කියල

     
  6. අසරණයා

    ජනවාරි 18, 2013 at 6:53 ප.ව.

    හදන වාහනේ ගැන වගකීමක් හුව රස්සාවක් විදියට කරන්නම් වාලේ කරන බාස්ලා නිසා මිනිස්සු මහා පාරේ කොච්චර අතරමං වෙනවද?

     
  7. chevindu

    ජනවාරි 29, 2013 at 5:18 ප.ව.

    ප්‍රයිවෙට් බස් වල යන කෙල්ලො වෙන්න හදන ඇන්ටිලා ගැන post එකක් දැම්මොත් නරක ද?

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: