RSS

123. ව්‍යායාම පිස්සෝ Health Nuts and Exercise Fanatics!

09 Apr
123. ව්‍යායාම පිස්සෝ Health Nuts and Exercise Fanatics!

ඔන්න මේ දැනුයි මම ස්ටේඩියම් එකේ ඉඳලා ආවේ. දැන් මේක නයෙක් කියලා උඹලා හිතනවා නම්, මට කරන්ඩ දෙයක් නෑ. අවවාදයට වඩා ආදර්ශය උතුම් කියනවනේ. මං ඔය පොඩි කාලෙ ඉඳං එක්සසයිස් කරනවා කිව්වම, හැම එකාම අහන දේ තමයි, “ඉතිං යකෝ කෝ උඹ ඔච්චර නැහිලා හදා ගත්ත ඇඟ?” කියලා. මම ඉතින් ඔව්වට මොකුත් කියන්න යන්නේ නෑ බං, මෝඩයොත් එක්ක තර්ක කොරලා වැඩක් තියෙනවායැ? එදා අටමත් මාව දැක්ක ගමන් කිව්වේ, “අනේ අයියේ, මම හිතා හිටියේ උඹ හෙන උස මහත, හයේ හතරේ පොරක් කියලා.”

දැන් උඹලටත් සැකයක් තියෙනවා නම් මෙන්න මේ පින්තූර දෙක තුන ඇස් දෙකෙන්ම දැකලා උඹලම තීරණය කරපල්ලා.

DSC03336

අපි 2008දි ඔන්න යනවා රෝඩ් ට්‍රිප් එකක්, අනුරාධපුර පාරේ. මග හිතට අල්ලන දෙයක් තිබ්බොත් ඉතින් නතර වෙලා බලනවනේ. එක තැනක තිබ්බ මෙන්න මේ ගල වැටෙන්නෙ යනවා. මම ටක් ගාල පැනලා යන්තම් උස්සලා හරිගස්සලා තිබ්බා. අපරාදෙ තව පොඩ්ඩෙන්.

DSC03337

මේ ඒ සිද්ධිය බලාගෙන හිටි නරඹන්නො තුන් දෙනෙක්. පේනවා නේද? විමතිය, ආඩම්බර කම සතුට ඔක්කොම තියෙන හැටි ඒ මූණු වල?

DSC03338

ඔය අපේ බ්ලොගර් කෙනෙකුත් (අහන්ඩෙපා කවුද කියලා, කියන්නේ නෑ. හරි නෑනෙ) එක පාරක් දොස්තර ගාවට ගිහින්, කියලා මෙන්න මෙහෙම.

“ඩොක්ටර්, මම නැවිලා, අත් දෙකේ ඇඟිලි, කකුලේ මාපට ඇඟිලි ගාවා ඉඳලා උඩහට අත ගාගෙන ඉණ ගාවට එනකොට, මේ තුණටිය රිදෙනවනෙ.”

“ඉතින් මිස්ටර් ලියන්නා, ඇයි ඉතින් ඒ වගේ අමාරු එක්සසයිස් කරන්නේ? තමන්ට ගැලපෙන ලේසි එකක් කරන්නකො,” දොස්තර කිව්වලු.

“මගුලක් කතාකරනවා. නැතුව කොහොමද ඩොක්ටර් මම කලිසම අඳින්නේ?”

හරි ඉතින් කවුද බ්ලොගර් කියලා වැඩක්නෑ. කතාව රස විඳපල්ලකෝ. උඹලටත් කාගේ හරි ඕපයක්මයි ඕනෙ!

උඹලා අහලා නැද්ද අර ධනචින්තනගේ කතාව? මේක හැබැයි මේ ලංකාවෙවත්, මේ ලෝකෙවත් වෙච්ච එකක් නෙවෙයි. ලොවෙත් නෑ කියන්නේ ඒකයි! මේක සමාන්තර විශ්වයක වෙච්ච එකක්. පොරම තමන්ගේ නම වෙනස් කරගෙනත් තියෙන්නෙත් ඔය ධනාත්මක චින්තනය ගැන තදින් විස්වාස කරපු හන්දලුනෙ.

ඔන්න ධනාට හැත්තෑ පහකුත් වුනාම, පොර පටන් ගත්තලු දවසකට කිලෝමීටර් පහක් ඇවිදින්න. වැඩේ කොච්චර කැපවීමෙන් උනන්දුවෙන් කලාද කිව්වොත්, වැඩි කාලයක් යන්න කලින් පොරට ආවලු අවුරුදු පනහක බුවෙක්ගෙ පෙනුම. දවසක් ධනාගෙ යාලුවෙක් ධනාව සුපර් මාකට් එකේදි දැකලා කියනවලු,

“යකෝ මේ ධනානේ! මට උඹව අඳුනාගන්නත් බැරි වුනානේ මචං. පට්ටයිනෙ බං උඹ!”

පොරට මේක කොච්චර හිතට වැදුනද කිව්වොත්, පොර ජිම් එකකට බැඳිලා, අර කිලෝමීටර් පහ ඇවිදිනවට අමතරව, සතියට දවස් හතරක් වර්ක් අවුට් කරන්න ගත්තලු, ජිම් එකේ. වැඩි දවසක් ගියේ නෑලු , පොරට ආවලු අවුරුදු හතලිහක පෙනුම. දවසක් ධනාගෙ පරණ කැච් එකක් ධනාව දැකලා කියනවලු,

“ධනා, මට ඔයාව අඳුනාගන්න බැරු වුනානේ. ඔයා මාරයිනේ අනේ!”

මේකෙන් තව දුරටත් ෆෝර්ම් වෙච්ච ධනා එයරොබික්ස් ක්ලබ් එකකට ජොයින් වුනාලු, එයරොබික්ස් කරන්න. දැන් පොර දිනපතා කිලෝමීටර් පහක් ඇවිදිනවා, සතියට දවස් හතරක් ජිම් එකේ වර්ක් අවුට් කරනවා, සතියට දවස් තුනක් ක්ලබ් එකේ එයරොබික්ස් කරනවා.

මාස හය යනකොට පොරට තියෙන්නේ අවුරුදු තිහක පෙනුමලු. ඒ මදිවට ධනාට අවුරුදු විසි එකක කෙල්ලෙකුත් සෙට් වුනාලු එයරොබික්ස් ක්ලාස් එකෙන්. පොර අහලා බඳින්න කැමතිද කියලා, කෙල්ලත් හා කියලා.

ඔන්න බැඳලා හනිමූනුත් ගිහින් නුවර එලියේ හෝටලේකට. ” අද මගේ ජීවිතේ ප්‍රීතිමත්ම දවස. ඉන්න ඩාලිං මම ෂැම්පේන් බෝතලයක් ගේන්නම්,” කියලා පොර යන්න හදලා.

මනමාලි කිව්වලු, “ඇයි අනේ රූම් සර්විස් එක තියෙන්නෙ,” කියලා.

“නෑ ඩාලිං. මේවයේ තියෙන්නෙ කවලං බඩු. මම අර ටවුන් එකේ තියෙන කාගිල්ස් එකට දුවලා ඔරිජිනල්ම බඩුවක් ගේන්නම්.” කියලා, පොර අර තට්‍ටු හතම එලවේටර් එකේ යන්නෙත් නැතුව පඩි පෙල දිගේ දුවලා පාරට දාපු හැටියෙම, ඇමති ආරක්ෂක වාහනයක් මේකාව යට කරන් ගිහින්.

පොර කෙලින්ම දිවිය ලෝකෙ. පොර දෙවියන්වහන්සේට කිට්‍ටු කරලා ඇහුවලු. “ඇයි දෙවියනේ මෙහෙම කලේ? ඇයි මාව මේ අදම ගෙන්න ගත්තේ? අද මගේ ජීවිතේ ප්‍රීතිමත්ම දවස වෙන්න තිබුනකොට! ඇයි ඔබ වහන්සේ මෙහෙම දෙයක් කලේ?

දෙවියන්වහන්සේ ධනා දිහා හොඳට බැලලා කියනවලු,

“ධනා!! මේ ධනාද? මට අඳුනාගන්න බැරි වුනානේ. නියමයිනේ!”

මේක මේ ලංකාවෙවත් මේ ලෝකෙ ලෝකෙ වත් වෙච්ච එකක් නෙවෙයි. මේක සමාන්තර විශ්වයක වෙච්ච එකක්!

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers

 
 

ටැග: , ,

12 responses to “123. ව්‍යායාම පිස්සෝ Health Nuts and Exercise Fanatics!

  1. ayilas

    අප්‍රේල් 9, 2013 at 12:39 ප.ව.

    මම මේ ලිපිය සමාන්තර ලෝකේ තියෙන “මට හිතෙන හැටි” බ්ලොග් එකේ කියෙවුවා මචං

    (මචං මේ බ්ලොග් එකටත් අර ලෙඩේ ඇවිත් වගේ, බ්ලොග් රෝලේ අප්ඩේට් වෙන්නේ නැහැ)

     
  2. ayilas

    අප්‍රේල් 9, 2013 at 12:40 ප.ව.

    මම පළවෙනියා………………….

     
    • henryblogwalker

      අප්‍රේල් 10, 2013 at 12:51 ප.ව.

      හරි මචං අයිලාස්. ඒක ලෙඩක් නෙවෙයි. ඒ වර්ඩ්ප්‍රෙස් වලට ආවේනික දුර්වල කමක්. ඒක දවසකින් දෙකකින් හරි යනවා. ස්තුතියි මචං.

      Congrats!🙂

       
  3. ක්සැන්ඩර්

    අප්‍රේල් 9, 2013 at 12:56 ප.ව.

    ඔක්කොම හොඳයි අර කලිසම අඳින එක හැර..🙂🙂 ඔය වැඩේ වෙලා තියෙන්නේ ලියන්නට නොවන හින්දා වෙන්නැති නම කපන්න ඇත්තේ??😀😀

     
  4. hiruni

    අප්‍රේල් 9, 2013 at 4:46 ප.ව.

    ශෝක් කතාව ඩුඩ්….ඇත්තටම මම හිතුවේ දනා තව එක්සසයිස් කරල කරල අවුරුදු පහක වගේ පෙනුමක් ගනී කියල හිහ් හිහ්

    ඩුඩ් මේ ෆොටෝ නම් ක්ලැසික්…. (Y)

    මේවා ගත්ත කියල අමතක වෙලා තිබ්බේ…

     
  5. JP

    අප්‍රේල් 10, 2013 at 4:24 පෙ.ව.

    පින්තුරේ දැක්කම වුනේ අර අන්දරේගේ කතාව . ගල උස්සලා දෙන්න කිව්වේ . ඒ දවස් වල ඩුඩ් හිටියානම් අන්දරේ පරාදයි

     
  6. iamdeejay

    අප්‍රේල් 10, 2013 at 10:52 පෙ.ව.

    ඩුඩ්,
    😮 ඩුඩ් මට හිතෙනවා අපරාදේ ඔයා ධනා මැරුන කොටස ලිව්වේ.😦 මෙ පොස්ට් එක ප්‍රොපගැන්ඩා එකක් හැටියට යොදා ගන්න තිබුනා අනික් අයවත් එක්සසයිස් කරා පෙලඹ විමට මෙ ධනා වාගේ.😦

     
  7. kuwanna

    අප්‍රේල් 10, 2013 at 10:59 ප.ව.

    ඇයි ? ඔයාට විතරද එක්සයිස් කරන්න පුලුවන්.අපිට බැරිද? ඉරිසියාකාරයා!වැඩිය එක්සයිස් කරන්න එපා තවත් මිටි වෙයි.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: