RSS

130. මාලු කඩේ කතාවක්. At the Fish Market

13 May
130. මාලු කඩේ කතාවක්. At the Fish Market

ඒ මම කොට අදින ඉස්කෝලෙ උගන්නන කාලේ. චිත්‍ර ඉගැන්නුවෙ නාලන්ද කියලා අනවර්ත නාමයක් තිබ්බ බුවෙක්. නේරු කිව්වම සරනේරුද කියලා අහන්නෙ පොර තමයි. මියුරල් හෙම ලෙසටම කරනවා. ඔන්න ඉස්කෝලෙ බිත්තියෙත් එකක් කරල තියෙනව මම දැක්කා ගිය වෙලාවක.

මොකක්දෝ දානෙකට මාලු ගන්න, පොර තව බුවෙක් එක්ක ගිහින් පට්ට පාන්දර මාලු මාකට් එකට. (කොයි එකටද කියලා අහන්න එපා, කියන්නෙ නෑ) බලන බලන පැත්තෙ ඉන්නෙ මරුමුස් ඩයල් හින්දා, අපේ ඩයල් දෙක කිට්ටු කලාලු රෙද්දයි හැට්ටෙයි ඇඳපු, තරබාරු, මාලු විකුනන අක්කා කෙනෙක් ලඟට.

ඉතින් කට රතුවෙන්න බුලත් විටක් අඹරමින් හිටි පුෂ්ඨිමත් අක්කා මුන්ව දැක්ක ගමන්, ‘පෲස්’ ගාලා රතු බුලත් කෙළ පාරක් කානුවට විදලා , ගොරෝසු හඬින්,

“ආ එන්න එන්න මහත්තයා..එන්න, එන්න,” කියලා වෙල්කම් කරලා ලෑල්ලෙ ඉන්න මාලු ගැන ගුණ කථනයකුත් කලාලු.

නාලන්දයත් කතාව අහගෙන ඉඳලා එක මාලුවෙක් පෙන්නලා , “මේක කපලා දෙන්නකො,” කිව්වලු.

අක්කත් ‘චට-පට’ ගාල ඇඟිලි ඇට කඩලා, පිහිය ‘චාස්-චාස්’ ගාලා ගලේ උලලා, දෙන්න පටන් ගත්තලු ගේම.

ඔහොම කපාගෙන කපාගෙන යනකොට කට්ටක් අහුවෙලා.

අක්ක පිහිය උඩටම උස්සලා චකාස් ගාල කොටන්න හදන කොටම… කොහොමද මේක කියන්නෙ…? ම්ම්ම්? , අර හිර හැට්ටෙ යටින් පැන්නලුනෙ ඒ පැත්තෙ රණ තිසරා එලියට!

fishmarket

නාලන්දයටයි, අනිත් එකාටයි, කරගන්න දෙයක් නැතුව නන්නත්තාර වෙලා, සීන් එක නොදැක්ක වගෙ ඇඹරි ඇඹරි ඉන්නවලු හරියට ගලේ පහරපු බළල්ලු දෙන්න වගෙ . වැරදිලාවත් ‘හිකිස්’ ගෑවුනොත් හෙම ඉතින් සොරි ඩොට් කොම් තමයිනේ.

දැන් මාලු අක්ක එහෙමම අත් දෙක බාගෙට උස්සගෙන. අත් දෙකේම මාලු ලේ, එක අතක් පිහිය!

අපේ ඩයල් දෙක අක්කා දිහා නොබලා වෙන හැම දිහාම බලනවලු. අක්කගේ ලෑල්ලේ තියෙන අනිත් මාලු, අනිත් ලෑලිවල තියෙන මාලු, ඒ මාලු වෙලෙන්දො ඒ අනිත් මාලු විකුණන හැටි, තව වෙළෙන්දෙක් පිහිය මුවත් තියන හැටි, කාක්කෝ ඇවිත් උදේම කරව් කරන දිහා, අනිත් මාලු ලෑලි වලට මාලු ගන්න ඇවිත් ඉන්න මිනිස්සු, දිහා ඔය වගේ මාලු වෙලඳ පොළකට අදාල සියළුම දර්ශණ.

අක්ක ටිකක් වෙලා බලං ඉඳලා කිව්වලු,

“මේ මහත්තයො මේ, බල බල ඉඳල හරියන්නේ නෑ. තරහ නැතුව මෙන්න මේක ඇතුලට ඔබනවද මේ වැඩේ ඉවරයක් කරන්න ඕනෙ නම්,” කියලා.

ඉතින් ඌ එහෙම කලාද නැද්ද කියන එක මෙතනට අදාල නැහැ. අනික ඌ අපිට ඕක කිව්වෙ ඌට නෙවෙයි වෙන ඩයල් එකකට වෙච්ච කතාවක් හැටියට. මට නං ඕක විස්වාස නෑ. හරියට මේක මට වෙච්ච දෙයක් නෙවෙයි කියන එක උඹලට විස්වාස නෑ වගේ.

කවුරු හරි කියනවනම් ඕක තමන්ටයි වුනේ කියලා, දාන්න කමෙන්ට් එකක්, අනේ කිසි ප්‍රශ්ණයක් නෑ. නාලන්දයත් නිර්දෝශි වෙනව.

දෙන්න හඬ – මෙන්න ඉඩ.

ඔය කියන දවසෙම මාලු ටිකත් අරන් මාකට් එකෙන් එලියට ආපු හීන්දෑරි පොරවල් දෙකක් හිනාවෙලා හිනාවෙලා තව පොඩ්ඩෙන් ඉල ඇට කීපෙකුත් කැඩිලා, හකු දෙකකුත් පැන්නා කියලයි ආරංචිය

ප.ලි: මේක උඹට තමයි වුනේ යන ප්‍රකාශය හුදෙක් යල් පැනගිය පිළුණු වූ විහිලුවක් ලෙස සලකනු ලබන බව කරුණාවෙන් සලකන්න.

මෙය මට හිතෙන හැටි බ්ලොග් අඩවිය සඳහා ලියූවක් වුවත්, මුල් වරට අන්තිම පේලියේ (The Last Row) මවිසින් පළ කල කතාවක් බව කරුණාවෙන් සලකන්න.

 
ප්‍රතිචාර 4

Posted by මත මැයි 13, 2013 in Uncategorized

 

4 responses to “130. මාලු කඩේ කතාවක්. At the Fish Market

  1. ayilas

    මැයි 14, 2013 at 10:08 පෙ.ව.

    //“මේ මහත්තයො මේ, බල බල ඉඳල හරියන්නේ නෑ. තරහ නැතුව මෙන්න මේක ඇතුලට ඔබනවද මේ වැඩේ ඉවරයක් කරන්න ඕනෙ නම්,” //

    මචන් ඔය ඇතුලට ඔබන්න කියලා තියෙන්නේ, මල්ලක් අස්සට අර කපාපු මාළු ටික නේද?

     
  2. Gold fish

    මැයි 14, 2013 at 9:48 ප.ව.

    හාමිනේ දන්නවනම් හෙම

     
  3. iamdeejay

    මැයි 16, 2013 at 11:53 ප.ව.

    මේ කතාව නාලන්දාත් දැකලා කමෙන්ට් කරයිද දන්නෑ.😀

     
  4. blue lotus

    මැයි 19, 2013 at 7:34 ප.ව.

    එහෙම කියල ඇඟ බේර ගන්න බැ. මාලු අක්ක කියපු එක නාලන්ද කලාද කියලත් දැනගන්න ඕනෙ. පාරිබෝගිකයො ආවම සුලු සුලු අපහසුතා හේතුවෙන් ඒගොල්ලන්ව හරවල අරින්න බැ නේද? ඒටත් ඉතින් උදේ පාන්දරම ඇඳුන්වල මාලු ලේ ගා ගන්න බැනෙ.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: