RSS

138. කලු සහ සුදු BLACK & WHITE

17 Jul
138. කලු සහ සුදු BLACK & WHITE
අපායේ ගතකල් හොඳම විනාඩි විස්ස මතකද? 

අමතක වෙන්න නම් අමාරුයි. නමුත් එහෙම වුනා නම් මෙතනින් ගිහින් කියවලාම එන්නකෝ. 


 ඔව්, ඉතිං ඒ ජනේලේ එදා බේරුනානේ. මේ ඊට සති කීපයකට පස්සේ වෙච්ච දෙයක්. මේත් ඒ වගේ නැගීගෙන එන අපා පන්තියක  ජනේලෙට වෙච්ච දේ. හොඳයි හැඳින්වීම ඉවරයි. දැන් මෙන්න කතාව.

මේ මොකක්ද?

හෙන පවර්ෆුල් මෝටර් බයික් එකක් නේද? හුඟ දෙනෙක්ගේ  Dream machine එකක්, හරිනේ?

මේක මොනවායින්ද හදලා තියෙන්නේ කියල කියන්න පුලුවන්ද?

බලමු තව එකක් දෙකක්.


 


ඔව් මේක හදලා තියෙන්නේ කැඩිච්ච සිගරට්  ලයිටර් කෑලි කීපයකින්. පට්ට නිර්මාණයක් නේද? දැන් පුලුවන්නේ කෑලි ටික අඳුනාගන්න? බැරි නම් ලයිටරයක් හොයාගෙන බලන්න.

මම මේවගේ වැඩ වලට හරි ආසයි. දවසක්, මම අපායේ උගන්නන කොට එක බුවෙක් සුපුරුදු විදියට වෙන වැඩක්. මම ළඟට ගිහින් බැලුවාම තමයි මේක හොයාගන්න පුලුවන් වුනේ.

සාමාන්‍යයෙන්, සාමාන්‍ය පන්තියක නම්, මම කල යුත්තේ මේක අත් අඩංගුවට අරගෙන, හදපු එකාට ලෙඩක් අදින එක වුනත්, මට එහෙම කරන්න හිතුනේ නෑ. පන්තිවල මම උගන්නනකොට චිත්‍ර අඳින උන්ටත් මම කියන්නේ, චිත්‍ර ඇඳපල්ලා, නමුත් මම උගන්නනකොට අඳින්න එපා කියලා. මම කැමති නෑ කාගෙවත් නිර්මාණාත්මක හැකියාවල් මොට කරලා දාපු පව්කාරයෙක් වෙන්න. අනාගත් මයිකල්ආන්ජලෝලා, ඩාවින්චිලා, අයින්ස්ටයින්ලා, බිල් ගේට්ස්ලා උපන්ගෙයිම මරාදාපු තවත් කාලකන්නියෙක් වෙන්න.

බොහෝවිට වෙන්නේ, මේක ගුරුවරයට හොයන්න බැරිවෙන්න හංගන එක වුනත්, මම මේක ඉල්ලුවාම වැඩි අකමැත්තක් නැතිව පොර මට මේක දුන්නා. පස්සෙ මම මේක ඉල්ලගෙන, ඉස්සෙල්ලම සුපාට පෙන්නලා කිව්වා මේකට ඇක්ෂන් ගන්න නෙවෙයි මම මේක පෙන්නන්නේ, උඹට මේකේ තියෙන නිර්මාණාත්මක ගුණය පෙන්නන්නයි කියලා. හිත හොඳ බුවෙක් වෙච්ච සුපාත් මේක දැකලා සතු‍ටු වුනා. ඔන්න ගෑණු අංශ මාත් එක්ක තරහ වෙන්න එපා, මම මේක ගෑණු සුපාලට පෙන්නුවේ නෑ. මොකද ඒගොල්ල මේක බාරගන්නේ කොහොමද කියලා මම දන්න නිසා. හෙහ් හෙහ්.

පස්සෙ, මම මේක ගෙදර ගෙනත් ගත්ත ෆෝටෝස් තමයි මේ තියෙන්නේ. පහුවදාම මම මේක ආපහු ගෙනිහින් අයිතිකාරයට දීලා කිව්වා ආයේ ඕක මම උගන්නන වෙලාවට එළියට ගන්න එපා කියලා.


පස්සේ මම මේ බුවාගේ රිපෝර්ට් එකේ ධන ලක්ෂණ හැටියට ඉතාම නිර්මාණශීලීයි කියලා සඳහන්කලා. දෙගුරු, ගුරු, සිසු හමුවේදී, (PTS Meeting) මේ
නිර්මාණශීලිත්වය ගැන සඳහන් කරලා, ඒක මැරිලා යන්න දෙන්න එපා කියලා අම්මාගෙන් ඉල්ලීමක් කලා. අම්මා පුදුම වුනා එහෙම හැකියාවක් තමන්ගේ ළමයට තියෙන බව මම කිව්වාම. වැඩියෙම පුදුම වුනේ, මූ මේ කරන පිස්සු වැඩ, අර පිස්සු ගුරුවරයා නිර්මාණාත්මක දෙයක් හැටිඔයට වරදවා තේරුම් ගැනීම ගැන වෙන්න ඕනෙ. හෙහ් හෙහ්!

දැන් මෙතනින් කතාව ඉවර වෙන්න ඕනෙ නේද අර කෙහෙල් කොරොට්ටා කිව්වා වගේ? මොකද දැන් කතාවේ ක්ලයිමැක්ස් එකට ඇවිත්. ආදර්ශයකුත් ලැබිලා. සෑම කලු වලාවකම රිදී රේඛාවක් ඇත කියන ආප්තෝපදේශය සැබෑ වෙලා.

ම්හ්ම්,

මේ ඊට දවස් දෙකකට පස්සෙ මම දීපු වර්ක් ෂීට් එකක්. කතෘ අර බුවාමයි.  ඔය මම රතු ඊ තලෙන් පෙන්නලා තියෙන වාක්‍ය ලියන්න කො‍ටු මේකෙ තිබ්බෙත් නෑ. පොර අමතරව කො‍ටු ඇඳලා තමයි FCUK කියලා අලුත් වචනයකුත් එකතු කරලා තියෙන්නේ.

ඔව්, දැන් මම ‘හරි’ නම් මොකක්ද කරන්න ඕනෙ? ඔය ‘හරි’ දේත් සාපේක්ෂයි. 

මේ මම කරපු දේ.  

IMG_20130409_074828

Additional Word! අමතර වචනයකි!
Creative!  නිර්මාණශීලීයි!

මතක තියාගන්න.  සම්ප්‍රදායික ඉගැන්නුම් ක්‍රම මේකට හරියන්නේ නෑ. මේ අපාය.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers. 

 

ටැග: , , , , , ,

15 responses to “138. කලු සහ සුදු BLACK & WHITE

  1. ක්සැන්ඩර්

    ජූලි 18, 2013 at 11:18 පෙ.ව.

    හෙන්රි අර මෝටර් බයික් එක හදාපු කොල්ල නං සිරාවටම සුපිරි බඩුවක් වෙන්න ඕනේ. ඒක උණු කරලා ගානට යන්න හයි කරලා තියන විදියට මු නං මාරම ක්‍රියේටිව් පොරක්. ඒ මදිවට මං බැලුවේ අර ක්‍රොස් වර්ඩ් එකේ කොටු ටික මු ගානටම ඇඳලා.

    ඔයා ඔය කරන වැඩෙන් හැබැයි කොල්ලගේ නසරානි ගතිය යයි මට හිතෙන්නේ. ඌට හරියන්නේ ඔය වගේ ගුරෙක්.

     
    • henryblogwalker

      ජූලි 18, 2013 at 8:15 ප.ව.

      ක්සැන්ඩර්, ඒක පට්ටම සුපිරි නිර්මාණයක් තමයි කවුරු කලත්, ඒක අපායේ එකෙක් කරපු එකෙන් ඒකෙ අගය තවත් වැඩියි. කො‍ටු ගැසීම ගැන වුනත් කියන්න තියෙන්නේ, ඕනෙ කම තියෙනවා නම් කරන්න බැරි දෙයක් නැති තරම් කියන එකයි. ක්සැන්ඩර්ට් බලන්නකො මගේ ඩෙනිමේ මේ පෝස්ට් එකට තියෙන කමෙන්ට්ස් ටික.

      මම කොල්ලට ඒ පෝස්ට් එක පෙන්නලා, කමෙන්ට්ස් වල තියෙන දේ ඉංග්‍රීසියෙන් කිව්වා.

       
  2. පිණිබිඳු

    ජූලි 18, 2013 at 11:38 පෙ.ව.

    ඒ ළමයා නසරාණි උනත් හොඳ කලා හැකියාවක් පෙන්නනවා. සමහරවිට ඒ අංශෙන් ඉදිරියට යන්න උදව් කරොත් හොඳ ඩිසයිනර් කෙනෙක් වෙන්නත් පුලුවන්. බට් හූ නෝස්.

     
  3. iamdeejay

    ජූලි 18, 2013 at 12:46 ප.ව.

    මම මේ දරුවාගේ මල්ලිට උගන්නනවා. මම පාඩම ඉවර වෙලා පන්තියෙන් එලියට එන්න [ඉන්ටවල් එකට ඉස්සෙල්ලා පිරියඩ් එක] හදන කොට ඒ ළමයා මෙ වගේ මොටර් බයික් එකක් අර ගෙන ඇවිත් පෙන්නුවා ‘ මැඩම් අයියෝ අද මට පයින් තමයි ගෙදර යන්න වෙන්නේ, මොකද මගේ බයික් එකේ හැන්ඩ්ල් එක කැඩුණානේ, මේ කියලා පුංචි මො බයික් එකක් පෙන්නුවා. 😮

    මට එක දැක්කාම එකට හරි ආසා හිතුනා. ❤ මම කිව්වා ෂා! හරී ලස්සණයිනේ,🙂 කොහෙන්ද කියලා. එතකොට කිව්වා මම හැදුවේ ඉවර වුන ලයිටර් එක්කින් කියලා. මං කිව්වා මෙක දැක්කොත් මගේ මහත්තයත් පුදුම වෙවි ඔයා ගේ මේ නිර්මාණය ගැන, ඔයාට පුළුවන්ද ඔක එයාටත් පෙන්නන්න.

    එතකොට එයා කිව්වා මගේ අයියත් මෙවා හදනවා, එයා ඉන්නේ අපායේ, මම එයාට කියන්නම් සර්ට එකක් පෙන්නන්න කියලා. අයියයි මල්ලියි දෙන්නාගෙම එක විනෝදාංශක් තමයිලු මෙ ඉවර වුන ලයිටර්ස් වලින් එක එක විදිහේ බයික්ස් හදන එක.

    ඉතිං මම කිව්වා ඇත්තටම ඔය දෙන්නාටම ඔය ලැබිලා තියෙන්නේ සහජ් දක්ෂතාවයක්, මට හරිම සංතොසයි, Keep it up! (Y) කියලා එතකොට එයා තැන්ක් කරලා කිව්වා, ටිචස්ලා ගෙන් මම මෙක පෙන්නුවේ මැඩ්ම්ට විතරයි කියලා, අහිංසක හිනාවකුත් එක්ක.😀

     
  4. වයලීනෝ

    ජූලි 18, 2013 at 12:47 ප.ව.

    ඔය ලයිටර් කේස් එකනම් පට්ටම සුපිරියි . කියනකන් තේරුනේ නෑ ඒ ලයිටරයක් කියලා .

     
  5. Makulu Panchi

    ජූලි 18, 2013 at 8:00 ප.ව.

    බ්ලොග් වෝකර් වගේ තාත්තෙක් ඉන්න නිසා තම අපේ හිරුණිත් මේ තරම් ක්‍රියේටිව් මං හිතන්නෙ… හිරූ ගෙදර ඇවිත් කරන වැඩ ගැනත් පෝස් එකක් දාන්න අන්කල්..😀

     
  6. කළු සහ සුදු

    අගෝස්තු 6, 2013 at 6:21 ප.ව.

    ඔයා නම් නියම ම නියම ගුරුවරයෙක්..ගුරුහොරෙක් නෙවෙයි…

     
  7. hiruni

    සැප්තැම්බර් 7, 2013 at 10:55 ප.ව.

    බලන්න හැම ලමයටම පුලුවන් දේවල් තියෙනව… ඒවා තේරුම අරගන්න ගුරුවරුන්ට පුලුවන් වෙන්න ඕනේ. අම්මයි ඩුඩුයි ඒ වගේ ගුරුවරු.

    ඒ ලමයට හරි සතු‍ටු හිතෙයි මේ පෝස්ට් එක දැක්කොත්

    අපායෙ ඉන්න ලමයිනුත් මනසින් අහින්සකයි ඒත් ඉන්නෙ දරුනු ලමයි වගේ. එයාලටත් එයාලගෙ දක්ශතා දියුනු කරගන්න පුලුවන් විශයන් තිබ්බ නම් හරි නේද?

     
  8. hiruni

    සැප්තැම්බර් 7, 2013 at 10:56 ප.ව.

    බලන්න හැම ලමයටම පුලුවන් දේවල් තියෙනව… ඒවා තේරුම අරගන්න ගුරුවරුන්ට පුලුවන් වෙන්න ඕනේ. අම්මයි ඩුඩුයි ඒ වගේ ගුරුවරු. 😀

    ඒ ලමයට හරි සතු‍ටු හිතෙයි මේ පෝස්ට් එක දැක්කොත් 😀

    අපායෙ ඉන්න ලමයිනුත් මනසින් අහින්සකයි ඒත් ඉන්නෙ දරුනු ලමයි වගේ. එයාලටත් එයාලගෙ දක්ශතා දියුනු කරගන්න පුලුවන් විශයන් තිබ්බ නම් හරි නේද? 😀

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: