RSS

HELP! ඔන්න උඹලා උදව්වක් කරනව නම් වෙලාව! HELP!

23 Mar
HELP!  ඔන්න උඹලා උදව්වක් කරනව නම් වෙලාව! HELP!

මගේ ඩෙනිමට අලුත් පෝස්ට් අප්ඩේට් නොවෙන ලෙඩක් හැදිලා.

e-mail subscribe කරලා තියෙන අයට පෝස්ට් එක ගැන notification e mail එක එනවා.

නමුත් Google Reader එකේ වත් බ්ලොග් රෝල් වල වත් අප්ඩේට් වෙන්නෙ නෑ.

ඇත්තෙන්ම රීඩර් එකේ කෙසේ වෙතත් බ්ලොග් රෝල් වල අප්ඩේට් නොවෙන එක නම් හෙනම ඇණයක්.

මේ ප්‍රශ්ණෙ තියෙන නදිනි ඇතුලු කීප දෙනෙක්ම ඉන්නවා. ඒ වගේම සරත්, මී පැටියා ඇතුලු තව කීප දෙනෙක්ම හිටිය බවත් මතකයි.

දැන් දවස් ගානක් තිස්සෙ ජාලෙ පීරලා හෙව්වත් මේ ගැන් ප්‍රශ්ණ කරපුවා මිස උත්තරයක් ලැබිච්ච තැනක් මට නම් හොයාගන්න බැරි වුනා.

මේ ගැන පරීක්ෂණ කරන්නම අලුතෙන් තවත් බ්ලොග් එකක් හදලා බැලුවා. ම්හ්ම්.

මේ ප්‍රශ්ණය ෆීඩ් වල අවුලක් වෙන්න ඕනෙ. ඒත් ඒක හොයා ගන්න බෑ හරියට. ෆීඩ් එක හරියට පෙන්නනවත් එක්ක.

ඉතින් අන්තිමේදී අර අමාරුවෙන් හදාගෙන තිබ්බ ටෙම්ප්ලේට් එකත් මාරු කරලා බැලුවා. හරි ගියේ නෑ.

ඉතින් ඔයාලා කට්ටියගෙන්ම මට පොඩි සහයෝගයක් ඕනෙ වෙලා තියෙනවා.

ඔය රීඩර්, සින්ඩි, මොක තිබුනත් කෙනෙක් බ්ලොග් පෝස්ට් එකක් කියවන්න එන්නෙ තමන් ගිය බ්ලොග් එකක බ්ලොග් රෝල් එකේ දැක්කාම තමයි වැඩි වශයෙන්ම.

ඉතින් මට සහයෝගය දැක්විය හැකි ක්‍රම දෙකක් තියෙනවා දැනට.

පළවෙනි එක මගේ දැනට අප්ඩේට් වෙන HeyDude සහ මට හිතෙන හැටි සහ මේ මොහොතේ අප්ඩේට් නොවෙන මගේ ඩෙනිම බ්ලොග් වල ලින්ක් ඔයාලගේ බ්ලොග් රෝල් වලට එකතු කිරීමෙන්. මම කරන්න යන්නෙ මගේ ඩෙනිමට අනිත් බ්ලොග් දෙක තුලින් පිවිසීමට අවස්ථාවක් දෙන්නයි.

මෙන්න ලින්ක් තුන බ්ලොග් රෝලෙ එල්ලන්න

dude-heydude.blogspot.com

matahithenahatty.wordpress.com

http://bluejeansntshirts.blogspot.com

දෙවෙනි එක මගේ ඩෙනිමේ අර උඩින් තියෙන Follow by email කියන තැන ඔයාලගේ ඊ මේල් ලිපිනය දාලා submit කිරීමෙන්.

එහෙනම් කරමුද වැඩේ?

බොහෝම ස්තුතියි.

 
ප්‍රතිචාර 10

Posted by මත මාර්තු 23, 2013 in Uncategorized

 

10 responses to “HELP! ඔන්න උඹලා උදව්වක් කරනව නම් වෙලාව! HELP!

  1. හිරු

    මාර්තු 24, 2013 at 12:11 පෙ.ව.

    මගේ නම් කට්ටිය ඔක්කොම වගේ එල්ලිලා ඉන්නවා.. හැබැයි බ්ලොග් රෝල දිග වැඩි නිසා හෙවිල්ල නම් ලේසි වෙන්නේ නෑ… හි හි…. නදී පස්සේ දාපු පෝස්ට් එකක් අප්ඩේට් වෙලා තිබ්බා… බලන්න දැන් ඩෙනිමේ ටෙස්ටින් පෝස්ට් එකක් දාලා…. සමහර විට හරි ගිහින් ඇති…

     
    • henryblogwalker the Dude

      මාර්තු 24, 2013 at 8:26 පෙ.ව.

      රෝල් එක දිග වැඩි වුනත්, අලුත්ම පෝස්ට් එක උඩට මතුවෙන්න නේද ඔයා සෙට් කරලා තියෙන්නෙ? ඇල්ෆබෙටිකල් ඕර්ඩර් එකට නෙවෙයිනෙ?

      දැන්ම ටෙස්ට් පෝස්ට් දාන්නෙ නෑ හිරු. මේක ටික දවසක් තියෙන්නෙ අරිනවා කට්ටියගෙ ඇහැ ගැටෙනකල්. නැතිනම් රෑ පෝස්ටර් ගහලා උදේ ගලවල දැම්මා වගේ.

       
  2. kathandarakaraya

    මාර්තු 24, 2013 at 6:37 පෙ.ව.

    ඇයි බ්ලොග් දෙක තුනක එකම ලිපිය දාන්නේ? ඒක ද හේතුව?
    මේ පෝස්ට් එක නම් මගේ “මං කියවන කතන්දර බ්ලොග්” තීරුවේ අප්ඩේට් වෙලා තියෙනවා.

     
  3. Naleen Dilruksha

    මාර්තු 24, 2013 at 8:08 පෙ.ව.

    හරි අපි දෙන්නම් සප් එක….

     
  4. hiruni

    මාර්තු 24, 2013 at 12:43 ප.ව.

    අනේ ඉතින් මට බ්ලොග් එකක් නෑනේ…..මම මේ පෝස්ට් එක ෆේස් බුක් ශෙයාර් කරන්නම්….එතකොටත් සමහර යාලුවො දකීවිනෙ…. ඩුඩ් ඔය ප්‍රශ්නේ ඉක්මනටම හරියයි….. we miss your Blu Jeans blog…

     
  5. vpokura

    මාර්තු 24, 2013 at 6:40 ප.ව.

    අඩෝ අප්ඩේට් වෙලා..එහෙදිම බලන්නම්.

     
  6. මඩිස්සලේ නිශාන්

    මාර්තු 25, 2013 at 9:11 ප.ව.

    ලෙඩේ හරිලුනේ?🙂

     
  7. Gaminie Vijith

    මාර්තු 27, 2013 at 4:47 ප.ව.

    මාත් දකින කොට ලෙඩේ හොඳ වෙලා ..!

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: