RSS

139. හරි දේ The right thing to do: Comments better than the post series:

23 ජූලි
139. හරි දේ The right thing to do: Comments better than the post series:

මම කාලෙකට ඉස්සෙල්ලා කියවපු සඟරාවක හරි, පත්තරේක හරි පළවුණු, ප්‍රශ්ණාවලියක තිබුණු මේ ප්‍රශ්ණය මට යන්තමින් මතකයි.


පදික වේදිකාවක් දිගේ ඇවිදගෙන යන ඔබ, බිම වැටී ඇති රුපියල් සියයේ නෝට්‍ටුවක් දකිනවා.  ඔබ…


A. රුපියල් සියය නොදැක්කා සේ ඔබේ ගමන යනවා.



B.රුපියල් සියය හුළ‍ඟේ නොයන ලෙසට කුඩා ගල් කැට දෙකකින් බර තබා ඔබේ ගමන යනවා.



C. රුපියල් සියය අහුලාගෙන සාක්කුවේ දාගන්නවා.



D.රුපියල් සියය අහුලාගෙන, ඉන් පසු මුණ ගැහෙන හැමෝගෙන්ම රුපියල් සියයක් නැති වුනාදැයි විමසමින් යනවා.



E. රුපියල් සියය අහුලාගෙන එහි අයිතිකරුවා සොයා ගැනීම පිණිස රුපියල් එකසිය පනහක් වැයකර පුවත් පතේ දැන්වීමක් පළකරනවා.

රුපියල් සීයක් හොයාගන්න බැරි වුනා.මේකත් අරන් පාරට දුවලා පේව්මන්ට් එකේ තියලා  ෆෝටෝ එක ගන්න කොටපාරේ වැඩ කර කර හිටපු උන් බලා හිටියා පුදුම වෙලා.

මට මේක මෙච්චර කාලයක් මතක් තියෙන්න හේතුව මේකෙ තියෙන හාස්‍යජනක ස්වභාවයමයි. ඒ ඒ වෙලාවට කලයුතු හරි දේ හිතාගන්න බැරුව වික්ෂිප්ත වෙලා නැද්ද ඔබ? අහල බලන්නකෝ කොට අදින ඉස්කෝලෙ මාත් එක්ක වැඩ කරපු සගයා, වජිර කියපු මේ කතාව.

“මචං, ඒ සර් කාරයා රෙද්ද බැනියම අඳින්නේ. ඒ මදිවට අපේ තාත්තගෙ යාලුවෙක්.  පොරගේ පුරුද්දක් තිබුනා ගුරු මේසේ උඩ ඉඳගෙන, ඉස්සරහ ඩෙස්ක් එකක් උඩට කකුල් උස්සලා තියාගෙන, හොලව, හොලවා ඉන්න එක.


දවසක් පොර මෙහෙම ඉන්නකොට, සරම පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලා ඔන්න ඇඩල්ට්ස් ඔන්ලි සීන් එකක් පෙනුනා. මචං ඇත්තෙන්ම පොර යටට මොකුත් ඇඳලා හිටියෙත් නෑ. දැන් ඉස්සරහ පේලි වල ඉන්න උන් හොරෙන් හොරෙන්  හිකි හිකි ගානවා.


දැන් මට හෙන අප්සෙට්, මොකද පොර අපේ තාත්තගේ යාලුවත්නේ. ඉතින් මම මොකද කලේ සරම දිහාට ඇඟිල්ල දික් කරලා. “සර් ඔන්න.” කිව්වා. පොර කර කර හිටපු කතාව එක පාරට නවත්තලා, “මොකද?” කියලා සැරෙන් ඇහුවා. මම ආයෙත් ඇඟිල්ල දික් කරලා කිව්ව “සර්, පේනවා.” කියලා.


පොර පැන්නා මේසෙන් බිමට. ආවා මගේ ලඟට. දුන්නා මට කනේ පාරක් අත පුරෝලා. ඊට පස්සේ කියනවා, “යකෝ, තමන්ගේ තාත්තගේ ඔහොම දෙයක් හදිස්සියේ දැක්කොත් උඹ  කෑ ගහලා කියනවද, නැතිනං නොදැක්කා වගේ සද්ද නැතිව ඉන්නවද?”


ඉතිං බලහංකෝ, වඳින්න ගිය දේවාලේ ඉහේ කඩා වැටිච්ච හැටි.”



මේ කතාව වජිරයා කියන්නේ හිනාවෙවී උනත්, මට නම්, ඒ වගේ වෙලාවට කරන්න ඕනෙ හරිදේ මොකක්ද කියල ගැටළුවක්  ඇති වෙනවා.



ඔන්න මම අවස්ථා කීපයකට උදාහරණ දෙන්නම්. ඔබ නම් මොකද කරන්නේ?


  1. ඔබ දකිනවා ඔබේ ආයතන ප්‍රධානියාගේ කලිසමේ zip එක ඇරී ඇති බව.
  2. ඔහුගේ පරිගණකයේ තිරයට වඩා ඔබේ පරිගණක තිරයේ ඇති දෑ ගැන විමසිල්ලෙන් සිටින ඔබේ කාර්යාල සගයා, ඔබ කියවන පෞද්ගලික ඊ මේලයේ ඇති අමාරු වචන ඔබෙන් අහනවා.
  3. ඔබ දකිනවා, ඔබ බෙල්ල කඩාගෙන , පණ ඇරගෙන ට්‍රයි කරන යුවතියගේ ඇසේ කෙලවර කබ ස්වල්පයක් ඇති බව.
  4. ඔබට ලැබෙන්නට තිබූ ප්‍රංශ ශිෂ්‍යත්වය උදුරාගත් එකා ආපසු පැමිණ ඔබට අයිෆල් ටවරයේ වර්ණනාව ගෙන හැර පානවා.
  5. ඔබේ මිතුරාගේ කටින් නිතරම දුගඳක් වහනය වෙනවා (bad breath)
  6. ඔබ යටතේ වැඩ පුහුණු වූ, කම්මැලි, පට්ට හොරෙකු වූ නමුත්, පන්දම් ඇල්ලීමේ කලාවට රුසියකු වූ නිසාම උසස්වීම් ලැබූ සගයා, වෘතීය සංවර්ධන වැඩ මුළුවේ සම්පත් දායකයෙකු ලෙස පැමිණ, ඔබට උපදෙස් දෙනවා.



මම දෙන්නේ උදාහරණ මෙච්චරයි. ඉතිරි අවස්ථා ඔබ සම්පූර්ණ කරන්න. ඔබ මට වඩා නිර්මාණශීලී බව මම දන්නවා.



ඊ ලඟට, මේ මම දුන්න උදාහරණ හෝ මින් පසුව පාඨක ප්‍රතිචාරවල පළවන අවස්ථාවලදී කළ හැකි හරි දේවලට විකල්ප පහ බැගින් දෙන්න. උදාහරණයක් ඕනෙද?



3. ඔබේ මිතුරාගේ කටින් නිතරම දුගඳක් වහනය වෙනවා (bad breath).

ඔබ මොකද මේ ගැන කරන්නේ?


A. මොකුත් නොකියා සද්ද නැතිව ඉන්නවා.



B. යාලුවාගේ උපන්දිනයට මවුත් වොෂ්, මවුත් ෆ්‍රෙෂ්නර්, මින්ට් වගේ දෙයක් තෑගි දෙනවා.



C. යාලුවට මේ බව කෙලින්ම කියනවා.



D. ඉස්සෙල්ලම යාලුවත් එක්ක හොඳට බීලා ඊට පස්සෙ මේ බව කියනවා.



E. යාලුවට ලියුමකින් මේ බව කියනවා.



බ්ලොග් ලියන කියවන මම නිතර දකින දෙයක් තමයි සමහර විට ලිපියට වඩා හොඳ ප්‍රතිචාර ඇතිබව. මේ  ලිපියත් අන්න ඒ වගේ සීරීස් එකක පළමුවැන්න කිරීමේ මගේ අරමුණට ඔබේ සහයෝගය දෙනවා නේද?






Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 

ටැග: , , ,

21 responses to “139. හරි දේ The right thing to do: Comments better than the post series:

  1. Alchemiya

    ජූලි 23, 2013 at 9:52 ප.ව.

    හෙන්රි… සිප් එක ඇරිලා….
    මරු අස්සන…. එලටම ගහලා තියෙනවා

     
    • henryblogwalker

      ජූලි 23, 2013 at 10:27 ප.ව.

      තෑන්ක්ස් ඇල්. (සිප් එක දාගනිමින්)
      ඒක නෙවෙයි. අත්සනේ ගෞරවය මට භාර ගන්න බෑ, මොකද ඒක මම ගත්තේ ඩිජිටල් සිග්නේචර් සයිට් එකකින්. ඒක උඩ කොටලා එක් සයිට් එකට ගිහින් ඔන්නම් ඇල්කෙමියා කියලත් හදාගත හැකි. 😀

       
      • DDT

        ජූලි 25, 2013 at 10:32 ප.ව.

        මමත් ඕක ඇහුව්වනේ දවසක් හෙන්රි අයියගෙන්. ඔන්න මම නම් ගිහින් ඉතිං හදාගත්තා අත්සනක්.

        ඇත්තටම එතන තියෙන අකුරු මෝස්තර කීපයක් මගේ ළඟ කලින් තිබුනා. හෑන්ඩ් රයිටිං ෆොන්ට්ස් සර්ච් කරනකොට ඔයවගේ ඒව අහු වෙනවා ජංජාලෙන්.

         
  2. රාමා

    ජූලි 23, 2013 at 11:06 ප.ව.

    ත්‍රීවීල් එකක ගැලවෙන්න යන රෝදයක් දැකලා ඇඟිල්ලෙන් පෙන්නුවාම යු-ටර්න් එකක් ගහල වලියට ආවනේ උන් අහවල් එක කර ගන්න කිව්වා කියල හිතාගෙන. ටික දුරයි ආවේ. මම මගේ ගමන ගියා. ඊට පස්සේ ප්‍රසිද්ධ ස්ථාන වල ඇඟිල්ල දික් කරන්නේ නැහැ. 😀

     
  3. Kenji @ Japan

    ජූලි 24, 2013 at 7:13 පෙ.ව.

    +ඔබ ගුවන් යානයක් තුල ගුවන් ගමනක යෙදී සිටින විට සිහිනෙන් ප්‍රධාන දොර විවෘත කිරීමට උත්සහ කරන නොසන්ඩාලයෙක් දුටුවොත්.
    +හෝටලයකින් ඔබ රාත්‍රී ආහාරය ගෙන රථ ගාල වෙත පැමිණෙමින් සිටින විට හමුදා නිලදරුවකුට අම්බානකට නෙලමින් සිටින කොල්ලෙකු දුටුවොත්.
    +ඔබ ආයතනයේ ප්‍රධානියා සහෝදර සේවකයකු ගස් බැද තිබෙනු දුටුවොත්.
    +ඔබ පාසලේ ගුරුවරියක විසින් පාසැල් සිසුවියකට දුන් සුළු දඩුවමට,සිසුවියගේ පියා පමිණ ඔබ සැම ඉදිරියෙ ගුරුතුමිය දන ගැස්සුවොත්.

     
  4. ක්සැන්ඩර්

    ජූලි 24, 2013 at 1:47 ප.ව.

    ඔබ වෑන් එකේ ගමනක් යන විට පිඹගෙන එන ප්‍රභූ වාහන පෙළක් දුටුවොත්, ඔබ කරන්නේ
    1. නුදුටුවා වගේ ආපු ගමන යනවා.
    2. පාරේ ඉඩ ඇති තැනක් බලා වේගේ ඩබල් කර එතනට යනවා
    3. පාර අයිනේ කාණුවට හරි වාහනේ දමා සිද්ධ වෙන්න ඉඩ ඇති අනතුරෙන් බේරෙනවා.

    සුද්දියක් හෝටලේක දාගෙන රේප් කරන රැලක් දුටුවොත් ඔබ
    1. පොලිසි යනවා.
    2. පසුවට නඩුවක් ආවොත් සාක්කි දෙනවා
    3. හැකි ඉක්මනින් හෝටලෙන් සහ රටෙන් පිටමන් වෙනවා. ඇහුවොත් දැක්කේ නෑ කියා දිවුරා කියා සිටිනවා
    4. සුද්දිය සිය කැමැත්තෙන් රේප් වූ බව කියා විත්තිය වෙනුවෙන් සාක්කි දෙනවා.

    පාරේ යන විට කොල්ලන්ගේ වලියක් දකින ඔබ,

    1. ඒක ශේප් කරනවා
    2. කොල්ලන්ගේ කණට ගසා එලවනවා
    3. කොල්ලන්ගෙන් ගුටි නොකා වහා පලා යනවා.

     
    • Kenji @ Japan

      ජූලි 24, 2013 at 3:19 ප.ව.

      @ක්සැන්ඩර්;
      Kenji ගෙ පිළිතුරු.
      1.ඉතා ඉක්මනින් වාහනය අයිනකට කර නවතා ඉන් බැස,පාරේ යන එව්වන්ට මහා හඩින් කුණුහරුපයෙන් බනිමින් ඔවුන්ට කානු වලට බැස පාර ඉඩ දෙන ලෙස කරුනාවෙන් පවසනවා.
      2.එම රැලටම මමත් එකතු වී එම කර්තව්‍යට පුර්ණ සහයෝගය ලබා දී ජාත්‍යන්තර කුමන්ත්‍රන කරුවන් පරාජය කිරීමට බොක්කෙන් සහය දක්වමි.
      3.වහාම ඒ අතර මැදට ඔවුන්ගෙ පහරක් වද්දාගෙන ඔලුව පලාගෙන,ඔවුන් දෙදෙනාට පලා යාමට පවසා 999ලට කතා කර මා විසින්ම ඔලුව පලාගත් බව පොලිස් නිලධාරීන්ට පවසා ගිලන් රථයක් ගෙන්වා රෝහල් ගත වෙනව.
      ප .ලි. ලස්සන සී ලංකාවෙ ජිවත් වනවා නම් මෙලෙස ජිවත් විය යුතු යැයි මා සිතමි.

       
      • henryblogwalker

        ජූලි 25, 2013 at 6:10 ප.ව.

        ක්සැන්ඩරයාගේ නිර්මාණශීලී ප්‍රශ්ණාවලියත්, කෙන්ජිගේ ඊටම ගැලපෙන පිළිතුරුත් පෝස්ට් එකේ මාතෘකාව නිවැරදි බව ඔප්පු කලා. Comments better than the post!

         
  5. Chandana

    ජූලි 27, 2013 at 8:55 ප.ව.

    පට්ට ආතල් ටිකක් නෙ තියන්නෙ මේ පැත්තෙත්… 🙂

     
  6. iamdeejay

    ජූලි 30, 2013 at 11:44 පෙ.ව.

    සිදුවිම:

    * කාගෙන්ද වැ‍ටුනේ කියලා දැක්කොත් ඒකෙනාට එ බව කියනවා.
    * මම යනකොට එක බිම තියෙනවා දැක්කොත්[ කාගෙද කියලා දන්නැත්නම්]ඒ ගැන වද වෙන්නේ නැතුව මගේ ගමන යනවා.

    සිදුවිම් අංක 1:

    * කාන්තාවක් නම් හිමින් සැරේ එයාට එගැන කියනවා/ නැත්නම් ඉන්ඩිකෙට් කරනවා.
    * පිරිමි කෙනෙක් නම් , එයාට එක මටම කියන්න පුලුවන් නම් කැෂුවලි/ කූල්පිට කියනවා/ ඉන්ඩිකෙට් කරනවා [ ඒ බොසුයි මායි හොද යාලුවෝ නම් පමණයි].
    * පිරිමි කෙනෙක් නම් මාත් එක්ක වැඩ කරන මෙක බොස්ට් කියන්න පුලුවන් කෙනෙක්ට පවසනවා ඒ ගැන බොස්ව දැනුවත් කරන්න කියලා.

    සිදුවිම් අංක 2:

    * හිතවත් කෙනෙක් නම් කියලා දෙනවා එක අන්තිම නරක් පුරුද්දක් බව.
    *හිනාවෙලා කියනවා, ආ මේ මේල් එක මටනේ , ඉතිං මට තේරෙනවා නම් ඇති නේද?
    * කැත [ සිනිකල්] හිනාවක් හා බැල්මක් දාලා මොකුත් නොකියා මම මේල් එක කියවනවා.

    සිදුවිම් අංක 3:

    * එයත් මට ඒ වගෙම ආදරේ නිසා බය නැතිව කියනවා ඔයා ගේ වම්/ දකුණු ඇහැ චුට්ටක් පිහගන්න කියලා.
    * අද ඔයාගේ මුණ හරිම මහන්සි පාටයි, කියලා මගේ ටිෂු එකෙන් හරි, ලෙන්සුවෙන් හරි එයා ගේ සම්පුර්ණ මුහුණම පිහනවා.
    * එයාට කියනවා, ඔයාගේ ඇස් දෙක හොදට පිහගෙන අර ඈතින් එන්නේ කවුද බලන්නකෝ.

    සිදුවිම් අංක 4:

    * මොකුත් නොකියා මුණ දිහා බලා ගෙන ඉන්නවා.
    *ෂා!!!!! කියලා මම හරිම බිසි බව හගවනවා.
    * අනේ, අපිත් ඔයා වගේ නම් මෙ වෙන කොට කොයි තරම් බෝස්ට් කරයිද, නේද?

    සිදුවිම් අංක 5:
    *හිතවත්ම කෙනෙක් නම් අවංකවම කියනවා, එහෙම වෙන්න පුලුවන් හේතුත් ඉදිරිපත් කරනවා.
    *එයාට නිතර නිතර චුවිංගම් දෙනවා. [ මෙයා එකට පුරුදු වෙනකල් මාත් දවස් කිපයක් එයාට පෙන්න පාවිච්චි කරනවා.]
    * මම මගෙ මවුත් වොෂ් එක ගැන පොඩි ප්‍රොපග්‍රැන්ඩා එකක් දෙනවා.
    * bad breath ගැන හියුමර්, ආටිකල්ස්, ඇඩ්ස් වගේ දෙවල් එයාට පෙන්න කියවනවා, ශෙයා කර ගන්නවා ඊ-මේල් වලින්.

    සිදුවිම් අංක 5:

    * නිශ්ශබ්දව අහගෙන ඉන්නවා.
    * එයා කරුණු ආකාරයට [ පොයින්ට් ෆෝම් එකෙන් ලිස්සලා යන] පවසන අදහස් ගැන හිතාමතාම තව පැහැදිලි කිරිම් අවශ්‍ය බව ප්‍රසිද්ධියේ ඉල්ලා සිටිනවා.
    * නොයකුත් අතුරු ප්‍රශ්ණ අහලා එයාව අපහසුතාවයට පත් කරනවා.
    *එයාට පැහැදිලි කරන්න බැරි හැම අවස්තාවකම, මම සුහදව ස්වාධිනව ඉදිරිපත් වෙනවා පැහැදිලි කිරිම් කරන්න.

     
    • hiruni

      සැප්තැම්බර් 7, 2013 at 10:40 ප.ව.

      අම්මා, ඔයා මේක ලියනව මම බලාගෙන හිටියේ. හිත හිත බොහොම පරිස්සමෙන්, වෙලාව අරන් ලිව්වා….ඇත්තටම මේක හරිම ලස්සන කමෙන්ට් එකක්. හරිම වැදගත් කරුනු තියෙනව.

       
  7. iamdeejay

    ජූලි 30, 2013 at 11:47 පෙ.ව.

    මෙන්න මට හිතුන දෙවල් කිපයක්:

    සිදුවිම:

    කාට හරි මම කැමතිම දෙයක් පරිත්‍යාග කරන්න වෙන අවස්තාවක්

    * හිත හදා ගන්නවා ඒක එයාට දෙන්න, මොකද එක මෙවෙලාවේ මටත් වඩා එයාට එක අත්‍යවශ නිසා.
    * ඒ දේ දෙනවා, කමක් නෑ මට පස්සේ ආයෙත් එක ගන්න පුලුවන්නේ කියලා හිතලා.
    * ඒක මං ලග නිකං තියෙනවාට වඩා තව අයෙක් එයින් වැඩක් ගන්නවා දැකලා සතුටක් ලබනවා.

    සිදුවිම:

    තමන්ගේ හොදම යාළුවා හෝ යහෙළිය තමන්ට බොරු කියපු/ බොරු කරපු අවස්තාවක් ගැන දැන ගත් වෙලාවක

    * එයා ගෙන් ඒ ගැන අහනවා.
    * එය ගැන කලකිරිමට පත් වෙනවා.
    *එයා කරන කියන දේ ගැන තව දුරටත් විශ්වාස නොකරනවා.
    * ඒ බව නොදන්න විදියට ඉන්නවා.
    * එයාට බොරු කිමේ හා කිරිමේ භයානකම පෙන්නලා දෙනවා.

    සිදුවිම:

    තමන් ඉදිරියෙන් යන මොටර් බයික් එකෙ පිටිපස්සේ තනියෙන් ඉදගෙන යන කුඩා දරුවෙක් නිදා වැටෙමින් යන බව දු‍ටු විට

    * තමන්ගේ වාහනේ හොන් එක වරින් වර නාද කිරිමෙන් අර බයික් එක පදින්නා ගේ අවධානය ලබා ගෙන ඉන්ඩිකෙට් කරනවා දරුවාට නින්ද යන බව [ ඔවර් ටෙක් කරන්න විදිහක් නැත්නම්].
    * හෙඩ් ලයිට්ස් ඔන් ඔෆ් කරනවා අර බයික් එක පදිනකෙනා දකින කල් [ ඔවර් ටෙක් කරන්න බැරි නම්].
    * ටිකක් වේගයෙන් ගිහින් බයික් එක ඔවර් ටෙක් කරන ගමන් කෑ ගහලා කියනවා පොඩ්ඩාට නින්ද යන බව.

    සිදුවිම:

    වැරදිමකින් තමන් අතින් වෙනත් අයකු ඉතා ආදරයෙන් ‍රැකපු සෙරමික් භාන්ඩයක් කැඩුණ විට

    * ඒකෙනාට ඒ පිලිබදව පවසා, සමාව ඉල්ලා සිටිම.
    * සද්ද නැතුව ඉදිම/ සද්ද නැතුව එක විසිකර නොදන්නවා වගේ සිටිම.
    *ඒකට අලුතෙන් එකක් ගෙනත් දි, සමාව ඉල්ලා සිටිම.
    * ඒක වරද අනිකාට පැටවිම [ ඔයා එක මෙතැන තිබ්බ නිසානේ මගේ අත වැදුනේ වගේ නිදහසට කරුණු දැක්විම].

    සිදුවිම:

    යාලුවෙක්ට කරදරයක් වෙන්න පුලුවන් අවස්තාවක් කල් තියාම අවබෝධවන/ හැගෙන අවස්තාවකදි

    * ඒ ගැන ඔහු/ ඇය දැනුවත් කිරිම.
    * කරදරේ වැටෙනකල් ඉදලා, අනේ මට ඕක කලින හිතුනානේ කිම.
    *අපෝ එයාට ඕක කියන්න ගිහිල්ලා මගේ කට නිසා ඕක වුනේ කියලා අහගන්න සිදුවිමට තිබෙන අකමැත්ත නිසා පාඩුවේ ඉදිම.
    *එයාත් වැඩිහිටියෙක්නේ/ එයා මට වඩා උගත්නේ/ එයාට ඔවා කිව්වාට වැඩක් නෑනේ/ එයාත් පාඩමක් ඉගෙන ගත්තාවේ/ කියලා හිතලා, නිශ්ෂබ්ධව සිටිම.

    මෙන්න මට හිතුන දෙවල් කිපයක්:

    සිදුවිම:

    කාට හරි මම කැමතිම දෙයක් පරිත්‍යාග කරන්න වෙන අවස්තාවක්

    * හිත හදා ගන්නවා ඒක එයාට දෙන්න, මොකද එක මෙවෙලාවේ මටත් වඩා එයාට එක අත්‍යවශ නිසා.
    * ඒ දේ දෙනවා, කමක් නෑ මට පස්සේ ආයෙත් එක ගන්න පුලුවන්නේ කියලා හිතලා.
    * ඒක මං ලග නිකං තියෙනවාට වඩා තව අයෙක් එයින් වැඩක් ගන්නවා දැකලා සතුටක් ලබනවා.

    සිදුවිම:

    තමන්ගේ හොදම යාළුවා හෝ යහෙළිය තමන්ට බොරු කියපු/ බොරු කරපු අවස්තාවක් ගැන දැන ගත් වෙලාවක

    * එයා ගෙන් ඒ ගැන අහනවා.
    * එය ගැන කලකිරිමට පත් වෙනවා.
    *එයා කරන කියන දේ ගැන තව දුරටත් විශ්වාස නොකරනවා.
    * ඒ බව නොදන්න විදියට ඉන්නවා.
    * එයාට බොරු කිමේ හා කිරිමේ භයානකම පෙන්නලා දෙනවා.

    සිදුවිම:

    තමන් ඉදිරියෙන් යන මොටර් බයික් එකෙ පිටිපස්සේ තනියෙන් ඉදගෙන යන කුඩා දරුවෙක් නිදා වැටෙමින් යන බව දු‍ටු විට

    * තමන්ගේ වාහනේ හොන් එක වරින් වර නාද කිරිමෙන් අර බයික් එක පදින්නා ගේ අවධානය ලබා ගෙන ඉන්ඩිකෙට් කරනවා දරුවාට නින්ද යන බව [ ඔවර් ටෙක් කරන්න විදිහක් නැත්නම්].
    * හෙඩ් ලයිට්ස් ඔන් ඔෆ් කරනවා අර බයික් එක පදිනකෙනා දකින කල් [ ඔවර් ටෙක් කරන්න බැරි නම්].
    * ටිකක් වේගයෙන් ගිහින් බයික් එක ඔවර් ටෙක් කරන ගමන් කෑ ගහලා කියනවා පොඩ්ඩාට නින්ද යන බව.

    සිදුවිම:

    වැරදිමකින් තමන් අතින් වෙනත් අයකු ඉතා ආදරයෙන් ‍රැකපු සෙරමික් භාන්ඩයක් කැඩුණ විට

    * ඒකෙනාට ඒ පිලිබදව පවසා, සමාව ඉල්ලා සිටිම.
    * සද්ද නැතුව ඉදිම/ සද්ද නැතුව එක විසිකර නොදන්නවා වගේ සිටිම.
    *ඒකට අලුතෙන් එකක් ගෙනත් දි, සමාව ඉල්ලා සිටිම.
    * ඒක වරද අනිකාට පැටවිම [ ඔයා එක මෙතැන තිබ්බ නිසානේ මගේ අත වැදුනේ වගේ නිදහසට කරුණු දැක්විම].

    සිදුවිම:

    යාලුවෙක්ට කරදරයක් වෙන්න පුලුවන් අවස්තාවක් කල් තියාම අවබෝධවන/ හැගෙන අවස්තාවකදි

    * ඒ ගැන ඔහු/ ඇය දැනුවත් කිරිම.
    * කරදරේ වැටෙනකල් ඉදලා, අනේ මට ඕක කලින හිතුනානේ කිම.
    *අපෝ එයාට ඕක කියන්න ගිහිල්ලා මගේ කට නිසා ඕක වුනේ කියලා අහගන්න සිදුවිමට තිබෙන අකමැත්ත නිසා පාඩුවේ ඉදිම.
    *එයාත් වැඩිහිටියෙක්නේ/ එයා මට වඩා උගත්නේ/ එයාට ඔවා කිව්වාට වැඩක් නෑනේ/ එයාත් පාඩමක් ඉගෙන ගත්තාවේ/ කියලා හිතලා, නිශ්ෂබ්ධව සිටිම.

     
    • henryblogwalker

      අගෝස්තු 2, 2013 at 5:11 ප.ව.

      මේක ලියන්න ඔයා මට වැඩිය හුඟක් මහන්සි වෙලානේ. ඇත්තෙන්ම ඔය සමහර සිද්දි මට මතකයි මතකයි වාගෙත්.

      බොහොම ස්තුතියි මේ වෙච්ච කැපවීමට. 🙂

       
  8. කළු සහ සුදු

    අගෝස්තු 6, 2013 at 6:16 ප.ව.

    මේක නම් මාරයි dude..ඔයා වගේමය් deejay ලියපු ඒවා..වෙලාවකට කරකියාගන්න දෙයක් නැතුව වික්ෂිප්ත වුන වෙලාවල් නම් අනන්තව මතක් වුනා…

     
  9. hiruni

    සැප්තැම්බර් 7, 2013 at 10:39 ප.ව.

    ඩුඩ් මේක හරිම ලස්සන පෝස්ට් එකක්.
    මෙන්න මම කරන දේවල්,

    1. ඔබ දකිනවා ඔබේ ආයතන ප්‍රධානියාගේ කලිසමේ ෂිප් එක ඇරී ඇති බව.

    එයාටම දකින්න දීල නිකන් ඉන්නවා.
    යාලුවෙක්ට කියන්ව එයාට කියන්න කියල

    2. ඔහුගේ පරිගණකයේ තිරයට වඩා ඔබේ පරිගණක තිරයේ ඇති දෑ ගැන විමසිල්ලෙන් සිටින ඔබේ කාර්යාල සගයා, ඔබ කියවන පෞද්ගලික ඊ මේලයේ ඇති අමාරු වචන ඔබෙන් අහනවා.

    ඔයා මොකටද මගේ මේල් කියවන්නෙ කියල අහනව
    ආ ඇත්තද? කියල අහල අහක බලා ගන්නව

    3.ඔබ දකිනවා, ඔබ බෙල්ල කඩාගෙන , පණ ඇරගෙන ට්‍රයි කරන යුවතියගේ ඇසේ කෙලවර කබ ස්වල්පයක් ඇති බව.

    කෙලින්ම කියනව වෙන කවුරුවත් කියන්න කලින්
    තමන්ගේ ඇහැ එයාට පේන්න පිහිනව

    4.ඔබට ලැබෙන්නට තිබූ ප්‍රංශ ශිෂ්‍යත්වය උදුරාගත් එකා ආපසු පැමිණ ඔබට අයිෆල් ටවරයේ වර්ණනාව ගෙන හැර පානවා.

    බොරුවට සතුටෙන් අහගෙන ඉන්නව
    එතනින් පේන්නම නැගිටල යනව

    5.ඔබේ මිතුරාගේ කටින් නිතරම දුගඳක් වහනය වෙනවා (බඩ් බ්‍රේත්)

    කියන්න පුලුවන් නම් කියනව
    චුයින්ගම් දෙනව

    6.ඔබ යටතේ වැඩ පුහුණු වූ, කම්මැලි, පට්ට හොරෙකු වූ නමුත්, පන්දම් ඇල්ලීමේ කලාවට රුසියකු වූ නිසාම උසස්වීම් ලැබූ සගයා, වෘතීය සංවර්ධන වැඩ මුළුවේ සම්පත් දායකයෙකු ලෙස පැමිණ, ඔබට උපදෙස් දෙනවා.

    ඔය තත්වෙට එන්න පුලුවන් විදිහ අපිටත් කියල දෙන්න කියනව
    බොරුවට පුදුමයෙන් අහගෙන ඉන්නව

     

Kenji @ Japan වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න