RSS

128. මාරක කේක් වට්ටෝරුව 3 – Cake of Doom 3

01 May
128. මාරක කේක් වට්ටෝරුව 3 – Cake of Doom 3

දැන් ඔයා හොඳටම දුර්වල වෙලා, අමාරුවෙන්නේ ඉන්නේ … ඊට පස්සෙ, ඔයා ගිලෙන්න ඔන්නමෙන්න ඉන්නකොට  ඔයා දකිනවානේ, තල්මසෙක්.

මොනවා? මතක නෑ? එහෙනම්…
මෙන්න පළවෙනි කොටස.
මෙන්න දෙවෙනි කොටස.

 ඉතින් ඊට පස්සේ…

*තල්මසා ඔයාව ගණන් ගන්නේ නැති නම්, යන්න 20ට.

* තල්මසා ඔයාව ගිල දානවා නම්, යන්න 21 ට.

 20.


තල්මසා ඔයාව ගණන් ගන්නේ නෑ… ඌ ඔයාව පහුකරගෙන යනවා. ඒ වුනාට උගේ පිටිපස්සෙන් මතුවෙච්ච මෝරා, එහෙම කරන්නේනෑ.

ඌ ‘හව්’ ගාලා ඔයාව හපනවා, දෙකටම කැඩෙන්න.

ඔයා මැරෙනවා.

෴ නිමි  ෴
21.


ඔයා කෙලින්ම තල්මසාගේ බඩේ. මෙන්න බොලේ සූටියත් ඉන්නවා තල්මස් බඩේ! ඒ වැඩෙත් ගොඩ. ඔයා තල්මසාගේ සෙම් ගෙඩි කිති කවපු ගමන් තල්මසාට යනවා ‘තල්මස් කිඹුහුමක්’. ඒකෙ බලයට ඔයයි, සූටියයි, කෙලින්ම අර තල්මසාගේ ඔලුවේ තියෙන වතුර විදින සිදුරෙන් එලියට විදිනවා, ‘සිං’ ගාලා. ඒක කොච්චර වේගයක්ද කිව්වොත්, මේක මේ නිකං…, අතිශයෝක්තියක්, නැතිනම්…, කවදාවත් වෙන්න බැරි දෙයක් වගේ පෙනුනට, ඔය දෙන්නා මුහුදට ඉහලින්, ගොඩබිමට ඉහලින් ඇදිලා ගිහින් අන්තිමේදි, ඔයාලගේම ගෙදර චිමිනියෙන් ඇතුලට වැටෙනවා. හොඳ වෙලාවට, සූටියා ඔයාට කලින් ලෑන්ඩ් කරන නිසා, උගේ ඇඟ උඩට වැටෙන ඔයාට වැඩි අමාරුවක් වෙන්නේ නෑ.

ඔය දෙන්නම පොඩ්ඩක් විතර කිලු‍ටු පාටයි, ඒ හැර වෙන කිවයුතු අවුලක් නෑ. ඔයා යනවා ආයෙම කුස්සියට. ගිහිල්ල බලනවා කේක් එක කොහොමද කියලා. හප්පට සිලි! ඒක ගිණි ගන්නවා.ඔයා ‘පට්’ ගාලා අවන් එක ඇරල කේක් එක එලියට අරගෙන, දුවනවා නාන කාමරේට.

ඔයාට ටැප් ඇර ඇර නාස්ති කරන්න වෙලාවක් නැති නිසා,කෙලින්ම කේක් එක ඔබනවා ටොයිලට් බෝල් එකේ, ගින්න නිවන්න.  එක පාරක් ෆ්ලෂ් බටන් එක එබිලා වෙච්ච හුටප්පරේ මතක නිසා, ඔයා මේ පාර ඔයා මාර විදියට පරිස්සම් වෙනවා.)

ඔයා පෙඟිච්ච කේක් එක ටොයිලට් බෝල් එකෙන් එලියට අරන්, කුස්සියට ගෙනියනවා.

ඔයා කේක් එකේ පිච්චිච්ච කොටස් සූරලා දාන්න පිහියක් පාවිච්චි කරනවා.  හොඳටම පිච්චිච්ච කොටස් අයින් කරන්න කපන ක‍ටුවයි, මිටියයි පාවිච්චි කරනවා.

දැන් වැඩේ ගොඩද? නෑ, තවම නෑ. කේක් එකක් වුනාම සරසන්න එපායැ.

සරළ, නමුත් බොක්කටම වදින සැරසිල්ලක් කරන්න නම්, ඕනෙ වෙනවා බාබී ඩෝල් කෙනෙක්. ඔයා යනවා ජෙන්ගේ කාමරේට, එයාගේ බාබිඩෝල් එකතුවෙන් එකෙක් හොරකම් කර ගන්න.

*ඔයා බාබීඩෝල්ව හොරකම් කරනකොට ජෙන්ට මාට්‍ටු වෙනවා නම්, යන්න 22ට.


*ජෙන්ට මාට්‍ටු නොවී, බාබීඩෝල් කෙනෙක් හොරකම් කරගන්න ඔයාට පුලුවන් වෙනවා නම්, යන්න 23ට.

 

 22.


ඔයා ජෙන්ගේ කාමරේට ඇතුල් වෙනවා. ජෙන්ගේ පර්ෆියුම් වල ගඳ හරියට නිකං ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ. නමුත් ඔයාට හුස්ම අල්ලගෙන ඉන්න පුලුවන් වෙනවා, බාබී ඩෝල් කෙනෙක් ඩැහැගන්නකල්. ඔයා බාබිගේ බෙල්ලෙන් අල්ලා ගන්නවත් එක්කම ඔයාට ඇහෙනවා ඔයාගේ  පිටිපස්සෙන් සද්දයක්. ඒ එක්කම කවුරුහරි ඔයාවත් බෙල්ලෙන්ම අල්ලා ගන්න බව ඔයාට තේරෙනවා.

ඒ වෙනින් කවුරුවත් නෙවෙයි. ජෙන්. එයා ඔයාට මතක් කරලා දෙනවා එයාගේ කාමරේ දොරේ ඉතාම පැහැදිලිව ගහලා තියෙන, එයාගේ කාමරයට අනවසරයෙන් ඇතුල් වෙන ඕනෑම කෙනෙක් එයා අතින්  සම්පූර්ණයෙන් විනාශ කර දැමීමකට භාජනය වෙන බවට අනතුරු හඟවන දැන්වීම ගැන.  ඔයා ඔලුව වනනවා. ඔයා, එයා අතින් සම්පූර්ණයෙන් විනාශ කර දැමීමකට භාජනය වෙනවා..


ඔයා මැරෙනවා.

෴ නිමි  ෴
23.


ඔයා ජෙන්ගේ කාමරේට ඇතුල් වෙනවා. ජෙන්ගේ පර්ෆියුම් වල ගඳ හරියට නිකං ඔලුවට පොල්ලෙන් ගැහුවා වගේ. නමුත් ඔයාට හුස්ම අල්ලගෙන ඉන්න පුලුවන් වෙනවා, බාබී ඩෝල් කෙනෙක් ඩැහැගන්නකල්.

ඔයා බාබී ඩෝල්වත් අරගෙන කුස්සියට ගිහින්, ඒක දෙකට කපලා, ඔලුව පැත්තෙ කෑල්ල කේක් එකට බස්සනවා. ඊට පස්සෙ අයිසිං ටිකක් අරගෙන, “TO MOM, WITH LOVE FROM YOUR BEST AND FAVORITE CHILD, ANDY” කියලා ලියනවා.


ඔයා පඩිපෙල නැගලා, උඩ තට්‍ටුවේ තියෙන අම්මලාගේ කාමරේට  යනවා.

“Happy Mothers’ Day,” ඔයා අම්මට සුබ පතනවා.  “මම ඔයාට සර්ප්‍රයිස් එකක් ලෑස්තිකරලා තියෙන්නේ කුස්සියේ.”

අම්මා ඔය දිහා සැකෙන් බලනවා. “මම ටක් ගාලා එනවා. ඔයා යන්නකො.”

ඔයා ආපහු කුස්සියට දුවනවා මේසෙ සූදානම් කරන්න. නමුත් ඔයා දකින්නේ,  ඔයා දකින්න කිසිසේත් සූදානම්ව හිටපු දර්ශනයක් නෙවෙයි. සූටි කෑම මේසේ පු‍ටුවක් උඩට නැගලා, ඔයා මුලු උදය වරුවක්ම මහන්සි වෙලා හදපු චොක්ලට් කේක් එකේ අන්තිම ටික ගිල දානවා.

ඔයට මලේ හොඳම එක  පනිනවා. ඔයා, සූටියාගේ නැට්ටෙ  ගිණි අරන් ඉතුරුවෙලා තියෙන  කොටසෙන්උස්සලා,  ඌව  මිදුලට වීසි කරලා දාලා, දඩාස් ගාලා දොර වහනවා.

තවත් මොහොතක්වත්  නාස්ති නොකරන ඔයා, කඩේට දුවලා කේක් එකක් ගේනවා. ඊට පස්සෙ, ජෙනීගේ කාමරෙන් තව බාබී කෙනෙක් හොරකම් කරලා, ඒක දෙකට කපලා ඔලුව පැත්ත කෑල්ල කේක් එකට බස්සනවා. ඉන් පස්සෙ අයිසිං ටිකකින් අර කලින් වාක්‍යයම කේක් එක උඩ ලියනවා.

එල, ඈ! පට්ට පට පට!

ඔයා මේසෙ ගාව හිටගෙන කේක් එක දිහා ආසාවෙන්, ආඩම්බරෙන් බලාගෙන ඉන්නවා.  ලොවෙත් නෑ!

උණුසුම් සුබ පැතුම්!

ඔයාගේ තේරීම හරියට හරි.

ඔයා නොදැන හිටියට, ඔයාව තව අනූ නවයයි තුන් කාලෙන් , කරන්ට් වැදිලා මැරෙන්න, මීයෙක් හපා කාල මැරෙන්න,   බෝලිං බෝල් එකක් ඔලු ගෙඩිය උඩට වැටිලා මැරෙන්න, ඇඟිලි ටික ඔක්කොම බ්ලෙන්ඩරේට දාලා ග්‍රේට් කරගෙන, තමන්ගේම ලේ වල ගිලිලා මැරෙන්න, වයසක නෝනා කෙනෙක් පදවන විදුලියෙන් ක්‍රියාකරන රෝද පු‍ටුවකට යට වෙලා මැරෙන්න, ගෑස් අවන් එකක් පිපිරීමෙන් මැරෙන්න, පිච්චිලා මැරෙන්න, ටොයිලට් වතුර ගිලිලා ඒක විස වෙලා මැරෙන්න, අම්මා අතින් ටොයිලට් බ්‍රෂ් එකෙන් ගුටිකාලා මැරෙන්න, දෙකඩ වෙන්න  මෝරෙක් හපා කාලා මැරෙන්න, නැතිනම් ජෙන්ගෙ අතින් සම්පූර්ණයෙන් විනාශ කර දැමීමකට භාජනය වෙන්න ඉඩ තිබ්බා. නමුත් ඔයාට මේ හැම මරණයකින්ම ගැලවෙන්න ලැබුනා. ඒක මේ නිකං…, අතිශයෝක්තියක්, නැතිනම්…, කවදාවත් වෙන්න බැරි දෙයක් වගේ පෙනුනට…,

ඔයා ජයග්‍රහණය කලා!

ඔන්න අම්ම එනවා. අම්මා ෆුල්ම හොල්මං වෙනවා. එයාට ඇඬෙනවා. තනි ඇහැට නෙවෙයි, ඇස් දෙකටම.

“අනේ ඇන්ඩි,” අම්මා කඳුලු අතරින් කියනවා,”මේක තමයි මගේ මුලු ජීවිතේටම, කෙනෙක් මා වෙනුවෙන් හදපු ලස්සනම කේක් එක.”

“අයියෝ, ඕව නම් මොනවද අම්මා,” ඔයා කියනවා. ” සුලු දෙයක්නෙ. මට ඕනෙ උනේ, මම අම්මට ආදරෙයි කියන්න. එච්චරයි.”

ඔන්න තාත්තාත් එනවා. ජෙනුත් එනව. එයාලගෙත් බොක්කටම වදින බව පේනවා  මේ වැඩේ. හැමෝම මේසෙට ඉඳගෙන කේක් කෑල්ල කෑල්ල කනවා. ලොවෙත් නෑ!

ඔයා ජනේලෙන් එලිය බලනවා.

හෑහ්!!!


සූටියා වත්ත පහල ගහක් යට උඩුබැලි අතට වැටිලා ඉන්නවා පේනවා, උගේ කකුල් හතරම අහසට යොමුවෙලා.  හුටා! ඌනේ පලවෙනි කේක් එකට වැඩේ දුන්නේ. අම්මෝ, හොඳ වෙලාවට එහෙම වුනේ, තව පොඩ්ඩෙන්,
ඔයා ඒ කේක් එකමුලු පවුලටම කවන්න කලින්.

ඔයාට පිටිපස්සෙන් ‘දඩාස්’ ගාලා සද්දයක් ඇහෙනවා. ඒ එක්කම තවත් ‘දඩාස්’ ගාන සද්ද දෙකක් ඇහෙනවා. ඔයා මේසෙ දිහාටහැරෙනවා. 


හෑහ්!!!

ඔයාගේ අම්මයි, තාත්තයි, අක්කයි තුන් දෙනාම උඩුබැලි අතට බිම වැටිලා ඉන්නවා, එයාලගේ කකුල් අහසටයොමුවෙලා.

තුන් දෙනාම මැරිලා!

නමුත් කොහොමද එහෙම වෙන්නේ? මේ කේක් එක ඔයා කඩෙන්නේ ගෙනාවෙ. ඒකෙ වස තියෙන්න බෑ. ඒ කේක් එකට, අර ඔයා හදපු. සූටියා ගිලපු කේක් එකට වෙච්ච අන්දොස් වැඩ වුනාවෙන්න බෑ.

ඔන්න එතකොටම ඔයාට මතක් වෙනවා අයිසිං එක.  කේක් දෙකටම පොදු දේ තමයි අයිසිං එක!  ඔයා බලනවා තාම කවුන්ටර්එක උඩ තියෙන බඩු දිහා. හුටා!  අයිසිං ෂුගර් කියලා වැරදිලා, තාත්තා මීයෝ මරන්න ගෙනත් තිබ්බ මී පාසානං නේ දාලා තියෙන්නේ!

“හ්ම්,” ඔයා මේකෙ හොඳ පැත්ත දකින්න උත්සාහ කරනවා. ධනාත්මක චින්තන අහවල් එක. “අඩුම ගානේ, මම තාම ජීවතුන් අතරනේ.”

එහෙම හිතනකොටම ‘බ්‍රාස්’ ගාලා දොර තල්ලු කරගෙන පොලීසිය කඩා වදිනවා ගෙට. එයාලා ඔයාව අත් අඩංගුවට අරන්,පොලීසියට ගෙනිහින්, කේක් එකක් උපයෝගී කරගෙන මිණී මැරීමේ චෝදනාවට (Murder by Cake) නඩු දානවා. නඩුවෙන් ඔයා වරදකරු වෙනවා.ඔයා ඉන්න ප්‍රාන්තයේ තව දුරටත් මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොවුනත්, එයාලා ඔයා වෙනුවෙන්ම මරණීය දණ්ඩනය ආපහු ගේනවා ඊට පස්සෙ ඔයාගේ පණ යනකල්ම බෙල්ලෙන් එල්ලලා තියනවා.

ඔයා මැරෙනවා.


  ෴ නිමි  ෴

෴ Cake of Doom ෴ + ෴ Cake of Doom ෴ + ෴ Cake of Doom ෴

andythebaker

Andy Griffiths –  Just Disgusting – Cake of Doom.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 

ටැග: , ,

13 responses to “128. මාරක කේක් වට්ටෝරුව 3 – Cake of Doom 3

  1. hiruni

    මැයි 1, 2013 at 10:52 ප.ව.

    ඩුඩ්!!!!!!!!!!!!! මට නම් කිසිම දෙයක් කියාගන්න බෑ…එච්චරටම කම්පනයක ඉන්නේ… :O :O :O

    මම හිතුවෙ හැමදේම හරි ගියා කියලා…..

    අයියෝ ඇන්ඩියට තිබ්බේ අයිසින් කරපු කේක් එකක් ගේන්න….වචන ටික කොලේකින් කපල හරි, වෙනම කේක් එක තිබ්බ වීදුරුව හරි මොකක් හරි උඩ ලියන්න…

    හරිම ලස්සන කතාව ඩුඩ්…..කියෙව්වේ එක හුස්මට….😀😀😀

    චිත්‍රෙ ඇන්ඩිගේ මුනේ තියන අම්මව සතුටට සහ පුදුමයට පත් කිරීමේ බලාපොරොත්තුව හොදටම පේනව….😀

     
    • henryblogwalker

      මැයි 11, 2013 at 11:46 පෙ.ව.

      මොනවා කරන්නද වෙන්න. තියෙන දේනේ කොහොමත්. ඒකයි මේක මාරක කේක් එකක් වුනේ.

      චිත්‍රේ ඔයාට ඒ විදියට පේනවා නම්, මගේ උත්සාහය අති සාර්ථකයි. ස්තූතියි.

       
  2. ayilas

    මැයි 2, 2013 at 9:18 පෙ.ව.

    අප්පෝ, මු ඉස්සෙල්ලම කරන්ට් වැදිලා මරුනානම් ඉවරයි.

     
  3. MUHUDU

    මැයි 3, 2013 at 11:27 පෙ.ව.

    අයියෝ!! මම මලෝ!😀

     
  4. Pethum

    මැයි 3, 2013 at 1:09 ප.ව.

    ඉද්දකින් ඇන්ඩියාගේ හෙපටයිටිස් කරුමේ..ඌ මාර කරුමක්කාරයෙක්නේ..මැරෙන්න ඔච්චර දුක් විඳින්න වෙනවද. අභව්‍ය උනාට ඒ කතාවල පට්ට ගතියක් තියෙන්නේ ඇයි කියලා මේ පරිවතනය කියවන ඕනි කෙනෙක්ට තේරෙනවා

     
  5. Gold fish

    මැයි 5, 2013 at 9:19 පෙ.ව.

    හික්ස්… මාර කතාවක්නේ….

     
  6. iamdeejay

    මැයි 17, 2013 at 12:15 පෙ.ව.

    අයියෝ!!!!! මේ සුටියා නම් ඇන්ඩිටම ගැලපෙන බලුපැටියෙක්. g-)
    මේ සුටියා හා ජෙන් ගැනත් තියෙන කතාත් ලියන්න ඔයාට පුළුවන් වුන වෙලාවක.😀

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: