RSS

135. මාරක පියසැරිය. Flight Beyond All Hope. Part 1. Dude’s Originals.

18 Jun
135. මාරක පියසැරිය. Flight Beyond All Hope. Part 1. Dude’s Originals.

Dude, Please Don’t Try It.

From: henryblogwalker
 
Dear Carlos,
 

Dude, I’m writing this to ask you not to do what you are about to do. Maybe... හිතවත්  කාලෝස්, මම මේ ලියන්නේ උඹ ඔය කරන්න හදන වැඩේ කරන්න එපා කියන්නයි. හරි, හරි, අපි කවදාවත් මුණ ගැහිලා නැති එක ඇත්තයි.  ඔව්, අපි මේ මූණු පොතේ යාලුවෝ විතරක් බවත් ඇත්තයි. මම ඇත්තෙන්ම උඹව අඳුනාගත්තෙ උඹ මගේ HeyDude බ්ලොග් එකේ  “Forgive Me Dude, If You Can”. පෝස්ට් එකට දාපු කමෙන්ට් එකෙන්නේ. මම සාමාන්‍යයෙන් නොකරන වැඩක් වුනත්, මට ඒ කමෙන්ට් එක මකන්න වුනා. නමුත් ඒ සිද්ධියන්ම තමයි මම උඹව අඳුනා ගත්තේ.

ඒ යාලුකම අදටත් එහෙමමයි. පිස්සු කෙලින්නේ නැතිව මම කියන එක අහපං.  ඔය වැඩේ කරන්න එපා බං.  ඕක මහාම මෝඩ වැඩක්.trying to do is stupid.

Carlos checked his gear for the last time with his checklist. කාලෝස් අවසන් වතාවටත් සිය ආම්පන්න කිහිපය, ලැයිස්තුවත් සමඟ සසඳා බැලීය. උණුසුම් බෝතලය, පැරණි වාහන ආසන පටියකින් ඔහුම සකසාගත් ආරක්ෂක බඳ පටිය, කන් ඇබ, උණුසුම් අත් වැසුම්…ear plugs, winter gloves,…

I once read in an old Reader’s Digest, under ‘Drama In real Life,’ යාලුවෙකුත් එක්ක, ජෙට් එකක රෝද කුටීරෙ අස්සේ හැංගිලා, වෙන රටකට යන්න හදපු කොල්ලෙක් ගැන, වතාවක් මම රීඩර්ස් ඩයිජස්ට් සඟරාවක, සත්‍ය කතාවක කියෙව්වා.  ඒකාගේ නම මිගෙල්ද මන්දා! කොහොම හරි උඹේ නම වගේම ස්පාඤ්ඤ නමක් තමයි  ඒකත්. ඔය ගුවන් යානයක් ගුවන් ගත වුනාට පස්සෙ, රෝද ඇකිලිලා ගිහින් හැංගෙන්න හදලා තියෙන රෝද කුටීරේ (ඕකට වීල් බේ, වීල් වෙල් නැතිනම් ලෑන්ඩිං ගියර් කම්පාට්මන්ට් කියලත් කියනවා) උෂ්ණත්වය, පීඩනය  පාලනය කරලා තියෙන තැනක්වත් වත් ඔක්සිජන් සැපයුමක් තියෙන තැනක්වත් නෙවෙයි. උන් නොමැරි බේරුනේ කොහොමද කියන එක මට නම් හිතාගන්නවත් බෑ. Howthey survived, beats me!

Another jet roared overhead climbing steeply into the gathering dusk and banking left. දැනටමත්  අඳුරු වෙමින් පවතින සැඳෑ අහස් කුස  වෙත දැඩි බෑවුමකින් ඉහල නගිමින්ම වමට හැරවූ ජෙට් යානයක එන්ජින් යන්ත්‍රවල ගෙරවුම පරිසරය සසල කලේය. ඒ මියුනික් කරායන ලුෆ්ට්හන්සා යානාව බව මේ වනවිට ගුවන් යානා කාලසටහන කට පාඩමින් දත්  කාලෝස් හඳුනාගත්තේය. ඊට අමතරව ඔහු පසුගිය සය මස තුලදී ගුවන් තො‍ටුපලේ ධාවන පථය අවට ප්‍රදේශයද හොඳින් අධ්‍යයනය කර තිබුනි.

එවිටම, මිලිටරි සපත්තුවකට බොරළු මැඩෙන හඬ ලඟින්ම ඇසුනේ, ඔහු අපේක්ෂාකල පරිදිමය. AK47 ස්වයංක්‍රීය අවි දරා, ගුවන් තො‍ටුපොල සීමාවේ ජංගම මුර සේවයේ යෙදෙන ආරක්ෂක භටයෝ දෙදෙන ඔහු සැඟවී සිටි ස්ථානය අසලින්ම පියමං කරද්දී, පඳුර පි‍ටුපස මුනින් වැතිර ගත් කාලෝස් නිසොල්මන්ව සිටියේය. He lay flat on his belly, behind the bush.
 
I checked this on the internet because you said your mind was set on thisweirdඹේ, මේ රෝද කුටීරෙක හැංගිලා අමෙරිකාවට පැනගන්න පිස්සු අදහස නිසාම, මම මේක ගැන සෑහෙන්න හොයලා බැලුවා, විශේෂයෙන්ම ජාලේ. මම හොයාගත්ත ලැබුන දේවල් දැක්කම පිස්සු හැදෙනවා. අර මම කිව්ව කොල්ලො දෙන්නා විතරක් නෙවෙයි බං, මේ වැඩේ කරලා තියෙන්නේ. වරින් වර, දේශපාලන ‍රැකවරණ පතන්න, බටහිර යස ඉසුරු හොයන්න, සරණාගතයො හැටියට  ඔය වගේ එක එක ජනප්‍රිය ලේබල් ගහගෙන සෑහෙන පිරිසක් රෝද කුටීරේ ගිහින් තියෙනවා. අමෙරිකන් ගුවන්  සේවා අධිකාරිය කියනවා, වසර 2000දි විතරක් 13 දෙනෙක් ඕවයේ හැංගිලා අමෙරිකාවට ඇවිල්ලලු. එයින් නොමැරි බේරිලා තියෙන්නේ තුන් දෙනයිලු. දෙදාස් එකේදි හය දෙනයි, එකෙක්වත් පණපිටින් ඇවිත් නෑ. The next year none of the six attempted the feat survived it.

wheelbaystowawaystarts

 Another departing Boeing 777 thundered down the runway with the powerful Rolls Royce engines roaring and whistling at the same time.  ම්පන්න රෝල්ස් රොයිස් ජෙට් එන්ජින් වලින් එක විට නැගුනු සිවුරුහම් හඬින් සහ ගිගුරුම් හඬින් වා තලය කම්පිත කරවමින්, තවත් නික්ම යන බෝයිං 777 ගුවන් යානයක් ධාවන පථය ඔස්සේ අධි වේගයෙන්   දිව ගියාය.  යෝධ එන්ජින් පසුපසින්  නිල් දැල්ලක් නිකුත් කරමින් ධාවන පථය කෙලවරින් ගුවනට නැගි අහස් යානයේ රෝද කට්ටල හැකිලී, යානයේ බඳ තුල සැඟවී යනු ඔහු බලා සිටියේ මිශ්‍ර හැඟීමකිනි. ඒ සමගම රෝද කුටීරයේ පියන්පත් වැසී යනු දු‍ටු කාලෝස්ගේ උදරය හිරි වැටීගෙන යනු ඔහුට දැනින.  felt butterflies in his stomach. Dude, like I said, when

I checked on the net, කාලෝස්, මම කිව්ව වගේ, ජාලේ හොයන කොට මේ වාර්තා 1947 වගේ ඈත කාලයක්  ඉඳන් පටන් ගන්න බව දැකලා මම හොල්මං වුනා. එදා ඉඳලා. 96 දෙනෙක්, ප්ලේන් 85ක රෝද කුටීරේ හැංගිලා ගිහින් තිබුනත්, එයින් 73ක් මැරිලා, 23යි පණ පිටින් ඇවිත් තියෙන්නේ. බාලම එකාට අවුරුදු නවයයි. අඩි 39,000ක් ඉහලින් ගිය ඒවයින් පණ ‍රැකගෙන තියෙන්නේ එකම එක මිනිහයි.  උඹ දන්නවද ඔය සෙල්ලම දාලා පණ ‍රැකගත්ත වුන්ගේ අනුපාතය 20.3%ක් විතරයි කියලා. ඔය ගාන ඔයිටත් අඩුවෙනවා කාලෝස්, මොකද ප්ලේන් එක බාන්න ආපහු රෝද එලියට එන්න අර දොර ඇරුනාම, වතුරට, ඔය කැලෑවල් වලට හෙම වැටිලා මිනියවත් හොයාගත්තේ නැතිවුන්ගේ ගාන කීයක්ද කියලා කවුරුවත් නොදන්න නිසා. not even recovered, could be not included in the survey.

Carlos peeped for any sign of the මු භටයන් පේනතෙක් මානයක සිටීදැයි හාත්පස විමසිලිමත්ව පරීක්ෂාකල කාලෝස්, මිටි බඩ වැටිය ඔස්සේ , පඳුරින් පඳුරට මුවා වෙමින් ධාවන පථයේ කෙලවර වෙත හැල්මේ දුවන්නට විය.  උණුසුම ‍රැකෙන පරිදි ඝනව නිමවා තිබූ ශීත සෘතුවට පළඳින පාවහන්වල  රබර් අඩි, තණ බිම මත කිසිදු හඬක් නොනැගීය. heavily padded winter boots with thick rubber soles made no noise on the grass.

The higher the altitude and longer the flight time, fewer the odds of survival යානය ගමන් කරන උසත්, ගමනට ගතවෙන කාලයත් වැඩිවෙන තරමට පීඩනය, උෂ්ණත්වය පාලනය කිරීමක් නැති ගුවන් යානා රෝද කුටීරෙක පණ ‍රැක ගැනීමට ඇති ඉඩකඩ  අඩුවෙනවා.

අනික,  සෙල්සියස් අංශක සෘණ 45කට විතර පහල යන උෂ්ණත්වයට මූණ දෙන්න සූදානමක් නැති එකා, සීතලට ගල්වෙලා මැරෙනවා.

ඒ ඔක්කොමටත් වඩා, ඉහල අහසේ ඔක්සිජන් ඝනත්වය අඩු කම නිසා පණ‍රැක ගන්න තරම් ඔක්සිජන් ප්‍රමාණයක් නැතිවා මදිවට, අඩු පීඩනය නිසා සාමාන්‍ය විදියට හුස්ම ගන්න පෙනහලු වැඩ කරන්නෙත් නෑ.

ඉතින් ඔක්සිජන් හිඟ කමයි, දරදඬු වෙලා ගල් ගැහෙන සීතලයි නිසා, ඕකෙ යන මිනිස්සු සිහි මුර්ඡා වෙනවා, ඒ නිසාම, ප්ලේන් එක බාන්න, අඩි 1500ක් විතර ඉහලකදි, අර පියන් ඇරිලා, රෝද පාත් කරන කොටම සිහිමුර්ඡා වෙලා ඉන්න මිනිහා, රෝද කුටීරෙන් බිමට ඇදගෙන  වැටිලා මැරෙන්න තියෙන අවස්ථාව හරිම ඉහලයි. ඒ වෙලාවට සිහිය ඇවිත් තියෙන වාසනාවන්තයෙකුට  විතරයි අර මිදිලා, ගල් ගැහිලා, හිරිවැටිලා තියෙන අත් වලින් ඔය මොකක හරි එල්ලිලා බිමට නොවැටි ඉන්න චාන්ස් එක තියෙන්නේ.

මම දේසනාවක් පවත්තනවා කියලා උඹට හිතෙනවද මන්දා? Do I sound like a teacher?

Carlos was out of breath when he finally arrived at the vantage කාලෝස් සැලසුම් කල ස්ථානයට ලඟා වන විට සිටියේ හති ලමිනි. සරුවට වැඩුනු මිටි පඳුරකට මුවාව බිම ඇණ තියාගත් කාලෝස්, සිය පිටෙහි එල්ලා ගෙන ආ  මල්ල උරහිසින් පැන්නීය. එකක් මත එකක් හැඳගත් ඩෙනිම් ජීන්ස් දෙක හා අත්දිග කමිස දෙක නිසා ඔහු දැනටමත් දහඩියෙන් තෙත් වී සිටියේය. මේ සියල්ලටම උඩින්, කෘතිම සමින් නිමකල ඝන කබාය හා කලිසම ලොම් ආවරණයකින් සමන්විත සම් අත්වැසුම් සමඟ  හැකි තරම් පමාවී  හැඳ ගැනීමට ඔහු තීරණය කලේය. ඔහුට මේ අදහස ලැබුනේ හෙන්රිබ්ලොග්වෝකර්ගේ ඊමේලයෙනි.පැරණි වාහන ආසන පටියකින් සෑදූ ආරක්ෂක බඳ පටිය පැලඳිය යුත්තේ කබායට පිටිනි. salvaged from the scrap yard should be worn over the jacket.

It’s not easy for a prospective wheel bay stowaway ය රෝද කුටීරෙ හැංගිලා යන කෙනෙකුටත් සාමාන්‍යයෙන් ගුවන් තො‍ටුපලක තියෙන දැඩි ආරක්ෂාව අස්සෙන් වැටෙන් රිංගලා, හොරෙන්ම ඇතුලට පැනගන්න එක ලේසි වැඩක් නෙවෙයි. නමුත් ගුවන් තො‍ටුපොල ආරක්ෂාව ලෝකෙ හැම තැනකම එකම ආකාරය නෙවෙයි. ඉතින් හුඟ දෙනෙක් කරන්නේ, කලින්ම ඇතුලට පැනලා, හැංගිලා ඉඳලා, ප්ලේන් එක ගුවන් ගතවෙන්න මොහොතකට කලින්, දුවලා එල්ලෙන එක. උඹලෑ රටේ නම් ආරක්ෂාව කොහොමද මම දන්නේ නෑ, ඒ කොහොම වුනත් ඕක නම් මහම පිස්සු වැඩක් කියලා කිව්වෑකි.  Still, it is a mad scheme to try.

Carlos glanced at his cheap digital  කාලෝස් සිය බාල වර්ගයේ ඩිජිටල් අත් ඔරලෝසුව දෙස නෙත් හෙලීය. ගුවන් යානය මේ වෙන විට මෙතැනට පැමිණිය යුතුය. ගුවන් තො‍ටුපල පර්යන්ත ගොඩනැගිලි  සහ වාහන වලින් නැගෙන දැඩි ආලෝකය නිසා ඇස් කුඩා කල කාලෝස් ඈත ගුවන් තො‍ටුපලේ සිදුවන දෑ  නිරීක්ෂණය කලේය. අර පෙනෙන්නේ ගුවන් යානා අදින  ටෝ ට්‍රැක්ටරය ගුවන් යානය පසු පසට තල්ලු කරනවා නේද? 

ඉන් අනතුරුව ගුවන් යානාව ස්වාධීනව සිය එන්ජින් බලයෙන් උපයෝගී කරගෙන ධාවන පථය දෙසට ලැසි ගමනින් එන බව සහතික කර ගැනීමට ඔහු තවත් දෑස් කුඩා  කලේය. the plane actually started to taxi towards the runway under its own power.

It’s no wonder so many තින් කාලෝස් උෂ්ණත්වයවත්, පීඩනයවත් පාලනය නොකල, ඔක්සිජන් සැපයුමක් නැති  ගුවන් යානා රෝද කුටීරයක හැංගිලා යන හුඟ දෙනක් ගුවන් ගාස්තුව ගෙවන්නෙ ජීවිතයෙන් කියන එක පුදුමයක් නෙවෙයි නේද? landing gear compartment with no oxygen supply,  with their lives.

The Boeing 777 taxied slowly towards the end of the runway බෝයිං 777 යානය ටැක්සි මග ඔස්සේ, ධාවන පථයේ කෙළවර කාලෝස් සැඟවී සිටි ස්ථානය අසලට ලැසි ගමනින් පැමිණියාය. කාලෝස් මල්ල විවෘත කර සිය ආම්පන්න පිටතට ගත්තේය. කෘතිම සමින් නිමකල ඝන කබාය ඇඟලා ගැනීමට පෙර, ඔහු  සමින් නිමැවූ කලිසම, එකක් මත එකක් හැඳ සිටි රළු ඩෙනිම් ජීන්ස් දෙකට උඩින් ඇඳගත්තේය. තරමක් අසීරුවෙන් සිzපරය වසාගැනීමෙන් අනතුරුව, උණුසුම් අත්වැසුම්ද ලා ගත් ඔහු, අවසන් වශයෙන්, ආසන පටියෙන් සාදාගත් ආරක්ෂිත පටිය ඉණ වටා පළඳා ගාංචුව සවිකර ගත්තේය. තැඹිලි පැහැ මෘදු රබර් කන් ඇබ කන් සිදුරු වලට ඇතුරු කිරීමට පෙර, පහන් තිර සේ ඇඟිලි වලින් අඹරා ගැනීමට ඔහු කල්පනාකාරී  විය. ear plugs and rolled them  into thin wicks before inserting them deep into his ears.

DSCN8302 - CopyThe rumble of the Boeing 777’s powerful engines changed the note as it slowed up.  බෝයිං 777 යානයේ වේගය අඩුවෙත්ම,  බල සම්න්න ජෙට් එන්ජින් වල ගෙරවුම් හඬ බාල විය.  කාලෝස් සැඟවී සිටි ස්ථානයට මඳක් ඔබ්බෙන් වූ ‍රැඳවුම් ස්ථානයේ නැවැත්වූ යානය, ගුවන් යානා  පාලක කුළුනෙන් ගුවන් ගත වීමට අවසර ලැබෙන තෙක් බලා සිටියාය. කාලෝස් පුල පුලා බලා සිටි අවස්ථාව එලඹ ඇත.  for the clearance from the control tower. It was now or never.
 

The stowaways usually hide nearby the end of the runway where the aircraft would taxi to, සාමාන්‍යයෙන් හුඟ දෙනෙක් කරන්නේ, අහස්යාත්‍රාව හෙමිහිට ධාවන පථයේ කෙලවරට ඇවිත් ආපහු හැරිලා පාලක කුළුනෙන් අවසරය දෙනකල් නවත්තාගෙන බලා ඉන්නතැන කිට්‍ටුව හැංගිලා ඉන්න එකයි. නැතිනම් ගුවන් තො‍ටුපලේ සැලැස්ම අනුව, යානය ටැක්සිවේ එකේ ඇවිත් ධාවන පථයට ඇතුල්වෙන්න කලින් නවත්තාගෙන ඉන්න නියමිත තැනක් කිට්‍ටුව වැහි වතුර බැහැලා යන්න හදලා තියෙන කාණුවක වැතිරිලා ඉන්න එකයි. මෙහෙම ඉඳලා දුවලා ගිහින් රෝදෙට නැගලා, රෝද කුටීරය ඇතුලට රිංගනවා. stowaway would run and mount the landing gear and haul himself into the wheel compartment.

DSCN8273
Carlos looked around. The coast was clear. කාලෝස් අවට බැලීය. කිසිවෙකු පෙනෙන්නට නැත. ඔහු සිටියේ යානයේ පසුපස නිසා නියමු කුටියේ කවුලුවලින් නියමුවන්ගේ හිස් හෝ යානයේ බඳේ කවුලු වලින්  ඔහු දෙස එබී බලන මගියෙකුගේ හෝ මුහුණු කිසිත් නොදිටීය. “මට ඔහුව නොපෙනේනම්, ඔහුටද මා දැකිය නොහැක” යන ඔහුගේ පියාගේ කියමනක් කාලෝස්ට සිහිපත් විය. වහා නැගීසිටි කාලෝස් ගුවන් යානයේ යෝධ රෝද කට්ටලය වෙත වේගයෙන් දුව ගියේය. He sprang to his feet and raced towards the giant undercarriage.
DSCN0415 - Copy
කාලොස්ගේ ඉරණම කුමක්වේද.?
දෙවන කොටසින්.

ඔබට එතෙක් බලාසිටිය නොහැකි යයි හැ‍ඟේ නම්, දෙවැනි කොටසේ ඉංග්‍රීසි මුල් පිටපත කියවීමට HeyDude බ්ලොග් අඩවියට මෙතනින්.

මෙම ලිපියේම ඉංග්‍රීසි මුල් පිටපත රස විඳීමට HeyDude බ්ලොග් අඩවියට මෙතනින්.ඉංග්‍රීසියට හොර, මගේ කම්මැලි සහෘදයන්ගේ ඉල්ලීම නිසාම😀 අමාරුවෙන් සිංහලට නැගුවත්, මුල් පිටපතින් ලැබෙන වින්දනය මෙයින් ලැබේදැයි මට නම් සැක සහිතය. අවම වශයෙන් මෙය  කියවා, ඉන් පසුව මුල් ලිපිය කියවා,  ඔබම වෙනස වටහා ගන්න.
P.S:

This is the blog post I took the longest to compose. If you just check the last countdown post I published as a prologue to this, you would understand what I mean. It was published on February 28th.  I started writing this even before that. Obviously, it took so much research as I wanted to be as accurate with facts as possible.I also would like to thank my children  Hirusha and Hiruni, my wife Deepa and the fellow bloggers Senna and Chams who kept reminding me of this post ever since the countdown post was published.

References:






Originally published @ HeyDude in English Language.
Simulblogged @ මට හිතෙන හැටි WordPress Lovers.

 

ටැග: , , , , ,

5 responses to “135. මාරක පියසැරිය. Flight Beyond All Hope. Part 1. Dude’s Originals.

  1. hiruni

    ජූනි 19, 2013 at 1:38 පෙ.ව.

    ඩුඩ් මුලින්ම කතාව කොච්චර හොදයිද කියන්නද නැත්නම අපිට බලාගෙන ඉන්න වෙනවට තරහ ගන්නද කියල හිතාගන්න බෑ…😀😀😀

    ඇත්තරම කියන්න වචන නෑ…මේ ලිවීමේ ශෙලිය හරිම වෙනස්…හරිම ලස්සනයි….

    මට හිතුනේ මාත් ඒ වීල් බේ එකේ හිටිය වගේ….

    මම ඇත්තටම ප්‍රාර්තනා කලේ කාර්ලෝස්ව අහුවෙන්න කියලා :O … පන පිටින් පරිස්සමට යන්න ලැබුනොත් හොදයි….

    කාර්ලෝස් කන්නේ මොනවද? [ මට තියෙන ලොකුම ප්‍රශ්නේ හිහ් හිහ් හිහ්]😀

    ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න ඩුඩ්…නැත්නම් කාර්ලොස්ට කලින් අපිට මොනව හරි වෙන්න ඉඩ තියෙනව හිහ් හිහ් හිහ්😀😀😀

     
    • henryblogwalker

      ජූනි 19, 2013 at 1:01 ප.ව.

      අනේ තරහ ගන්නනම් එපා මොකද මේක ලියන්න මම මාර කට්ටක් කන්නේ.😀

      ඇත්තෙන්ම මම නොයෙකුත් අත්හදා බැලීම් කරන බව ඔයා දන්නවනේ. මේත් ඉතින් එයින් එකක්. මම කියන්නේ ලිවීම ගැන. වීල් වෙල් එකේ යන එක නෙවෙයි.

      හරි, මේ ඒ ගැන වැඩ කරගෙන යන ගමන්. බොහෝම ස්තුතියි.🙂

       
  2. chami4u

    ජූනි 20, 2013 at 8:59 පෙ.ව.

    මේකනම් මම කියවන්න කැමතිම විදියේ කතාවක්,
    (මේක ඩෙනිමට දාන්නේ නැද්ද ?, දැන් අපි මොකෙන් කියෙව්වත් පුරුද්දක් විදියට කමෙන්ට් කරන්නේ ඩෙනිමටනේ )

     
    • henryblogwalker

      ජූනි 20, 2013 at 9:57 පෙ.ව.

      ඇයි බං චමී මේක මගේ ඩෙනිමෙනෙ ඉස්සෙල්ලම දැම්මේ. මේකෙ දැම්මෙ දවසකට දෙකකට පස්සෙ. අනික කෙලින්ම අරකෙන් කොපි කරලා.

       
  3. blue lotus

    ජූනි 21, 2013 at 10:22 ප.ව.

    Don’t blame me. I have already given two comments on the same topic.So nothing more is left for this post. Well. May you have strength to write more posts like this.

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: