RSS

154. බදුලු කෝච්චිය. 3 කොටස. හැටන් දක්වා.

12 Apr

11.06 AM _12182013_ NikonCoolpixL22

එක්කුස උපන් S12 පරම්පරාවේ සොහොයුරියන් වන කොළඹ බලා යන උඩරට මැණිකේත්, බදුල්ල බලා යන පොඩි මැණිකේත් වටවලදී මුණ ගැසී…

ඔන්න ඉතින් අපි පේරාදෙණියෙන් පිටත් වුනා මතකනේ? අමතක නම් මෙන්න පළවෙනි සහ දෙවෙනි කොටස්.

 

107. බදුලු කෝච්චිය. 1 වන කොටස

108. බදුලු කෝච්චිය. 2 කොටස. මහනුවර දක්වා.

09.15 AM _12182013_ NikonCoolpixL22
පෙරවරු 9.15:ගෙලිඔය පසු කරමින්… පේරාදෙණිහ හන්දියට පස්සෙ මුලින්ම තියෙන නැවතුම ගෙලිඔය. ක්සැන්ඩර් ගෙලිඔය නේද? බෙල්ල කපලා ඇලට දාන සීන් එකක් තියෙනවද ගෙලි ඔය? 😀

09.20 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 9.20: සැහැල්ලුවෙන් ගමන් කිරීම. සබ්බ සකලමනාවම දාපු මේ බෑග් එක මගදි ඔලුවට ඇදගෙන වැටෙන බයක් නැතුව ගානට උඩ රාක්කෙට ‍ෆිට් වුනා.

09.24 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 9.24: ගම්පොල. සුපුරුදු විදියට සිග්නල් නෑ. අර ඈත කන්ද උඩ පේන අමුතුම හැඩේ දාගැබ කාගෙත් සිත් පැහැරගත්තා, ඒ හැඩය නිසාම.

09.24.30 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 9.24: තවම ගම්පොල… වෙන කෝච්චියකට ඉඩදෙන්න අපි ආපහු ගිහින් වෙන පාරකට දාලා මග ඇරලා හිටියා.
අපි එහෙමයි.
අපේ කෝච්චිත් එහෙමයි.

09.25 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 9.25: මේ වල් වැවුනු රේල් පාරවල්, පාරේ තියෙන උපකරණ ඔක්කොම දේ කෝච්චි වලට පෙම් බඳින්නන්ට අතීත කාමය ගෙනදෙන, හිතට ලෙංගතු බවක් ඇති කරන දේවල්. (සාමාන්‍ය පුද්ගලයෙකුට යකෝ මුන්ට මඤ්ඤංද කියලා හිතුනත්…)

09.29 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 9.29: මේ කැමරාව අල්ලන විදිය ගැන, ඔය වෘතීය ඡායාරූපශිල්පියෝ, විශේෂඥයෝ මොනවා කිව්වත්, කෝච්චියක එල්ලිලා පින්තූර ගන්න පුලුවන් මේ විදියට තමයි. මේ වෙලාවට අපිට ඕනෙ පින්තූරේ විතරයි.
(සාහිත්‍ය/ඉතිහාසය කන්ඩද බං කිව්වලු?) c-)

09.32 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 9.32: අප පසු කරගෙන යන Class M5 එන්ජිමක්…

09.33 AM _12182013_ NikonCoolpixL22

*****

10.00 AM _12182013_ NikonCoolpixL2210.00 AM: නාවලපිටිය.
අර පේන්නේ කැනේඩියන් M4 එන්ජිමක්ද? දන්න කෙනෙක් කියාපල්ලා. කෝච්චියා මොකද කියන්නේ? ට්වින් හෙඩ්ලයිට්. තනි වින්ඩ්ස්ක්‍රීන් එක.

10.04 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 10.04: Computer control connector,
broadcasting connector and multiple connector.
මේවා කවද්ද සම්බන්ධ කරන්නේ කියලා ඇහුවනේ. සමාවෙන්න ඕනේ, මම අනිත් පැත්ත විතරයි බැලුවේ. ඒ පැත්ත නිකං තිබුනට දකුණු පැත්තෙන් ඔක්කොම සම්බන්ධ කරලා තියෙන්නේ.

10.12 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 10.12: නාවලපිටිය වැදගත් ස්ථානයක්. මම හිතන්නේ මේ දුම්රිය පාලන ජාලයේ (Railway Network) උඩරට මාර්ගය සම්පූර්ණයෙන්ම පාලනය වෙන්නේ නාවලපිටියෙන් කියලා.

10.15 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 10.15:

10.20 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 10.21: කඳුකරයේ පයිනස් වගා කිරීම ගැන නොයෙකුත් මත බේද තිබුනත්, මට නම් පයිනස් ගස් අපි කඳුකරයට ඇතුලු වූ බව සිහිගන්වන මං සලකුණක්.

10.21 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 10.22:

10.22 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 10.22: Clicking away…

10.22 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 10.22: අඳුරේ සහ එලියේ සංකලනයක්!

10.22.30 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 10.22: හැම කවුලුවකම සජීවී ස්වභාව සෞන්දර්යය වැඩ සටහනක් පෙන්වමින් තියෙන ගමනක්.

10.23 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 10.23: රේල් පාලමක් උඩින් යද්දී දැනෙන වින්දනය විස්තර කරන්න අමාරු එකක්. ඒක විඳලම බලන්න ඕනේ.

10.23.30 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 10.23: කඳුකරය පුරාම මේ වගේ එක එක ප්‍රමාණයේ දිය පාරවල් දකින්න පුලුවන්.

10.23.45 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 10.23: මට නිතර හිතෙන දෙයක් තමයි, රේල් පාරක් කොයි තරම් හොඳට අවට ස්වභාවික පරිසරයත් එක්ක මුසු වෙලා එහිම කොටසක් වෙනවද කියන එක.

10.25 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 10.25: ඉඟුරු ඔය කියන්නේ නාවලපිටියත් වටවලත් අතර තියෙන ගම්බද දුම්රිය නැවතුමක්. අපි මෙතන තරමක් වෙලා ‍රැඳිලා හිටියා සිග්නල් එක ලැබෙන තෙක්.

10.26 AM _12182013_ NikonCoolpixL22

පෙරවරු 10.26 :
සිග්නල් නැතුව බලා ඉන්න එක ඔය හුඟ දෙනෙකුට අප්‍රසන්න දෙයක්.
නමුත් අපිටනම් මේකත් නොස්ටැල්ජියාවෙම කොටසක්.
ඔය දන්න එවුන් මට කියාපල්ලා,
ඔය ප්‍රංසයේ TVG එකේ, එතකොට ජපානේ Bullet Train එකේ එහෙමත්මේ ආතල් එක තියෙනවද කියලා.

 

10.31 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 10.31 : ඇස් ඇරලා අවට බලනවා නම්, (හරි මූඩ් එකේ ඉන්නවා නම්) අප අවටත් මේ වගේ අයස්කාන්ත දර්ශණ තියෙනවා.
Just because you watch you don’t see (ඔබ බලන් හිටියයි කියලා ඔබ දකින්නේ නෑ) කියලා අද උදේ මම බලපු ටෙලි සීරීස් එකක කිව්වා.

10.31.30 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 10.31: නැවතත් ගමනේ…

10.32 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 10.32:

10.33 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 10.33: බොන එවුන්ට මේකත් ඇති. නමුත් ඇල්වතුරත් නිවලා බොන මට හිතුනේ අර ගල උඩ ඉඳං ඇලට කකුල් දෙක දාගෙන ඉන්න තිබ්බා නම් පට්ට ආතල් නේද කියලා…ඇත්තමයි.

10.33.30 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 10.33: මේ පාර දිගටම මේ වගේ අතෑරලා දාපු කෝච්චි පෙට්ටි ගණනාවක් තියෙනවා අපි දැක්කා.

10.33.45 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 10.33:

10.35 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 10.35: කලුගල් කඳු ඕනේ තරම්. ඇයි මේ බිම් ගෙවල් විදලා තියෙන්නේ ඒවා අස්සෙන් නේන්නං…

10.35 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 10.35: මේ කඳුකර මාර්ගයේ, බිම් ගෙවල් තුලින් යාම පුදුමාකාර වින්දනයක් ගෙන ගෙන දෙයක්. ගිහින් නැත්නම් ගිහිල්ලම බලන්න කියලා මම කියවා. අපි මේ වගේ පින්තූරයක් ගන්න පුදුම කට්ටක් කෑවා. කැමරාව Auto mode තියෙනකොට අඳුරෙයි එළියෙයි වෙනසට සෙන්සර් එක ‍රැවටිලා shutter speed/exposure අවුල් වෙනවා. ඒ මදිවට කෝච්චියත් පැද්දෙන නිසා ගන්න පින්තූරේ බොඳවෙලා නොපැහැදිළි වෙනවා. නමුත් මේක අමාරුවෙන් හරියට ගත්ත ඒවායින් එකක්.

10.35.30 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 10.35: උඹලා කී දෙනෙකුට හිතුනද මේකට පැනලා නාලා බොන්න තිබ්බා එල නේද කියලා? පරචිත්ත විචාරන ඥානය කියන්නේ ඕකට තමයි.

10.34 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 10.34:
වතුරෙන් තමයි මේ වෙනස. බලන්න ඊ ලඟ පින්තූරේ පාට.

10.36 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 10.36: Wild west මතක් වෙනවා නේද? මට නම් එහෙමයි.

10.36.30 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 10.36: මම මේ කට්ටියගේ අතින් අල්ලගෙන එක්කගෙන යන්න ඕනේ නෑනේ නේද? යකෝ හැම පින්තූරෙකටම මොකක් හරි කියන්න දෙයක් හිතන්න ඕනෙද?

10.36.45 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 10.36: මම දැන් වතාවකුත් උඹලට කිව්වා, යකුනේ මේ රෝස පාට බෝතලෙයි ටෙඩි බෙයා බ්ලැන්කට් එකයි මේවා ඔක්කොම අර අපිත් එක්ක එස්සරහ සීට් එකේ ගිය පොඩි බබාගේ… මුන්ට යකෝ කොච්චර කිව්වත්…

10.38 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 10.38: සිග්නල් කේස්. මම හිතන්නේ මේ ගල්බොඩ. ෂුවර් නෑ.

10.39 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 10.39: හෙහ් හෙහ් හේ. උඹලගෙන් කී දෙනෙක් පොඩි කාලේ මේ ප්ලේට් දෙක උඩ ගිහින් තියෙනවද? මේ පෙට්ටි දෙකක් අමුණපු තැනක ජොයින්ට් එකේ තියෙන තහඩු දෙක. මේ දෙක පිස්සු හැදිලා වගේ එකට ඇතිල්ලෙනවා, හැප්පෙනවා, සද්ද කරනවා. මම පොඩි කාලේ මාර බයයි මේ දෙක උඩින් යනකොට කකුල ඔය දෙක අතරට අහුවෙලා ඇඹරිලා, චුරු වෙලා යයි කියලා. පස්සේ මම ඕක උඩ ආතල් එකට නැගලා ප්ලේට් දෙකට කකුල් දෙක තියාගෙන බය වෙලා කට ඇරගෙන බලාගෙන පොඩි උන්ට පේන්න පැදගෙන යනවා. අන්තිමේදි කවුරු හරි ඔතනින් යන්න ඕනෙ වෙලා බනිනකල්ම මම නෙවෙයි ඕකෙන් බහින්නේ.

10.40 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 10.40: කොහොමද අර පේන ඉස්කෝලෙට යන්න ලැබුනා නම්? පේනවද පිට්ටනිය තියෙන තැන ගතිය?

10.40.30 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 10.40: හා, දැන් උඹලාම කියාපල්ලා.

10.41 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 10.41:

10.43 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 10.43:

10.43.39 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 10.43:

10.47.19 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 10.47: මේ පයිනස් යායවල් මැද්දෙන් යනකොට මට නම් ඒවයේ සුවඳ දැනෙනවා. ඒ මට හිතෙන හැටිද?

10.54 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 10.54: මේ desktop background එක මෙතන තියෙන හුඟක්ම ලස්සන පින්තූර වැඩි හරියක්ම වගේ හිරූෂ ගත්ත එකක්.

10.56 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 10.56: මට හමුවෙලා තියෙන සමහර විදේශිකයෝ හිතාගෙන ඉන්නේ මුලු ලංකාවම තේ වත්තක් කියලා tourist brochures වලට පිං සිද්ද වෙන්න 😀

10.56.22 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 10.56: සොබා දහමේ වර්ණ සංකලනය!

10.56.33 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 10.56: කඳු අතරින් වංගු ඔස්සේ යන මේ ගමනෙදි නැට්ටේ ෆෝටෝ ගන්න හුඟක් අවස්තා ලැබෙනවා. මගේම වචනයෙන් කිව්වොත් tail chasing shots.

10.57 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 10.57:

10.59 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 10.59:

11.00 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 11.00: Watawala. කොළඹින් කිලෝ මීටර් 162ක දුරකිනුත්, මුහුදු මට්ටමේ සිට මීටර් 993.5ක උසකිනුත් පිහිටි වටවල නැවතුමේ අපි තව කෝච්චියකට ඉඩ දෙන්න සෑහෙන වෙලාවක් හිටියා. මේක සාමාන්‍ය දෙයක් නිසාම වෙළෙන්දොත් කෑම වර්ග අරගෙන එතනට එන්න පුරුදු වෙලා මගින්ට විකුණන්න. අර රේල් පාරේ යනවා පේන මිනිස්සු, අපේම කෝච්චියේ ඇවිත් රේල් පාරට බැහැලා කන්දෙන් බැහැලා නොපෙනී ගියා.

11.01 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 11.01: දුම්රිය සංචාරයක අත්විඳිය හැකි සංවේදනා පැකේජයේ කොටසක්ම වන මේ තීන්ත ආලේපනයක් ඉල්ලා හඬාවැටෙන මඩු, වල් වැවුනු රේල් පාරවල් වගේම හුඟක් තැන්වල දකින්න පුලුවන්.

11.02 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.02: මේ ශ්‍රී ලංකා දුම්රිය ඉතිහාසයේ කෞතුක භාණ්ඩයක්. මට එතන හිටපු කෙනෙක් කිව්ව විදියට, ගල් අඟුරු කෝච්චි දුවපු කාලේ ඒවයේ බොයිලර් වලට දාන්න තිබුන වතුර ගබඩා කරලා තිබිලා තියෙන්නේ ඔය උඩ තියෙන ලෝහ ටැංකියේ. ඔය ලොකු පයිප්පේ අගට රබර් හෝ හම් වලින් හදපු අලි හොඬයක් වගේ කෑල්ලක් සයි කරලා තිබිලා තියෙනවා ඔතන නවත්තපු එන්ජිමේ බොයිලේරුවට වතුර පුරවන්න.

11.05 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 11.05: Hello and Goodbye! Blue meets blue. මැණිකෙලාගේ හමුවක්. උඩහට යන පොඩි මැණිකේ සහ පහලට යන උඩරට මැණිකේ වටවලදී හමුවූ වගයි.

11.05 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.05: මමත් ආසාවෙන් හිටපු රස්සාවල් වලින් එකක්. දැන් පවා.

11.05.30 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 11.05: මේ ඩිජිටල් තිරයන් සහිත නවීන පාලක පුවරුවලින් සන්නද්ද Class S 12 එන්ජින් ඇත්තෙන්ම ශ්‍රී ලංකා දුම්රිය වංශකතාවේ සංදිස්ථානයක්.

11.06 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.06: බලන්න දේ ඕනෙ තරම්.

11.07 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 11.07: මේ උඩරට මාර්ගයේ ගම්බද දුම්රිය ස්ථානවල ගෘහ නිර්මාණශිල්පයට මම හරි ආසයි.

11.09 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 11.09: නැවතත් ගමනේ.

11.09 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.09:

11.10 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 11.10:

11.12 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.12: ඔන්න සම්පූර්ණ චිත්‍රය. තේ වත්ත. වංගු සහිත පාරවල්, තේ කර්මාන්තශාලාව. ජල මාර්ගය.

11.14 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.14: සමාන්තර අඩි පාර. ඇත්තටම රේල් පාරේ පයින් යන්න තහනම්ලු නේ?

11.15 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.15: අවිස්සාවේල්ලේ සිට නුවර එලිය ආසන්නයට දිවෙන A7 මහා මාර්ගය.

11.17 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.17:

11.17.38 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.17:

11.17.43 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.17:

11.18.36AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.18: මොකක්ද අර කන්දට කරලා තියෙන්නේ ඈ? උඩ ඉඳලා පතුලට ඉරක් ඇඳලා එක පැත්තක් තට්ටේ ගාලා?

11.19 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.19: නිවාස යෝජනා ක්‍රමයක් වගේ මට නම් පේන්නේ

11.20 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.20:

11.21 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 11.21: කෝච්චිය යනකොට කුස්සියේ පිඟන් රාක්කේ පිඟන්, හැඳි සට සට ගාලා වෙව්ලන එක මේ ගෙවල් වල ඉන්න අයගේ ජීවිතේ කොටසක් වෙන්න ඕනේ. කෝච්චිය වෙලාවට නොගියොත් කට්ටියට නින්ද යන්නෙත් නෑ කියලා කියන්නේ.

11.22 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 11.22: ඒ මේ අතට ඇඳුනු රේල් පීලි චිත්‍රය…

11.22 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.22:රොසැල්ල

11.24 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.24: සරල ජීවිත. සරල දුම්රිය නැවතුම. රොසැල්ල. මුහුදුමට්ටමේ සිට මීටර් 1140.35යි

11.25.37 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.25:

11.25.55 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.25:

11.26.04 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.26:

11.26.44 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.26:

11.27 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.27:පොතු ගැලවෙන සුදු පැහැති කඳන් සහිත යුකැලිප්ටස් (ටර්පන්ටයින්) ගස් වලින් හමන්නේ ප්‍රසන්න සුවඳක් මට නම්…

11.28 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 11.28:
වරින් වර කෙල ගිල්ලේ නැතිනම් කෝච්චි එන්ජිමේ ඝෝෂාවත් නෑසී යනවා අඩු වායු ගෝලීය පීඩනයට කන් අගුල් වැටීම නිසා…

11.30 AM _12182013_ NikonCoolpixL22පෙරවරු 11.30:: මීටර් 1200ක් උසින්.

11.31 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.31:

11.32 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.32:

11.33.56AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.33: කෝච්චිය ඉහල නගින්න නගින්න අපේ බඩ ගින්නත් ඉහල නැග්ගා. අපි හිතපු විදියට කෝච්චියේ භෝජනාගාරයෙන් පිහිටක් ලැබුනේ නැත්තේ අවුරුද්දට ටෙන්ඩර් ඉවර වෙලා ඒක වහලා දාලා තිබුන නිසා. කෝච්චියට ආපු වෙළෙන්දොත් කෑම පාර්සල් ගෙනාවේ නෑ, ඉස්සො වඩේ, අඹ වගේ දේවල් ඇර.

11.34 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.34: හැටන් වලට ලඟාවෙමින්…

11.38 AM_12182013_Samsung Galaxy S5පෙරවරු 11.35:
හැටන් දුම්රිය ස්ථානයට ඇතුල් වෙද්දී කොළඹ සිට කිමී 175.6ක් දුර ගෙවා තිබූ දුම්රිය මුහුදු මට්ටමේ සිට මීටර් 1260 උසට නැග තිබුනා.

11.41 AM_12182013_Samsung Galaxy S5
පෙරවරු 11.37පෙරවරු
හැටන් දුම්රිය නැවතුම් පොල අප මගදී පසු කල හුඟක් නැවතුම් වලට වඩා විශාල එකක්.

11.30 AM_12182013_Samsung Galaxy S5
අර උඩ තියෙන හැටන් දුම්රියපොල දැකලා හිතේ කහටක් ඇතිවුනා නම්, කොහොමද ඊට විනාඩි කීපයකට කලින් දකින්න ලැබුන මේ දර්ශනය? අර සඟරා වල, පික්ච පෝස්ට් කාඩ් වල දකින පින්තූර වගේ නේ?

20140410181303

දුර පමණක් නොව උසද ගමනේ තීරණාත්මක සාධකයන් වීම බදුලු දුම්රිය ගමන ලංකාවේ වෙනත් දුම්රිය ගමන් වලට වඩා වෙනස් වන එකක් හේතුවක්. මුහුදු මට්ටමේ සිට උස සෑම දුම්රිය ස්ථානයකම නාම පුවරුවේ පතුලේ සටහන්කර තියෙනවා. අප පේරාදෙණියට ලඟාවන විට ගමනාරම්භ කල මීටර් 10.97 ක උසින් පිහිටි ගම්පහ දුම්රිය ස්ථානයේ සිට මීටර් 473.47ක් ඉහලට නැග තිබුනා.

කෙසේ හෝ පේරාදෙණිය දුම්රිය ස්ථානයේ නාම පුවරුවේ පෙන්වන්නේ එය මීටර් 476.38 ඉහලින් පිහිටි බවයි.

අප පේරාදෙණියේ සිට ක්‍රමයෙන් ඉහල නගිමින් ගෙලිඔය, ගම්පොල, තැඹිලිගල, උලපනේ, නාවලපිටිය, ඉඟුරු ඔය, ගල්බොඩ, වටවල, ඉහල වටවල, රොසැල්ල පසුකර හැටන් කරා ලඟා වනවිට අප නැග තිබූ උස මුහුදු මට්ටමේ සිට මීටර් 1262ක් වුනා.

ශ්‍රී ලංකා දුම්රිය මාර්ග ජාලයේ ඉහලම ස්ථානය උඩරට මාර්ගයේ අඹේවෙල සහ පට්ටිපොල අතර පිහිටි මුහුදු මට්ටමේ සිට මීටර් 1898ක් වූ ස්ථානයක්. ඒ නිසාම ගමනේ වඩාත් දැකුම් කලු ස්ථාන ඇත්තේ තවත් ඉදිරියේ.

ගමනාන්තයට වඩා ගමන රසවත් බව මම කිව්වේ ඒ නිසයි

මීලඟට: බදුලු කෝච්චිය. 4 කොටස. Great Western දක්වා..

Originally published @ HeyDude in English Language.

Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 



Originally published @ HeyDude in English Language.

 

ටැග: , , , , ,

8 responses to “154. බදුලු කෝච්චිය. 3 කොටස. හැටන් දක්වා.

  1. susantha kumara

    අප්‍රේල් 12, 2014 at 7:33 ප.ව.

    දැකපු ගමන් කියවගෙන ගියා එක හුස්මට, ඩූඩ්ලා පෝස්ට් වලින් බදුල්ලට යන්න කලින් මම බදුල්ලේ යනවාමයි කියලා හිතාගෙන මේ කියවන්නේ. දුක කියන්නේ මේක ලියන්නත් හරියට සිග්නල් නොවැටීමනේ, අපිට හැටන් ස්ටේසමේ ලොකු කාලයක් ඉන්න වෙන් නැති වෙයි නේද?

     
  2. hiruni

    අප්‍රේල් 12, 2014 at 10:27 ප.ව.

    ගොඩක් ලස්සන පෝස්ට් එකක් ඩුඩ්. (Y)….ෆෝටෝස් තරගයකට යවන්න පුලුවන්….කොහොමත් ඔය තුන් දෙනා ෆෝටෝස් ගන්න හරෛම දක්ශයිනේ….😀 .

    හහ් හහ් හහ් අර රෝස පාට බෝතලේ මල්ලි ලග තිබ්බට මල්ලිට කේන්ති යන්නත් ඇති…..😀

    හරිම ලස්සන තැන්…. තව ෆෝටෝස් ඉක්මනටම දාන්න ඩුඩ්…..:D

     
  3. wicharaka විචාරක

    අප්‍රේල් 12, 2014 at 11:18 ප.ව.

    ඉස්සරවෙලාම කියන්න ඕනේ පින්තූර ටික නියමෙනුත් නියමයි. ඔය පාරේ මම දුම්රිය ආරක්‍ෂක රාජකාරියේ යෙදුනේ 1987 කාලයේ. ඒ කාලේ හමුදා ආරක්‍ෂාව යතාතේ තමයි කෝච්චි දිව්වේ. කෝච්චි ඩැයිවර් උන්නැහේලා හරිම කැමතියි අපිව එන්ජින්න් එකට ගන්න. මොකද අපි අතේ අසීමිතව අහවල් එව්වා තියන නිසා. මම උඩරට මැණිකේ ඩ්‍රයිව් කරලා තියනවා නානුඔය බදුල්ල අතර කීප වතාවක්.

     
  4. පින්ග්කිරීම: temporary post | විනිවිද
  5. dilan

    මැයි 2, 2014 at 10:24 ප.ව.

    nice post..creative….

     
  6. ක්සැන්ඩර්

    මැයි 7, 2014 at 11:39 පෙ.ව.

    හෙන්රි එහෙනං ගෙලිඔය හරහා ගියා ඈ.. ඔව් ඔව් ,, මම ගෙලිඔයේ තමා. දැන් නම් ස්ටේෂන් එක වෙනස් වෙලා සෑහෙන්න. රේල්පාරවල් දෙකක් එක්ක ටිකක් ලොකු ස්ටේෂන් එකක්.🙂 මාවත් මතක් කලාට සතුටුයි..

     
    • ක්සැන්ඩර්

      මැයි 7, 2014 at 12:03 ප.ව.

      ඔය ගෙලි ඔය කියන එක හැදිලා තියෙන්නේ ගෙරි ඔය කියන එකේ ලොප් වීමක් නිසයි කියල මම අහල තියෙන්නේ. ඒ කියන්නේ මේ ඔය දිගේ (අද තියෙන්නේ ඇලක් කියන එක වෙනම කතාවක්. ඒත් මම පොඩි කාලේ වුනත් ඔය ඔතන ඔය විශාල එකක් කියල මතකයි.) හරක් මළකුණු ඇදිලා ඇවිල්ල රැඳී තිබිල තියනවා එක්තරා කාලයක. ගම්පොල වික්‍රමබාහු රජතුමා කොහෙද යනගමන් මෙතනින් යද්දී කිව්වලු මේ ගෙරි ඔයක් නොවෑ බොල කියල..

      ගෙලිඔයට මදක් එහා තියන කරමඩ ගම පහු කරද්දී රජ්ජුරුවෝ දැක්ක නිලමේ කෙනෙක් කුඹුරේ ඉඳල මඩ හෝදාගෙන ඇවිත් හිටියලු. ඒ මනුස්සයාට කරේ මඩ ටික හෝදන්න අමතක වෙලා. හා.. උඹ කර මඩ කළා නොවේද? කියල ඇහුවලු රජතුමා.. ඔන්න ගම කරමඩ..

      ඔහොම ගිහින් රජ්ජුරුවෝ ගමන ඉවර කරලා එද්දී ටිකක් එක තැනක විවේක අරගෙන. එතන තිබුණු ගලක ඉඳල දවුල්කාරයෝ තම්මැට්ටම් කාරයෝ දවල් කෑම කාල තියෙන්නේ. ඉතිං කාලා බීලා ඉවර වෙලා ටිකක් විවේක අරගෙන රජ්ජුරුවෝ ගමන පටන් ගත්තලු.. ඒ යනකොට දවුල්කාරයෝ නැතිලු පෙරහැරේ. දවුල්කාරයන්ට ටිකක් වැඩි වෙලා දවුල දාලා ඇවිත්.. කෝ බොල දවුල? කියල රජ්ජුරුවෝ ඇහුවාම දවුල් කාරයෝ කියල අනේ පස්වාන් දහසක් බුදුවන්න දේවයනි දවුල් ගලේ කියලා.. ඔන්න ඒ ගම දවුලගල..

      ගෙලිඔය ආසන්නයේ තිබුණු කුඹුරු එක්ක අපේ ගමේ ගොඩක් කුඹුරු තිබ්බා. ඒ කාලේ අඩහැර පාන ගොවියෝ, හීයක් කරන ගොවියෝ වගේම කමතේ රෑ එළිවෙනකන්ම් ගොයම් මඩවන කාලයක් තිබ්බා. මට මතකයි ඉස්සර සුද්දෝ පටවපු ලොකු බස් පාර අයිනේ නවත්තලා හීයක් කරන ගොවියෙක් ෆොටෝ ගන්නවා. ඒ මනුස්සයට කීයක් හරි මිට මොලවනවා..

      අද නම් කුඹුරු තියෙන්නේ උපරිම 10ක් විතර. ටවුම කිට්ටුව නං එකක් දෙකක්.. ඒවත් තියනවද දන්නේ නෑ. අද ගෙලිඔය නගරයක්. ඉස්සර ගමක්.. සුන්දර ගමක්..

       

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: