RSS

153. බදුලු කෝච්චිය. 2 කොටස. මහනුවර දක්වා.

29 Mar
153. බදුලු කෝච්චිය. 2 කොටස. මහනුවර දක්වා.
ගම්පහ සිට මහනුවර දක්වා දුම්රිය මග.
පෙ.ව. 7.02: පොඩිමැණිකේගේ යන මග. ගම්මාන හරහා……

 

පෙ.ව.7.27:  පොල්ගහවෙල නැවතී…(මහේෂ් කියන විදියට මේ මීරිගමලු. හරි එහෙනම් “මීරිගම නැවතී.”)

 

පෙ.ව.7.27: කොළ කොඩිය වනන  තෙක්…

 

පෙ.ව.7.28: මගියෝ…

 

පෙ.ව.7.49: අතරමග පුංචි ස්ටේසමක්.

 

පෙ.ව.7.49: Happiness is a way station like this between too much and too little. සතුට වනාහී වැඩිගම සහ මදිගම අතර වූ කුඩා දුම්රිය ස්ථානයකි.
පෙ.ව.7.50: සිග්නල් නැතිව……

 

මං වගේ කෝච්චි පිස්සන්ට මේකත් නොස්ටැල්ජියාව ගේන දසුනක්…
පෙ.ව.7.50: ගල් කුළු අතරින්…
පෙ.ව.7.50: උදා හිරු එලියෙන් නැහැවුනු හරිත කඳු අතරින්…

 

පෙ.ව.7.51:  යුග දෙකක සිල්පර…(Grandad and grandson Rail-ties side by side…)
පෙ.ව.7.59:  මුහුවීම…

 

පෙ.ව.8.07: කඳු නැගලා හති අරින පොඩිමැණිකේ කඩුගන්නාවේදී…

 

 

පෙ.ව.8.15:   (පෝයට පංසල්  ගෙනියන්න පොල් තෙල් බෝතලයක් හංගලා තියෙන තැන බලන්න පිංවත්නි…)

 

පෙ.ව.8.15: තව ටිකක් වෙලා යයි වගේ…

 

පෙ.ව.8.16: කෝච්චි පිස්සෙකුට මේක යකඩ, කොන්ක්‍රීට්, වානේ තියෙන පින්තූරයක් නෙවෙයි…
පෙ.ව.8.16: ඔන්න අපි යනවා…

 

පෙ.ව.8.18: අඳුරු බිම් ගෙවල් තුලට…

 

පෙ.ව.8.19:  අඳුරෙන් එළියට…The light at the end of the tunnel…

 

පෙ.ව.8.19: මේ මහ ඔයද?

 

 

තවත් පොඩී ගම්බද ස්ටේසමක්…

 

පෙ.ව.8.22:  පේරාදෙණිය අතීතකාම හන්දිය.Pulled up at Peradeniya Nostalgia Junction.

 

පෙ.ව.8.22: අර පේන අනිත් කෝච්චිය තියෙනේ බදුලු ලයින් එකේ..

 

පෙ.ව.8.22: අපේ කෝච්චිය තියෙන්නේ කොළඹ මහනුවර ලයින් එකේ නවත්තගෙන….

 

පෙ.ව.8.22:  මතක මාවත දිගේ…

 

පෙ.ව. 8.23: ඔන්න අපි පිටත් වුනා. අපි දැන් යන්නේ නුවරට. නමුත් ටිකකින් ආපහු ඇවිත් ඔය පේන බදුලු පාරේ යනවා…

 

පෙ.ව. 8.24: අනේ මේ පාලම උඩින් අපි කී පාරක් ගිහින් ඇත්ද…

 

පෙ.ව.8.25: සරසවි උයන. ඇඬෙනවා නේද?

 

පෙ.ව.8.25: ගත්ත ෆෝටෝස් ඇත්තටම කොහොමද බලමු.

 

දැන් අපි ඉන්නේ පේරාදෙණියත් මහනුවරත් අතර.
පෙ.ව.8.28: දංගල්ල පාලම. රජ්ජුරුවෝ උඩයි උඩයි.

 

පෙ.ව.8.29:  මෙන්න මේක තමයි ගතිම වැඩේ. මේවා විතරක් නෙවෙයි. ෆෙරාරි, ලැම්බෝගිනි, මර්සීඩස්, බී එම් ඩබ්ල්‍යු, අවුඩි, ප්‍රාඩෝ, මොන්ටෙරෝ ඔක්කොම නවත්තනවා. 😀

Nobody wants to mess with the King of the Road.

 

පෙ.ව.8.33: මහනුවර දුම්රිය ස්ථානය.  කරුණාකර සවන්දෙන්න. දෙවන වේදිකාවට දැන් පැමිණි පොඩිමැණිකේ සීඝ්‍රගාමී දුම්රිය, පෙරවරු 8.55 ට බදුල්ල බලා පිටත්වේ.

 

පෙ.ව.8.40: මගේ ඇහැ ගියේ ස්ටේෂන් එකේ අලුතින් ගල් අල්ලලා තියෙන රටාවට.

 

පෙ.ව.8.40: ම්ම්ම්…තව විනාඩි පහළොවක් තියෙනවා.

 

පෙ.ව.8.40: ගාඩ්ගේ කුටිය.

 

පෙ.ව.8.40: නිකං ගෙදර වගේ හැඟීමක් එනවා මට නම්…

 

පෙ.ව.8.55:  ඔන්න අපි මහනුවරින් පිටත් වුනා. නමුත් මේ පාර පස්සෙන් පස්සට .

 

පෙ.ව.8.56: මේ තියෙන්නේ අර සුප්‍රසිද්ධ Hunslet එන්ජිමක්. ආසාවේ බෑ. යකඩ යකාම තමයිනේ?

 

පෙ.ව.9.00: ආපහු පේරාදෙණියට පස්සෙන් පස්සට.

 

පෙ.ව.9.02:  ඔන්න අපි පිටත් වෙනවා. පේරාදෙණිය හන්දියෙන් වමට දාන්න ඩ්‍රයිවර්.

 

මේ හිනා මූණු ගැන මොකද කියන්න තියෙන්නේඋඹලට ?

 

Originally published @ HeyDude in English Language

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers

 

ටැග: , , , , ,

10 responses to “153. බදුලු කෝච්චිය. 2 කොටස. මහනුවර දක්වා.

  1. susantha kumara

    මාර්තු 29, 2014 at 9:15 ප.ව.

    අර අවසාන පොඩි ෆොටෝ එකේ තියෙන්නේ හිනාවෙන මූණක්ද? මට පෙන්නේම අඩන මූණක්නේ

     
  2. Itnishantha

    මාර්තු 29, 2014 at 10:14 ප.ව.

    4 වෙනි පින්තුරය ඔබ සහ මහේෂ් දෙන්නම වැරදි. මේ රඹුක්කන මගේ ආදරණිය නගරය. ඔය තියෙන්නේ බුදු මැදුරට එහා පැත්තේ ලෝකේ ලොකුම ඔරලෝසු කනුව.

     
    • henryblogwalker

      මාර්තු 30, 2014 at 9:24 පෙ.ව.

      දෙයියෝ සාක්කි. ඒක මාර අර්බුදයකට තුඩු දීපු පින්තූරයක්නේ එතකොට. මම එහෙනම් ඒකත් දාන්නම්. මගේ ඩෙනිමේ ගොළු හදවතත් ඕකම කියලා තිබ්බා. මම ඒකත් පින්තූරේ යටින් දාන්න ඕනෙ එහෙනම්.

      ඇත්තටම මෙහෙම බලමු. කො‍ටුවෙන් 5.55ට පිටත්වෙන පොඩි මැණිකේ 7.27ට තියෙන්නේ පොල්ගහවෙලද, මීරිගමද, රඹුක්කනද? ඔන්න ඕක කියන්න පුලුවන් කාටද? හරියට මම නම් දන්නේ නෑ.

       
  3. Itnishantha

    මාර්තු 30, 2014 at 11:18 පෙ.ව.

    5 පින්තුරේ හරියට දැක්කේ දැන් නොවැ. එත් රඹුක්කන තමා. අර ගුවන් පාලමට ගොඩ වෙන තැන තියෙන්නේ පරණ ටිකට් කවුන්ටරේ කඩලා අලුතෙන් හදන ගොඩ නැගිල්ල. දැන් ටවුම ටිකක් වෙනස් අලුත් කරන නිසා. ඔය 4 වෙනි පොටෝ එකේ ඔරලෝසු කණුවට එහා පැත්තේ උසට තියන ගොඩනැගිල්ලට එහා තිබ්බ ගොඩනැගිල්ලේ තමා මගේ ව්‍යාපාරය තිබ්බේ ඒ කාලේ.

    6 පොටෝ එකේ බිරින්දෑ අර නහය හකුලාගෙන අතේ තියාන ඉන්නේ ඩුඩ්ගේ ඩෙනිම වෙන්නෑ. :O

     
  4. hiruni

    මාර්තු 31, 2014 at 1:11 පෙ.ව.

    මේව දැක්කම හරිම ඉරිසියයි….

    පේරාදෙනිය දැක්කම ඩුඩ්ටයි අම්මටයි නොස්ටැල්ජියා ඇති තමයි අනිවාර්යෙන්…..දෙන්නගෙ ලව් ස්ටෝරි එක මෙහෙනෙ…. ;D

    බලන්න මල්ලි හරිම සීරියස් පිට ඉන්නව ඒ ෆොටෝ එකේ….😛

    මතකද එක දවසක් ඉස්කෝලෙ යන්න පරක්කු වෙලා අම්මව කැලනියෙන් බස්සල ඉස්කෝලෙන් මමයි බ්ලොග්වෝකරුයි කෝච්චියේ ගම්පහට ආව අම්මා කන්න හදල දීපු ටෝස්ට කකා…..අපි අපේ සින්ගරි රේඩියො එක බලන්නත් ගියා එන ගමන්….මම හිතන්නෙ මම කලින් කමෙන්ට් එකකත් කිව්වද කොහෙද මේ කතාව…..😀

    දෙන්නගෙ මුනු වල හිනාව හරිම ලස්සනයි…. as I always say a love story much better than Rome and Juliet❤

     
  5. නවම්

    මැයි 26, 2014 at 10:54 පෙ.ව.

    හෙහ් හෙහ් මම සෙට් වෙලා තියෙන්නෙ අන්තිම පෙට්ටියටද කොහෙද.. මරු ගමන බං අයියෙ. මාත් දෙතුන් විඩක්ම ගියා. එක ගමනක් ගියේ කොළඹින් හැන්දෑවෙ කෝච්චියෙ, බදුල්ලෙන් බහිද්දි පාන්දර.. මෙලෝ මල දානයක් බලගාන බැරි උනා ඒ ගමනෙ. පස්සෙන් පහු ගියපු එකේ නම් ඕක මතක්වෙලාම උදේ පිටත් උනේ.

    ඔය ගමනෙ මැදක් හරියෙ තියනව ගලක් කපාගෙන ගලන වතුර පාරක්, හරියට කානුවක් කපල වගේ. මම බැලුවට එහෙම පින්තූරයක් නම් තිබුනෙ නෑ

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: