RSS

Category Archives: Uncategorized

182.ටොම්පච, කෙබර, බේගල් සහ පම්පෝරි


vwbsaපොඩි උන්ගෙ සාක්කියක් උසාවියෙදි පවා පිළිගන්නවා කියලා මම අහලා තියෙනවා. ඒ නීතිය නම් හදලා තියෙන්නෙ පොඩි උන් කෙලින බොරු ගැන නොදන්න බක පණ්ඩිතයෙක් වෙන්න ඕනෙ. පොඩි උන් කියන සමහර ටොම්පච කොච්චර පුම්බලද කිව්වොත් ඒවට හිනා නොවී ඉන්න එක්කෝ ඕනෙම බොරුවකට අහුවෙන අමුම අමු මැට්ටෙක් වෙන්න ඕනෙ. නැතිනං, ඉතාම හොඳ වෙනත් හේතුවක් තියෙන්න ඕනෙ. පොඩි කාලෙ අපි අතෑරපු ටොම් පච කීපයක් මට තවම මතකයි. Read the rest of this entry »

 

ටැග:

179. ඉබියතුරු ලෑ ආදරය – Lovelocked Padlocks – the Love Token Hardware – අප දු‍ටු රුසියාව 1


ගඟ දෙසට වැ‍ටුණු කැලෑ පාරේ ඇවිද යන අපේ පයට පෑගෙන අඩියක් ගැඹුරු හිම තට්‍ටුව චිරි බිරි හඬ නගනවා. ශීත සෘතුව සඳහාම නිමකල ඝන පාවහන් හා ඊට යටින් එක මත එක ඇඳ ඇති උණුසුම් මේස් කුට්ටම් දෙකම විනිවිද යන අනුකම්පා විරහිත දැඩි සීතල දෙපා හිරිවට්ටනවා. නැවුම් ශීත වාතය පෙනහලු රිදවනවා. අද වෙනදාට වඩා දීප්තියෙන් බබලන උදා හිරුගේ දුබල කිරණ , සෙල්සියස් අංශක සෘන හතක රුසියානු සිසිරය තුලින් ඇදී විත් උඩට හැරවූ මගේ මුහුණ මත උණුසුමක ඡායාවක් දනවනවා. වරින් වර කුඩා වුන් සේ පාර දෙපස ඇති ගස් සොලවන අපි අතුපතර ‍රැඳුනු හිම බිම හලා සතු‍ටු වෙනවා. Read the rest of this entry »

 
ප්‍රතිචාර 10

Posted by මත ජූලි 26, 2016 in Uncategorized

 

178. මීටරේ ගැන මොනලොග් එකක්.


20160702_124057255b1255d

සිරාවටම හොල්මං වෙනව ඕයි.

ඉතිං මං කියන්ඩ ගියේ මොකද්ද? ආහ්, අපි  ඔය හොලිවුඩ් මූවීස් ටෙලි සීරීස් බලනවනෙ. විසේසෙංම ඔය ඇක්ෂන් ඒවා, ඔය කොප්, ඩිටෙක්ටිව්, ක්‍රයිම් වගේ ඒවා බලනකොට මම නිතරම හොල්මං වෙන දෙයක් තමයි මචං,  ඒවයෙ චරිතවලට තියෙන මේ පුදුමාකාර මතකෙ.

ඒ මොකෝ කියන්නේ? උඹලා දැකලා තියෙනවද ඕවයෙ චරිත කොයි වෙලාවකවත් ඔය ෆෝන් නම්බර් එකක්, පාස්වර්ඩ් එකක් , දෙපාරක් කියනවා? යකෝ එකම-එක පාරනෙ කියන්ඩෝනෙ.   ඒකට මං. මට නම් ෆෝන් නම්බර් මතක තියා ගන්න බෑ මේ සම්මජ්ජාතියෙදි එක පාරක් අහලා නම්.

අමාරුවෙන් මතක තියාගෙන ඉන්න එකක් හරි මතක තියාගෙන ඉන්න රිද්ම් එක පොඩ්ඩක් වෙනස් වෙච්ච ගමන් අඤ්ඤකොරොස්. මම අපේ ගෙදර  ෆෝන් නම්බර් එක මතක තියාගෙන හිටියෙ මෙන්න මෙහෙම තුනෙන් තුනට. 011 2 (හරි ඒ කෑල්ල ඕන්නෑ කියමුකො) 123 456. මේක ඔලුවෙ තියාගෙන ඉන්නෙත් ඉංගිරිස් වලින්.  කවුරු හරි සිංහලෙන් ඇහුවොත් ටිකක් වෙලා යනවා හරවන්න. Read the rest of this entry »

 
ප්‍රතිචාර 4

Posted by මත ජූලි 2, 2016 in Uncategorized

 

177. අසිහිය / PIT STOPS ON THE HIGHWAY


how to remove spark plug

Never Leave Home Without Them!

ටූටී ඉවර බව හඟවන රතු එලිය පත්තු වෙන්න ගත්තේ කිලෝ මීටර් පහකට විතර කලින්. අනතුරු හැඟවීමට රතු එලියක් නැතුවත් ටැංකියේ පෙට්‍රල් මට්ටමත්, ඒ වගේම සාක්කුවේ සල්ලි මට්ටමත් අති භයංකාර විදියට පල්ලම් බැස ඇති බව මම දැනගෙනයි හිටියේ. ඊ ලඟ පඩි දිනයට කිට්‍ටුව අතේ සතේ නැතුව යන එක, සේවයට සරිලන වැ‍ටුපක් නොලැබෙන අපි වගේ රටවල සාමාන්‍ය දෙයක්.

මගේ කුඩා Yamaha RD50SP මෝටර් සයිකලය ගිරාඳුරු කෝට්ටේ ඉන්ධන පිරවුම් හලට හරවා. කහපාට පෙට්‍රල් පොම්පය ලඟ නවත්තපු මම පෙට්‍රල් වලට අමතරව ටූටී ලීටරයකුත් ඉල්ලුවා. පොම්ප ක්‍රියාකරු ටූටී බෝතලයක් ගේන්න තව සගයෙකුට පැවරුවා. මම ටූටී වලට කලින්ම මුදල් ගෙවලා හිටියා. Read the rest of this entry »

 

176. තිලකසිතෙන් බිහිවුන කෙටිම කෙටිකතා සංග්‍රහය.


හැඳින්වීම

තිලකසිතේ පළවුනු පළතුරු ගෝනිය හා තිබොල්කැටිය ඉස්කෝලේ -සමන් මතක 2 බ්ලොග් සටහනේ තිබුණු මේ කොටස තමයි මගේ මේ සටහනේ inspiration එක

‘ බලපන් ඔය සුපර් මාර්කට් වල ඇවිදින වැඩිහිටි පිරිමි විශේෂයෙන් ලංකාවේ හා ඉන්දියාවේ උන්. උන් බලන්නෙම දරුවන්ට හෝ ගෑනුන්ට සුදුසු යමක්. රස කැවිල්ල්ලක්, සෙල්ලම් බඩුවක්, සෙන්ට් කුප්පියක්  දැක්කොත් නතර වෙලා බලනවා. උන් ජීවත් වෙන්නෙම දරු පවුල වෙනුවෙන්. මේ ඉන්න දුෂ්කර  කාලෙත් උන් තමන්ට කියල කිසි දෙයක් ගන්නේ නෑ ‘

Read the rest of this entry »

 

173.මඩ-3 (අවසාන කොටස)


අපි ප‍ටුමගේ ඉඳං පාරෙ එහා පැත්තේ ගොඩනැගිලි අධ්‍යයනය කරනවා.

අතට ලැබිච්ච දේ කටට දාගන්න පින නැති හැටි!

තාත්තයි මායි මෙතන හිටගෙන මොකද කරන්නේ කියලා නොදන්න අයට මෙන්න
පළවෙනි කොටස
දෙවෙනි කොටස.

මම ඇත්තටම හිතුවේ වැඩේ ලේසියෙන්ම ගොඩ දාගන්න හැකි වෙයි කියලයි. අපි මෙච්චර කට්ටක් කාගෙන මෙතනටම ඇවිත් වැඩේ අතෑරලා දාන්න වෙන්නද මේ යන්නේ? Read the rest of this entry »

 

172.මඩ-2


20160208_215027

Christopher Atkins from Blue Lagoon

“ඩාං”

(“ඩාං” ගාන සද්දෙ  මොකක්ද කියලා හරියටම දැනගන්න කියවන්න මඩ පළමුවෙනි කොටස.)

“තාත්තේ” මම තාත්තගේ උරහිසට අතක් තියලා කතා කරනවා.

“මොකද?” තාත්තා කෙඳිරි ගානවා.

“තාත්තේ, ඔයාගෙ ඔලුවට ඔහොම කරන එක හොඳ මදි නේද?” Read the rest of this entry »

 

171.මඩ


20151218_123558

මම උපන් ඇඳුමෙන්.

මාව කට කට ගාලා වෙව්ලනවා.

ඒ ගමන්ම මම පිටිපස්සෙ දොරට පුලුවන් තරම් හයියෙන් තඩිබාන ගමන්.

“තාත්තේ, තාත්තේ, මේ දොර අරින්ඩෝ!”

මම දොරේ අණ්ඩ අල්ලලා හැකි වෙර දාලා පහලට කරකවලා තල්ලු කරන්න හදනවා. නමුත් වැඩක් නෑ.

මට එලියට එන්න කලින් දොරේ ඩෙඩ් බෝල්ට් එක ඉබේ ලොක් නොවෙන්න දාන්න තියෙන පෙත්ත උඩට දාන්න අමතක වුනා මම හිතන්නේ. දැන් මොකද කරන්නේ. ගෙට ඇතුල් වෙන්න වෙන ක්‍රමයක් නෑ. හැම ජනේලෙකටම ග්‍රිල් හයි කරලා.  ඉස්සරහ දොරට, මීටත් වඩා ෆුල්ම සිරා, මේ සම්මජ්ජාතියෙදි මෙලෝ යකෙකුට එලියෙන් අරින්න බැරි  ජාතියේ ඩෙඩ් බෝල්ට් එකක් හයි කරලා තියෙන්නේ. Read the rest of this entry »

 

170.දෙන්නම අධ්‍යක්ෂලා.


229316_4720390497690_1939673819_n

මේසෙ උඩ තිබුන පුංචි කාඩ්බෝඩ් පැකට් එක දිහා මම බැලුවේ කුතුහලයෙන් ඇස් පුංචි කරලා. මේ මොකක්ද යකෝ මේ? ඒක අතට ගත්ත මම ලේබලය කියෙව්වා. Engine Oil Temperature Guage. සීල් එකත් කඩලා. පෙට්ටිය ඇරපු මම ඇතුලෙ තිබුන භාණ්ඩය එලියට ගත්තා. අලුත්ම අලුත්. මේක කොහෙන්ද මේසේ උඩට ආවේ? මම ගිය අවුරුද්දේ නිවාඩුවට අලුත් එකක් දැම්මානම් මේ පෙට්ටිය ඇතුලෙ තියෙන්න ඕනෙ කලුතෙල් ගෑවුන වාහනෙන් ගලවපු පරණ කෑල්ල. එහෙමනම් ඒක මේසෙ උඩ තියෙන්නේ මොකද?

Read the rest of this entry »

 

130. මාලු කඩේ කතාවක්. At the Fish Market

130. මාලු කඩේ කතාවක්. At the Fish Market

ඒ මම කොට අදින ඉස්කෝලෙ උගන්නන කාලේ. චිත්‍ර ඉගැන්නුවෙ නාලන්ද කියලා අනවර්ත නාමයක් තිබ්බ බුවෙක්. නේරු කිව්වම සරනේරුද කියලා අහන්නෙ පොර තමයි. මියුරල් හෙම ලෙසටම කරනවා. ඔන්න ඉස්කෝලෙ බිත්තියෙත් එකක් කරල තියෙනව මම දැක්කා ගිය වෙලාවක.

මොකක්දෝ දානෙකට මාලු ගන්න, පොර තව බුවෙක් එක්ක ගිහින් පට්ට පාන්දර මාලු මාකට් එකට. (කොයි එකටද කියලා අහන්න එපා, කියන්නෙ නෑ) බලන බලන පැත්තෙ ඉන්නෙ මරුමුස් ඩයල් හින්දා, අපේ ඩයල් දෙක කිට්ටු කලාලු රෙද්දයි හැට්ටෙයි ඇඳපු, තරබාරු, මාලු විකුනන අක්කා කෙනෙක් ලඟට.

ඉතින් කට රතුවෙන්න බුලත් විටක් අඹරමින් හිටි පුෂ්ඨිමත් අක්කා මුන්ව දැක්ක ගමන්, ‘පෲස්’ ගාලා රතු බුලත් කෙළ පාරක් කානුවට විදලා , ගොරෝසු හඬින්,

“ආ එන්න එන්න මහත්තයා..එන්න, එන්න,” කියලා වෙල්කම් කරලා ලෑල්ලෙ ඉන්න මාලු ගැන ගුණ කථනයකුත් කලාලු.

නාලන්දයත් කතාව අහගෙන ඉඳලා එක මාලුවෙක් පෙන්නලා , “මේක කපලා දෙන්නකො,” කිව්වලු.

අක්කත් ‘චට-පට’ ගාල ඇඟිලි ඇට කඩලා, පිහිය ‘චාස්-චාස්’ ගාලා ගලේ උලලා, දෙන්න පටන් ගත්තලු ගේම.

ඔහොම කපාගෙන කපාගෙන යනකොට කට්ටක් අහුවෙලා.

අක්ක පිහිය උඩටම උස්සලා චකාස් ගාල කොටන්න හදන කොටම… කොහොමද මේක කියන්නෙ…? ම්ම්ම්? , අර හිර හැට්ටෙ යටින් පැන්නලුනෙ ඒ පැත්තෙ රණ තිසරා එලියට!

fishmarket

නාලන්දයටයි, අනිත් එකාටයි, කරගන්න දෙයක් නැතුව නන්නත්තාර වෙලා, සීන් එක නොදැක්ක වගෙ ඇඹරි ඇඹරි ඉන්නවලු හරියට ගලේ පහරපු බළල්ලු දෙන්න වගෙ . වැරදිලාවත් ‘හිකිස්’ ගෑවුනොත් හෙම ඉතින් සොරි ඩොට් කොම් තමයිනේ.

දැන් මාලු අක්ක එහෙමම අත් දෙක බාගෙට උස්සගෙන. අත් දෙකේම මාලු ලේ, එක අතක් පිහිය!

අපේ ඩයල් දෙක අක්කා දිහා නොබලා වෙන හැම දිහාම බලනවලු. අක්කගේ ලෑල්ලේ තියෙන අනිත් මාලු, අනිත් ලෑලිවල තියෙන මාලු, ඒ මාලු වෙලෙන්දො ඒ අනිත් මාලු විකුණන හැටි, තව වෙළෙන්දෙක් පිහිය මුවත් තියන හැටි, කාක්කෝ ඇවිත් උදේම කරව් කරන දිහා, අනිත් මාලු ලෑලි වලට මාලු ගන්න ඇවිත් ඉන්න මිනිස්සු, දිහා ඔය වගේ මාලු වෙලඳ පොළකට අදාල සියළුම දර්ශණ.

අක්ක ටිකක් වෙලා බලං ඉඳලා කිව්වලු,

“මේ මහත්තයො මේ, බල බල ඉඳල හරියන්නේ නෑ. තරහ නැතුව මෙන්න මේක ඇතුලට ඔබනවද මේ වැඩේ ඉවරයක් කරන්න ඕනෙ නම්,” කියලා.

ඉතින් ඌ එහෙම කලාද නැද්ද කියන එක මෙතනට අදාල නැහැ. අනික ඌ අපිට ඕක කිව්වෙ ඌට නෙවෙයි වෙන ඩයල් එකකට වෙච්ච කතාවක් හැටියට. මට නං ඕක විස්වාස නෑ. හරියට මේක මට වෙච්ච දෙයක් නෙවෙයි කියන එක උඹලට විස්වාස නෑ වගේ.

කවුරු හරි කියනවනම් ඕක තමන්ටයි වුනේ කියලා, දාන්න කමෙන්ට් එකක්, අනේ කිසි ප්‍රශ්ණයක් නෑ. නාලන්දයත් නිර්දෝශි වෙනව.

දෙන්න හඬ – මෙන්න ඉඩ.

ඔය කියන දවසෙම මාලු ටිකත් අරන් මාකට් එකෙන් එලියට ආපු හීන්දෑරි පොරවල් දෙකක් හිනාවෙලා හිනාවෙලා තව පොඩ්ඩෙන් ඉල ඇට කීපෙකුත් කැඩිලා, හකු දෙකකුත් පැන්නා කියලයි ආරංචිය

ප.ලි: මේක උඹට තමයි වුනේ යන ප්‍රකාශය හුදෙක් යල් පැනගිය පිළුණු වූ විහිලුවක් ලෙස සලකනු ලබන බව කරුණාවෙන් සලකන්න.

මෙය මට හිතෙන හැටි බ්ලොග් අඩවිය සඳහා ලියූවක් වුවත්, මුල් වරට අන්තිම පේලියේ (The Last Row) මවිසින් පළ කල කතාවක් බව කරුණාවෙන් සලකන්න.

 
ප්‍රතිචාර 4

Posted by මත මැයි 13, 2013 in Uncategorized