RSS

112.සැරද ගුරුතුමණි: බණ ටෝකිං.

25 Jan
112.සැරද ගුරුතුමණි: බණ ටෝකිං.

පහුගිය ලිපියේ ඔබේ ප්‍රතිචාර වලට මම කිසිවක් කියන්න නොගියේ ඉන් සමහරකට පිළිතුරු දෙන්න ගියොත් ඔබ දැන් කියවන්න යන මෙම දෙවෙනි කොටසට ඉන් බලපෑමක් ඇතිවිය හැකි නිසායි. නමුත් ඉන් මතුවූ සමහර කරුණු මේ කොටසට ඇතුලත් කරන්න මම හිතුවා.

බ්ලොගර් පිටපත සඳහා මගේ ඩෙනිමට මෙතනින්.

faq4

ප්‍ර: තත්වය ඔබ සතු බළතල වලින් ඔබට පාලනය කල නොහැකි විට ශිෂ්‍යයා සුපවයිසර් ගාවට යැවීම තමයි කරන්නෙ එහෙම නේද? මේක හැම විටම කරන්න පුලුවන්ද?

උ: සීමාවක් තියෙනවා. ඔබ නිතර ශිෂ්‍යයන් සුපවයිසර්වරයා ලඟට යවනවා නම් විදුහලේ පරිපාලනය ඔබේ පන්ති පාලන හැකියාව ගැන අසතුටට පත් වෙනවා. මෙය කෙලින්ම ඔබේ ‍රැකියාවට බලපානවා.

ප්‍ර: දැන් ඔය කියන විදියට පන්ති පාලනයක් කියලා එකක් තියෙනවද?

උ: හපොයි ඔව්. මේක ගුරුවරයාගේ පළපුරුද්ද, දක්ෂතාවය, උපායශීලීභාවය මත තමයි ‍රැඳී පවතින්නෙ.

ප්‍ර: ළමයි කීකරුද?

උ: විවිධාකාරයි. මෙහි තියෙන අංක එකේ ප්‍රශ්නය විනය ප්‍රශ්නයයි. ළමයි කීකරු කර ගැනීම, ඒ කියන්නෙ ගහන්නෙ, බනින්නෙ, තර්ජනය කරන්නෙ නැතිව තමාගේ අණට අවනත කරගැනීම ගුරුවරයාගේ වගකීම. ඒකත් ගුරුවරයාගේ පළපුරුද්ද, දක්ෂතාවය, උපායශීලීභාවය මත තමයි ‍රැඳී පවතින්නෙ. ළමයින්ගෙ නොමනා හැසිරීම ගුරුවරයාගේ වරද ලෙස තමයි පරිපාලනය දකින්නෙ.

ප්‍ර:ළමයි ගුරුවරයට ගරුත්වයක් දක්වනවද?

උ: ගරුත්වයක් යනුවෙන් ඔබ අදහස් කරන්නෙ මොකක්ද?

ප්‍ර: දැන් ලංකාවෙ නම් ගුරුවරයාට නිතැතින්ම ගෞරවය හිමියිනෙ. එයට සාපේක්ෂව?

උ: ගරුත්වය රටින් රටට වෙනස්. ගුරුවරුන්ට දෙමාපියන්ට බුලත් හුරුළු දී වඳින්නෙ ලංකාවෙනෙ. ඔබට ඕස්ට්‍රේලියාවේ කැනඩාවෙ හෝ එක්සත් ජනපදයේ පාසැලකින් මේ දේ බලාපොරොත්තු වන්න බෑ. ඔබට ගෙදරදි ලැබෙන ගෞරවය විදෙස් රටකදීත් බලාපොරොත්තු වුනොත් ඒක විශාල ඉච්ඡා භංගත්වයක් වෙයි.

ප්‍ර: මෙහෙම අහමු. ඔබ විදෙස් රටක ගුරුවරයෙක් වෙන්න යනවා නම් ඔබ ළමයින්ගෙන් බලාපොරොත්තු නොවිය යුත්තේ කුමක්ද?

උ: ඔවුන් සමහර දෙනෙක් ඔබට ‘සර්’ හෝ ‘මැඩම්’ යනුවෙන් අමතාවි. සමහරු නිකම්ම නම කියාවි. ඔබ එක පන්තියකට උගන්නන නිසා ඔබ උගන්නන්නේ නැති පාසැලේ වෙනස් පන්තියක සිසුන් ඔබට ‘සර්’ කියා අමතාවි කියා බලාපොරොත්තු වෙන්න බෑ හැමවිටම.

ඔබ පන්තියට යන විට ඔවුන්නැගිට ආචාර කරාවි ඔබ ඔවුන්ව එහෙම පුරුදු කලොත් පමනක්. ඔවුන් ගුරු පු‍ටුවේ වාඩිවී හෝ ගුරු මේසය මත වාඩිවී සිටියොත් පුදුම වෙන්න වත් සිහි මුර්ච්ඡා වෙන්නවත් එපා. ගුරු මේසය ඔවුන්ට පූජනීය දෙයක් නෙවෙයි. ලංකාවේ පාසැලක ගුරුමේසයට ඇති තැන මෙහි දකින්න බෑ. එය තවත් ගෘහභාණ්ඩයක් පමණයි. නමුත් ඔබට කියන්න පුලුවන් එසේ නොකරන ලෙස.

ඔබ ඔවුන් ලඟට යන විට ඔවුන් නැගී සිටීයයි බලාපොරොත්තු වෙන්න එපා.
ඔවුන් ඔබ කියන දේට එකට එක කියනවා යයි ඔබට හැ‍ඟෙයි. නමුත් ඒ ඔවුන් කතාකරන හැටි

ප්‍ර: උදාහරණයක් හැටියට.

උ: ඔබ පන්තියට යන්න විනාඩියක් ප්‍රමාද වුනොත්.
“Sir, you are late,” ඔවුන් කියාවි.

ඇයි පොත ගෙනාවේ නැත්තේ යයි ඔබ ඇසුවොත්, කිසි චකිතයක් නැතිව. මට අමතක වුනා.

ඔබ ඔවුන්ට කිව්වොත් මම ඔබ ගැන සුපවයිසර් වරයාට දැනුම් දෙනවා කියා “I don’t care!” යයි ඔවුන් කියන්නත් පුලුවන්.

ඒ වගේම ඔබ ඔවුන්ට “Don’t be stupid” කිව්වොත් “You called me stupid, you insulted me” යයි මොරදෙන එම සිසුවාම “You are stupid. You don’t know anything” යයි ඔබට කියන්නට කිසිසේත්ම පසුබට නොවෙන්න පුලුවන්.

ඔබ ලංකාව ඉන්දියාව වැනි රටක උගන්වා පලපුරුදු ගුරුවරයෙක් නම් මේ හැසිරීම ඔබට දරාගන්න බැරි තරම් පීඩනයක් ඇති කරාවි

අවවාද කිරීමෙන් මේ තත්ව පාලනය කරගන්නත් ඔබට පුලුවන්.

ප්‍ර:සංස්කෘතික වෙනස්කම් ගුරු ගෝල සම්බන්ධයට බලපාන්නෙ කොහොමද?

උ: අපේ රටේ නම් පාසැල් පෙම් සබඳතා පවත්වාගෙන යන්නෙ ගුරුවරුන්ට රහසින්නෙ. නමුත් මෙහිදී සිසු සිසුවියන් ඔබට ඔවුන්ගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් හෝ බෝයි ෆ්‍රෙන්ඩ් හඳුන්වා දේවි පාරේදි පවා. ඊට අමතරව අද ගර්ල් ෆ්‍රෙන්ඩ් සමග ඇතිවූ අමනාප කමක් නිසා තමන් ඉගෙන ගන්න මූඩ් එකේ නොමැති බව ඔබට කෙලින්ම පවසාවි.
තවත් වෙනස් කම් බොහෝමයි.ඔබ ඔවුන්ගේ සිත් දිනාගත් ගුරුවරයෙක් වූ විට ඔවුන් ඔවුන්ගේ පෞද්ගලික ප්‍රශ්න, ගෙවල්වල ප්‍රශ්ණ පෙම් හබ වැනිදෑ පවා ඔබ සමග සාකච්ඡා කරන්න අවසර ඉල්ලනවා. සමහර විට ඔබට මහා හිරිහැරයක් වන තරමට.

ප්‍ර: ළමයි නරක වචන පාවිච්චි කරනවද?

උ: ඒක ළමයා එන පරිසරය අනුවයි. මෙහෙමයි. මෙහි සේවය කල ලන්ඩනයේ එක් ප්‍රදේශයක පාසැලක උගන්වමින්සිට මෙහි පැමිණි ස්වේච්ඡා ගුරුවරියක් අපට කීවේ ඇය ලන්ඩනයෙන් මෙහි ඒමට හේතුව ඇය සේවය කල පාසැලේ ළමයින් හැම වාක්‍යයකටම fucking යන වචනය කිහිප වරක් පාවිච්චි කරන නිසා බව කීවා. ඇය මෙහි පැමිණ මාස කීපයකින් ආපසු ගියා.

බොහෝ විට වෙන්නෙ දුර්වලම, විනයක් නොමැති නොහික්මුණු ළමයින් සමහර විට වෙනත් අයගෙන් වෙන් කර වෙනම පන්තියකට දමන වෙලාවල් තියෙනවා. එවැනි පන්තියකට යන ගුරුවරයා ඉතාම අප්‍රසන්න අත් දැකීම් විඳිනවා.

ප්‍ර: ඔබ එවැන්නෙක්ද?

උ: මමත් එවැනි එක පන්තියක් කරනවා.

ප්‍ර: කොහොමද එහි වැඩ කටයුතු.

උ:මම ඒ තරම් ආගමික නැඹුරුවක් ඇති පුද්ගලයෙක් නොවුනත් එ පන්තියට යාමට පෙර මම මෙහෙම පොඩි යාඥාවක් කරනවා හිතෙන්. දෙවියනේ මම මහ දෙයක් ඉල්ලන්නෙ නෑ. මට මේ පීරියඩ් එක විශේෂ සිදුවීමකින් තොරව නිම කරන්න පිහිට වෙන්න. බැලුවාම ඒ පන්තියට යන අනිත් ගුරුවරුත් එහෙම කරනවලු.

prayer

ප්‍ර: ඔවුන්ට කිසිම දඬුවමක් ලැබෙන්නෙ නැතිද?

උ: දැන් මම ඔවුන්ටත් ඔවුන් මටත් හුරුවීම නිසා වැඩේ හොඳින් යනවා. නමුත් මෙය කොයි වෙලේ පුලුරා යාවිද කිව නොහැකි ගිණිකන්දක් මත ඉන්නවා වගේ තමයි. මුලදී එක ළමයෙක් මට fucking asshole යයි කීම නිසා මම පැමිණිළි කල විට ඔහුව සති දෙකක් පන්ති තහනම් කලා.

ප්‍ර: එපමණයි?

උ: ඔහු මගෙන් සමාව ගත්තා. තව දෙයක් මොන තරම් වැ‍රැද්දක් කලත් ශිෂ්‍යයාව සුව පහසුවට පු‍ටුවක හිඳුවා තියලා තමයි ප්‍රශ්න කරන්නේ.

ප්‍ර: පන්ති තහනම් කිරීමෙන් ඔවුන් පාඩමක් ඉගෙනගන්නවද?

උ: සමහරවිට. සමහරුන් නම් එයින් වීරත්වයට පත් වෙනවා. සමහරු වැඩි කාලයක් පන්ති තහනම් කල ගමන් තමයි.

ප්‍ර: දෙමව්පියගේ බලපෑම කොහොමද?

උ: දෙමාපියෝ ඉතාම බලවත්. ඔවුන්ගේ ඉල්ලීම් බොහෝවිට ඉ‍ටුවෙනවා. ලංකාවේ මෙන් දෙමාපියන් ලවා පාසැලේ ඩෙස්ක් බංකු තීන්ත ගෑම වගේ ශ්‍රමදාන දකින්නට නෑ, පාසැලේ සියලුම කටයුතු වලට සේවකයන් සිටිනවා.

ප්‍ර: ළමයින් දෙමාපියන්ට කීකරුද?

උ: වැඩි හරියක් ඔව්. නමුත් ගුරු දෙගුරු සිසු හමුවලදී අර මා කිවූ පන්ති වල දෙමාපියන් කියන්නේ ළමුන් ඔවුන්ට පාලනය කල නොහැකි බවයි. දෙමාපියන්ටත් ගුරුවරුන්ට වගේම ළමයින්ට ශාරීරික දඬුවම් දීම, තහනම්.

ප්‍ර: ඉතින් මේ ආකාරයට ගියාම ගුරු වෘතිය ‍රැකියාවක් පමණක් වෙලා නේද?

උ: හපොයි ඔව්. ඔවුන් ගුරුවරයාට සලකන්නෙත් තවත් ‍රැකියාවක් කරන පුද්ගලයෙක් හැටියට තමයි. මම නම් කරන්නේ ‍රැකියාවක්. ඒ වුනත් මම සාරධර්මත් හැකි පමණ කියා දෙනවා.

ප්‍ර: ප්‍රතිඵල තියෙනවද?

උ: හපොයි ඔව්. නැතිනම් මේ ‍රැකියාව දිගටම කරගෙන යන්න බැහැ. මේ ලඟදී අපි කලින් සේවය කල පාසැලේ ළමයි කීප දෙනෙක් දුවගෙන ඇවිත් කිව්වා ඔවුන් රෝහලට ආවලු. අපි අද මාකට්‍ටුවටෙ ඒවි කියලා හිතලා මග ‍රැක ගෙන හිටියලු අපිට හලෝ කියන්න. ඒ දෙමාපියන් තවම කියනවා ළමයි අපිව නිතර මතක් කරන බව.

ප්‍ර: දැන් මේ ආකාරයට මේ රස්සාව කාන්තාවන්ට ගැලපෙන්නෙ නෑ කියලයි මට පේන්නෙ.

උ: ඔබ වැරදියි. මගේ බිරිඳ අර මැර පන්ති ඉතාම හොඳින් පාලනය කලා. ඇය කටින් හා බැල්මෙන් පමණක් පාලනය ගෙනයන හැටි මටත් පුදුමයි. කලින් පාසැලේ සමහර මැර යයි සම්මත ළමයින් ඇයට නිතර දුරකථන ඇමතුම් දී පාඩම් වල අමාරු දේ අහගන්නවා, එක් එක උත්සව වලට සුභ පතනවා. සමහරු ‍රැකියාවල් කරනවා. ඒත් නිතර ඇගේ සුවදුක් විමසනවා. වෙලාවකට මටත් අදහාගන්න බෑ.

ඉතින් ලිපිය අහවර කරන්න කලින් තිබස් ප්‍රසන්න කියූ මේ ප්‍රකාශය ඔබේ අවධානයට යොමු කරනවා

Praසන්ன January 23, 2013 at 3:23 PM

>>ඉස්සෙල්‍ල ඔය රටේ ගුරුවරු සහ ළමුන් අතර ඇතිවෙන්න ඇති ප්‍රශ්න ගැන සලකල බලල වෙන්න ඇති සමහරවිට ඔය නීති දාන්න ඇත්තෙ.
මොකද මෑතක ඉඳං ලංකාවෙ ගුරුවරු අතිං ළමයින්ට ලිංගික අතවර වෙන ප්‍රවණතාව වැඩිවෙලා තියෙනව.

නමුත් ලංකාවෙ ඔය නීති තිබුණත් ඔච්චර තදිං ක්‍රියාත්මක වෙයි කියල හිතන්න අමාරුයි.<<

ප්‍රසන්න හරියට හරි කියලා මටත් හිතෙනවා. සමහර මිනිස්සු සීමාවල් නොදන්න නිසා වෙච්ච දෙයක් වෙන්න පුලුවන් මේක.

එතකොට මේ දිනවල දීර්ඝ නින්දකින් අවදිවී සිටින මියුරු කිව්වා මෙහෙම.

Miyuru January 24, 2013 at 5:49 AM

>>කියන්න අමතක උනු තවත් දෙයක් තියෙනවා… එක සැරයක් මෙහේ බටහිර ඕස්ට්‍රේලියාවෙ විවිධ රස්සාවල් ගැන කරපු රිසර්ච් එකකදි වැඩිම ආතතියක් ඇති රස්සාවල් අතුරින් අංක එකට තේරිලා තිබ්බෙ ගුරුකම….<<

මගේ පුතා නිතර කියන කෑල්ලක් තමයි “හා, එහෙම තමයි හිතන්න ආසා… ඒ වුනාට” කියන කෑල්ල. මමත් එහෙම තමයි හිතන්න ආසා. නමුත් මියුරු මම අවංකවම හිතනවා හීත්‍රෝ වගේ ගුවන් තො‍ටුපලක ATC රස්සාව (Air Traffic Controller) මීට වඩා ආතතිය පොඩ්ඩක් වැඩියි කියලා.😀

Aaaaghhh!

ඇත්තම කිව්වොත් ස්ට්‍රෙස් එක අඩු කරගන්න තමයි මේ බ්ලොග් කෙරුවාවත් කරන්නෙ.🙂

 

ටැග: , , ,

9 responses to “112.සැරද ගුරුතුමණි: බණ ටෝකිං.

  1. hiruni

    ජනවාරි 26, 2013 at 2:38 පෙ.ව.

    මේක් නම් ඇත්තටම දුක හිතෙන, කලකිරෙන තත්වයක් තමයි… ලමයින්ට නිදහස වැඩි නිසාද මන්දා…..

    අර කතා කරන්න මග් ‍රැකගෙන ඉන්න, කෝල් කරලා දුක සැප හොයන ලමයින්ගෙන් හරි අර අනිත් නරක ලමයින්ගෙන් එන ආතතිය අඩු වෙනව ඇති කියල මම ප්‍රාර්තනා කරනවා!

    මම හැමදාම දැක්ක දෙයක් තමා, ඔය දෙන්නටම කොච්චර නරක පන්තියක වූනත් ” class control” කියන එක තියෙනවා, ඒකම ලොකු දෙයක් ඩුඩ්😀

     
  2. දුකා

    ජනවාරි 27, 2013 at 3:13 ප.ව.

    අප්පච්චියේ මේ ටික කියවලා ඉවර උනාම හිතෙනවා වාසනාවකට අර මම හීන මවපු විදිහට ටීචර් කෙනෙක් නොවුනේ කියලා.

    අහ් “ටු සර් විත් ලව්”, “ෆ්‍රීඩම් රයිටර්ස්” වගේ ෆිල්ම්ස් බලනවනම් ඩූඩ්ට මේ පාලනය කරන්න අමාරු උන්ව පාලනය කරන හැටි ගැන පොඩි අමතර අදහසක් ගන්න ඇහැක් වෙයි කියලා හිතෙනවා.

     
    • henryblogwalker

      ජනවාරි 27, 2013 at 6:17 ප.ව.

      මචං අපි ඔය ‍ෆිල්ම් බලලා තියෙනවා. ඊට අමතරව තවත් ක්‍රම විදි හුඟාක් අධ්‍යයනය කරනවා PD Sessions. නමුත් සමහර දේ හැම තැනටම ප්‍රායෝගික නෑ. ඒ වගේම අපි මෙතන ක්ලාස් කන්ට්‍රෝල් කරන විදිය ගැන අධ්‍යයනය කලොත් ඊට වඩා ලස්සන ‍ෆිල්ම් ගනනාවක් හදන්න කරුණු හොයාගන්න ඉඩ තියෙනවා.

      ඒ මොනවා තිබුනත් මචං, තැලෙන හිතක් හදන්න මොනවටවත් බෑ.

       
  3. Ayilas A

    ජනවාරි 28, 2013 at 8:44 පෙ.ව.

    අන්න කොමෙන්ට් එක අනිත් පොස්ට් එකේ දැම්මා. අපහු කොටන්න දිග වැඩියි.

     
  4. Ayilas A

    ජනවාරි 28, 2013 at 8:46 පෙ.ව.

    මොකද බන් මේ දෙකේම එකම දම දමා යන්නේ?. දාපියකෝ හොඳ කතාවක් අර “රියට ඇත ඇල්ලු මගියා ” වගේ..

     
    • henryblogwalker

      ජනවාරි 28, 2013 at 11:24 පෙ.ව.

      ස්තුතියි අයිලාස්. උඹට ඒක කෙලින්ම කොපි පේස්ට් කරන්න පුලුවන් මීටත් ලේසියෙන්.

      හහ්, සිංහල බ්ලොග් දෙකක් ලියලා බලහං හොහොමද කියලා ආතල් එක.😀 මේ එකක් වර්ඩ්ප්‍රෙස් කට්ටියට අනික බ්ලොගර් කට්ටියට. පහුගිය කාලෙ ඔය මාරයා හෙම මාව මරාගෙන කෑවේ නැතුවා විතරයි වර්ඩ්ප්‍රෙස් එකට එන්න කරදරයි, ෆෝම් පුරවන්න ඕනෙ හෙම කියලා.

       
  5. ක්සැන්ඩර්

    පෙබරවාරි 1, 2013 at 2:42 ප.ව.

    සැරද ගුරුතුමනි?
    පිස්සුද? කවුද? කෝ? කොහෙද? 🙂
    මම තේරුම් ගත්තු දෙයක් තමා ලෝකේ හැම රස්සවක්ම ස්ට්‍රෙස්ෆුල් වෙන්නත් පට්ටම ජොබ් වෙන්නත් ඒක කරන්නා සතු කළමනාකාරිත්වය සහ උපායශීලී බව හේතුවෙනවා කියන එක. සමහරු ඉන්නෙම අනිත් මිනිහව අඹරන්නේ කොහොමද කියල බල බලයි. එහෙම මිනිස්සු නිසයි ගොඩක් වෙලාවට රස්සා නීරස වෙන්නේ. ඒත් ඒ මිනිහව මට්ටු කරන්න මන්තරේ දන්නවනම් කතාව අනිත් පැත්ත එන්නේ.

     
  6. kuwanna

    පෙබරවාරි 3, 2013 at 7:04 ප.ව.

    It is highly frightening to read the things teachers in foreign countries have to face. Ilike to comment more but husband wants me to cook his dinner.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: