RSS

134.මා මෙතෙක් ලියූ අසීරුම බ්ලොග් ලිපිය. The Flight Beyond All Hope!

14 Jun
134.මා මෙතෙක් ලියූ අසීරුම බ්ලොග් ලිපිය. The Flight Beyond All Hope!

The jet is soaring high…ඉහල අහසේ පියඹන ජෙට් යානාවෙ මම ඉඳගෙන ඉන්නේ, ඕනෙම වාහනයක මගේ ප්‍රියතම අසුන වන කවුළුවක් අසලයි. ඉදිරි අසුනේ ඇන්දේ සවිකර ඇති LCD තිරය වෙත මගේ දෑස් යොමු වෙනවා. මුහුදු මට්ටමේ සිට උස අඩි 37000 යි. යානයෙන් පිටත අහසේ උෂ්ණත්වය සෙල්සියස් අංශක සෘන 37යි. (-37˚C). ජනෙල් කවුලුවෙන් පිටත බලන මගේ ඇස ගැටෙන්නේ, වායුගෝලයේ ඇති කැළඹුමට හසුව ගැහෙන ගුවන් යානාවේ ත‍ටුව. මේ මොහොතේ ගුවන් යානාවෙන් පිටත සිටින ඕනැම කෙනෙක්, ඔව්, සුපර්මෑන් වුනත් සීතලෙන් මිදිලා මියයනවා සිකුරුයි…even the super man would have frozen to
death.

Suddenly, I think of the ‘Drama In real Life’ story… මම වසර ගණනාවකට පෙර, රීඩර්ස් ඩයිජස්ට් සඟරාවක කියැවූ, ගුවන් යානාවක රෝද කුටීරය තුල සැඟව වෙනත් රටකට පළායන ළමුන් දෙදෙනෙකුගේ සත්‍ය කතාවක් මගේ හිතට එන්නේ නිතැතින්ම.

The landing gear bay or the undercarriage compartment or wheel well, whatever you call it is neither heated nor pressurized.. ගුවන් යානාව ගුවන් ගතවූ පසු හැකිලී ඇතුලට එන රෝද තැන්පත්වීමට ඇති කුටීරය වායුගෝලීය පීඩනය රඳවාගැනීමක් හෝ ඔක්සිජන් සැපයුමක් හෝ නොමැති තැනක්. එවැනි තැනක ඔවුන් දිවි‍ රැකගත්තේ කොහොමද? ගෙදර ගිය විට මගේ පැරණි රීඩර්ස් ඩයිජස්ට් සඟරා එකතුව අවුස්සා ඒ ලිපිය නැවත කියවා බැලීමට මම හිතාගන්නවා. මට ඒ කතාව ඇසුරෙන් මගේ ඉංග්‍රීසි සිංහල බ්ලොග් දෙකටම කතාවක් ලියන්නත් පුලුවන්!… Well I can blog it in HeyDude and My Blue Jeans.

What I discovered later, when I Googled ‘wheel well stowaway’… මා පසුව ගූගල් ආධාරයෙන් අන්තර්ජාලයේ සැරි සරා සොයා ගත් තොරතුරු වලින් මම ඉමහත් විශ්මයට පත් වුනා.

ඇත්තෙන්ම එවැනි දෙයක් කර තිබුනේ ඒ ළමුන් දෙදෙනා පමණක් නෙවෙයි!

ගුවන් යානා රෝද කුටීරයේ සැඟවී ගමන් කිරීමේ වාර්තාගත ඉතිහාසය 1947 වැනි ඈත කාලයක් දක්වා ඈතට දිව යනවා. එවක් පටන්, වරින් වර, පුද්ගලයින් 96 දෙනෙක් ගුවන් යානා 85 ක රෝද කුටීර තුල සැඟවී ගමන් කර ඇතත් ඉන් 73 දෙනෙක්ම ජීවිතක්ෂයට පත් වෙලා! දිවි ගලවා ගත්තේ 23 දෙනයි. මොවුන්ගෙන් ලාබාලතමයාගේ වයස අවුරුදු නවයයි. වරක් අයෙක් අඩි 39,000ක් ඉහලින් ගමන් කල ගුවන් යානාවක සැඟවීත් දිවි ගලවාගෙන තිබුනා…survived the cruising altitude of 39,000ft.

Please standby for henryblogwalker original.

Flight Beyond All Hope!

Coming up next…

DSCN7929

ඔබ ඔය කියෙව්වේ මම පෙබරවාරි 28දා HeyDude බ්ලොග් අඩවියට ලියූ පෙරවදනයි. ඒ වන විටත් සෑහෙන දුරට වැඩ අවසන් වී ඇතැයි මා හිතාහිටි ලිපිය මා සිතූ තරම් ඉක්මනින් පළ කිරීමට නොහැකි වුනේ එය ඒ තරම්ම සංකීර්ණ, දුෂ්කර ලිපියක් බැවිනුයි.

මෙය සිදුවීම ප්‍රබන්ධයක් වුවත්, මෙහි දක්වා ඇති දත්ත සත්‍ය ඒවා වියයුතු අතර, කතාව හැකි තරම් සත්‍යයට සමීපවන අයුරින් නිමැවිය යුතු බව මම සිතුවා. ප්‍රමාදයට හේතුව එයමයි.

මේ ලිපියට කුමක් වීදැයි විපරම් කල මගේ දරු දෙදෙනාටත්, බිරිඳටත්, බ්ලොග් සහෘදයින් වන සෙන්නාටත් චාම්ස්ටත් මගේ ස්තුතිය.

ඔබ ඉංග්‍රීසි බසින් එය කියවීමට අකමැත්තක් නැත්නම්, දැන් මේ ලිපිය කියවීමට ඔබ තව දුරටත් බලා සිටිය යුතු නෑ.

ඒ ලිපිය පළවුනා.

ඔබ කලයුත්තේ පහත සබැඳිය මත ‘ක්ලික්’ කිරීම පමණයි. සැබැවින්ම මෙවැනි තාක්ෂණික කරුණු ලිපියකට වඩාත් ගැලපෙන බසද ඉංග්‍රීසිය බවද කිව යුතුමයි. මේ දැන් ඔබ කියැවූ ලිපිය සිංහලට නැගීමේදීත් මම නව අත්හදාබැලීමක් කලේ ඒ බව ඔබටම වටහා දෙන්නටයි.

සමහරවිට මෙය ශ්‍රී ලාංකික රචකයකු මේ තේමාවෙන් (aviation topic) නිමැවුමක් කල පළමු අවස්ථාව වීමට ඇති ඉඩ කඩද බොහෝමයි.

එහෙනම් මෙන්න සබැඳිය.

Flight Beyond All Hope. Part 1. Dude’s Originals.

??????????

 

ටැග: , , , ,

5 responses to “134.මා මෙතෙක් ලියූ අසීරුම බ්ලොග් ලිපිය. The Flight Beyond All Hope!

  1. hiruni

    ජූනි 14, 2013 at 7:17 ප.ව.

    ඩුඩ් ඔක්කොටම කලින් කියන්න තියෙන්නෙ මේ පෝස්ට් එකට පේටන්ට් එකක් වගේ මොකක් හරි ගන්න කියල[ඒ වගේ එකක්]

    මම මේ විදිහට ලියපු පෝස්ට් එකක් කියෙව්වමයි…..හරිම ලස්සනයි….වෙච්ච මහන්සියේ ප්‍රතිපල ඉහලයි…..😀😀😀

    මම නම් ප්‍රාර්තනා කරන්නෙම කාර්ලෝස්ව අහුවෙන්නෙ කියල දුවද්දි…. :/

    ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න ඩුඩ්… 😀

     
  2. ayilas

    ජූනි 15, 2013 at 8:56 පෙ.ව.

    උඹ මහා කම්මැලියෙක් වෙලා හෙන්රි. ඕකත් සිංහලෙන් දාපන්. කම්මැලිකම පැත්තකින් තියලා.

     
  3. Gayani

    ජූනි 16, 2013 at 6:32 ප.ව.

    ලස්සනයි

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: