RSS

137. මාරක පියසැරිය අවසන් කොටස. Flight Beyond All Hope. Part 3. Dude’s Originals.

02 Jul
137. මාරක පියසැරිය අවසන් කොටස. Flight Beyond All Hope. Part 3. Dude’s Originals.

So the captain grits his teeth ඉතිං කැප්ටන් දත්මිටි කාගෙන, හෙන ගේමක් දීලා, ෆ්ලැප්ස් ෆුල් දාලා, බ්‍රේක් කෑගස්සගෙන ටයර් පාර බිම ඇ‍ඳෙන්න ප්ලේන් එක යන්තම් නවත්ත ගන්නවා. නවත්තගෙන කියනවා කෝ-පයිලට්ට, “යකෝ මම ප්ලේන් එකක් බාපු කොටම රන්වේ එක වෙන්නෝනෙ මේක !” කියලා. කෝපයිලට් ඔලුව හරවලා උරෙස්සට උඩින් සයිඩ් එකේ ජනේලෙන් බලලා කියනවා, “ඒ වගේම පළලම එක.”“And the ****ing widest!”

ඔබ මාරක පියසැරියේ පළමුවන සහ දෙවන කොටස් කියවා නැතිනම් මෙතනින් යන්න.

මාරක පියසැරිය FLIGHT BEYOND ALL HOPE PART 1
මාරක පියසැරිය FLIGHT BEYOND ALL HOPE PART 2

Captain Kevin Landers let out a loud guffaw and in fact, a too loud one,  that made the firstOfficer  කපිතාන් කෙවින් ලෑන්ඩර්ස් මහ හඬින්, කොක් හඬලා සිනාසුනේය. විසිපස් හැවිරිදි සහායක නියමු, ඇල්වින් රොජර්ස් ඔහු දෙස බැලුවේ සැකයෙනි.

“මම කල්පනා කලා කැප්ටන් ඒක කලින් අහලා තියෙන්න ඇතිද කියලා.”

“අහලා තියෙනවා තමයි බං. නමුත් උඹ ඒක ඔච්චර මහන්සි වෙලා කිව්ව හන්දා මට පව් කියලා හිතුනා.”

“නෙද්දකිං!”

හතලිස් තුන් හැවිරිදි කපිතාන් කෙවින් ලෑන්ඩර්ස්, හිස උදුම්මවා නොගත්, විනෝදකාමී, ප්‍රිය මනාප චරිතයක් ලෙස පතලව සිටියේය.

“උඹ මේක අහලා තියෙනවද?” හිස් ප්ලාස්ටික් බන්දේසිය නියමු කුටියේ බිම තබමින් ලෑන්ඩර්ස් මුල පිරීය. “ඔන්න ප්ලේන් එකක් JFK එයාපෝර්ට් එකෙන් ටේක් ඕෆ් කරලා ඉහල නගිනවා. දැන් ඔන්න කැප්ටන්ගේ කටහඬ ඇහෙනවා ඉන්ටකොම් එකෙන්. “නෝනා වරුනි මහත්වරුනි, මේ ඔබේ කපිතාන් වරයායි කතාකරන්නේ. JFK ගුවන් තො‍ටුපළේ සිට, ලොස් ඇන්ජලස් ගුවන් තො‍ටුපළ දක්වා යන සීඝ්‍රගාමි ගුවන් ගමනට ඔබ සැම සාදරයෙන් පිළිගන්නවා. කාළගුණ වාර්තාවලට අනුව ඉදිරියේ ඇත්තේ ඉතාමත්ම යහපත් කාළගුණයක් නිසා අපිට ඉතාම හොඳ ගමනක් බලාපොරොත්තු වෙන්න හැකියි. ඉතින් සුව පහසුව ඉඳගෙන ගමන රසවිඳින්න. OH, MY GOD!”

ඊට පස්සෙ කිසිම සද්දයක් නෑ. ෆුල් හොල්මං. විනාඩි කීපෙකට පස්සෙ ඔන්න කැප්ටන් ආයෙම කතා කරනවා ඇහෙනවා.

නෝනාවරුනි මහත්වරුනි. ඔබව භීතියට පත් කිරීම ගැන, මම මුලින්ම ඔබෙන් සමාව අයදිනවා. මම ඒ නිවේදනය කරමින් සිටිනාවිට ගුවන් සේවිකාව අත් වැරදීමකින් උණු කෝපි කෝප්පයක් මගේ උකුලට හැලුවා. හඃ හඃ !ඔබලා දැන් මගේ කලිසමේ ඉස්සරහ පැත්ත දැක්ක නම්! හඃ හඃ!

එතකොටම බිස්නස් ක්ලාස් එකේ ඉඳගෙන හිටපු පොරක් කියනවා, “ඕක මොකක්ද. දැන් මගේ කලිසමේ පස්ස පැත්ත දැක්කා නම්!””

මහ හඬින් සිනාසුනු ඇල්වින්, බොමින් සිටි කෝපි කෝප්පයෙන් කොටසක් කලිසමේ ඉහිරවා ගත්තේය. on the front of his pants.

෴ * * ෴ ~ ෴ * * ෴ ~ ෴ * * ෴

The Boeing 777 cruised on auto pilot බෝයිං 777 යානය කිසිදු විශේෂ සිදුවීමකින් තොරව, අඩි 37,000කට ඉහලින් නිසල රාත්‍රී අහස තුලින්, ස්වංක්‍රීය නියමුවෙන් යාත්‍රා කලාය. with fine weather for flying.

෴ * * ෴ ~ ෴ * * ෴ ~ ෴ * * ෴

The Boeing 777 was homing in on Miami International Airport, Florida.බෝයිං 777 යානය සිය ගමනාන්තය වූ, ෆ්ලොරිඩාහි, මයෑමි ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොල වෙත ලඟාවෙමින් පැවතිනි.

ගුවන් සේවිකා ඇනී ඩේවිස්, නවක සේවිකාවක් වූ මිෂෙල් කූපර්, කඩවසම් සහායක නියමු ඇල්වින් රොජර්ස් පිළිබඳව දැක්වූ උනන්දුව සම්බන්ධයෙන්, ඇයට කවටකම් කරමින් සිටියාය. යානයේ ආහාර පිළියෙල කල ගැලියේ, බේසම අසල සිටගෙන ආහාර ගනිමින් සිටි, රන්වන් කෙස් වැටියක් හා මන බඳිනා රූ සපුවකින් හෙබි විසි තුන් හැවිරිදි මිෂෙල්, මුහුණ රතු කර ගත්තාය. eating a burger standing by the galley sink, blushed.

෴ * * ෴ ~ ෴ * * ෴ ~ ෴ * * ෴

Two hours later,  the PA system crackled හෝරා දෙකකට පසු, යානය නොබෝ වේලාවකින් මයෑමි ජාත්‍යන්තර ගුවන් තො‍ටුපොළට ගොඩ බැසීමට නියමිත බව, යානයේ මහජන ඇමතුම් පද්ධතිය තුලින් නිවේදනය විය. බෝයිං 777 යානය ක්‍රමයෙන් පහතට ගමන් කිරීම ඇරඹුවාය. ඇතැම් මඟීහු, ගුවන් සේවිකාවක විසින් බෙදා දුන් ගොඩබැසීමේ පත්‍රිකා පුරවන්නට වූහ. බෝල් පොයින්ට් පෑනක් ගෙන ඒමට අමතක වූවෝ, එසේ කිරීමට තරම් කල්පනාවක් තිබූ අයගෙන් පෑන ඉල්ලා ගැනීමේ බලාපොරොත්තුවෙන් කල් මැරූහ.

තරුණ මවක් උකුලේ හොවා ගත් බිළිඳාගේ ඩයපරය මාරු කරනු, යාබද අසුනේ සිටි ඇගේ සැමියා බලා සිටියේ ගෞරවය මුසු විශ්මයකිනි.

ගොඩබැසීමේ පියසර රටාවට අනුගත වීම පිණිස, යානය වම් පසට ඇලවී වාමාවර්තව පියාසර කලාය. aircraft banked left in a wide curve, to enter the landing pattern.

෴ * * ෴ ~ ෴ * * ෴ ~ ෴ * * ෴

Photo from Wikimedia

The Boeing 777 was on the final approach on the glide slope with the onboard computers tuned and locked on the ILS frequency of the runway 12/30. ගොඩබෑමේ අවසන් අදියරට එළඹි බෝයිං 777 යානය ආනතියකින් යුතුව පහළට ගමන් කලාය. මේ වන විට ධාවන පථයට සැතපුම් පහක් ඔබ්බෙන් , අඩි 2000ක උසකින් පියාසර කරමින් තිබූ යානයේ පරිගණක පද්ධතිය අංක 12/30 ධාවන පථයේ ILS සංඛාතයට සුසර කර තිබිණ.. කපිතාන් ලෑන්ඩර්ස් ත‍ටුවල සවිකර තිබූ ෆ්ලැප් පළමු අදියරට පහත් කිරීමට අණ දුන්නේය. දැන් එලැඹ ඇත්තේ යානාවේ රෝද පහත් කිරීමේ වේලාවයි. මනා ලෙස පුහුණු වූ නියමුවන්ගේ දෑත් කඩිසර ලෙස උපකරණ පැනල මත ක්‍රියාත්මක විය. went through the motions.

First officer Alvin යානාවේ රෝද කුටීර දොර විවෘත වී රෝද කට්ටල පහතට ගමන් කරමින් පවතින බව හඟවමින්, සුදු කො‍ටු රටාවකින් උපකරණ පැනලයේ දැල්වෙමින් තිබූ දර්ශකය වෙත සහය නියමු ඇල්වින් රොජර්ස් නෙත් යොමුකරගෙන සිටියේය. මෝටරයකින් නැගෙන ගුම් නාදයක්ද, ඉන් අනතුරුව යානය තුලටම දැනුනු ගැස්සීමක්ද සමඟ, රෝද කට්ටල පහත් වී අගුලු වැටෙත්ම, පැනලයේ දර්ශකය කොළ පැහැති විය. wheels were down and locked and the indicators turned into green.

With the airspeed now reduced to just above the stall speed. පියාසර වේගය, එන්ජින් අක්‍රීය වන වේගයට මඳක් ඉහලින් සිටිනසේ අඩු කර තිබු අතර, ත‍ටු මත ක්‍රියාත්මක වූ ෆ්ලැප් සහ වායු තිරිංග නිසා එන්ජින් වල හඬේ පැහැදිළි වෙනසක් දැනුණි. due to the deployed flaps and the armed speed brakes.

The big jet came in screaming out of the skies, toward the lit up runway 12/30. The engines slightly accelerating to මහ හඬ නඟමින් ගුවන් ගැබින් මතුවූ දැවැන්ත ජෙට් යානය, විදුලි එළියෙන් ඒකාලෝක වූ ධාවන පථය දෙසට පහත් විය. පහත් කල රෝද කට්ටලය සහ ෆ්ලැප් වලින් ඇතිකල අධික වායු ප්‍රතිරෝධය නිසා, යානයේ ඉදිරිපස ඉහලට එසවීම වැලැක්වීමට ප්‍රමාණවත් තරමින්, එන්ජින් යන්ත්‍ර යන්තමින් ත්වරණය වෙමින් පැවතුනි. ධාවනපථයේ ආරම්භය හඟවන සළකුණු යානයට යටින් විදුලි වේගයෙන් පසුපසට ඇදී යත්ම, කපිතාන් කෙවින් ලෑන්ඩර්ස්, පතන කෝණය වැඩි වන සේ, සුක්කානම ආපසු ඇද යානයේ ඉදිරිපස මඳක් ඉහලට එසවීය. අත්ත‍ටු විහිදා, නිය පහුරු ඉදිරියට දිගු කරගෙන, ගොදුරක් මතට පහත් වන දැවැන්ත රාජාලියකු සේ, බෝයිං 777 යානය පොළොවට ලඟාවිය. claws outstretched to grab the prey.

Photo from Wikimedia

The landing gear just skimmed the runway and then sparks flew as the rubber the met the tarmac at thetouchdown, ධාවන පථයේ ගෑවෙමින් නොගෑවෙමින් මඳ දුරක් ඇදී ගිය පසු පස රෝද කට්ටල, ගිණි පුපුරු නිකුත් කරමින් ධාවන පථය සිප ගත්හ. රබර්, තාර මත ගැටීමෙන් ඇතිවූ දුම් වලාව අතරින්, යානාවේ රෝද පැයට කිලෝමීටර 0 සිට 250 දක්වා මොහොතකින් ත්වරණය වී කැරකෙන්නට විය. යානාව සිසාරා නැගුණු කම්පණයත් සමඟ රෝද හා අවලම්බන පද්ධතිය යානයේ බර කරට ගත්තේ ‘ස්ස්ස්’ හඬක් නගමිණි. gear suspension hissed and took over the total weight of the aircraft.

In a few seconds, the nose wheels touched downadding more rubberතප්පර කිහිපයකින්, ධාවන පථයට තවත් රබර් පැල්ලමක් එක් කරමින් ඉදිරිපස රෝද කට්ටලයද පතිත විය. යානයේ ආරෝහක පාලකය උදාසීන කල කපිතාන් ලෑන්ඩර්ස් සුක්කානම් පැඩලයන් ආධාරයෙන් යානය ධාවන පථයේ හරි මැදින් ධාවනය කලේය. උපරිම මට්ටමෙන් ක්‍රියාකල ෆ්ලැප්, ස්පොයිලර, එන්ජිමේ පසු තෙ‍රැපුම් බලය හා තිරිංග නිසා, එක වර නැඟුණු හඬ අති උච්ච ස්වරයකට පත්විය. a howl and roar and scream at the same time which reached a crescendo.

As the ground handling crew watched the Boeing 777 thundered down the runway making the windows rattle බෝයිං 777 යානය, අවට ගොඩනැඟිලි වල කවුලු පියන්පත් දෙදරවන ගිගුරුම් හඬක් නංවමින් ධාවන පථය දිගේ අධිවේගයෙන් දිව යනු, යානය එනතෙක් ‍රැඳී සිටි ගුවන් තො‍ටුපොළ කාර්‍ය මණ්ඩලය බලා සිටියහ. ධාවන පථය කෙළවරේදී වේගය අඩුවූ යානය, අංශක අනූවක කෝණයකින් හැරී, ටැක්සි මඟ දිගේ, ලැසි ගමණින්, පර්යන්තය වෙතට ගමන් කලාය. මඟීහු සුපුරුදු පරිදි යානාවෙන් පිටවීමට සූදානම් වූහ. getting ready to deplane with usual chatter.

෴ * * ෴ ~ ෴ * * ෴ ~ ෴ * * ෴

Several hours later, Nick Ortega stood in the floodlights on the concrete ramp and ticked off the check list  පැය කිහිපයකට පසු, ගුවන් යානයේ බාහිර තත්වය, ලිපි ගොණු කවරයක ‍රැඳවූ ලැයිස්තුවක සළකුණු කරමින් නික් ඕර්ටේගා විදුලි එලියෙන් නැහැවුනු කොන්ක්‍රීට් පොළොව මත ඒ මේ අත ඇවිද්දේය. මඳකින්, යානයේ වම්පස ත‍ටුව යටට ඇවිද ගිය ඔහු, යානාවේ රෝද එකලස පරීක්ෂා කර ලැයිස්තුවේ හරි සළකුණු කිහිපයක් දැම්මේය. එකක් පසු පස එකක්, මහ හඬ නංවමින් දිවයන ජෙට් යානාවල ඝෝෂාවට ඔර්ටේගා මුහුණ ඇඹුල් කර ගත්තේය.

පැන්සලයේ තුඩ දිවගින් පෙඟවූ ඔහු, ලෝහයක් මත ලෝහයක් මෘදුව ගැටෙන හඬක් ඇසුන නිසා රෝද කට්ටලය සවිකර තිබූ යෝද සිරස් ලෝහ පාදයේ උඩ කොටස දෙස නෙත් හෙලීය. මඳ සුලඟට වැනෙමින්, ලෝහ ගාංචුව ලෝහ පාදයේ වැදෙමින්, එයින් එල්ලෙමින් තුබූ මෝටර් රථයක ආසන පටිය දු‍ටු ඔර්ටේගාගේ ඇස් සිහින් වී, මුහුණට ප්‍රශ්ණාර්ථයක් පැන නැඟුනේ නිතැතිනි.

“මේ මොන …?”

ඔහු, අතැතිව තිබූ විදුලි පන්දමේ දීප්තිමත් ආලෝකය රෝද කුටීරයට එල්ල කලේය. අමුත්තක් නැත. ඔහු, වැඩි හොඳට, රෝද එකලසට ගොඩවී රෝද කුටීරය තුලට ආලෝකය එල්ල කර බැලීය. එහි කිසිවක් නොමැත. පැන්සලේ තුඩ නැවතත් දිවගා පෙඟවූ ඔහු, විශේෂ නිරීක්ෂන කොටසේ ලිවිය යුතු වාක්‍යය සිතින් ගොඩ නඟා ගැනීමට තැත් කලේය. “වම්පස රෝද සවිකල ලෝහ පාදයෙන්, මෝටර් රථ ආසන පටියක් එල්ලෙමින් තිබුණි,” යන වාක්‍යය අභව්‍ය බව ඔහුට හැඟුනි.

වහා වෝකි ටෝකි යන්ත්‍රය මුවට ලංකල ඔහු එහි TALK බොත්තම ඔබා වේගයෙන් කතා කිරීමට පටන් ගත්තේය. pushed the talk button and started talking into it rapidly.

෴ * * ෴ ~ ෴ * * ෴ ~ ෴ * * ෴

Two weeks later, henryblogwalker සති දෙකකට පසු, හෙන්රි බ්ලොග්වෝකර් කෝපි කෝප්පයක් තොල ගාමින් Yahoo Mail සේවයේ, ‘Inbox’ ගොනුව විවෘත කලේය.

23 unread messages! ඔව් , බ්ලොගර් කෙනෙක් වුනාම ලැබෙන ලිපි වලින් නම් අඩුවක් නෑ, ඔහු සිතීය.

නමුත් තුන්වන ලිපිය ඔහු වෙත කඩා පනින්නාක් මෙන් විය.

 

Carlos                              HeyDude                     8.55 AM

“මේකා අර උගේ පිස්සු වැඩේ ගැන මොනවා කලාද දන්නේ නෑ,” ඔහු තමන්ටම මුමුණා ගත්තේය.

කාලෝස්ගේ නම මත ක්ලික් කල ඔහු, ඇඟිලි තුඩින් ලැප්ටොප් පරිගණකයේ යතුරු පුවරුව අසල දාරයට නොඉවසිල්ලෙන් තට්‍ටු කරමින්, ලිපිය තිරයේ දර්ශණය වන තෙක් බලා සිටියේය. drumming an impatient tune on the edge of the laptop keyboard.

THE END

නිමි.

WARNING: THIS IS FICTION. PLEASE DON’T TRY THIS. THIS IS DEADLY. THE STATISTICS ARE TRUE.
අවවාදයයි. මෙය ප්‍රබන්ධයක් පමණි. මෙය කිසිවිට අත්හදා බැලීමට උත්සාහ නොකරන්න. ප්‍රතිඵල මාරාන්තික විය හැකි අතර මෙහි සඳහන් කල සංඛ්‍යාලේඛණ සත්‍ය වේ.

References:

http://www.dailymail.co.uk/news/article-32111/Cuban-stowaways-died-jet-soared.html#ixzz2J5vFW3af

http://en.wikipedia.org

http://www.boeing.com/boeing/commercial/777family/pf/pf_200product.page

http://www.bbc.co.uk/news/magazine-19562101

http://www.slate.com/articles/news_and_politics/explainer/2003/12/do_jet_stowaways_ever_survive.html

http://www.slate.com/articles/news_and_politics/explainer/2003/12/do_jet_stowaways_ever_survive.html

Originally published @ HeyDude in English Language.
Simulblogged @ මගේ ඩෙනිම Blogger Lovers.

 

ටැග: , , , ,

8 responses to “137. මාරක පියසැරිය අවසන් කොටස. Flight Beyond All Hope. Part 3. Dude’s Originals.

  1. hiruni

    ජූලි 2, 2013 at 5:12 ප.ව.

    Grand finale කියන්නෙ මෙන්න මේකට තමයි!!!😀😀😀

    මම කැමතිම කොටස තමයි මේ!!! මුලින්ම මම හිතුවෙ මට කොහේ හරි අත ඇරිලද දන්නෙ නෑ කියල ආයෙමෙ ගිහින් කියෙව්වා…. 😀

    ප්ලේන් එක ලෑන්ඩ් කරන හැටි, ගුවන් නියමුවන්ගේ සහ සේවිකාවන්ගෙ විහිලු සහ කතා, අන්තිමේට නික්ට සීට් බෙල්ට් එක හම්බවෙන හැටි….මේ ඔක්කොම අති සාර්තකයි!!!! 😀😀😀

    කාර්ලොස් බේරුනා!!! කිව්වත් වගේ ඔක්කොම කියවද්දි අපි හැමෝම හිතුවෙ කාර්ලොස් ගැන තමයි!!!

    නිදහසක් ලැබුනම ආයෙම ඔක්කොම කියවන්න ඕනේ… මේ ඒවියේශන් ගැන ලියපු පලවෙනි කතාව වෙන්න ඇති කියල මටත් හිතෙනව😀

    ඩුඩ් ඔයා බ්ලොග් ලෝකෙ අලුත්ම පි‍ටුවක් පෙරලුවා! අපේ සුබ පැතුම්! අපිට හරිම ආඩම්බරයි! 😀😀😀

     
  2. Kenji @ Japan

    ජූලි 2, 2013 at 5:23 ප.ව.

    අයියෝ හෙන්රි,මේ දැන් ආපහු කියවද්දී නෙ කෝපි කෝප්පෙ හැලිච්ච එකයි,අරූගෙ පස්ස තෙත් වෙච්ච එකයි මීටර් වුනෙ.පට්ට හිනා.
    ඩෙනිම එකේ මම දාපු කොමන්ට් එකෙ >>කතාව ඇතුලෙ තව පුංචි කතා<<කිව්වෙ මිෂල් සහ පොඩි එකාට පැම්පර් අන්දවන වගේ කතාවල් කියවල.මේකත් මීටර් වුනා නම් මොනව ලියවෙයි ද දන්නෙ නැහැ🙂.
    නැවත නැවත කියවල රස විදිය හැකි කතාවක් වුනා මෙය.

     
    • henryblogwalker

      ජූලි 7, 2013 at 8:16 ප.ව.

      කෙන්ජි, මටත් ඔය ලෙඩේ තියෙනවා. මේ සමහර පොත්, ‍ෆිල්ම් හෙම දෙවෙනි පාර කියවන බලනකොට කලින් මිස් වෙච්ච තැන් දකිනවනේ. ඒකත් හොඳයි එක අතකට. බොහොම ස්තුතියි කෙන්ජි.

       
  3. naleendilruksha

    ජූලි 2, 2013 at 9:49 ප.ව.

    මේ ගැන අනිත් එකට කිව්වෝ.

     
  4. ~ChAnDiKa~

    ජූලි 7, 2013 at 12:19 පෙ.ව.

    හදිස්සියට කියෙව්වට තේරුනේ නැහැ. අයේ කියවන්න ඕන

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: