RSS

Monthly Archives: සැප්තැම්බර් 2015

169. මෙතෙක් කතාව සහ අද එතැන් සිට – තුන්වන (අවසාන)කොටස.


Promised Land: The Capital, Western Province, Parallel Universe.

පොරොන්දු දේශය, අගනුවර, බස්නාහිර පළාත, සමාන්තර විශ්වය.

ගොරවමින් කන්ද අදින බර වාහන පෙලින් බේරී පාර මැද සුදු ඉරට සමාන්තරව මෝටර් සයිකලය පදවන මම කන්දේ පහලට වේගයෙන් ධාවනය වන විරුද්ධ පැත්තේ තීරුවේ වාහන වැලේ හිදසක් තුලින් දකුණට හරවා පදික වේදිකාවටම නග්ගා වාහනය නතර කරනවා.

මේ කතාවෙ අගක් මුල නොතේරෙනවා නම් මෙන්න මුල් කොටස් දෙක.
166. මෙතෙක් කතාව සහ අද එතැන් සිට – පළමු කොටස
167. මෙතෙක් කතාව සහ අද එතැන් සිට – දෙවන කොටස

යකඩ ග්‍රිල් ගේට්‍ටුව තුලින් බලන ගේට්‍ටු මුරකරු මා දිහා බලන්නේ සැකමුසු බැල්මක්.

“මට ප්‍රින්සිපල්ගෙ ඔෆීස් එකට යන්න ඕනේ. මට මාරුවීමක් ලැබිලා තියෙන්නේ.” Read the rest of this entry »

 

ටැග: , ,

168. නමුත් ඔයා ගුරුවරයෙක් නෙවෙයි.


අද හැමෝම කියනවා මට නියමෙට චිත්‍ර අඳින්න පුලුවන් කියලා. ඔයාගෙ චිත්‍ර මම දැකලා තියෙනවා. ඇත්තෙන්ම ඒවා ලස්සන නෑ. හොඳ උත්සාහයක් කියලා කියන්න පුලුවන් වුනාට, ඒවා හොඳ නිර්මාණ කියලා කියන්න බෑ ඔයා මගෙ තාත්තා වුනත්. ඔයාගෙ චිත්‍ර මගෙ තරම් ලස්සන නැති වුනාට මාව චිත්‍ර ශිල්පියෙක් කලේ ඔයා කියලා ඔයා දන්නවද? Read the rest of this entry »

 

ටැග: , , ,

167. මෙතෙක් කතාව සහ අද එතැන් සිට – දෙවන කොටස.


අර පළවෙනි කොටසෙන් දැකපු සමනල් යොවුන් වියේ ප්‍රේම කතාවෙ ඉතුරු ටික අහන්න බලා හිටිය කෙනෙක් යම් බලාපොරොත්තු කඩ වීමකට භාජනය වුනානම් මට සමාවෙන්න ඕනෙ. ඒ කෙල්ල මම ඊට පස්සෙ කවදාවත් දැක්කේ නෑ. It’s a small world කියන්නේ පට්ට පල් බොරු කතාවක්.

දශක එකහමාරකට පමණ පසු.
God forsaken Country: (North) Eastern Zone, Parallel Universe
ශාපලත් දේශය, (උතුරු) නැගෙනහිර පළාත, සමාන්තර විශ්වය.

මම රංජියගෙ ප්‍රෙස් එකෙන් අපිටම අච්චු ගස්සවගෙන ආපු ගුරු ස්ථාන මාරු  ඉල්ලුම්පත්‍ර පන්සීයක් එක්ක ඔට්‍ටු වෙනවා.  ඉල්ලුම්පත්‍ර පන්සීයක් මොකටද කියන ප්‍රශ්ණෙට මට දෙන්න තියෙන උත්තරෙ අර පර්ෆියුම් ස්ප්‍රේ එක කලිසම ඇතුලට ගහගත්ත හේතුවම තමයි. බඩු ෂුවර්ම වෙන්න. මම ඉඳගෙන ලියනවා. හිටගෙන ලියනවා. මෙට්ටේ වැතිරිලා ලියනවා. සිමෙන්ති පොළොවේ වැතිරිලා ලියනවා. නිදිමරාගෙන ලියනවා.

අවුරුදු තුනකට දුෂ්කර සේවයෙ යෙදෙන්න ගිවිසුමක් අත්සන් කරලා ජීවිතේ හොඳම කාලෙ මේ නරකාදියෙ ගෙවන්න හිත හදාගෙන ආවට, අවුරුදු හයක් ගිහිල්ලත්  තවම මෙතන. Read the rest of this entry »

 
 

166. මෙතෙක් කතාව සහ අද එතැන් සිට


දශක කීපයකට පෙර දෙසැම්බර් මාසයේ එක්තරා ගිණි මද්දහනක:

මම ගේට්‍ටුවෙන් ඇතුල්වෙනකොට නිශ්ශංකයා සුදු කිට ගහලා සාලෙ ඉන්නවා මට පේනවා.

“යමං යමං,” මම ඌව කුලප්පු කරනවා.

විභාගෙ තියෙන්නේ හවස් වරුවෙ නිසා නිශ්ශංක කලින් කියලා තිබුනා මට උන්ගෙ ගෙදරට එන්න කියලා දෙන්නම එකට යන්න.

“ඔහොම හිටිං. හඩ්ඩෝ වගේ යන්නැතුව පොඩ්ඩක් සුවඳ ගගහ යං නේද බං? අද බස් එකේ විභාගෙට යන බඩු කෑලි හෙම ඉන්න පුලුවං. උන්ගෙ කරුමෙට හරි එකක් වැ‍ටුනොත් හෙම එපා කියන්ඩද,” කියන නිශ්ශංකයා මාත් ඇදගෙන නිදන කාමරේකට ඇතුල් වෙනවා.

“අද අම්මලා ගෙදර නෑ,” ඌ කියනවා.

දැවැන්ත කන්නාඩි මේසේ උඩ සලෝන් එකක්, නැතිනම් සුවඳ විළවුන් සාප්පුවක් වගේ. නැති දෙයක් නෑ. Pour Hommeද, Pour Femmeද කියලා බලන්න වෙලාවක් නෑ. නමුත් ඒවායින් සීයට අනූවක්ම කාන්තාවන්ට හදපු ඒවා (Pour Femme) බව තව බොහෝම ටික වේලාවකින් මට තේරෙනවා. දෙන්නම අතට අහුවෙන අහුවෙන විළවුන් බෝතල්වලින් ඉහගෙන ඉහගෙන යනවා. කොහොමටත් ජාති විස්සක් විතර කලවං වුනාම නිකං කල්පනාව එහෙමෙහෙ වෙන තරම් සුවඳක් එනවා. බඩු ෂුවර්ම වෙන්න මාපට ඇඟිල්ලෙන් කලිසමේ ඉණ එලියට පළල් කරන මම අන්තිම ස්ප්‍රේ කෑන් එකෙන් බර්ස්ට් එකක් ඇතුලට විදිනවා. Read the rest of this entry »

 
ප්‍රතිචාර 10

Posted by මත සැප්තැම්බර් 2, 2015 in මතක මාවත දිගේ, Down the memory lane

 

ටැග: