RSS

115. පිස්සු හැදෙන සඳ! Bizarre Laws.

21 Feb
115. පිස්සු හැදෙන සඳ! Bizarre Laws.

ලෝකෙ තියෙන පිස්සුම නීති විසි පහක් ගැන මේ ලඟදි මට කියවන්න ලැබුනෙ අන්තර්ජාලෙ list25.com වෙබ් අඩවියෙන්.

නීති තියෙන්නෙ පුරවැසියන්ගෙ යහපතට වුනාට සමහර නීති නම් මොනවට හැදුවද කියල හිතාගන්නවත් බැරි තරම් විකාරයි.

හරි කතා ඇති. මෙන්න ලෝකෙ විකාරම නීති විසිපහ.

 

25. එක්සත් ජනපදයෙ New Jersey වල, මිනී මරද්දී වෙඩි නොවදින කබායක් ඇඳගෙන  සිටීම නීතියෙන් තහනම්.

24 එක්සත් ජනපදයෙ.North Carolina වල බිංගෝ ක්‍රීඩාවක් පැය පහකට වඩා එක දිගට පැවැත්වීම තහනම්.

23. එක්සත් ජනපදයෙ North Dakota හි කිසිම අවන් හලකදී හෝ මත් පැන් හලකදි බීර සහ ප්‍රෙට්සල්ස් එකට පිළිගැන්වීම තහනම්.

22. ජූනි මාසෙදි හාවෙකුගේ ඡායාරූපයක් ගැනීම නීති විරෝධී වෙන්නෙ ඔබ ඉන්නෙ එක්සත් ජනපදයේ Wyoming වල නම් විතරයි.

21. ඔබ එක්සත් ජනපදයෙ Idaho වල නම් ඉන්නෙ බලාගෙනයි, ඔබේ පෙම්වතියට රසකැවිලි පාර්සලයක් තෑගි දෙන්නෙ. ඒ මොකද ඒ පාර්සලය රාත්තල් පනහකට වැඩි වීම නීති විරෝධියි.

20. එක්සත් ජනපදයෙම Maine වල නත්තල් සැරසිලි ජනවාරි 14න් පසු තියෙන්නට හැරීම නීති විරෝධීයි.

19. එක්සත් ජනපදයෙ Connecticut වලදි පාර මාරුවෙන්න පුලුවන් කකුල් වලින් ඇවිදගෙන විතරයි. ඔබ අත් වලින් ඇවිදගෙන පාර හරහා ගියොත් ඔබව අත් අඩංගුවට ගන්න පුලුවන් ඒ වරදට.

18. ලන්ඩනයේ පාර්ලිමේන්තු ගොඩනැගිලිවල London’s Houses of Parliament මිය යාම නීති විරෝධියි.

17. ස්වීඩනයේ තට්‍ටු නිවාසවල ජීවත්වන්නන් රෑ දහයෙන් පස්සෙ වැසිකිලිය ෆ්ලෂ් කිරීම තහනම්.

16. එක්සත් ජනපදයෙ Vermont  වල ජීවත් වෙන කාන්තාවන් බොරු දත් දානවා නම් සැමියාගේ ලිඛිත අවසරය ඒ සඳහා ලබාගත යුතු වෙනවා.

15. වයස 18ට අඩු අය පින් බෝල් යන්ත්‍රවල ක්‍රීඩා කිරීම තහනම් එක්සත් ජනපදයේ South Carolina වල.

14. රේල් පීලි මතට ලුණු දැමීම එක්සත් ජනපදයේ Alabama වල මරණීය දන්ඩනය නියම කල හැකි වරදක්.

13. එක්සත් ජනපදයේ Arizona හි බූරුවන්ට නාන ඔරුවල නිදාගන්න දෙන්නෙ නෑ.

12.. රියැදුරෙකු නැති කිසිම වාහනයක් පැයට හැතැප්ම 60කට වඩා වේගයෙන් ධාවනය කිරීම වරදක් වෙන්නෙ එක්සත් ජනපදයේ California හිදීයි.

11. එක්සත් ජනපදයේ Alaska වේ ඡායාරූප ගැනීම සඳහා නිදා සිටින වලසෙකු අවදි කිරීම තහනම්.

10.එක්සත් ජනපදයේ Connecticut වලදී ඔබ පැයට සැතපුම් 65කට වැඩි වේගයෙන් පාපැදියක් පැද්දොත් පොලීසියෙන් ඔබව නතර කරාවි.

9.එක්සත් ජනපදයේ Wisconsin වල රජයේ බන්ධනාගාරවල ‍රැඳවියන්ට බටර් වෙනුවට බටර් ආදේශක සැපයීම නීති විරෝධියි.

8. ජිරාෆයකුගේ පිටේ නැගගෙන මාලු බෑම තහනම් වන්නෙ එක්සත් ජනපදයේ Illinois වලදියි.

7. එක්සත් ජනපදයේ Louisiana වල බැංකුවක් මංකොල්ල කන්න අදහසක් තියෙනවානම් හොඳට මතක තියාගන්න, එහෙදි බැංකුව මංකොල්ල කෑවට පස්සෙ බැංකු සේවකයට වතුර පිස්තෝල වලින්  වෙඩි තියන්න තහනම් කියලා.

6. එක්සත් ජනපදයේ Colorado වල නිවැසියන්ට අල්ලපු ගෙදරින් වැක්‍යූම් ක්ලීනරය ඉල්ලා ගැනීම වැ‍රැද්දක්.

5.කිසිම කෙනෙකුට තාරාවෙක් හිස මත තබාගෙන Minnesota ප්‍රාන්ත සීමාව පසු කර යාමට ඉඩක් නෑ.

4.යම් අයෙක්  එක්වර පුද්ගලයන් තුන් දෙනෙකුට වඩා බීම අරන්දීම එක්සත් ජනපදයේ Las Vegas වල නීති විරෝධී ක්‍රියාවක්.

3. ඩෝනට් සිදුරු (උලුඳු වඩේ සිදුරු වගේ) විකිනීම තහනම් කියලා කියන්නෙ එක්සත් ජනපදයේ Nebraska වලයි. ඒක කරන්නෙ කොහොමද කියලා මගෙන් අහන්න එපා.

2. එක්සත් ජනපදයේ Pennsylvania හි වැසියන් ගෙයින් පිටත ශීතකරනයක් තබා ඒ මත නිදා ගැනීම සම්පූර්ණයෙන් තහනම්.

1.එක්සත් ජනපදයේ Vermont හිදී දිය යට ඉඳ විස්ල් කිරීම සපුරා තහනම්.

 
ප්‍රතිචාර 46

Posted by මත පෙබරවාරි 21, 2013 in පරිවර්තන

 

ටැග:

46 responses to “115. පිස්සු හැදෙන සඳ! Bizarre Laws.

  1. hiruni

    පෙබරවාරි 22, 2013 at 12:39 පෙ.ව.

    මේක කියෙව්වම මටත් නිකන් පිස්සු වගේ….මේව අර ඩුඩ් කිව්ව වගේ මොකට දාලද දන්නෙ නෑ….සමහර විට ඔය සමහර දේවල් එක මනුස්සයෙක් එක පාරක් හරි කරපු නිසා නීතිය දාලද දන්නෙ නෑ…. ඒත් අර රස කැවිලි පාර්සලේ වගේ එවට එහෙම වෙන්නත් බෑ සමහර විට නීරෝගී කම ගැන හිතලද දන්නෙ නෑ…හිහ් හිහ් හිහ්😀😀😀

    මම නම් කැමතිම මේ නීතියට…..

    ” 12.. රියැදුරෙකු නැති කිසිම වාහනයක් පැයට හැතැප්ම 60කට වඩා වේගයෙන් ධාවනය කිරීම වරදක් වෙන්නෙ එක්සත් ජනපදයේ California හිදීයි. ” 😀😀😀😀

     
    • henryblogwalker

      පෙබරවාරි 22, 2013 at 8:13 පෙ.ව.

      කිව්වත් වගේ අතීතයේ යම් දවසක එක්කෙනෙක් කරපු වැ‍රැද්දකට දාපු නීති වෙන්න පුලුවන්.

       
    • Senna

      පෙබරවාරි 22, 2013 at 12:27 ප.ව.

      @ hiruni,

      ඕක දැන් විහිළුවක් වුනාට, අනාගතේදි විහිළුවක් වෙන එකක් නෑ.. දැනටමත් පෙර නිමිති පහල වෙලා ඉවරයි නේද ?

       
  2. තිසර

    පෙබරවාරි 22, 2013 at 6:33 පෙ.ව.

    17 ගැන නම් මගේ ලොකු විරෝධයක් නෑ.. මම වතාවක් හිටිය තට්ටු නිවාසෙක ටොයිලට් ෆ්ලෂ් කලාම වතුර බට දෙදරනකොට ඇහැරෙනවා. ඊට අමතරවත් ශෙයාර් එකමඩේෂන් වල ඉන්න අය අතර සාමාන්‍ය සිරිතක් තියනවා මහ රෑ චූ කලාම කොමඩ් එක වහලා තියල උදේට ෆ්ලෂ් කරන්න.

    15 ඉඳන් 11 වෙනකම් ටික රිපීට් වෙලා ඔන්න…

    11 නම් මාර අසාධාරණයි නේද? නිදන් ඉන්න වලස්සු ෆොටෝ ගහලා වැඩක් තියනවද?

     
  3. අහවලා

    පෙබරවාරි 22, 2013 at 7:16 පෙ.ව.

    ස්වීඩන් වල මිනිස්සු පවු…😀

     
  4. maathalan

    පෙබරවාරි 22, 2013 at 9:14 පෙ.ව.

    සෑර් වඩේ එක හිල හදන හැටි නම් දන්නවා. ඩෝනට් වල හිල හදන හැටි කියලා දෙන්නකෝ…

     
    • henryblogwalker

      පෙබරවාරි 22, 2013 at 12:19 ප.ව.

      >>ඒක කරන්නෙ කොහොමද කියලා මගෙන් අහන්න එපා.<<

      බලපං මචං ඩිස්ක්ලේමර් දාලා තිබිලත් උඹ මගෙන් අහන හැටි.

      අර වඩේ වල හිල් හදන හැටි මමත් දන්නවෝ. 😀

       
    • Kenji @ Japan

      පෙබරවාරි 22, 2013 at 1:06 ප.ව.

      චූටි බබා! වඩේට දාපු ඇගිල්ල ඇලෙනව වගේනම් වෙන ඇගිල්ලක් දාල ඩෝනට් එක හිල් කරල බැදෙන්න දාන්න.මැද ක්‍රීම් තියෙන ඩෝනට් කන්න ඕන නම් අච්චුවෙ බේක් කරල පස්සෙ හිලට ක්‍රීම් පුරවල උඩින් තමන් කැමති දෙයක් ඉහගෙන කන්න තමා තියෙන්නෙ.

       
  5. Nips

    පෙබරවාරි 22, 2013 at 9:52 පෙ.ව.

    ස්වීඩනයේ තට්‍ටු නිවාසවල ජීවත්වන්නන් රෑ දහයෙන් පස්සෙ වැසිකිලිය ෆ්ලෂ් කිරීම තහනම්…..

    Mehema ekak nam thibbe ne, api flush kalane

     
    • henryblogwalker

      පෙබරවාරි 22, 2013 at 12:22 ප.ව.

      Nips, ඇත්තෙන්ම මේක වෙබ්සයිට් එකේ තිබ්බ දේක පරිවර්තනයක්. මම මේවයේ සත්‍ය අසත්‍යතාවය දන්නෙ නෑ.
      මෙහෙමත් වෙන්න පුලුවන්. නීති පොතේ තිබ්බට ක්‍රියාත්මක නොවන, ඒ නිසාම මිනිස්සු නොදන්න නීතිත් තියෙන්න පුලුවන්. තවත් සමහරවිට පැමිණිල්ලක් ලැබීම සහ ඔප්පු කරන්න හැකි වීමත් බලපානවා ඇති.

       
    • yeshan

      මාර්තු 5, 2013 at 1:57 ප.ව.

      ලංකාවෙ සුදු ඉරි කපන්නත් බෑ😀

       
  6. Ayilas

    පෙබරවාරි 22, 2013 at 10:06 පෙ.ව.

    //කිසිම කෙනෙකුට තාරාවෙක් හිස මත තබාගෙන Minnesota ප්‍රාන්ත සීමාව පසු කර යාමට ඉඩක් නෑ.//

    කිහිල්ලේ ගහහෙන යන්න පුලුවන්ද?

    //එක්සත් ජනපදයේ Louisiana වල බැංකුවක් මංකොල්ල කන්න අදහසක් තියෙනවානම් හොඳට මතක තියාගන්න, එහෙදි බැංකුව මංකොල්ල කෑවට පස්සෙ බැංකු සේවකයට වතුර පිස්තෝල වලින් වෙඩි තියන්න තහනම් කියලා.//

    ඇත්ත එකකින් වෙඩි තිබ්බට කමක් නැතිද?

    අයි බන් මෙහෙත් ඔය වගේ එකක් තියෙනවා, නබුත් එක නීතියක් නෙවේ රීතියක් වෙලා ..

    දියවන්නාවට බුරුවන් මිස වෙනත් අය පත්කිරීම තහනම්

     
  7. ක්සැන්ඩර්

    පෙබරවාරි 22, 2013 at 10:23 පෙ.ව.

    නිදාන ඉන්න වලස්සු අවදී කරන්න එපා කියන නීතියට මම එකඟයි. හේතුව වලස්සුන්ගේ හයිබර්නේට් සීසන් එකේදී ෆොටෝ ගන්න ඌ නැගිට්ටවනවා කියන්නේ උට කරන ලොකුම අසාධාරණයක්.

     
    • henryblogwalker

      පෙබරවාරි 22, 2013 at 12:32 ප.ව.

      ඔව් බං උඹ කියන දේ ඇත්ත. ඒ දවස්වලට උගේ ශක්තිය වැයවීම අවම කරගන්නනේ හයිබනේට් වෙලා ඉන්නේ. හයිබනේට් මෝඩ් එකේ ඉන්න බ්ලොගර්ස්ලා ගැන උඹේ අදහස මොකක්ද? ඇහැරවන එක හොඳයිද නැද්ද?

      ප ලි: හැබැයි ඔරිජිනල් එකේ තිබ්බේ හයිබනේට් කතාවක් නෙවෙයි. මෙහෙමයි.
      Waking a Sleeping Bear for a Photo Opportunity Is Strictly Forbidden In Alaska

       
      • ක්සැන්ඩර්

        පෙබරවාරි 23, 2013 at 12:21 පෙ.ව.

        සියතින් ගෙල සිඳගන්න ප්‍රශ්න නේ අහන්නේ🙂 මමත් දැන් ඒ වගේ වෙලා නේ.

         
  8. Harshana Adikari (රජා)

    පෙබරවාරි 22, 2013 at 10:47 පෙ.ව.

    මරුනේ… ඕවා කරන උනුත් ඉන්නවද? අර තාරාවෝ ඔලුවේ තියන් යන උන් ඒහෙම..🙂

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

     
  9. රූ

    පෙබරවාරි 22, 2013 at 11:38 පෙ.ව.

    //13. එක්සත් ජනපදයේ Arizona හි බූරුවන්ට නාන ඔරුවල නිදාගන්න දෙන්නෙ නෑ.//
    බූරුවා යන්න නිර්වචනය කරලා තියනවාද දන්නෑ..හික්ස්..

    අරුණි ශපීරෝත් මේ වගේ ලිපියක් ලියලා තිබුනා මතකයි..

     
    • henryblogwalker

      පෙබරවාරි 22, 2013 at 1:04 ප.ව.

      නෑ මේක නිකම්ම නිකං බූරුවා. ඕක නිර්වචනය කරලා බූරුවන්ට ලැජ්ජ හිතෙන්න පුලුවන් නිසා වෙන්නැති එහෙම නොකලේ.

       
  10. Senna

    පෙබරවාරි 22, 2013 at 12:25 ප.ව.

    මොකෝ ඩූඩ් මේක මෙතන දාලා… මම හිතන් හිටියෙ ඔක්කොම අළුත් කතා දාන්නෙ ඩෙනිමෙ කියලා.. එහෙමමත් නෑ වගේ නේද ?

    මටනම් හොඳම විහිළුව අර පාර්ලිමේන්තුවෙ මැරෙන්ඩ තහනම් කියපු එක. මැරුනොත් මොකක්ද දන්නෑ නේද දඬුවම ?🙂

     
    • henryblogwalker

      පෙබරවාරි 22, 2013 at 1:05 ප.ව.

      ඔව් සෙන්නා. නැතිනම් මගේ පළවෙනි සිංහල බ්ලොග් එකට අසාධාරනයක් වෙයි කියලා හිතුනා.

      පාර්ලිමේන්තුවේ මැරුණොත් වහාම අත්ඩංගුවට ගන්නවා හරිද?😀

       
  11. Kenji @ Japan

    පෙබරවාරි 22, 2013 at 1:11 ප.ව.

    අරුණි සහෝදරීගෙන් අහල බලන්න ඕන ඇත්තද කියල.ඔයාව මට ෂුවර් නැහැ:).

     
  12. weniwel

    පෙබරවාරි 22, 2013 at 5:49 ප.ව.

    වැරදියට සිංහලෙන් බ්ලොග් ලියන උන්ට වෙඩි තියනවා වගේ නීතියක් තාම නෑ නෙද බන් ????

     
  13. පනුච්චි

    පෙබරවාරි 22, 2013 at 6:44 ප.ව.

    .එක්සත් ජනපදයේ Vermont හිදී දිය යට ඉඳ විස්ල් කිරීම සපුරා තහනම්. හැකිස්…
    මරු නීති ටික ඇත්තටම..
    ජය වේවා!!!
    සිනා බෝ වේවා!!!

     
  14. ravi

    පෙබරවාරි 23, 2013 at 12:19 ප.ව.

    මෙහෙම නීතියක් කොහෙවත් නැති එකයි මයෙ කනගාටුව….

    Its illegal to publish your old blog posts again using various ruses such as simulblooged @ such & such or English version of this was earlier published on such & such.

    තව පොඩි ප්‍රශ්නයක්….

    / 25. එක්සත් ජනපදයෙ New Jersey වල, මිනී මරද්දී වෙඩි නොවදින කබායක් ඇඳගෙන සිටීම නීතියෙන් තහනම්. /

    මෙතන පැහැදිලි කරල තිබ්බෙ නැද්ද බාං ..කොහොමද “මිනී” මරන්නෙ කියල?

     
    • henryblogwalker

      පෙබරවාරි 23, 2013 at 12:59 ප.ව.

      මේක මචං simulblog හෝ reblog කරපු එකක් නෙවෙයි හැබැයි. මේක අලුත්ම එකක්.
      මැරුවට ප්‍රශ්ණයක් නෑ මචං. නමුත් කෙව්ලාර් ජැකට් ඇඳලා වෙඩි පාර මට අරින්න තහනම්.

       
      • ravi

        පෙබරවාරි 23, 2013 at 1:54 ප.ව.

        / මේක මචං simulblog හෝ reblog කරපු එකක් නෙවෙයි හැබැයි. මේක අලුත්ම එකක්. /

        Heh, heh, I was speaking not about this particular post , machan, just generally… එම්බා හෙන්රියනි. කළබල නොවනු මැන. මා තොපගේ පාදයෙන් ඇද්දා පමණි.🙂

        / මැරුවට ප්‍රශ්ණයක් නෑ මචං. නමුත් කෙව්ලාර් ජැකට් ඇඳලා වෙඩි පාර මට අරින්න තහනම්. /

        මම අදහස් කලේ මල්ලි මේකයි……මිනී කිව්වම දැනටම මැරිල නෙව. ඉතිං මැරිච්ච දෙයක් ආයෙම මරන්නෙ කොහොමද කියලයි මම ඇහුවෙ..🙂

        ඔය වගෙ තව එකක් තමයි ” මරණ ” ගෙදර…හෙහ්, හෙහ්…

         
        • henryblogwalker

          පෙබරවාරි 23, 2013 at 2:22 ප.ව.

          මිණී මරන්න බැරි බව මට කිව්වේ තාත්තා. ඒ එක්කම අසාධ්‍ය රෝහ්ගියෙකුට ලේ අවශ්‍ය වුනාට වැඩක් නෑලු දීලා. මොකද අසාධ්‍ය කියන්නෙ සනීප කරන්න බැරි කියන එකලු. දුස්‍යාධ්‍ය ලු හරි වචනෙ.

          කෙසේ හෝ මිණී මැරුම් යන වචනය වැරදි යෙදුමක් හැටියට සලකන්න බැරි තරම් සමාජගත වෙලා තියෙන නිසාත්, වෙන ඕක කියන්නෙ කොහොමද කියලා මම නොදන්න නිසාත් දිගටම මිනී මැරීම යන යෙදුම පාවිච්චි කරන්නට මා අදහස් කරන බව ගෞරව බහුමානයෙන් යුතුව ලෝක වාසීන්වෙත දැනුම් දෙමි.

          ඇයි බං හිරු නගින තෙක්/ හිරු නොනගින තෙක්…

           
          • ravi

            පෙබරවාරි 23, 2013 at 4:41 ප.ව.

            හැබෑටම මොකක්ද හරිම වචනෙ?….මිනී මරන්ඩ නෙවෙයි මිනිස්සු මරන්ඩද?..එතකොට එහෙම කරන්නෙ මිනීමරුවන් නෙවෙයි මිනිස්මරුවන්ද?

            හිරු නගින තුරු / නොනගින තුරු කියන දෙකෙන්ම කියන්නෙ එකම දේ කියලයි මට හිතෙන්නෙ හැබැයි…

            හිරු නොනගින තුරු ගහ යට අඳුරුයි කිව්වත් හිරු නගින තුරු ගහයට අඳුරුයි කිව්වත් දෙකම හරි වගේ කියලත් මට හිතෙනව.එකකින් කියන්නෙ හිරු නැග්ගම අඳුර දුරුවෙනව, ඒත් එතකල් අඳුරුයි කියල.අනෙකෙන් කියන්නෙ හිරු නොනැංගොත් අඳුර දිගටම තියෙයි කියල. මන්දා මට හිතෙන්නෙ නං එහෙම…🙂

            පත්තර වල තියන තව ඔය වගෙ වැරදි යෙදුමක්…වැඩ වර්ජනය නිසා ඊයේ රෝහල් සේවා සම්පූර්ණයෙන් අඩාල විය. අඩාල කියන්නෙ බාගෙට…බාගෙ ගැන කියල ඒ එක්කම මුලට දානව සම්පූර්ණයෙන් කියලත්….🙂

             
            • henryblogwalker

              පෙබරවාරි 23, 2013 at 4:53 ප.ව.

              හරි වචනේ මොකක්ද මන්දා බං.

              හැබෑට අඩාල කියන්නෙ බාගෙට නේ? උඹ කිව්වාමයි මතක් වුනේ. පොල් අඩලෙ කියන්නෙත් ඒකට සම්බන්ධ වචනයක් එතකොට නේ?

               
  15. kuwanna

    පෙබරවාරි 23, 2013 at 7:15 ප.ව.

    It seems they are crazier than we are.I agree with Ravi.’ Its illegal to publish your old blog posts again using various ruses such as simulblooged @ such & such or English version of this was earlier published on such & such’ .

     
  16. JP

    පෙබරවාරි 24, 2013 at 1:54 ප.ව.

    බුරුවන්ට නිදි තහනම් ඇරිසෝනා වේ
    ඇති වෙනකම් තප්පුල්ලාපන් දියවන්නා වේ

     
  17. DDT

    පෙබරවාරි 24, 2013 at 10:46 ප.ව.

    මේක හරි යන්නෙ නෑ ඩූඩ්. ඔයා ඔක්කොම ඩෙනිමට දානව කියල මම හිතන් හිටියෙ. ඉතිං තව පොඩ්ඩෙන් මේක දෙවැනි පාරට ඩෙනිමට ඔබනකන් බලන් ඉන්න වෙනව. ඒ පිළිබඳ මාගේ බලවත් මෙව්ව එක.

    මේ ඇත්තටම මේව විහිළු නෙවිනේද? සමහරක්ව හිතන්නත් බෑ. සාමාන්‍යයෙන් ඕනම රටක් යම් දෙයක් ගැන නීතියක් පනවන්නෙ එක්කො ඒක නිතර නිතර වෙන කරදරකාරී සිදුවිමක් නම්. නැත්නම් තමන්ගෙ රටේ, මහජනයාගෙ, දේපලවල ආරක්‍ෂාව ගැන හිතල. එහෙමත් නැත්නම් මෙතෙක් නීති පොතක සඳහන් නොවුන නමුත් දඬුවම් නොකර නොසිටිය හැකි බරපරතල තත්ත්වයෙ වැරැද්දක් යම් පුද්ගලයෙක් හෝ ආයතනයක් කරොත් වගේ සිදුවීම්වලටනේ. මේ සමරක්ව අපිට විහිළු වුනාට ඒ ඒ ප්‍රදේශවලට ආවේනික යම් යම් ගැටළු වෙන්නත් පුළුවන්.

    කොහොම උනත් මට නම් ඒ හැටි විශ්වාසයක් නෑ මේව ගැන. මතකනේ, අපේ ඔබා මාමත් අන්තිමට ලියපු ලිපිය ඔය වගේ ජාලෙ තිබිච්ච විකාරයක් ඇත්ත කියල හිතල ඒ ගැනනේ, ඒත් ඒ වගේ තැනකදි නම් තමන්ගෙ ආරක්‍ෂාව ගැන තමන් සැලකිලිමත් වීම වැඩිය හොඳයි කියමුකෝ. ඒ වුනාට මේ සමහරක්ව …..

    අපේ රටෙත් පහුගිය කාලෙ මේක තහනම්, අරක තහනම්, අනිත් එක තහනම් කිය කිය එක එක එව්ව තහනම් කරගෙන ගියපු හැටියට ලෝකෙ වෙනත් දියිණු ජාතීන් අපි ගැනත් හිතුවෙ මෙහෙමද මන්ද?

     
    • henryblogwalker

      පෙබරවාරි 25, 2013 at 9:10 පෙ.ව.

      DDT, මේක ජාලෙ තිබිලා පරිවර්තනය කරපු එකක් තමයි. අර උඩ තියෙන ලින්ක් එකෙන් බැලුවෑකි ඉංග්‍රීසි මුල් ලිපිය. නමුත් ඔයා කියනවා වගේ මේවායෙ සත්‍ය අසත්‍යතාවය ගැන මට සහතික වෙන්න බෑ.

      ඒත් සමහර විකාර නීති ලෝකෙ තියෙනවා කියලා නම් කියන්න පුලුවන්. සමහර විට අතීතයේ යම් සිදුවීමක් නිසා හදපු නීති වෙන්න පුලුවන්. නැතිනම් නීතිය තිබ්බත් බලපවත්වන්නෙ නැතිව හෝ කෙනෙකුට නඩු පවරලා නැතිවා වෙන්නත් පුලුවන්.

      කෙසේ හෝ මෙන්න මේ සයිට් මම බැලුවා. සමහර දේවල් ඇත්ත. සමහර දේවල් බොරු. සමහර දේවල් හරියට කියන්න කෙනෙක් නෑ. සමහර දේ බලපවත්වන්නෙ නෑ. ඔය වගේ.

      මම සර්ච් කලේ මෙහෙම

      The truth about bizarre laws
      dumb laws in US
      crazy laws
      stupid laws

      මෙන්න සමහර තැන් කීපයක්

      http://en.wikipedia.org/wiki/Dumb_laws

      http://lawcommission.justice.gov.uk/docs/Legal_Oddities.pdf

       
  18. chandana

    පෙබරවාරි 25, 2013 at 9:32 ප.ව.

    යස නීති ටික. අපේ දේසපාලුවෙක් ගෙ ඇස නොගැටේවා..🙂

    වලහා සම්බන්ධ නීතිය, ජිරාෆ් ගෙ පිටේ නගින්න එපා කියන එක එහෙම නම් සත්ත්ව හිංසාව පැත්තෙන් හිතල දැම්ම වෙන්න ඇති.

     
  19. iamdeejay

    පෙබරවාරි 26, 2013 at 10:27 පෙ.ව.

    ඩුඩ්,

    අර 4වෙනි එක නම් වෙන්න පුළුවන්ද කියලා හිතෙනවා, Las Vegas වල …. :O

     
  20. iamdeejay

    පෙබරවාරි 26, 2013 at 10:47 පෙ.ව.

    ඩුඩ්,

    අර 4වෙනි එක නම් [වෙන්න නෙමෙ] කරන්න පුළුවන්ද කියලා හිතෙනවා, Las Vegas වල …. :O

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: