RSS

118. ඩයට් කෙරුවාව ගැන ඔබ (නො)දත් දේ.

14 Mar
118. ඩයට් කෙරුවාව ගැන ඔබ (නො)දත් දේ.


ආතතිය අඩු කරන ආහාර සැලැස්මක්
/ STRESS DIET.


උදෑසන ආහාරය:

දොඩම් ගෙඩියකින් භාගයක්
කර කරන ලද දුඹුරු පාන් පෙත්තක්
යොදය ඉවත් කරන ලද කිරි මිලී 300ක්
කැෆේන් රහිත කෝපි.


දිවා ආහාරය:

ග්‍රිල් කරන ලද කුකුල් මස් ග්‍රෑම් 80ක්
වාෂ්පයෙන් තම්බන ලද කැරට් අලයක්
ග්‍රීන් ටී හෝ කොල කැඳ කෝප්පයක්
චොක්ලට් ආලේපිත වේෆර් විස්කෝතු එකයි.


සවස තේ වේල:

චොක්ලට් ආලේපිත වේෆර් විස්කෝතු වල ඉතිරිය
අයිස්ක්‍රීම් ලීටර් එකයි.
වටලප්පන් හෝ කිතුල් පැණි සමග කිරි හට්ටියක්.


රාත්‍රී ආහාරය:

පාන් ගෙඩි දෙකයි
විශාල පීට්සා එකයි
සුදු හෝ රතු වයින් වීදුරු 6යි.
මාර්ස් චොකලට් බාර් 3යි.


ඩයට් කෙරුවාව ගැන ඔබ (නො)දත් දේ.

  1. ඔබ රහසින් කන දේවල කැලරි අඩංගු නොවේ.
  2. ඩයට් කෝලා බොමින් කන චොකලට් වල ඇති කැලරි, ඩයට් කෝලා වලින් අවලංගු වේ.
  3. තවත් කෙනෙක් සමග ආහාර ගන්නා විට, ඔබ අනෙකාට වඩා අඩුවෙන් කොටා බාන්නේ නම්, ඔබේ කැලරි ගනන් නොගැනේ.
  4. ඖෂධීය අරමුණු සඳහා ගන්නා ආහාර වල අඩංගු කැලරි කිසිසේත්ම ගනන් නොගැනේ. (උදාහරණ: කෝපි, බ්‍රැන්ඩි)
  5. සිනමාවට අදාල අහාර (උදාහරණ: පොප් කෝන්, අයිසි චොක්ස්, චොකලට් පාන) විනෝදාස්වාද පැකේජයේම කොටසක් වන බැවින් කැලරි අඩංගු නොවේ.
  6. විස්කෝතු කුඩුවල කැලරි අඩංගු නොවන්නේ, ඒවා කුඩුවීමේ ක්‍රියාවලියේදී කැලරි පිටවන නිසාය.
  7. කෑමක් පිළියෙල කරන විට හැඳිවලින් සහ පිහි තලවලින් ලෙවකන දෑවල කැලරි අඩංගු නොවන්නේ, කැලරි සම්පූර්ණ ආහාරයක කොටසක් බවට පත්වීමට නම් ආහාරය පිසීම අවසන්වී තිබිය යුතු නිසාය. (උදාහරණ: හැන්දෙන් ලෙව කන අයිස්ක්‍රීම්, උකුකිරි, පිහිතලයෙන් ලෙව කන අයිසිං වැනි දේ)
  8. සමාන වර්ණයෙන් යුතු ආහාර වල ඇති කැලරි සංඛ්‍යාව සමානවේ. (උදාහරණ:
    නිවිති සහ කොල පැහැති ජෙලි,
    බිම්මල් සහ වැනිලා අයිස් ක්‍රීම් හෝ සුදු චොකලට්.)

සටහන: යොදය ඉවත් කල කිරි සමග බීමෙන් තේ කෝපි වල අඩංගු කැෆේන් මෙන්ම කැපුචීනෝ හෝ චොකලට් පාන වල අඩංගු මේද සහ සීනි වල ඇති හානිකර ගුණය උදාසීන වේ.

ප. ලි.: 


PLEASE DON’T TRY THIS AT HOME.

 මගේ සහෘදයා කෙන්ජි වර්ඩ්ප්‍රෙස් එකෙන් මේක කියවලා මෙහෙම කිව්වා.

>>හෙන්රි; බොලාට පිස්සුද?නොදරුවෝ මේවා බලල ඇත්තටම කෑවොත්?<<

මම හිනාවෙලා නිකං හිටියා. මෙන්න කෙන්ජියා බ්ලොගර් වලින් කියවලා මෙහෙමත් කියලා.

>>හෙන්රි,මේකෙ අන්තිමට මොනව හරි විස්තරයක් ලියන්න.නැත්නම් කෙට්ටුවට ඉන්න නංගිලා/මල්ලිලා ඔහොම ඇත්තටම කාල මල කෙලියක් වෙනවා:).<<

ඇයි මේකා මෙච්චර මෙහෙම කියන්නෙ? මම විහිලුවටනෙ මේක ලිව්වෙ. ඇත්තෙන්ම ලිව්වෙ  නෙවෙයි.  සුලු සුලු වෙනස්කම් ඇතිව පරිවර්තනය කලේ. පස්සෙ අනිත් කමෙන්ට්සුත් කියවනකොට මට තේරුනා කෙන්ජි හරි කියලා. සමහර යාලුවො මේක සිරාවට අරගෙන. කෙන්ජි හරි. වෝර්නිං එකක් දාන්න වෙනවා.

මේක විහිලුවක් බොලල්ලා. මේක කරන්න යන්න එපා. මේ තමයි මිනිස් මොලය වැඩ කරන ආකාරය පිළිබඳව උදාහරණයක් හාස්‍යජනක විදියට  ඉදිරිපත් කරපු එක් අවස්ථාවක්. මෙතන සිරා පණිවිඩයක් තියෙන්නෙ. හුඟක් වෙලාවට අපි කරන්නෙ අපේම හිත රවටා ගැනීමයි. උදේට සහ දවල්ට මහ ලොකුවට ප්ලෑන් කරලා අරෙහෙම කෑවට, ඇරියස් එක්ක අල්ලනවා ටික වේලාවකින්, හවස තේ වේලෙ ඉඳලා.

අනික අර දීලා තියෙන නිදහසට කරුණු, අපි එකම දවසෙ නැතත්, වරින් වර අපිවම රවටාගන්න අපිටම දෙන නිදහසට කරුණු නොවෙයිද?

ඔන්න කිව්වා. PLEASE DON’T TRY THIS AT HOME.

DSCN2850 - Copy

My thanks to Allen Pease.

Simulblogged @ මගේ ඩෙනිම My Blue Jeans

 

ටැග: ,

40 responses to “118. ඩයට් කෙරුවාව ගැන ඔබ (නො)දත් දේ.

  1. hiruni

    මාර්තු 14, 2013 at 11:05 ප.ව.

    මටනම් ශෝක්ම ඩයට් එක….. මේකට තමා මම කැමතිම….

    ” සවස තේ වේල:

    චොක්ලට් ආලේපිත වේෆර් විස්කෝතු වල ඉතිරිය
    අයිස්ක්‍රීම් ලීටර් එකයි.
    වටලප්පන් හෝ කිතුල් පැණි සමග කිරි හට්ටියක්.”

    ඇත්තටම අද ඉදන් මම මේක අනුගමනය කරනව….

    ඇයි මේක කියවල හිනා ගිහින් පන ගියා…..

    “විස්කෝතු කුඩුවල කැලරි අඩංගු නොවන්නේ, ඒවා කුඩුවීමේ ක්‍රියාවලියේදී කැලරි පිටවන නිසාය.”

    යේ…………………

     
  2. Alchemiya

    මාර්තු 14, 2013 at 11:24 ප.ව.

    යකෝ මේකා මේ මාසෙකට කන්න තියෙන 2500 ට කෙළින්න හදන්නෙ…. හුහ්.. ඒවා කොහෙද අපිත් එක්ක… අපි පරණ පුරුදු හිඟන විදියටම කනවා..

     
  3. Rohan

    මාර්තු 15, 2013 at 1:26 පෙ.ව.

    i start reading this with huge interset!
    as i’m also a kind of overweight person & desparate for getting some weight loss!
    But see what you have done!!!!!!!!!!!!

    Tks henry!!

     
  4. wicharaka විචාරක

    මාර්තු 15, 2013 at 11:32 පෙ.ව.

    මේක කියවලා මට ආතතිය හැදුනෝ…………….

     
  5. Raigama

    මාර්තු 15, 2013 at 2:38 ප.ව.

    මචං රාත්‍රී කෑම වේල නම් නරකම නැහැ. ඔය පාන් ගෙඩි දෙකයි, පිට්සයි පැත්තකින් තියලා අර බොන්න තියන විදුරු 6 මුලින් ගන්න ඕනේ.

     
  6. luckywicks

    මාර්තු 15, 2013 at 2:49 ප.ව.

    මම නම් මේ විදිහට නෙ කොහොමත් කන්නෙ. අර උඩ කියලා තියෙන දේවල් ගැන මම හොඳටම දැනුවත්. අන්න ඒ නිසා මම ලස්සනට රවුමට බෝලෙ වගෙ ඉන්නවා! බිස්කට් කුඩු තව ටිකක් කෑමට එකතු කරගන්න ඕනෙ.

     
  7. ayilas

    මාර්තු 15, 2013 at 4:46 ප.ව.

    උඹට පිස්සුද බන්.. ලංකාවේ උන්ගේ කෑම වට්ටෝරුව මෙන්න.

    උදේ
    බත් මේස හැඳි 1 හෝ පාන් පෙති භාගයක් සමග
    තම්බාගත් තණ කොළ

    දවල්
    බත් මේස හැඳි 2 හෝ පාන් පෙත්තක් සමග
    තණ කොළ වලින් සාදාගත් මැල්ලුමක්

    රාත්‍රී
    හුලන් බී නිදා ගැනීම.

    ** තණ කොළ සඳහා කිසිඳු කෘමිනාශක භාවිතයක් නොමැති හෙයින් ඉතා ගුණදායකය. නුදුරු අනාගතයේදීම බත් මේස හැන්දෙන් නොව තේ හැන්දෙන් බෙදීමට සිදුවනු ඇත. මෙලෙස අහර ගැනීමෙන් ශරීරයට අවශ්‍ය කරන කැලරි ප්‍රමාණය ලැබේ.

     
  8. maathalan

    මාර්තු 16, 2013 at 1:37 ප.ව.

    මරු ඩයටීෂන්

    මෙන්න ලංකාවේ කෑම වේලවල්..

    උදෑසන ආහාරය ..
    පාන් සහ පරිප්පු

    දිවා ආහාරය
    පරිප්පු සහ පාන්

    රාත්‍රී ආහාරය..
    පාන් සහ පරිප්පු හෝ
    පරිප්පු සහ පාන්

     
  9. praveena

    මාර්තු 16, 2013 at 2:22 ප.ව.

    හපොයි මේ ඇත්තද? ආතතියට ? 🙂

     
  10. uwiniran

    මාර්තු 16, 2013 at 2:31 ප.ව.

    හෙන්‍රියෝ ඉස්සරනම් බ්ලොග් එක මරු දැන් නිකන් වැටකොලු, පතෝල වගේ..

     
  11. marayagehorawa

    මාර්තු 16, 2013 at 3:03 ප.ව.

    යකෝ මුල් ආහාර වට්ටෝරු දෙක කියවං එද්දී මට තොගේ කණට ගහන්න හිතුනා.. ඇයි යකෝ මොකාටද බුළුවන් දොඩං පලුවකුයි පාන් පෙත්තකුයි කාලා කිරි බීලා දවල් වෙනකල් ඉන්නේ බඩ ගින්න උහුලං.. එහෙම ඉදලා ආයේ දවල්ටත් කැරට් අලයක් එක්ක මස් අවුන්සයකුයි බිස්කට් එහෙකුයි කාලා ඉන්න… එහෙම මල පැනලා තොටෙ හොදවෑයින් දෙකක් කියන්න කියලා හිතං පහලට බහිද්දිනේ දැක්කේ සැබෑ සිරි ලාංකීය වට්ටෝරු දෙක… එතකොට තමයි යාන්තං හිත සැනසුනේ…😀

    මගේනං සාමාන්‍ය කෑම වේල් හැදෙන්නේ මෙන්න මෙහෙමයි….

    උදේට කෑම වේල්…

    1-ක්‍රීම් කැකර් අටක් එක්ක හොදවෑයින් නැස්ට මෝල්ට් එකක්…

    එහෙමත් නැත්තං
    2-පාන් බාගයක් එක්ක හොදි මොනවා හරි… ප්ලේන්ටියක්

    3-බත් පොල් කටු හැදි හතරක් එක්ක පොල් සම්බෝලයි

    4ඉඳි ආප්ප විසිපහක් එක්ක පොල් සම්බෝලෙකුයි හොදි මොනවා හරියි…කෝපි කෝප්පයක්…

    ඔය සිස්ටම් එක තමා සාමාන්‍යයෙන්…
    ————

    දවල්ටනං අනිවාර්යයෙන් බත් කමයි.. හැබැයි හැදි පහක් හෝ හයක් ඕන.. ඒකට හරියන්න මොනවා හරි හොදි මාළු පිණී තුනක් විතර එක්ක… එකක් මස් මාළු කරවල හෝ බිත්තර.. අනික එළවළුවක් හෝ පරිප්පු වගේ දෙයක්… තුන් වැන්න මැල්ලුමක් සලාදයක් හෝ බැදුමක්…
    ———–

    රෑට…

    ආයේ ඉතිං ඔයාකාර නහින්න පුළුවන්ද..? දවල් ඉවුව ටිකේම ඉතිරිය රත් කරං හොදි ඇතිලියකටම දාගෙන ඇතිලිය පිහගෙන කනවා… හැබැයි ඔතනදී ප්‍රමාණය හරියටම කියන්න බැහැ… මොකද සමහර විට බත් හැදි දෙකක් තුනක් තියෙන වෙලාවලුත් තියේ.. සමහර විට බත් හැදි හත අටක් තියෙන වෙලාවලුත් තියේ… ඒ කොහොම තිබුනත් තියෙන ටික ඔක්කෝම අහවර කරලා තමා මං පස්ස බලන්නේ.. නැතිව ආයේ ඇතිලිය හෝදන්න ඇහැකියෑ ඕකේ අනං මනං ඉතිරි කරලා තියෙද්දී…

    ආන්න එහෙමයි මම මගේ මේ සරීර කූඩුව පවත්තාගෙන යන්නේ…😀

     
    • Kenji @ Japan

      මාර්තු 16, 2013 at 6:01 ප.ව.

      හැබැයි ඉතින් නැස්ට මෝල්ට් බීපු උදවිය “අරය”වගේ එක්ස සැයිස් පාරකුත් දැම්මනම් තමා හරි.

       
    • ක්සැන්ඩර්

      මාර්තු 16, 2013 at 10:23 ප.ව.

      අඩේ ඩා… පොල් සම්බෝල කනවයි කියන්නේ සෙල්ලං ද මාරයියේ…

       
  12. Senna

    මාර්තු 16, 2013 at 5:00 ප.ව.

    බ්ලොග් රෝලෙ මැද්දෙන්නෙ ඩූඩ් මේකෙ පෝස්ට් අප්ඩේට් වෙන්නෙ.. තව පොඩ්ඩෙන් මිස් වෙනවා..

    මමත් උදරය ටිකක් අඩු කරගන්න කියලා පාලනය කරන්න හදනවා.. කොහෙද මොනවම හරි කැවෙනවනෙ..

     
  13. Kenji @ Japan

    මාර්තු 16, 2013 at 5:50 ප.ව.

    හෙන්රි; බොලාට පිස්සුද?නොදරුවෝ මේවා බලල ඇත්තටම කෑවොත්?

     
  14. DDT

    මාර්තු 17, 2013 at 11:15 පෙ.ව.

    බැයිද ඕක සූට්ටක් එහෙට මෙහෙට කරල උදේටයි දවල්ටයිත් අර රෑට තියෙනව වගේ බොහොම සරල සිම්පල් කෑම සූට්ටක් ඇඩ් කරන්න. අනෙක අපි ඉතිං ඔය වීදුරුවල හලාගෙන බොන එව්ව පාචිච්චියක් නැහැ නෙව ආයිබෝවන්ඩ, බැරිවෙයිද ඒ වෙනුවට වෙන මොනාහරි දාලා දෙන්ඩ, නැත්නම් අපරාදෙ නේ.

     
  15. දුකා

    මාර්තු 17, 2013 at 1:37 ප.ව.

    අමුතුවෙන් ට්‍රයි කොරන්න දෙයක් නෑ බන් ඔය තරම් සාරෙට නැතත් රෑට දෙසා බාන එක එහෙම බැලුවාම මමත් හෙන සිරා ඩයට් කරන පොරක් හරිය . . හික් හික් හික්

     
  16. අසරණයා

    මාර්තු 17, 2013 at 5:06 ප.ව.

    මමත් හිතුවේ මේක සිරා කියල. මොකද උඹේ විහිළු බලාපොරොත්තු වෙන්නේ කතාවලින් නේ. අධ්‍යාපනික වගේ දෙයක් දැම්මොත් මම එක සිරාම කියල හිතන්නේ. මොකද උඹ ඒ සම්බන්ධව ඉන්න නිසා.

     
  17. Bindi

    මාර්තු 17, 2013 at 8:20 ප.ව.

    හික් මාත් බැලුවේ මේකාට පිස්සුද මොන එකකට ඩයට් ලිස්ට් බ්ලොග් එකේ දානවද කියල . මම වැඩිය කන කෙනෙක් නෙමේ . ඩයට් කරන්න නම් අමාරුයි . හැබැයි රාත්‍රීයට නම් බොහොම අඩුවෙන් කන්නේ . ඒ වුනාට සම්බෝලයක් හෙම හදපු දවසට හොඳටම කනවා . අපේ දිව පැණි රසට වැඩි කැමැත්ත . ඒක තමා මගේ ලොකුම අවුල .

     
  18. රූ

    මාර්තු 17, 2013 at 9:42 ප.ව.

    ඇත්තම කියනවා නම් හිනාගියේ පෝස්ටුවේ අන්තිම කොටසට..
    ම්..ලියන්නා කෙසේ ලීවත් කියවන්නා සිහිබුද්ධියෙන් කියවිය යුතුය..බ්ලොග් වලදී නම් කියවන්නා විසින් ලියන්නාට පැහැදිලි කොට කොමෙන්ටුවක් කෙටිය යුතුය!!

     
  19. මඩිස්සලේ නිශාන්

    මාර්තු 18, 2013 at 8:26 ප.ව.

    මම උඬගු කමකට කියනවා නෙවේ මම නම් කැලරි ගැන මාරම විදියට දැන් දැනුවත්.හෆොයි මම කාපු කට්ටක්.ආයේ නම් බඩගින්නේ හිටියත් ඕනාවට වඩා කන්නේ නැහැ.ඒ වගේමයි ව්‍යායාම් කිරීම නවත්වන්නෙත් නැහැ.🙂

     
  20. iamdeejay

    මාර්තු 20, 2013 at 1:33 ප.ව.

    ඩුඩ්,

    මේ ඩයට් කිරිමේ පොස්ට් එක දැක්කාම මට මතක් වුනේ මමයි අක්කායි ටීනේජ්ස්ලා කාලේ අපිටත් හැදුනා ඔය ඩයට් කිරිමෙ මෙනීයාව.

    ඉතිං අපි දෙන්නා කතා වුනා අපි කොච්චර අමාරු වුනත් රෑට කන්නේ නැතුව ඉමු කියලා. ඒ වගෙම කොහොම හරි රෑට කන්නේ නැතුව ඉදලා ඊට පස්සෙ උදේ ඉදලා අර ස්කිප් කරපු කැම එකටත් එක්ක කිප වරක් දවස තිස්සේ කාලා ආයෙත් රෑට ඩයට් කරනවා.

    ඒ දවස් වල අපේ මෙ ඩයට් කිරිල්ල හරිම හිට් එකක් අපේ පවුලේ අය අතර.😀

     
  21. chevindu

    මාර්තු 20, 2013 at 6:43 ප.ව.

    Reblogged this on Chevindu's personal Blog.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: