RSS

146. අපි එහෙමයි, ඈ.

03 නොවැ.
146. අපි එහෙමයි, ඈ.

තාම හති අප්පා.

ගෙදර ඉඳලා ඉස්කෝලෙට ඇවිදගෙන යන්න හරියටම විනාඩි දොළහක් යනවා. අද ඉරිදා උඹලට නිවාඩු වුනාට මේ රටවල් වල වැඩ කරන දවසක්නේ. උදෙන්ම නැගිටලා නාලා, කාලා, ඇඳගෙන එළියට බහිනකොට 6.25යි. ‍ෆින්ගර්ප්‍රින්ට් අහවල් එකට ඇඟිල්ල තියන්න ඕනෙ 6.39 ට කලින්. අද විනාඩි කීපයක් පරක්කු නිසා දීපයි මායි වේගයෙන් ඇවිදගෙන ගියා.

පාරට බැහැපු ගමන්ම පේන්නේ ලයිට් කණුවක් ගානේ දාලා තියෙන ජාතික කොඩි. ඒක මේ දවස්වල පුදුමයක් නොවෙන්නේ, ඡන්ද ආතල් එක නිසා පෝස්ටර් ගැහිලි, ජන්ද මීටිං, යකඩ කටෙන් කෑගැහිලි, කොඩි, කොඩිවැල්, පෙළපාලි පාරක් පාරක් ගානේ දකින්න තියෙන නිසයි.

DSCN3880

“දීපා, බලන්නකෝ මුන්ගේ මොළේ. කොඩිය ලයිට් කණුවේ බඳින්න ඕනෙ නැතිවෙන්න හැම ලයිට් කණුවකම කොඩි දෙකක් දාන්න පුළුවන් වෙන්න හදපු බ්‍රැකට් එකකුත් ලයිට් කණුවෙම තියෙනවා. අර බලන්නකෝ. ඒක හොඳ සිස්ටම් එකක් නේ.”

“අද පාර පාලුයිනේ,” දීපා කිව්වා.

“ඒක තමයි මමත් නෝට් කලේ. අද නිවාඩු දවසක්වත්ද?”

“එහෙම නම් ප්‍රින්සා ටෙක්ස්ට් කරලා කියනවනේ.”

මම හොඳට වටපිට බැලුවා.

අනිත් ඉස්කෝල එකකටවත් යන ළමයෙක්වත්, වෙනදට දකින ගුරුවරුවත් කවුරුවත් නෑ.

ඉඳලා හිටලා අපිව පහුකරගෙන යන වාහනයක යන කෙනෙක් අපි දිහා හොඳට බලනවා වගේ අපිට හිතෙන්නේ. පාර අතුගගා ඉන්න ගෑණු කෙනෙත් එහෙමයි. අපි මීට කලිනුත් තුන් වතාවක් විතර නිවාඩු දවස්වලත් ඉස්කෝලේ ගිහින් තියෙනවා. ;P

ඕකෙ වැඩේ ඉන්දියානුවන්ට වරදින්නේ නැත්තේ, උන් එකෙක් දැනගත්තොත් කට්ටියටම කියනවා. ලාංකිකයෝ වන අපි දෙන්නාට වෙනම ඉංග්‍රීසියෙන් කිව්වේ නැතිනම් අපිට දැනගන්න විදියක් නෑනේ. මොකද අපි දෙන්නට දිවෙහි, හින්දි, මලයාලම්, දෙමල, මරාති, ගුජරාටි තේරෙන එකක්යැ? ඒ නැතත් අපි කොහොමත් අනිත් උන් කතාකරන දේට කණ දීගෙන ඉන්නේ නෑ. උන් කෑ ගහනකොට අපි කණ ඕෆ් කරගෙන කින්නේ. අනික කරුමේ කියන්නේ, උන් කවුරුත් අපිත් එක්ක හොඳින් හිටියත්, අපිට වෙනම නොකියන්නේ, අපි දැනටමත් දන්නවා ඇතියි කියලා හිතාගෙන ඉන්න නිසයි.. ඕපාදූප නොසොයා ඉන්න එකේ අවාසිය ඕකයි.

“මම බොසාට කතා කරලා අහන්නද?” මම ඇහුවා

“එපා, දැන් ළඟයිනේ. “

“නිවාඩුවක් වුනත් කමක් නෑ. ගිහිල්ල බලමු. නැතිනම් අපරාදේ මේ උදෙන්ම නැගිටගෙන. හොඳට නිදියගන්න පුලුවන්කම තිබ්බ දවසේ. මම හරි අමාරුවෙන් නැගිටගත්තෙත්.”

කොහොමින් කොහොමින් හරි ඉස්කෝලෙටම යනකල් එකම ළමයෙක්වත්, ගුරුවරයෙක් දකින්න හිටියේ නෑ. වංගුවෙන් හැරෙනකොටම, ඉස්කෝලෙ ඉස්සරහම ගෙදරක ඉන්න ප්‍රින්සිපල්ගේ දොර වැහෙනවත්, ෂර්ට් අතක් අතුරුදහන් වෙනවත් මම දැක්කා. මම දොරට ගහන්න හදනකොටම දීපා කිව්වා, එපා නිවාඩු නෙවෙයි නම් පරක්කුවෙනවා, එන්න යන්න කියලා.

අපි ඉස්කෝලේ ගේට්‍ටුවෙන් හැරෙන්න ඔන්න මෙන්න කියලා තියෙද්දි ප්‍රින්සිපල් මතුවුනා හිනා වෙවී.

“අද නිවාඩුද මිස්ට ….? මොකද අපි එකම ළමයෙක්වත් ගුරුවරෙයෙක්වත් දැක්කේ නෑ පාරෙ,” මම ඇහුවා.

“හෙහ් හෙහ් මට ඔය දෙන්නගෙ කටහඬ ඇහිලා දොර ඇරියේ. අද නිවාඩුයිනේ. අද පබ්ලික් හොලිඩේ එකක්.”

ඔන්න තුන්දෙනාටම හිනා.

“ඒකනේ. නැතිනම් මෙච්චර කාලෙකට ඔයා අපිට ටෙක්ස්ට් කරලා දැනුම් නොදී ඉඳලා නෑනේ.” මම කිව්වා. පොර ඇත්තටම එහෙම කරනවා.

“මට ඒත් හිතුනා එහෙම කරන්නත්. ඒත් මම කල්පනා කලා මේක කැලැන්ඩරෙත් තියෙන හන්දා අවශ්‍ය නෑ කියලා. හෙහ් හෙහ්.”

“හරි, දැන් අපි නම් වැරදිලා ආවයි කියමුකෝ. දැන් ඔයා මොකෝ මේ උදෙන්ම ඇහැරලා ඇඳගෙන ඉන්නේ?” මම ඇහුවා.

“මට කතා කරලා තිබ්බානේ අර කොඩිය උස්සන උත්සවේට එන්න කියලා. අද වික්ටරි ඩේ එක නිසා.”

අපි ගෙදර එන්න පිටත් වුනා.

“ආ තව එකක්. හෙට වැඩක් කරන දවසක්, නමුත් අනිද්දා නිවාඩුවක් හරිය? ඔන්න මම දැනුම් දුන්නා දැම්මම ජෝඩුවටම, හෙහ් හෙහ්” කියපු ප්‍රින්සිපල් දොරෙන් ඇතුලට ගියා.

ආපහු ඇවිදගෙන ගෙදර එනකොට මිනිස්සු හිනාවෙනවා වගේ පේන්න ගත්තා.

ඉස්සරහ කඩේ පොරට කට පියාගෙන ඉන්නම බැරුව ඇහුවා ඇයි අද නිවාඩු නැද්ද කියලා.

“නිවාඩු. ඒ වුනාට උදේම තිබුනනේ අර ජාතික ගීය කියලා කොඩිය උස්සලා එන්න. ඒකයි.”

“ආ ඒක මිසක්.”

(මම ෂෝට ගහගෙන ගිහින් මේ පින්තූර ටික අරගෙන ආවා උඹලා වෙනුවෙන්ම. අපි එහෙමයි, ඈ )

තාම හති අප්පා.

Happy Victory Day!

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

DSCN3877

 

ටැග: , , , , ,

14 responses to “146. අපි එහෙමයි, ඈ.

  1. Hareendra Perera

    නොවැම්බර් 3, 2013 at 12:22 ප.ව.

    මාත් එක්ක වැඩ කරන සුද්දත් සමහර පෝයවලට එහෙම වැඩට එනවා. 🙂

     
    • henryblogwalker

      නොවැම්බර් 3, 2013 at 7:54 ප.ව.

      පෝය (full moon day) නිවාඩුයි කියලා බෞද්ධ නොවන රටක කෙනෙකුට වටහලා දෙන්න අමරුයි බං.

      ඉතින් ඒ වගේම තමයින් ක‍තෝලිකයන්ට හැම ඉරිදමත්, මුස්ලිම් අයට හැම සිකුරාදාමත් ලැබෙන නිවාඩුව. වෙනස බෞද්ධයන්ට වඩා ඒ අය අදාල දිනේ ආගමික ස්ථානයට යන්න උනන්දුවක් පෙන්නන එක.

       
  2. රූ

    නොවැම්බර් 3, 2013 at 12:49 ප.ව.

    මගේ අම්මේ..6.40 වෙනකොට ඉස්කෝලේ ඉන්න ඕන කිව්වාම ඇඟ හීතල වෙලා ගිහින් ආයෙත් කූල් වුනා..එච්චර උදෙන්ම යන්නේ තරු ගණන් කරන්නද හෙන්රි?

    මගේ ඉන්දියන් බොසා නම් අපිටත් කලින් දන්නවා ලංකාවේ නිවාඩු ගැන..(මනුස්සයා කියන්නේ ලංකාවේ වැඩකරන එකේ තියන ලොකුම හොඳ තමයි මාසෙකට අමතර නිවාඩු 2-3ක් ලැබීම කියලා!!)

    කොහොම වුනත් ආපහු ගෙදර ගිහන් අ යන්නේ ඉඳන් නිදා ගත්තද?

     
    • henryblogwalker

      නොවැම්බර් 3, 2013 at 7:55 ප.ව.

      ගිය අවුරුද්දේ ඔයිටත් කලින් යන්න තිබ්බා රූ. ඒකට හේතුව ගිය අවුරුද්දෙ මේක මාල දිවයිනේ හුඟක් ඉස්කෝල වගේ සෙෂන් දෙකේ ඉස්කෝලයක් වීම සහ ඉස්කෝලෙ පටන් ගන්න කලින් රීඩිං සෙෂන් කියලා එකක් තිබීම. එතකොට අපි ගෙදරින් එලියට බැහැලා යන්නේ උදේ හයට. ජනවාරි මාසේ ඒ වෙලවට හඳත් තියෙනවා. පටන් ගන්න වෙලාව ඉස්කෝලෙ SMT (Senior Management Team) එකට තීරණය කරන්න පුලුවන්.

       
  3. Padhmakumara

    නොවැම්බර් 3, 2013 at 1:14 ප.ව.

    හෙන්රි
    මොකද්ද මේ කුකුළා මල්ලෙ දාගෙන ඉස්කෝලෙ යන්නෙ ගේට්‍ටුවෙ යතුර ගෙදර ගෙනියනවද? හැබෑටම කීයටද ඔය ඉස්කෝලෙ පටන්ගන්නෙයි ඉවර වෙන්නෙයි? තවම වැඩ කරන්නෙ ලංකාවෙ කැලැන්ඩරය බලාගෙනවගෙයි මට පේන්නෙ.මට මතක් වුනා 71 කේ ජේ.වී.පී. කලබලයට ඉස්කෝල වහලා තිබිල අපි ඒකට හරියන්න සෙනසුරාදා වරුවක් ඉස්කෝලෙ ගිය හැටියි ආයෙම ඒ ආන්ඩුවේම බ්‍රිලියන්ට් අයිඩියා එකකට සෙනසුරාදා ඉරිදා වෙනුවට පෝය,පෙරපෝය දවස් දෙකට නිවාඩුව මාරු කරල නියම පිස්සුවක් කරපු එකයි.අපිට නම් මේ අඟහරුවාදා පබිලික් හොලිඩේ අස්සයන්ට පිං සිද්ද වෙන්න.

     
    • Hareendra Perera

      නොවැම්බර් 3, 2013 at 4:14 ප.ව.

      පෝය වල නිවාඩු දීලා කාපු පරිප්පු අම්මලා තාත්තලා තාම කියනවා

       
    • henryblogwalker

      නොවැම්බර් 3, 2013 at 7:58 ප.ව.

      @පද්මකුමාර: මචං ඔය ඉහල කමෙන්ට් එකේ රූට දීපු උත්තරේ පොඩ්ඩක් බලාපං.

      ඉස්කෝලෙට 6.40ට කලින් වාර්තා කරන්න ඕනේ. ඉවරෙ වෙන්නෙ 1.05ට.

      ඔව් බං. ඒ අමතරව තියන හිලව් සැසි වලින් කිසිම වැඩක් නෑ කියලා තේරුම් ගන්න කාලයක් ගියා ආණ්ඩුවට.

       
  4. hiruni

    නොවැම්බර් 3, 2013 at 3:10 ප.ව.

    අපරාදේ…ඒත් කමක් නෑ අඩු ගානෙ නිවාඩුනෙ

    එහෙම කිව්වම හරි සතු‍ටුයි…ගියත් එදා නිවාඩු කියල දැන ගත්තම…මෙහෙත් එක දවසක් හොදටම සීතල වැඩි වෙලා නිවාඩු දීල ඒත් අපි ඔක්කොම නොදැන පන්ති ගියා…අපි ආපු හින්ද අපිට පන්ති තිබ්බ :O

    ෆෝටෝස් දැක්කම ගෙදර මතක් වෙනව… හැමදේම අතට පයට…එක එක කෑම…ගේම්…අපි හතර දෙනාගෙ විහිලු කතා…හිනා…හරිම ලස්සන නිවාඩුවක්. හරිම ශෝක්. 😀 😀 😀

     
    • henryblogwalker

      නොවැම්බර් 3, 2013 at 7:56 ප.ව.

      ඒක කලින් දැනගත්තා නම් එලි වෙනකල් නිදාගන්න තිබ්බනේ. ඒකට අමතරව Holiday Mood එකේ ඉන්න තිබ්බා සෙනසුරාදත්.

      ඔයාලටත් වෙන වැඩ!!

       
  5. marayagehorawa

    නොවැම්බර් 4, 2013 at 9:38 පෙ.ව.

    යකෝ අපේ රටේ ඔහොම ලයිට් කනු විතරක් පාර මැද තිබුනනං මෙලාට ඕවායේ කෑලිවත් ඉතිරිවෙන්නේ නැහැ වාහනවල හයිය බලලම… 😀 මාලේ උන් වාහන වලට ඉස්සර කරන්නේම නැති ජාතියක්ද බං…?

     
  6. Kandyan

    නොවැම්බර් 5, 2013 at 8:29 ප.ව.

    හප්පේ…පාරේ කුක්කෙක් වත් නෑනෙ. නිදහස..නිදහස…!

     

රූ වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න