RSS

179. ඉබියතුරු ලෑ ආදරය – Lovelocked Padlocks – the Love Token Hardware – අප දු‍ටු රුසියාව 1

26 Jul

ගඟ දෙසට වැ‍ටුණු කැලෑ පාරේ ඇවිද යන අපේ පයට පෑගෙන අඩියක් ගැඹුරු හිම තට්‍ටුව චිරි බිරි හඬ නගනවා. ශීත සෘතුව සඳහාම නිමකල ඝන පාවහන් හා ඊට යටින් එක මත එක ඇඳ ඇති උණුසුම් මේස් කුට්ටම් දෙකම විනිවිද යන අනුකම්පා විරහිත දැඩි සීතල දෙපා හිරිවට්ටනවා. නැවුම් ශීත වාතය පෙනහලු රිදවනවා. අද වෙනදාට වඩා දීප්තියෙන් බබලන උදා හිරුගේ දුබල කිරණ , සෙල්සියස් අංශක සෘන හතක රුසියානු සිසිරය තුලින් ඇදී විත් උඩට හැරවූ මගේ මුහුණ මත උණුසුමක ඡායාවක් දනවනවා. වරින් වර කුඩා වුන් සේ පාර දෙපස ඇති ගස් සොලවන අපි අතුපතර ‍රැඳුනු හිම බිම හලා සතු‍ටු වෙනවා.

20150128_132720පාර දිගේ ඔහේ ඇවිද යන අප හතර දෙනාත් අපට නවාතැන් දුන් නයිජීරියානු ජාතික ගොඩ්විනුත් සතුටින් මේ ගම්බද පාරේ ඇවිද යනවා. අපේ පුතා හිරුෂ ඉතා සතුටින් පසුවන බව පේනවා.

20150128_125922

DSC_3075ගඟට ආසන්න වත්ම හිම තව තව ගැඹුරු වෙනවා. පාලමේ පඩි පෙල නැගගත් අප මිදී ගල්වූ ගංගාව දෙස නෙත් යොමනවා. 20150128_132130DSC_3078DSC_3084

DSC_3107ස්කී කරමින් පැමිණෙන සිහින් සුරූපි රුසියානු යුවතියක් මදකට නැවතී තරඟයෙන් පැරදුනු තම පෙම්වතා හොහිදැයි ආපසු හැරී බලනවා

දිය මිදුනු සුදෝ සුදු ගංගාව ඈතින් ඈතට විහිදෙනවා. මේ ලැබුනු අවස්තාව පැහැර නොහරින අපි පාලම මතත් අවටත් දසුන් ඡායාරූපයට නගනවා. DSC_3116

DSC_3110පාලම් ඇන්දේ ඇති ‘ලව්ලොක්ස්’, නැතිනම් ‘ලව් පැඩ්ලොක්ස්’ නැතිනම් ‘ආදරයේ ඉබ්බන්’ අපේ ඇස ගැටෙන්නෙ එවිටයි. පිත්තල, වානේ, මල නොබැ‍ඳෙන වානේ, චීනච්චට්ටි ආදී නොයෙකුත් ලෝහයෙන් සැදි එම ඉබ්බන් විවිධ හැඩයෙන්ද යුතුයි. අත වැදුනොත් හම ඇලී යන තරම් සීතල පාලමේ යකඩ ඇන්දට අගුලුලා ඇති හිමෙන් බාගෙට වැසුනු ඉන් සමහරක් ඇත්තටම හදවතේ හැඩයට හැදූ ඒවා.

DSC_3113

ලව්ලොක්ස්, නැතිනම් ලව් පැඩ්ලොක්ස් නැතිනම් ආදරයේ ඉබ්බන් ඇත්තෙන්ම සංකේතවත් කරන්නේ තම පෙම සු‍රැකීමේ අහිංසක බලාපොරොත්තුවෙන් ඒ ඉබ්බා පාලමේ ඇන්දට දමා අගුලුලා යතුර ගඟට විසි කර පෙම්වතුන් යුවලකගේ සදා නොවෙනස් ආදරය සහ එකිනෙකා කෙරෙහි වූ කැපවීමයි. බොහෝ පෙම්වතුන් මෙයින් නොනැවතී තම නම් හෝ මුල් අකුරු ඉබ්බාමත කොටා ඇති අයුරු දකින්න පුලුවන්. ආදරය සු‍රැකීමට එයට ඉබි යතුරු දා යතුර ගඟට විසි කිරීමට හැකි පාලම් ඇන්දක් මේ ඉබ්බන් සඳහා හොඳම රොමෑන්තික තැන යයි පෙනුනත්, පොදු දේපල වන ප්‍රසිද්ධ ස්ථානවල ඇති වැටවල්, ගේට්‍ටු පමණක් නොව, ඇතැම් විට ගස් පවා ඇතැම් පෙම්වතුන් ‍තෝරා ගන්නා ‘ලව්ස්කේප්ස්” Lovescapes නොහොත් පෙම් ඉබ්බන්ට කැපවූ පෙම්බිම් බවට පත් වෙලා තියෙනවා.

DSC_3111මේ පාලු හුදකලා පාලම මත අගුලුලෑ විවිධ පැහැයෙන් යුතු ආදර ඉබ්බන් දැක උද්දාමයට පත්වෙන අප විවිධ කෝණයන්ගෙන් ඒවා ඡායාරූප ගත කරනවා. ආදර ඉබ්බන්ගේ දසුනින්, බින්දුවට පහල ක‍ටුක රුසියානු සිසිරයේ දැඩි සීතල තුලිනුත් මගේ හදවත උණුසුම් වෙනු මට දැනෙනවා. මා මින් පසු වරින් වර කොටස් වශයෙන් ලිවීමට අදහස් කරන අපේ රුසියානු චාරිකාවේ අත්දැකීම් වලින් මුලින්ම ලිවීමට ලව්ලොක්ස් ‍තෝරාගන්නට ඒ උණුසුම් හැඟීමම මා පොළඹවනවා.

DSC_3115මා පසුව අන්තර්ජාලයේ කරක් ගසා සොයා ගන්නා පරිදි හැමදෙයක්ම චීනයට බැර කරන ඇතැමෙකුට අනුව මේ සිරිත චීනයෙන් ආරම්භ වූ එකක්. නමුත් වෙනත් මත දරන බොහෝ දෙනෙකුට අනුව මේ චාරිත්‍රය ඇරඹුනේ මීට අවුරුදු සියයකට පමණ පෙර පළවෙනි ලෝක සංග්‍රාම සමයේ නැගෙනහිර යුරෝපයේ සර්බියාවේ ආදර පාලම Bridge of Love (Most Ljubavi) මතිනුයි. යොවුන් පෙම්යුවලක්වූ නාදා (Nada) සහ රෙල්යා (Relja) මේ සර්බියානු ගඟ මතින් ඉදිවුනු සර්බියානු පාලම මත මුණගැසීමට පුරුදුව සිටියා. ඒ පාළම අප මේ සිටිනා රුසියානු පාළමට වඩා කුඩා එකක්.

20150128_132245හැම දේම උඩුකුරු යටිකුරු වන්නේ සර්බියානු හමුදා නිලධාරියකු වන රෙල්යාට පාසැල් ගුරුවරියක වූ සිය පෙම්බරිය වූ නාදා හැරදමා ග්‍රීසියේ යුද බිමට යාමට කැඳවුම් ලැබුන විටයි. ග්‍රීසියේ කෝර්ෆු දිවයිනේදී මුණගැසෙන මේ අනිත් ගැහැණියට වසඟවන රෙල්යා, ඔහු එනතෙක් ගමේ බලා සිටිනා නාදාට ද්‍රෝහි වෙනවා. අදහාගත නොහැකි මේ පුවතින් සසල වන ඈ ඒ වේදනාවෙන්ම මියයනවා.

නාදා ගේ මරණයෙක් කම්පාවට පත්වන ඒ ගමේ (Vrnjačka Banja) සෙසු පෙම්වතියෝ තම තමන්ගේ ප්‍රේම කතාවන්ටත් මෙවන් විපතක් අත්වනු නොවනු පිණිස අලුත් දෙයක් කරනවා. තමාගේත්, තමාගේ පෙම්වතාගේත් නම් කෙටූ ඉබ්බන්, නාදාත් රෙල්යාත් මුණගැසුනු පාලමේ ඇඳි වලට දමා අගුල්ලන ඔවුන් යතුර පහලින ගලායන දියපහරට විසිකරන්නේ තම ප්‍රේමය අගුලුලා ආරක්ෂා කරගැනීමට හැකිවේවායි යන අහිංසක විශ්වාසයෙන්. එසේම එතුවක් අප්‍රසිද්ධව පැවති සර්බියානු පාලම ආදර පාලම Bridge of Love (Most Ljubavi) යයි විරුදාවලී ලබනවා.
DSC_3089යුරෝපය හරහා ලැව් ගින්නක් සේ පැතිර යන මේ පැතිර යන ඉබි පඬුරු චාරිත්‍රය නොබෝ කලකින්ම පළාත් පාලන ආයතනවලට හිසරදයක් බවට පත්වෙනවා. දහස් ගණනින් පාලම් ඇඳිවල අගුලු වැටෙන ඉබ්බන්ගේ බර දරාගත් නොහැකි පාලම් ඇඳි නිසා, වරින් වර ඒවා ඉවත් කිරීමේ අමතර වගකීමද පැටවෙන්නේ නගර සභාවලට ඇතැම් විට ඒවා ඉවත් කිරීමට නොහැකි නිසා වෙල්ඩිංකටර්, ග්‍රයින්ඩර යොදා පාලම් ඇන්දේ කොටස් කපා ඉවත් කිරීමටත් සිදුවෙනවා. උදාහරණයක් ලෙස මෙය පැරිසියේ Pont des Arts හි සිදුවූ බව වාර්තාවෙනවා. (Paris ends relationship with ‘love locks’ removing padlocks from the Pont des Arts /)

නමුත් ඉබි පඬුරු නොහොත් ලව්ලොක්ස් හුදෙක් කැළි කසල වසංගතයක් හෝ, පොදු දේපළ හානි කිරීමක් හෝ ලෙස නොදු‍ටු, සාම්ප්‍රදායික සීමාවෙන් ඔබ්බට සිතීමේ බුද්ධිය තිබූ ඇතැම් පළාත් පාලන ආයතන, ඒවා සංචාරකයන් ආකර්ශනය කරගන්නා සැඟවුණු ආශිර්වාදයක් බවට පත් කර ගන්නවා. දෙදාස් ගනන්වල මුල පටන් යුරෝපය හරහා හමාගිය ලව්ලොක් මාරුතය මේ වනවිට සියලුම යුරෝපීය අගනගර ආක්‍රමණය කර ඇති බව දකින්න පුලුවන්.

ඉතාලි ජාතික ලේඛක Federico Moccia විසින් 2006 වසරේ රචිත තරුණ හදවත් වසඟ කල “I WANT YOU” නවකතාව හා ඉන් වසරකට පසු එම කතාවම පාදක කරගෙන බිහිවූ චිත්‍රපටයෙන් ඇතිවූ බලපෑම නිසා ඉතාලියේ රෝම නගරයේ Ponte Milvio පාලමේ ඇඳි ලව්ලොක්ස් වලින් වැසී යනවා.

ඉතාලියෙ වාසය කරන අපේ හිතවත් පත්තර මල්ලි එව්ව පින්තූර වලින් පාලමේ පෙම් ඉබ්බන්ගෙ පින්තූර දෙකක් මේ. සියලුම පින්තූර සඳහා මෙතනින්.

DSC_3102

DSC_3108හිමෙන් වැසුනු එහා ගං ඉවුර ඔස්සේ තව දුරටත් සක්මන් කරමින් කල් ගත කරන අපි, ආපසු මහ පාර දෙසට ඇවිද එනවා. අප මේ කල් මරන්නේ මේ ගඟට දෙසට වැටී ඇති පාරේ මුල හරියේ පිහිටා ඇති Paintball ක්‍රීඩාගාරය විවෘත කරන තුරුයි.

DSC_3118අප දෙසට ධාවනය වෙන එන්ජිමේ උණුසුම ‍රැක ගැනීමට රේඩියේටර් දැල් කවුලුව ආවරණය කල කබල් ට්‍රක් රථයේ ගමන් ගන්නා මිත්‍රශීලී රුසියානුවන් දෙදෙනා හෙලෝ හෙලෝ යයි කෑගසමින් අපට ආචාර කරනවා. අප සමග සිනාසී කතා කරන තවත් රුසියානුවෙක් රුසියානු සිසිර සෘතුවට අප කැමතිදැයි රුසියන් බසින් විමසනවා. අපේ දියණිය එය පරිවර්තනය කරනවා. ස්පසීබෝ, දා ස්විදානියා මම මගේ ඉතාම දුප්පත් රුසියානු වාග්මාලාවෙන් පිළිතුරු දෙනවා

20150128_133317ඇත්තෙන්ම මෙහි ඒමට පෙර මා තුල තිබූ රුසියානුවන් යනු බුම්මාගත් උද්දච්ච ජාතියකැයි තිබූ හැඟීම දැන් දැන් කෙමෙක් වෙනස් වෙමින් පවතිනවා. එහි ඇත්තක් නැත්තෙමත් නැතුව ඇති. නමුත් අඩු ගානෙ අදනම් හම්බවෙන්නෙ එහෙම රුසියානුවන් නොවේ යයි මට හිතනවා.

පලි: මගේ බ්ලොග් සටහනට අනුන්ගේ ඡායාරූප යොදන්න මම අකමැතිනිසා මම ඉන් වැලකී සිටියත්, ඔබ lovelocks, love padlocks, The Bridge Of Love වැසි දේ ගූග්ල් කරොත් ඔබට මෙවනි ඉබ්බන් ටොන් ගනනක් එල්ලුනු පාලම් ඇඳි, ඒවා පාලම් ඇඳි පිටින්ම ඉවත් කරන ආකාරය, හා මේ පෙම් යුවලගැනත් තව විස්තර පින්තූරවලින් හා ලිපිවලින් සොයා ගැනීමට හැකිවේවි.

DSC_3090

Originally Published in Hey Dude as Lovelocked Padlocks – the Love Token Hardware – The Russia We Saw – 1 and මගේ ඩෙනිම

 
ප්‍රතිචාර 10

Posted by මත ජූලි 26, 2016 in Uncategorized

 

10 responses to “179. ඉබියතුරු ලෑ ආදරය – Lovelocked Padlocks – the Love Token Hardware – අප දු‍ටු රුසියාව 1

  1. Ajith Dharma

    ජූලි 26, 2016 at 6:58 ප.ව.

    රුසියානුවන් කොහොමත් උද්ධචච නැහැ. මාත් අවුරුදු ගන්නක ජිවත් වුනානේ. හෙට අනිද්දා ආයේ යනවා. ඇවිදලා එන්න. පිටර්ස්බර්ග් හා මොස්කව්

     
  2. Nimna

    ජූලි 27, 2016 at 5:42 පෙ.ව.

    Snow Man කෙනෙක් හැදුවේ නැද්ද?

     
  3. වයලීනෝ

    ජූලි 27, 2016 at 8:29 පෙ.ව.

    මේ ගෑණු ළමයින්ගේ කටවල් වලට ඉබ්බෝ දාන තැනක් එහෙම දන්නේ නැද්ද ඒ පැත්තෙවත් ?

     
    • henryblogwalker

      ජූලි 27, 2016 at 8:45 පෙ.ව.

      ඉයර් ප්ලග් විකුණන තැනක් නම් දන්නවා. අර එයාපෝට් එකේ වැඩ කරන උන් දාන ඉයර්මෆ්ස් දෙකක් හොයාගත්තානම් වැඩේ ගොඩ වයලීනෝ.

       
  4. amilac2014

    ජූලි 27, 2016 at 7:37 ප.ව.

    මෙහෙ විසික් කලානම් සෙට් එකක් වෙනම ඉදීවි ගගෙන් යතුරු හොයන් ඉබ්බො ටික හොරකන් කරගෙන යන්න..

     
    • henryblogwalker

      ජූලි 27, 2016 at 7:51 ප.ව.

      ඔය වගෙම කතාවක් කියලාතිබ්බා මේ කතාවමගේ ඩෙනිමෙ ගියාම මියුරු. මෙන්න ඒ කෑල්ල:

      >>මොකදෝ මන්දා අර ආදර ඉබ්බො අගුල්ලාපු අය ගැන මට නම් පව් කියලමයි හිතෙන්නෙ… දැන් ඔන්න මේක බලලා ලංකාවෙත් ඉබ්බො එල්ලන්න පටන් ගත්තොත් ඔන්න උඹ තමයි වග කියන්න ඕන… හැබැයි අපේ රටේ කෙරුවොත් නම් ආණ්ඩුවෙන් ඕව අයින් කරන්න ඉතුරු කරන එකක් නෑ මං හිතන්නෙ… පරණ යකඩවලට, සමහරුන්ගෙ දොරවල්වලට, ඒක එල්ලපු එකා ඊළඟට වෙන එකෙක් හරි එකියක් හරි එක්ක එනකොට ඌටම විකුනන්න අපූරුවට අරන් යයි… <<

       
  5. විචාරක Wicharaka

    ජූලි 29, 2016 at 10:15 ප.ව.

    මලේ, මොකෑ මේකට දාලා තියන පින්තූරේ, අපේ බොග් රෝලේ පළලයි, සින්ඩිකේටර්වල පිටුවේ පළලයි ඉක්මවා යන්නේ?

     
    • henryblogwalker

      ජූලි 29, 2016 at 10:36 ප.ව.

      විචාරක ඒක අද තියෙන වර්ඩ්ප්‍රෙස් අවුලක්. මම ඒ නිසා ඒ featured image එකත් අයින් කරලා තියෙන්නෙ. හෙට වෙනකොට හරියයි.

       

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

Google+ photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Google+ ගිණුම හරහා ය. පිට වන්න / වෙනස් කරන්න )

 
%d bloggers like this: