RSS

111.සැරද ගුරුතුමනි.

23 Jan
111.සැරද ගුරුතුමනි.
මතකනෙ මම අන්තිමට ලියපු පෝස්ට් එක? බැලුවෙ නැතිනම් මෙතනින් යන්න.
බ්ලොගර් පිටපත සඳහා මගේ ඩෙනිමට මෙතනින්.


මම මෙහෙම ප්‍රකාශයක් කලානෙ.

‘…අහම්බෙන් ගුරුවරයෙක් වුන මට, මේ රස්සාවට යම් කිසි ආසාවක් තිබුනා නම්, ඒකත් නැති වෙලා ගියේ, මේ රස්සාවට ආවේනික, කිසි කෙනෙක්ගෙන් හොඳක් අහන්න නැති, ආතතිය  උපරිම, නමුත් නිදහස නැති ගති ස්වභාවය නිසා. ඒ මදිවට සමාජය ගුරුවරයගෙන් පමණට වඩා දේ බල පොරොත්තු වෙන නිසා, සමාජය සතු‍ටු කරන එක ඔක්කොටම එහා. ‍රැකියා තෘප්තිය කියන දේ මිත්‍යාවක් විතරයි. සේවය ඇගයීමට වඩා ලැබෙන්නෙ, ගැරහුම්, අවමාන, විවේචන…’

මේකට මගෙ සහෘදයො එක එක අදහස් ඉදිරිපත් කලා…මම මෙතනදි දාලා තියෙන්නෙ මම ඊලඟට කියන්න යන දේට කෙලින්ම දාල කමෙන්ට් කොටස් විතරයි.

මිනිසා කියන සතා කවදාවත් සෑහීමට පත් වෙන්නේ නෑ කියන්නේ ඕක තමා…. අපිට නැති දේවල් ගැනම තමා හිතන්නේ. තියෙන දෙයින් සතුටු වෙන්නේ නෑ…. අනිත් කෙනා ෆුල් ජොලියේ ඉන්නේ. මට තමා සැනසීමක් නැත්තේ කියලයි හිතන්නේ. හැබැයි බලන් ගියාම හැමෝම දුකින්…..(සමනළී)



දැන් මට වෙලාවකට හිතෙනවා මුදල් අය නොකර ඉංග්‍රීසි පන්තියක් දාන්න. (විචාරක)



ඕක කාටත් පොදුයි. (තොටියා)



ඔය කොයිකත් මතුපිටට සුන්දරයි. (AKM)



අපිට මොනදේ තිබ්බත් අපි සෑහීමකට පත්වෙන්නේනෑ… මිනිස් හිතේ හැටි තමා කියල ඉන්නවා (මී ගොඩයා)



මම මේ ලිපිය කියවනකම්ම හිතන් හිටියෙ ගුරු වෘත්තිය හරි ආතල් ජොබ් එකක් කියලා.. උදේ ගියා, ළමයි එක්ක ආතල් එකේ හිටියා, එකහාමාරට ගෙදර ආවා, සෙනසුරාදා ඉරිදා නිවාඩු, ආයෙ මාස තුනකට පස්සෙ නිවාඩු.. මොන ආතල් එකක්ද… ඒත් දැන් තමයි තේරෙන්නෙ එකෙත් ආවේනික ප්‍රශ්න තියනවා කියලා..(සෙන්නා)



ඒත් ඩුඩ් කොච්චර අකමැති උනත් ඔයා උපරිමෙන්ම තමන්ගෙ වගකීම කරනවනේ…. ඒක අපි හොදටම දන්න දෙයක්….ඒක තමා වටින්නේ…(Hiruz theories)



ඊලඟට කැමති උගන්වන්න… ඉස්කෝලෙ ළමයන්ට නෙවෙයි… රසායන විද්‍යාව උගන්වන්න… ඒකත් ළඟදිම සඵල වෙන්නයි යන්නෙ… (Alchemist)



දැන් ට්‍රේනිං සෙන්ටර් එකේ ඉන්න නිසා වනජීවී ගුරෙකුත් වෙලා. රට පුරාම ඉන්න වනජීවී කොල්ලො ට්‍රේනිංවලදි මුණ ගැහිලා අත්දැකීම් හුවමාරු කරගන්න නිසා මම උන්ට උගන්නනවට වඩා උන්ගෙන් ඉගෙන ගන්නවා. (ගාමිණී සමරකෝන්)



ලංකාවෙනං බොහෝ ගුරුවරු ඉස්කෝලවල උගන්නනවට වඩා කරන්නෙ ටියුෂන් ක්ලාස් වලිං හොඳට හම්බකරන එක. (Praසන්ன)



අපි හැමෝම හිතන්නෙ අනික් පැත්ත කොළ පාටයි කියල. ඒ පැත්තෙ කෙනෙක් හම්බුනාම තමයි තේරෙන්නෙ ඒ පැත්තත් මේ වගේ කියල. (මුහුදු කොල්ලකාරයා)



හැම එකාම කැමති නෑ තමුන්ගෙ රස්සාවට…(රාජ්)



මේ ගැන හොදට හිතුවොත් මන් හිතන්නේ ගාර්මෙන්ට්

ළමයි ගැන කල්පනා කරොත් අපේ හිත් වල බර දාල

පිච්චිලා යාවි..(silentsahan)



රැකියාව එකිනෙකාට සාපේක්ෂයි නේද හෙන්රි අයියා…මම හිතන විදියට තමන්ගෙ රැකියාව ගැන සම්පූර්ණයෙන්ම තෘප්තිමත් පිරිස සෑහෙන අඩුයි… (සිරා)



දැන්නම් මේ ජොබ් එක මට අල්ලලා යනවා ලොකු ආතතියක් එහෙම දැනෙන්නේ නැහැ. (අසරණයා)



අපි හැමෝටම කැමති ජොබ් සිහින තිබ්බත් ඉෂ්ඨ කරගන්න ලැබෙන්නෙ කී දෙනාටද ඩූඩ්? සමහර වෙලාවට අපි කැමතිම දේ කලත් තවත් කැමති දේවල් ලිස්ට් එකේ තියනවා…(රූ)



අපි ආසම දේ කරන්න සෙට් උනාම හිතට මාර සනීපයි සන්තෝසයි (මඩයා)



ඇත්තටම අපි කරන දේ ඇරෙන්න අනිත් ඕන දේකට තමා ආස වෙන්නේ…(දේශකයා)



ගුරු වෘත්තියේ ආසම නැති කොටස තමයි දවල් ගිනි කුටකේ ගෙදර එන එක . (Bindi)



“දෙහි ලෙල්ලක් හපන එකා දැක්කම අනික් උන්ගේ කටට කෙළ එනවා, කන එකා තමයි දන්නේ එකේ රහ” (Ayilas A)



මම හිතුවෙ ගුරුවරයෙක් කියන්නෙ හරිම නිදහස් රස්සාවක් කියල. (කම්මල)



මම අදටත් රස්සාව කරගෙන යන්නේ ගුරුවරියක් වුන නිසා එහෙම නැතිනම් මම රස්සාවට ආයුබෝවන් කියලා පොඩ්ඩෝ පොඩි කාලෙම .(DeeJay)



අයියන්ඩිගේ අදහස වගේම කොමෙන්ට් දාපු අයගේ අදහසුත් ඇයි එහෙම වෙලා තියෙන්නේ කියලා නම් මට තේරුම් ගන්න බෑ. (Sarath Chandrasiri)



හැමෝම ආස තමන්ට නැති දේවල් වලට තමා🙂 (මඩිස්සලේ නිශාන්)



මම නම් ආසාවෙන් හිටිය ගුරුවරයෙක් වෙන්න, ගණිතය උගන්නන්න. ඒත් ඒකට අවස්ථාවක් ලැබුනෙත් නෑ, මම උත්සාහ කළෙත් නෑ….ඒ වුනාට කාටවත් ආදර්ශයක් වෙන්න ජීවත් වෙන්න නම් මට ඕන නෑ. (DDT)



ඕක අපි හැමෝගෙම කතාව.. (මාරයා හැර නේ?)  (රාමා)



උගන්නන්ඩ නං මට බෑ මයි කියල හිතුණ කැම්පස් එකේ වැඩ කරපු ටික කාලෙට (hansakinkini)



මම නම් ආසම් ගුරුවෘත්තියට..ඒක නිසා ඉස්කෝලෙ යනකාලෙ සෑහෙන්න කාලයක් දහම් පාසලේ ඉගැන්නුවා..හරිම තෘප්තිමත් ‍රැකියාවක්..හිතරිදෙන අවස්තා නැතිවාත් නෙවේ. කොයි ‍රැකියාවටත් ඒක පොදුයි (වීපොකුරෙ වීයා)



ගුරුවෘත්තියට ඩූඩ් ඔච්චර අකමැති ඇයි දැයි මම දන්නේ නෑ… මමත් වෘත්තියෙන් ගුරුවරයෙක් නොවුනත් අවස්තා කීපයකදිම ලොකු පොඩි සැලකියයුතු පිරිසකට උගන්නලා තියෙනවා… පංති වල ඒ එක එක්කෙනා එක්ක ඉන්ටරැක්ට් වෙද්දි ලැබුණු එකිනෙකට වෙනස් අත්දැකීම් වලට මමනම් අදටත් මාරම ආසයි… ඩූඩ් උගන්නන හැම ළමයගෙම ජීවිතේ පුංචි හරි වෙනසක් කරන්න ඩූඩ් දායක වෙලා ඇති… ඒක සල්ලිවලට ගන්න බැරි තෘප්තියක් නෙමේද..?🙂 (Beetle)



ඒත් මම නම් කැමැති ගුරුවරයෙක් විදියට රැකියාව කරන්න තිබුනානම් .. ඒ අතින් බලනකොට ඩුඩ් වාසනාවන්තයි කියලයි මට හිතෙන්නේ ..(චමී4යූ~chami4u)
මට තේරුන දෙයක් තමයි මගෙ සහෘදයො හුඟ දෙනෙක්ට අද විශේෂයෙන්ම ලංකාවෙන් පිට උගන්නන ගුරුවරයෙක් විඳින ගැහැට ගැන යථා අවබෝධයක් නැති බව. මම මේ FAQ එක (Frequently Asked Questions) නැතිනම් නිතර ඇසෙන ප්‍රශ්න මාලාව සම්පාදනය කලේ ඒ නිසාමයි. මේක ලංකාවෙන් පිටත හුඟාක් තැන්වලට ඉතා හොඳින් ගැලපෙන නිසා ප්‍රවේසමෙන් පරිහරනය කරන්න. මම ඔබේ සමහර ප්‍රශ්න වලට No Comment යනුවෙන් උත්තර දෙන්නත් ඉඩ තියෙනවා.

ප්‍ර:  මොකක්ද ළමයා පිළිබඳ සාමාන්‍ය නීතිය?

උ: ළමයා පළමුව.

ප්‍ර: ළමයින්ට දඬුවම් කරන්න බෑ කියන්නෙ ඇත්තද?

උ: ළමයින්ට ශාරීරික දඬුවම් කරන්න බෑ.

ප්‍ර: ශාරීරික දඬුවම් කියන්නෙ මොනවද?

උ: ළමයට අත තියන්නෙ බෑ. මේකෙන් අදහස් වෙන්නෙ ගහන්න බෑ කියන එක විතරක් නෙවෙයි. ගහන්න තියා කනෙං අල්ලන්න, කොනිත්තන්න, නිය පිටින් පහර දෙන්න බෑ විතරක් නෙවෙයි, ඇඟිල්ලක්වත් ළමයට ස්පර්ශ වෙන්න බෑ.

ප්‍ර: ස්පර්ශ කරන්න බෑ කියන එකෙන් අදහස් කරන්නෙ මොකක්ද? දඬුවමක් හැටියට නොවෙයි. ප්‍රසංශාවක් හැටියටවත් හිස අත ගාන්න බැරිද?

උ:හොඳ ළමයා කියලා ඔලුව අතගාන්න, පිටට තට්‍ටු කරන්නවත් අවසර නෑ. ඔබ එහෙම කලාම ළමයා පැමිණිළි කලොත් ඔබ ඔහුගෙ හෝ ඇයගෙ ඇඟට අත තිබ්බා කියලා ඔබ අමාරුවේ වැටෙනවා. ඔබට විරුද්ධව විනයානුකූල පියවර ගන්නට පෙර පාසැල් පරිපාලනය ඔබට අවවාද කරාවි මුලින්ම. ඔවුන් සාක්ෂි කැඳවාවි සිද්දිය දු‍ටු අනිත් ලමයින්ගෙන්. ඔවුන් යාලුවාගේ පැත්ත ගත්තොත් ඔබ අමාරුවේ. එහෙම වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. ඔබට පක්ෂව සාක්ෂි  කියන්න කිසි කෙනෙක් ඉදිරිපත් නොවෙන්න පුලුවන්.

ප්‍ර: ළමයි ඒ විදියට පැමිණිළි කරනවද ඔබ ප්‍රසංසාවක් හැටියට පිටට තට්‍ටු කලත්?

උ: ඔබ ළමයෙකුට දඬුවමක් හැටියට අත තිබ්බොත් එහෙම වෙන්න තියෙන ඉඩකඩ බොහෝමයි (99.99%) . ප්‍රසංශාවක් හැටියට අත තිබ්බත් එහෙම නොවේයයි සහතික වෙන්න බෑ. කොහොමත්. ළමයි මුලින්ම ඔබට මතක් කරනවා Don’t touch me. කියලා.

ප්‍ර: ළමයෙක් ස්පර්ශ කරන්නම වෙන අවස්ථා නැත්ද?

උ: ළමයා අතට අත දුන්නොත් අතට අත දෙන්න පුලුවන් ආචාර කිරීමේදී. දැන් ළමයෙක් කලන්තෙ දාලා වැ‍ටුනත් මම අල්ලන්නෙ නම් නෑ.

ප්‍ර: ළමයා ගුරුවරයව ඇල්ලුවොත්.

උ: මම නම් කියනවා මාව අල්ලන්න එපා කියලා.

ප්‍ර: ළමයෙක් තව ළමයෙක්ව ගුරුවරයගෙ ඇඟට තල්ලු කලොත්?

උ: ඒත් ඔබට ඔබේ ඇ‍ඟේ හැප්පුන ලමයව අල්ලන්නෙ එයින් අවසර ලැබෙන්නෙ නෑ. ඔබට පුලුවන්  තල්ලු කරපු ළමයට අවවාද කරන්න.

ප්‍ර: එයින් ප්‍රයෝජනයක් නොලැබුනොත්?

උ: ඔබට පුලුවන් සුපවයිසර් වරයාව පැමිණිළි කරන්න.

ප්‍ර: ළමයින්ට බනින්න පුලුවන්ද?

උ: අපහාසාත්මක වචන පාවිච්චි කරන්න අවසර නෑ. උදාහරණ හැටියට idiot, fool, moron, stupid වගේ. සතුන්ගෙ නම් පාවිච්චි කරන්න බෑ උදාහරණ හැටියට. donkey, monkey, dog, etc.

ප්‍ර:අවවාදයක් දෙන්නවත් බැරිද?

උ:අවවාද කරන්න පුලුවන් අර ඉහත කී වචන පාවිච්චි නොකර.

ප්‍ර:ශාරීරික දඬුවම්ම නොවන, හිටවා තැබීම වගේ දඬුවම් දෙන්න පුලුවන්ද?

උ:පුලුවන්. ඒ ඒ පාසැලේ පරිපාලනය අනුමත කරන විදියට. සමහර විට  ඔවුන්ව හිටවා තියන්න පුලුවන්, පන්තියෙන් එලියට යවන්න පුලුවන්. නමුත් බොහෝ පාසැල්වල එය එච්චර අනුමත කරන්නෙ නෑ. ඔබ යම් විදියකින් ළමයෙක් එලියට දැම්මොත්, ඔහු එළියේ සිටගෙන කරන ක්‍රියාවල වගකීමත් ගුරුවරයාගෙමයි. ඔහු එහෙමම ගෙදර ගියොත් ඒකත් ප්‍රශ්ණයක් වෙන්න පුලුවන් ඔබට.

ප්‍ර: ඔබ ළමයෙකුට පන්තියෙන් එළියට යන්න කියලා කිව්වාම ඔය ළමයි කීකරු වෙනවද?

උ: ඒක රඳා පවතින්නෙ ළමයාගෙ , පන්තියේ, පාසැලේ, ගති ස්වභාවය මත. මම උගන්නන පන්ති තුනෙන් දෙකක් අණට කීකරු වෙයි කියලා ස්ථිරයි.

ප්‍ර: අකීකරු වුනොත් මොකද ඔබ කරන්නෙ?

උ: වහාම දුරකථනය ගෙන සුපවයිසර් වරයා ඇමතීම තමයි. පන්තියට යනවිට අපි අනිවාරයයෙන් ජංගම දුරකථනය ගෙන යනවා

ප්‍ර: එතකොට මොකද වෙන්නෙ:

උ: එවිට සුපර්වයිසර්වරයා කියනවා ඔහුව සුපවයිසර් කාර්යාලයට එවන්න කියා. මම ළමයාට කියනවා සුපවයිසර්වරයාගෙ පණිවිඩය.

ප්‍ර; එතකොට ඔහු සුපවයිසර් වරයා ලඟට යනවද?

උ: යන්නත් පුලුවන් නොයන්නත් පුලුවන්. ඒක රඳා පවතින්නෙ මම කලින් කිව්වා වගේ ළමයාගෙ , පන්තියේ, පාසැලේ, ගති ස්වභාවය මත. නොගියොත් මම නැවත සුපර්වයිසර් වරයාට දැනුම් දෙනවා. එවිට ඔහු පෞද්ගලිකව පැමිණ ළමයා අරන් යනවා.

ප්‍ර: ළමයෙක් ඔබට පහර දුන්නොත්?

උ: ඒත් ඔහුට පෙරලා පහර දෙන්න අයිතියක් නෑ. ඔහු/ඇය ළමා අයිතිවාසිකම් ඇති ළමයෙක්. ඔබ වැඩිහිටියෙක්. බුද්ධිමත් යැයි අපේක්ෂිත ගුරුවරයෙක්.


දැන් ඔබට කියන්න ඇතිදේ අහලා ඉතුරු ටිකට යන්න අදහස් කලා. හදිසි තීරණ වලට එලඹෙන්න එපා. හා හා පාට කන්නාඩි දාන්නත් එපා. සාහසික වෙන්න එපා. අන්තවාදී වෙන්න එපා. නමුත් මම මුලින්ම කිව්ව මේ ටික මම නැවතත් ඔබේ අවධානයට යොමු කරනවා.

‘…අහම්බෙන් ගුරුවරයෙක් වුන මට, මේ
රස්සාවට යම් කිසි ආසාවක් තිබුනා නම්, ඒකත් නැති වෙලා ගියේ, මේ රස්සාවට
ආවේනික, කිසි කෙනෙක්ගෙන් හොඳක් අහන්න නැති, ආතතිය  උපරිම, නමුත් නිදහස නැති
ගති ස්වභාවය නිසා. ඒ මදිවට සමාජය ගුරුවරයගෙන් පමණට වඩා දේ බල පොරොත්තු වෙන
නිසා, සමාජය සතු‍ටු කරන එක ඔක්කොටම එහා. ‍රැකියා තෘප්තිය කියන දේ
මිත්‍යාවක් විතරයි. සේවය ඇගයීමට වඩා ලැබෙන්නෙ, ගැරහුම්, අවමාන, විවේචන…’



මතු සම්බන්ධයි.

 

ටැග: , , ,

9 responses to “111.සැරද ගුරුතුමනි.

  1. Thimira Rekha Perera

    ජනවාරි 23, 2013 at 7:39 ප.ව.

    අම්මියෝ… මම අකමැතිම වෘත්තීය තමයි ඕක.. ඒත් අද මේ දැන් වෙනකං මං හිතන් හිටියේ නිදහස්ම වෘත්තීය ගුරු වෘත්තීය කියලයි… බට් දැන් ඉඳන් ආයෙම අර තිබුන මෙවුව එක (අකමැත්ත) ආයෙම වැඩි උනා මයේ හිතේ..
    ඒත් වෘත්තීය ට අකමැති උනාට ගුරුවරුන්ට මං හරි ආදරෙයි.. හොඳ ගුරුවරු කරන සේවය අනන්තයි අප්‍රමානයි.. මොකද මගේ ජීවිතෙත් එහෙම අමතක නොවන ගුරුවරු කීපදෙනෙක් ඉන්නවා.. මේක ලියන මේ මොහොතේත් එයින් දෙන්නෙක් මගේ ඇස් දෙක ඉස්සරහ මැවී මැවී පේනවා මට..

     
  2. hiruni

    ජනවාරි 23, 2013 at 8:01 ප.ව.

    ඩුඩ් කියල තියෙන දේ හරියටම ඇත්ත….මමත් ඔහේ ඉස්කෝලෙ ගියානේ….

    ඕක ඒත් ඩුඩ් වගේ හොද ගුරුවරුන්ට නම් තද වැඩි නීතියක්, මොකද ඩුඩුයි ඩුඩියි ලමයින්ව යහ මග ගන්න මිසක් අනවශ්ය විදියර ලමයින්ට දඩුවම් කරන්නෙ නැති නිසා….

    මතකද මැටිල්ඩා කතාවෙ Trunchbull ? එයාටනම් මේ නීති හොදයි නේද? හිහ් හිහ් හිහ් හිහ්

     
  3. jaliya1

    ජනවාරි 24, 2013 at 3:08 පෙ.ව.

    බලාගෙන ගියාම වැලිකඩ කට්ටියට ඊට වඩා නිදහසක් තියෙනවනේ…. ” උ: අපහාසාත්මක වචන පාවිච්චි කරන්න අවසර නෑ. උදාහරණ හැටියට idiot, fool, moron, stupid වගේ. සතුන්ගෙ නම් පාවිච්චි කරන්න බෑ උදාහරණ හැටියට. donkey, monkey, dog, etc.”

    මේ කෑල්ල ඇහුනම නම් පරණ සර් කෙනෙක් මතක් උනා ….මුලු සත්තු වත්තේම ඉන්න සත්තුන්ගේ නම් කියලා ආදරයෙන් සිසුන් අමතපු

     
  4. Kenji @ Japan

    ජනවාරි 24, 2013 at 8:43 පෙ.ව.

    මම නම් මේ නොකළ යුතුයි කියල තියන හැමදේම විදල තියෙනව.ගුරු පියවරුන් මට කියපු සත්තුන්ව මට තවම දකින්න ලැබිලත් නැහැ.ඒ අතින් දැන් ළමයි වාසනාවන්තයෝනේ.ගුරුතුමාට “ආතතිය”ගෝලයන්ට “ප්‍රීතිය”:)

     
  5. maathalan

    ජනවාරි 24, 2013 at 9:42 පෙ.ව.

    මම මචෝ කරන ඕනම රැකියාවක් තෘප්තිමත්ව කරණ. ලද දෙයින් සතුටු වෙන එකෙක්. මෙතන මට නම් පේන කිසි අවුලක් නෑ. ඕක තමයි දියුණු රටවල තත්වය. ඒක මම අත්දැකීමෙන් දන්නවා. ඒ කියලා ඒ මිනිස්සුන්ගේ මනුස්සකම අපේ උන්ට වඩා සෑහෙන ඉදිරියෙන් තියෙන්නේ. මාලේ ජනතාව ගැන කියන්න මම දන්නෙ නෑ. ඒත් මාලදිවයිනේ එහෙම දයක් තියෙනවනම් රටක් වශයෙන් ඒ ජනතාව ආඩම්බර විය යුතුයි.

     
  6. raigamahandiya

    ජනවාරි 24, 2013 at 5:22 ප.ව.

    මචන් බටහිර නම් මෙවැනි බොහොමයක් නීති ගෙනත් තියෙන්නේ, උඹලා වගේ හොඳ ගුරුවරුන් හින්දා නොවේ. අතීතයේ ගුරුවරුන් ළමුනට කල අපචාර ක්‍රියා නිසා. ඔස්ට්‍රේලියාව වගේ රටක ලංකාවේ වගේ, ළමා අපචාර සුලබ නැති වෙලා තිබීමට මෙම නීති එක හේතුවක්. එම තත්වයෙන් පිටත ඉඳන් බලන කෙනෙකුට එය තේරුම් ගන්න අපහසු වෙන්න පුළුවන්.

     
  7. Gold fish

    ජනවාරි 25, 2013 at 6:00 ප.ව.

    විදෙස් රටවල මාර නීතිනේ

     
  8. දුකා

    ජනවාරි 27, 2013 at 3:16 ප.ව.

    දරුවෙක් ඉන්න තාත්තෙක් විදිහට මම නම් ඔය දරුවන්ගේ පැත්තෙන් බලලා හදලා තියෙන නීති ටිකට 100%ක්ම එකඟයි ඩූඩ්.

    අපේ රටේත් ඒවා ක්‍රියාත්මක වෙනවා නම් මම නම් කැමතියි.

    මූලික සුදුසු කම් සමඟ චයිල් සයිකොලොජි ඩිප් එකක් වත් තියෙන එක ඔහේ ටීචර් කෙනෙක් වෙන්න අනිවාර්යෙන් තිබිය යුතු දෙයක්ද මචෝ?

     
  9. ක්සැන්ඩර්

    පෙබරවාරි 1, 2013 at 3:54 ප.ව.

    මම මගේ ජීවිතේ අවුරුද්දක් කලේ ගුරු කම. ඒ මගේ රස්සාවල් වලින් දෙවැනි එක. එතැනදී මට අවුරුදු 4 5 ඉඳල අවුරුදු 60 වෙනකම්ම වයස්වල විවිධ මට්ටමේ දැනුම තියන අයව මුණගැහුනා. ඒ ගැන නම් ඉතින් කතා ගොඩයි.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: