RSS

152. බදුලු කෝච්චිය. 1 වන කොටස

25 Mar
152. බදුලු කෝච්චිය. 1 වන කොටස

වුරුදු ගානක් තිස්සේ පෙරුම් පුරලා, පෙරුම් පුරලා, ඒත් නිවාඩුවේ අන්තිම මොහොතේ පුරුදු විදියට කල් දදා හිටපු වැඩක් යන්තම් කලා ඔන්න ගිය නිවාඩුවෙදි. රේල් ගේට්‍ටු ගාවා වාහනේ නවත්තගෙන බලා ඉන්න ගානේ, තාර පාරට සමාන්තර රේල් පාරක කෝච්චියක් දුවන ගානේ උත්සන්න වෙවී තිබුණු ආසාවක් මේක. දැන් අපි බදුලු ගියේ එහෙදි කරන්න තිබිච්ච මහලොකු වැඩකට නෙවෙයි, මේ කෝච්චියේ බදුලු යන්න ආසාවට කියලා කිව්වාම, උඹලා ඇස් ලොකු කරල කට ඇරගෙන බලා ඉන්නේ  ඇයි, හරියට  මුන්ට නම්  පිස්සු කියලා වගේ? ඇයි උඹලා කවදාවත් කොහේවත් ගිහින් නැද්ද ගමනාන්තයට වඩා ගමන රසවිඳින්න?

ඔය ගමන ගියේම, අර වානේ රෝද වානේ පීලි වල දුවන කොට ඇහෙන “ටක ටකස්, ඩග ඩගස්” සද්දේ අහන්න. අර කෝච්චිය පහු  කරගෙන යන භූ විෂමතාව අනුව වෙනස් වෙන කෝච්චි එන්ජිමේ  ඝෝෂාව අහන්න.  කෝච්චිය බිම්ගෙයක් තුලින් දුවද්දී දැනෙන ඩීසල් දුම්  සුවඳ (හෙහ් හෙහ් සුවඳ, ඈ?) වගේම බිම් ගේ පහුවෙනකල් ලොකු පොඩි ගෑණු පිරිමි බේදයක් ඇතුව ජනේලයෙන් ඔලුව එලියට දාලා  නරි වගේ  හූ කියන්න. ඇත්තෙන්ම පොඩ්ඩක්වත් ලැජ්ජා හිතෙන්නි නෑනේ ඒ වැඩේට!  ගැඹුරු පාතාල උඩින් හදපු සුද්දන්ගේ කාලේ  පරණ රේල් පාලම් උඩින් යනකොට,  දැනෙන නිකං හරියට අහසේ පියාඹනවා වගේ රෝලර් කෝස්ටර් හැඟීම විඳින්න.  අර පොඩි කාලේ සිංහල පොත් වල විස්තර කරපු වලාසේලයෙන් සැරසුනු නිල් කඳු පන්ති. (නිල්? මටනම් කොළමයි පේන්නේ) පයිනස් වනාන්තර සහ ගලා එන සීතල මිහිදුම් වලා.  කොළ පැහැති තේවතු, එළවලු පාත්ති, කඩා හැලෙන දිය ඇලි, නිරතුරුව  වෙනස්වෙන මනස්කාන්ත භූමි දර්ශන. කඳුකරය පිස එන සීත නැවුම් වාතය අත්දකින්න විඳගන්න…

හරියටම ගමනට සතියකට කලින්, ගම්පහට ගිය වෙලාවක, අපි ගම්පහ දුම්රිය ස්ථානයට ගොඩවැදුනා. අපිට ඕනැ වුනේ බදුලු කෝච්චියේ නැරඹුම් මැදිරියේ ආසන තුනක් වෙන් කරගන්න. නැරඹුම් මැදිරිය තියා, සාමන්‍ය දෙවෙනි පන්තිය පවා මාසයකට කලින් වෙන් කරන්න ඕනේ.  ඔන්න මූණවල් ඇද කරගෙන අපි ආපහු හැරිලා එන්න හදනකොටයි කවුන්ටරේ හිටපු මිස්ට මැදගොඩ  කිව්වේ “ඔන්නම් තර්ඩ් ක්ලාස් රිසර්ව්ඩ් සීට්ස් තියෙනවා,” කියලා.  සාමාන්‍යයෙන් තමන්ගේ සීට් එක ‍රැක ගන්න පවා සටන් වදින්න සිද්ද වෙන  තුන් වන පන්තියේ මැදිරියක තියෙන ආතල් එක මතක් වූ නිසා මේ ආරංචිය මගේ හිතට ඒ තරම්ම සතුටත් නොගෙනාවත්, වෙන කරන්න දෙයක් නැති නිසා, උන්න හැටියට මලා මදැයි කියලා,  අපි බදුල්ලට යාමට සහ ඒමට තුන් දෙනාට රු 2400ක් ගෙවලා ටිකට් ගත්තා. එක්කෙනෙකුට එක පැත්තකට හාරසීයයි, ඈ?

ගල් පාන්දරම පිටත් වෙන්න තියෙන නිසායි, ආපසු ගෙදර එනකොට කොයි තරම් රෑ වෙලා  බස් එක මිස් වෙලා කෝච්චි ගමනේ ආතල් කඩා ගැනීමේ අවදානමක් නැති නිසායි, වෑන් එකේ ගම්පහට ඇවිත් යාලුවෙක්ගේ ගෙදර දාලා යන්න මුලින් හිතුවත්, පස්සේ අපි ඒ අදහස වෙනස් කර.  මුළු ගමනටම පොදු ප්‍රවාහන මාධ්‍ය විතරක් යොදාගන්න අපි තීරණේ කලා. අනික අපි එන වෙලාවට, ඔය යාලුවන්ට ඇහැරවලා, බල්ලෝ බැඳලා, පොඩි උන් ඇහැරිලා හෙන ජරමර කරනවට වඩා ගම්පහ බස්ටෑන්ඩ් එකේ හිටගෙන නිදාගත්තත් සැපයි කියලා හිතෙන වෙලාවලුත් තියෙනවා.

මේ ගමන අපි කිසිදා නොගිය තරම් සැහැල්ලුවෙන් යන්න අපි හිතුවා. සියලුම ඇඳුම් ඒ කියන්නේ ආපහු ඇඳගෙන එන්න එක ඇඳුම් සෙට් එකකුයි, පිජාමා සෙට් එකකුයි, ටූත් පේස්ට්, බ්‍රෂ්  දාගත්තා ඇදගෙන යන්න පුලුවන්  රෝද ලොකු  බෑග් එකකට.  බැක්පැක් එකක් ගත්තා මගට ඕනේ වෙන වතුර, බිස්කට් වගේ දේ දාගෙන යන්න. කොටින්ම බදුල්ලට ගියාම ගිහින් නවතින්න තැනක් ගැන වද වුනේ නෑ. අවශ්‍ය වුනොත් ස්ටේෂන් එකේ බංකුවක් උඩ වුනත් නිදාගන්න ලැහැස්තියෙන් ගියේ.  ඉතින් ලැප්ටොප් නෑ. පින්තූර ගන්න එක  කැමරාවකුත්, ෆෝන් කැමරා දෙකකුත් විතරක් ගත්තා.  කොටින්ම ස්ටේෂන් එකේ ඕවා චාජ් කරන්නත් විදියක් නැති නිසා චාජර් ගත්තෙත් නෑ. මේ ගැන නම් අපිට පසුතැවිලි වෙන්න සිද්ද වුනා. ඇත්තෙන්ම අපි මෙතරම් සැහැල්ලුවෙන් කිසිම ගමනක් ගිහින් නෑ.


පාන්දරම අලාම් එකට අවදි වුන අපි ගමනට ලැහැස්ති වුනා.  ඔය උදේට අලාම් එකට ඇහැරලා වැඩට යන එක මරන්නා වගේ වැඩක් වුනත්, ඒ අලාම් එකටම ඇහැරිලා වෙනත් ගමනක් යන එක මාරම ආසා වැඩක් මම. අපි අවුරුදු දොළහකින් මෙහා නොලබපු අත් දැකීමක් වන,  එළිය වැටෙන්නත්  කලින්, ගෙදර දොරවල් වහල, බෑග් එකත් ඇදගෙන, බස් එකට නගින්න පාරට යෑම අපිට ඇති කලේ අමුතුම හැඟීමක්.  

 

අපි ගම්පහ දුම්රිය පොළට ලඟාවෙන කොටත් ඔන්න යාන්තම් අහස රතුපාට වෙලා, වටින් පිටින් එළිය වැටීගෙන එනවා.  කෑම ගැනවත් කිසිම විශේෂ වැඩ පිළිවෙලක් නොතිබුන අපි, එතනම තිබුන චූන් පාන්  එකකින් මාලු පාන්,  කිඹුලා බනිස් වගේ රංචුවක් ගත්තා. ස්ටේෂන් එකේ නිදියන එක වගේම, කෝච්චියේ විකුණන, ඒ තරම්ම පිරිසිදු නොවන කියලා හිතෙන, නමුත් උණු උණු කෑම කාලා ජීවත් වෙන එකත් මේ ගමනේ එක අංගයක්, ඕං.

ඉතින් ඔන්න මේ පෝස්ට් එකෙන් පටන් අරන්, ඉස්සරහට තව පෝස්ට් කීපයකින්, අපි ලබපු ආතල් එක උඹලත් එක්ක බෙදාගන්න තමයි මම මේ ලැහැස්ති වෙන්නේ. හැබැයි හැමදාම හිටගෙන කෝච්චියේ වැඩට යන උඹලගෙන් සමහරුන්ට නම් මේක වහක් වෙන්න පුලුවන්. ඒ වුනාට තවමත් අපි වගේ කෝච්චි පිස්සෝ කීප දෙනෙක් හරි ඇතිනේ මේක කියවලා අපි එහෙම වැඩක් කලේ ඇයි කියලා තේරුම් ගන්න පුලුවන්.

 ස්ටේෂන් එකේ මිනිස්සු පිරිලා හිටියා.  අපිට පොඩිමැණිකේ දුම්රියට කො‍ටුවෙන් හෝ ගම්පහින් යන කැමති තැනකින් ගොඩ වීමට පුලුවන් කම තිබුනත් අපි ගම්පහ ‍තෝරාගත්තේ පැය බාගයක් පසුවෙලත් කෝච්චිය අල්ලා ගැනීමට හැකි නිසා. ඇත්තෙන්ම ඒ ඉතාම හොඳ තීරණයක්.

කෝච්චිය ආ ගමන් අපි දඩි බිඩි ගාලා නැග්ගා මිසක්, අපි වෙන් කරපු පෙට්ටිය මොකක්ද කියලා හොයලා බලන්න බැරිවුනා.  ඇත්තෙන්ම අපි නොදැන හිටියට, කෝච්චිය ගම්පහ නැවැත්තුවේ අපි තුන්දෙනාව ගන්න. ගාඩ් ලඟ තියෙනවා ඒ ගමනට  සීට් බුක් කරපු උන්ගේ නම් ලැයිස්තුව. ඒ අනුව තමයි ඒ මිනිස්සුන්ව ගන්න සාමාන්‍යයෙන් නවත්තන්නේ නැති ස්ටේෂන් වලත්  නවත්තන්නේ අපි වෙන් කරපු ආසන, එන්ජිමට පිටිපස්සෙ හිස්ව යද්දී, අපි බෑග් එල්ලගෙන මිනිස්සු පිරුණු වෙනත් මැදිරියක හිටගෙන ගියා ඊ ලඟ නැවතුමේ නවත්තනකල්.

නිල් පාට ගාපු මේ කෝච්චිය චීනේ හදපු පවර් සෙට් එකක්.  ඇත්තෙන්ම මේ කෝච්චිය අපි හිතුවට වඩා හුඟාක් හොඳ තත්වේ තිබුනා. විශේෂයෙන්ම ටොයිලට්.  මැදිරි ඇතුලේ පිරිසිදුකමත් සතු‍ටු දායකයි, තවම නම්.

 

ඔන්න එහෙනම් අපි පිටත් වෙනවා. ෆුට් බෝඩ් ගියාට කමක් නෑ හයියෙන් අල්ලගෙන. බෙල්ල ඈතට දික්කරන්න එපා ඈ. මම පුලුවන් තරම් පින්තූර වලින්ම කතාව කියන්න ට්‍රයි කරන්නම්.

 

 

 

 

 

 

 

 

 

Originally published @ HeyDude in English Language.  

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 

ටැග: , , , , , , , ,

21 responses to “152. බදුලු කෝච්චිය. 1 වන කොටස

  1. Miyuru

    මාර්තු 25, 2014 at 5:04 ප.ව.

    මොකද අනේ අර නෝනත් එක්ක ඉන්න පින්තූරෙ දෙන්නම කිසි හිනාවක් නැතුව බිම් බස්සො වගේ ඉන්නෙ… හරියට ඔය ගමන අපි යන්න කියල වගේ… හිනාවෙයල්ලකො…

    අප්පා… අර ටොයිය නම් තාම යා හැකි මට්ටමේ තියෙනව තමයි… සමහරවිට උදේ පාන්දර හින්දා වෙන්නැති… හවස් වෙනකොට තත්වය වෙනස් වෙන්නත් පුළුවන්…

    උඩම තියෙන පින්තූරෙටයි, අන්තිමටම තියෙන පින්තූරෙටයි ගොඩක් කැමතියි…

    මාත් පුංචි කාලෙ ලොකු සීයා ඉන්දැද්දි ඔය වගේ ගමන රස විඳින ගමන් ගිහින් තියෙනවා… එයාට තිබ්බා නැව වගේ කාර් පතයක්… කෑම නම් අරන් යනවා… බත් නෙවේ…. මයියොක්කා, පොල්, ලුණු මිරිස් වගේ දේවල් තමයි අරන් ගියේ… ගඟක්, ඇලක්, දොලක් දැක්ක ගමන් වාහනේ නවත්තලා ඒකෙ නානවා… ඊට පස්සෙ සීයා පොඩ්ඩක් එහා මෙහා ඇවිදලා ගමේ මනුස්සයෙක් අල්ලගන්නවා විස්තර අහන්න… විටක් එහෙම හුවමාරු කරගෙන කොහෙන් හරි වාඩිවෙලා කතා කර කර ඉන්නවා මට මතකයි… මට ඒවා ඒ හැටි රස විඳින්න ලැබුනෙ නෑ එතකොට ගොඩක් පුංචි නිසා… දැන් නම් එහෙම ගමන් යැවෙන්නෙම නැති තරම්…

     
    • henryblogwalker

      මාර්තු 26, 2014 at 12:11 ප.ව.

      මියුරු, මුලින්ම මේ පෝස්ට් එක නැවත වතාවක් කියවන්න ආරාධනා කරනවා, මොකද අත්වැරදීමකින්, ඡේද ගණනාවක් ඩිලීට් වෙලා තිබිලා මේ දැන් ආයෙම දැම්ම නිසා.

      මූණවල් ගැන රිටර්න් එක දෙන්න විදියක් නෑ මම උඹෙයි, හස්න්බන්ඩගෙයි පින්තූරයක් කිසිදාක දැකලා නැති නිසා. හරියට අර රවියගේ වගේ. එතකල් ඉඳපල්ලා.

      උඩම තියෙන පින්තූරේ කිව්වේ අර සිග්නල් කණු තියෙන එකද නැතිනම් පොඩි featured image එකද?

      උඹලගේ සීයගේ වයසෙම හන්දද කොහෙද මාත් ගමනක් යනකොට් මග නවත්තනවා හිතුනු හිතුනු තැන් වල. හැබැයි බුලත් විට කන්නේ නෑ. ගමේ මිනිස්සුන්ව අල්ලගෙන විස්තර අහන්නේ නෑ.

       
      • Miyuru

        මාර්තු 28, 2014 at 7:35 පෙ.ව.

        කියෙව්වා ඩූඩ්… ඒක තමයි මේක නිකම් පෙරවදනක් වගේ දැනුනෙ…
        එහෙනම් මුණගැහුනු දවසක බලමුකො මූණු කොහොමද කියලා.. හික්ස්…
        ඒ සුට්ටං පින්තූරෙ මං කලින් දැක්කෙවත් නැද්ද කොහෙදෝ… දැනුයි දැක්කෙ… මං කිව්වෙ සිග්නල් කණු තියෙන එක ගැන… ඒ දම් පාට හරිම ලස්සනයි…
        මගේ ඔය පරණ කතන්දර ගැන කියනකොට මට කියන්න තියෙන්නෙ වැඩිපුරම ඔය සීයායි මාමලයි ගැන තමයි ඩූඩ්… අපේ තාත්තා සතියෙ දවස් පහම මහ රෑ වෙනකම් කරන රස්සාවකුත් කරලා සති අන්තෙ වගාවකුත් කළානෙ… දූලා තුන් දෙනෙකුගෙ අනාගතේ හදන්න… ඒවට පිං සිද්ද වෙන්න තමයි ඉතින් අපි ඔළුව උස්සලා හිටියෙ… ඒකෙන් උනේ අපි තාත්තාත් එක්ක විනෝදෙන් ඉන්න අවස්ථා අඩුවුනු එක… ඒ කාලෙ ඒක වැඩියෙ දැනුනෙ නෑ අනිත් අය නිසා… ඒත් දැන් පරණ කතා ලියන්න ගියාම ඒක දැනෙනවා…

         
  2. Itnishantha

    මාර්තු 25, 2014 at 5:14 ප.ව.

    ඩුඩ් හොඳ විස්තරයක් දාන්න මමත් මේ නිවාඩුවට ගිහිං යන්න ඉන්නේ. යන්න යන වෙලාව නවාතැන් පහසුකම් , ඇවිදින්න තියන තැන්, මිල ගණන් එහෙම.

     
    • henryblogwalker

      මාර්තු 26, 2014 at 12:17 ප.ව.

      නිශාන්ත, මුලින්ම මේ පෝස්ට් එක නැවත වතාවක් කියවන්න ආරාධනා කරනවා, මොකද අත්වැරදීමකින්, ඡේද ගණනාවක් ඩිලීට් වෙලා තිබිලා මේ දැන් ආයෙම දැම්ම නිසා.

      අපි ගියේ අමුතුම ‍ටුවර් එකක් හන්දා හැකි දේවල් කියන්නම්. ඩිලීට් වෙලා තිබ්බ ඡේද වල ඒකට හේතුව තියෙනවා.

       
  3. Roshan Herath

    මාර්තු 25, 2014 at 5:37 ප.ව.

    වෙන් කරපු ආසන තිබුණට ඒ කෝච්චි පෙට්ටියේ වෙනත් අය ඉඳලා නෑ වගේ නෙ..

     
    • henryblogwalker

      මාර්තු 26, 2014 at 12:19 ප.ව.

      රොශාන්, මුලින්ම මේ පෝස්ට් එක නැවත වතාවක් කියවන්න ආරාධනා කරනවා, මොකද අත්වැරදීමකින්, ඡේද ගණනාවක් ඩිලීට් වෙලා තිබිලා මේ දැන් ආයෙම දැම්ම නිසා.

      මේවා Reserved seats නේඔය කෝච්චියට හැමෝම ගමනාරම්භයේ ඉඳලා, ගමනාන්තය දක්වා යන අය විතරක් නෙවෙයි යන්නේ. මගින් නගිනවා, මගින් බහිනවා. අපි ඉඩ තියෙන නිසා හිටපු ගමන් වෙන සීට් වලට ගිහිල්ලත් ඉඳගෙන ඉන්නවා. ඒකයි රහස.

       
  4. amilac2014

    මාර්තු 25, 2014 at 5:54 ප.ව.

    අලුතින් ආපු චීන සහ ඉන්දියානු දුම්රිය ගැන මගේ නම් අදහස ඒවා පැවති ඒවාට වඩා සරලයි ඒ වාගමෙ පිරිසිදුයි. පිරිසිදු කරන්නත් ලේසියි. ඔය විිදියටම තියාගන්න පුලුවන් නම් ලොකු දෙයක්. මුහුදුබඩ මාර්ගයේ ඔය ජාතියෙ දුම්රිය දැන් අවුරුදු පහක් තිස්සෙ විතර දුවනවා තාම තත්වය හොදට තිබෙනවා.

     
    • henryblogwalker

      මාර්තු 26, 2014 at 12:27 ප.ව.

      මුලින්ම අමිලට මේ පෝස්ට් එක නැවත වතාවක් කියවන්න ආරාධනා කරනවා, මොකද අත්වැරදීමකින්, ඡේද ගණනාවක් ඩිලීට් වෙලා තිබිලා මේ දැන් ආයෙම දැම්ම නිසා.
      මමත් හිතනවා මේ කෝච්චිය හොඳ සැප පහසු එකක් කියලා. ඔය විදියට දිගටම තිබ්බොත් ලොකු දෙයක් නේද අමිල?

       
  5. KOLUWA

    මාර්තු 26, 2014 at 2:05 පෙ.ව.

    This is one of my dreams.I’ll also take my kids when I come to SL

     
    • henryblogwalker

      මාර්තු 26, 2014 at 12:29 ප.ව.

      Koluwa, So make that dream come true the next time. It’s fully worth it. No regrets. We also have been putting this off for over a decade.
      Ah, one more thing. Some paragraphs of this post were omitted by mistake. I invite you to read again now that they are in place.

      Hey why don’t you read my English blog HeyDude. It always has the original.

       
      • Koluwa

        මාර්තු 27, 2014 at 1:56 පෙ.ව.

        I’ve been reading both.I cannot reply in sinhalese(which I prefer) as I’m using my work place lab computer.I also worked as a techer before migration and we have many things in common

         
  6. susantha kumara

    මාර්තු 26, 2014 at 8:08 පෙ.ව.

    තාම යන්න බැරි උන හැබයි යන්න ආසාවෙන්ම ඉන්න ගමනක්, නිශාන්ත කිව්වා වගේ හොද විස්තරයක් දෙන්න පුළුවන් නම් තවත් හොදයි.

     
    • henryblogwalker

      මාර්තු 26, 2014 at 12:29 ප.ව.

      මුලින්ම සුසන්තට මේ පෝස්ට් එක නැවත වතාවක් කියවන්න ආරාධනා කරනවා, මොකද අත්වැරදීමකින්, ඡේද ගණනාවක් ඩිලීට් වෙලා තිබිලා මේ දැන් ආයෙම දැම්ම නිසා.අපි ගිය ගමන අනුව දෙන්න පුලුවන් විස්තරේ දෙන්නම් සුසන්ත. ෆලෝ කලාට ස්තුතියි.

       
  7. hiruni

    මාර්තු 26, 2014 at 4:27 ප.ව.

    ශා….මම ආවහමත් යමු…..හරිම ශෝක්….😀😀😀

    මෙහෙ කෝච්චිත් හරිම සැප පහසුයි….. (Y)

    අපේ පවුල කවදත් ඉතින් ගමන් යන්න හරිම කැමතියිනෙ😀

    ලස්සන ෆොටෝස්…..තුන් දෙනාම හරිම විනෝදෙන්…..😀

     
    • hiruni

      මාර්තු 26, 2014 at 7:54 ප.ව.

      ඔව් ඩුඩ් ගොඩක් අත ඇරිල තමයි….මම ඊයේ කියවලනෙ අද ක්කමෙන්ට් කලේ……ඔයගොල්ලන්ගෙන් ඉගෙන ගෙන මමත් හරිම අකමැතියි කාටවත් කරදරයක් වෙන්න😀

      ඉක්මනටම ඉතුරි ටිකත් ලියන්න….ලස්සනට ලියල තියෙනව (Y)

       
  8. Padhmakumara

    මාර්තු 26, 2014 at 6:18 ප.ව.

    හෙන්රි
    මේක කෝච්චියක් නෙමෙයිනෙ පවර් සෙට් එකක්නෙ.නියම කෝච්චිය කියන්න පුලුවන් සාම්ප්‍රදායික විදියට ඩීසල් එන්ජිම පෙට්ටි එල්ලගෙන යන එකට වගේම, ඒකෙ තියන ගතිය මට නම් මේ පවර් සෙට් එකේ නැහැ.නැරඹුම් මැදිරිය තියෙන්නෙ ඒවයෙ විතරයි. මේ පව්ර් සෙට් එකේ දෙපැත්තෙම ඩ්‍රයිවර් කැබින් තියනවනෙ.ඉස්සර අම්මලා තාත්තල ඒ අයගෙ වොරන්ට් වලින් අපිව ගෙනියන කාලෙ උඩරට මැනිකෙගෙ බදුල්ලෙ යන එක නම් හරිම විනෝදයි.මම ආසම තැන තමයි අර ඒ කාලෙ හොඳට තිබුන රුමේනියන් පෙට්ටිවල ෆුට්බෝඩ් එකේ වාඩිවෙලා යන එක.පෙට්ටි 12-15 එල්ලගෙන යන මැනිකෙ කඳුවල බඩගානකොට බිමට බැහැල දුවන්නත් පුලුවන්.යාල් දේවිගෙ එකපාරක් කන්කසන්තුරේට යනකම් ගියා. මම ආසම අර පරන කැනඩියන් එන්ජිම තිබුනෙ.මෑතක ලමයින්ට ආස නිසා ඔය නැරඹුම් මැදිරියෙ බදුල්ලෙ යන්න බැලුවට ටිකට් නෑ ඒත් බදුල්ලෙ ඉඳල ආපහු එන්න තිබුන .ඉතින් ඒකත් මදැයි කියල බස් එකේ ගිහින් කෝච්චියෙ ආව.මගදි එන්ජිම බොයිල් කරල වතුර දදා ආව.නානුඔය ස්ටේශමේදි අර රේල් පාරෙ වැඩ කරන්න යන අයයි ආම්පන්නයි තියන ලොකු ඩක්කුවක් කඹයක් දාල කෝච්චියට අමුනගෙන ආව .ලමයින්ට හරි පුදුමයි ඒකට.

     
  9. සෑම්

    මාර්තු 26, 2014 at 10:08 ප.ව.

    අපූරුයි🙂

     
  10. ක්සැන්ඩර්

    මැයි 7, 2014 at 4:06 ප.ව.

    හෙන්රි ඔය බැටරි ප්‍රශ්නෙට නම් විසඳුමක් මම හොයාගත්තා සුපර් මාකට් එකෙන්😀 දැන් තියනවා කලින් චාජ් කරගෙන ගෙනියන්න පුළුවන් පොඩි ප්‍රමාණයේ පෝටබල් චාජර්. මේවා ඒ තරම් ගානක් වෙන්නේ නෑ. ඊටත් ඒවගෙන් කීප වතාවක් (බොහෝවිට දෙවතාවක්) බැටරිය 80% වගේ චාජ් කරගන්න පුළුවන්.

    වැඩේ නියමයි.. දෙවැනි එක කියවලා ආවේ..🙂

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: