RSS

50. රයිස් ඇන් කරි කමු නේද මචංලා? මොකද උඹලා කියන්නෙ?

22 පෙබ

කමල් මගෙ මෙකැනික් සුගත්ගෙ ගරාජ් එකේ ටින්කර් වැඩකරන බුවා. මම නිවාඩුවට ගියාම අනිවාර්යයෙන්ම යන තැනක් තමයි සුගත්ගෙ ගරාජ් එක. මේ සුගත් ඇත්තටම හොඳ වැඩ කාරයෙක්. මාව ගොඩ දාලා තියෙනවා අනන්ත. මම ෆෝන් එකෙන් විස්තරේ කියනකොට අහන් ඉඳලා හරියටම රෝගයත් විනිශ්චය කරලා කියනවා, “අරන් එන්නකො මහත්තයෝ”, කියලා. හරියටම හරි තමයි.

සාමාන්‍යෙන් එතන යන්නෙම 18+ භාෂාව සහ කතන්දර නිසා මම චූටි පුතා එක්ක යනවට සුගත්වත් කැමති නෑ. මේ කතාව ඊට වැඩිය වෙනස්. ඒ කියන්නෙ එතන කියවුනු කතාවලින් ප්‍රසිද්ධියේ කියන්න පුලුවන් එකක්.

මේ සුගත් මගෙ බ්‍රේක් පෑඩ් හයි කරනවා.

මේක වෙලා තියෙන්නෙ කමල් කලින් වැඩ කරපු ඈත ඩොටේ ඩොට් කොම් පළාතක ගරාජ් එකක.

ගරාජ් වැඩ කියන්නෙ ඉතින් ඇඟට දැනෙන වැඩ හන්දා හුඟාක් කශ්ටිය හවසට දෙකක් ඇන ගන්නවනෙ. ඉතින් පඩි දවසට කන සාක්කුවෙ. එක දවසක ගැන්සියම මද පමනින් ස්ටෙලා වෙලා ගිහිල්ලා නගරේ රෙස්ටොරන්ට් එකකට කන්න. එක පොරකගෙ, අපි කියමු පාලිත කියලා, නියම නමයි ගම් පළාතයි නොකියා, ඔන්න කන සාකුවට වැටෙන්නෙ ඔන්න මෙන්න(ලු). දැන් ගැන්සියම මේසයක් වටේ ඉඳගෙන ඕඩර් කරන්න(ලු) ලෑස්තිය.

“මොනවද මචං කන්නෙ?”

“මොනවද ඉතිං තියෙන්නෙ බලපංකො ඉස්සෙල්ලා”

ඔන්න එතකොට වේටරුත් ඇවිත්.

“මොනවද මල්ලි තියෙන්නෙ කන්න?”

“රයිස් ඇන් කරි තියෙනවා, ෆ්‍රයිඩ් රයිස් තියෙනවා, තව…”

“ඒයි රයිස් ඇන් කරි කමු නේද? මොකද උඹලා කියන්නෙ?”

හැමෝම අත උස්සලා සභා සම්මත කරගත්තත් පාලිතයා සද්දයක් නෑ(ලු).

“අඩෝ, උඹ මොකද කියන්නෙ?”

“මට කන්න බෑ බං. උඹලා කාපල්ල කියලා.” මූ සිගරට් එකක් පත්තු කරගත්ත(ලු).

“මූට වැඩියි තමයි මචං එක්කො ඔහොම හිටියාවෙ. නැත්තම් කබ්බ සෙට් වෙන්න පුලුවන්.” කියලා කමලුත් කිව්ව(ලු).

පස්සෙ ඔන්න කශ්ටියම, ඒ කියන්නෙ පාලිතයා හැර, බත් කනව(ලු),

ඔන්න මේක ඇන්දෙ ග්‍රැ‍ෆික් ටැබ්ලට් අහවල් එකෙන්.ඔය චරිතෙ නම් මෙහෙම වෙන්න ඇති කියලා හිතලා ඇන්දෙ. දැකලා නෙවෙයි.

පාලිතයා කිර කිර ඉඳලා හදිසියෙම කන සාකුවෙන් එලියට අරගෙන වටපිට බැලුව(ලු). එතකොට අනිත් උන් කාල ඉවර වෙන්නත් ලඟයි(ලු).

මූ එකපාරටම කියනව(ලු).

“අඩෝ, රයිස් කියන්නෙ බත් කියලා දන්නවනං මාත් ටිකක් කනව ඩෝ”

මේකට අඬන්නද හිනාවෙන්නද කියලා හිතාගන්න මට ටිකක් වෙලා ගියා.

ප.ලි.: මෙන්න මේ අහිංසකයො හතර දෙනාගෙ පාත්තරේට තමයි ඔය වෙනී හෙනහුරා වැටිලා තියෙන්නෙ. අර ලම්ප් රයිස් මඩ කතාව කොච්චර අසාධාරණද බලන්න!

 

About henryblogwalker

A keen blogger who jogged up most of my blogs while jogging. Interests..Hmm Hell of a lot. Sri Lankan but working overseas.

ටැග: , , , , ,

24 Responses to 50. රයිස් ඇන් කරි කමු නේද මචංලා? මොකද උඹලා කියන්නෙ?

  1. පූසා

    22/02/2012 at පෙ.ව. 9:08

    හැබෑවනේ රයිස් ඇන්ඩ් කරි වගේ සුද්දන්ගේ කෑම කන්න පුළුවන්යැ ඔය වෙලාවට. ඒ වගේයැ බත්! :D

     
  2. රාජ්

    22/02/2012 at පෙ.ව. 9:58

    ;-)

     
  3. haree

    22/02/2012 at පෙ.ව. 10:16

    මිනිහගේ වරදක් නෑ..හාල්වලට කියන්නෙත් රයිස්නෙ..

     
  4. දුකා

    22/02/2012 at පෙ.ව. 11:03

    සිංහලෙන් රයිස් ඇන් කරි කියලා කියලත් ඌට තේරුනේ නැත්තේ ඩෝප් හින්දා වෙන්ටැ . . හික්ස්

     
  5. ලොකු පුතා

    22/02/2012 at ප.ව. 2:15

    කණ සාක්කුවට වැටෙන තරමට අනුමත වෙලා හිටියත් ඌ කියපු කතාවෙත් වැරද්දක් කියන්න බැහැනේ බං අයියේ…
    ඔය වෙලාවල් වලට නොදන්න ජරාව කන්න පුළුවනෑ
    ඒ වගේද හොඳට දන්න කියන බත්…..

     
  6. hiruni

    22/02/2012 at ප.ව. 3:44

    හිහ් හිහ් හිහ්. පව් ඒ මනුස්සයා අන්තිමේ බඩගින්නෙ

     
  7. නවම්

    22/02/2012 at ප.ව. 4:20

    හෙහ් පවු සීන් එකක්නෙ. මීට කාලෙකට කලින් මං බඩරස්සාව කොරාපු ආයතනෙයෙ මොකක්ද එකකට ක්ෂණික පාටියක් සැට් උනා. දැං කට්ටියම ඔපීසියෙ ඉඳගෙනම ඕඩර් කරල ගෙන්න ගන්න පුළුවන් කෑම හොයනව. කට්ටියක් පීසා ඕනෙලු, තව උන් කට්ටියකට ක්ලබ් සැන්ඩ්විච්, තවත් උන්ට සබ්මැරීන්…. ඉල්ලීම් මග ගොඩයි. ඕගනයිස් කලාපු එකා එතකොට කියාපි ජාති මහගොඩක් එන එක තැන්වලින් ඕඩර් කරන්න බෑ මැජෝරටි බලල එක තැනකින් ගේමු කියල. ඒක ඇහිච්ච ඔපිස් එකේ මුල්ලක ඉඳපු එකෙක් පටස්ගාල කියාපි “අනේ බං මට හෙන බඩගිණියි දැන්, එහෙනං මට ඔයිං මැජෝරොටී දෙකක්වත් ගෙනෙං කියල.

     
  8. ඕනමැන්ටල් (දුලිප් සිකුරාජපති)

    22/02/2012 at ප.ව. 5:09

    යාලුවා – මල්ලි රයිස් මොනාද තියෙන්නෙ ?
    වේටර් – චිකන් ෆ්‍රයිඩ් රයිස් තියනව
    යාලුවා – චිකන් හරි ඕයි . . . සතා මොකාද ???

    මෙතන බලන්න

     
  9. weniwelWeni

    22/02/2012 at ප.ව. 5:33

    මේ තියෙන්නෙ කට්ටිය රයිස් ඇන්ඩ් කරි කාපු හැටි.. ආයි මොනාද ?

    http://www.facebook.com/photo.php?fbid=2759792387876&set=a.1310109746716.2045850.1049785475&type=1&theater

     
  10. henryblogwalker

    22/02/2012 at ප.ව. 6:11

    @පූසා: නමුත් වෙරි මීටරේට අනුව නම් ඔය වෙලාවට තමයි හුඟ දෙනෙක් ඉංග්‍රීසියට හැරෙන්නෙ. දන්නවනෙ වෙරි මීටරේ!

    @රාජ්: මොකද මේ කට කොනකින් හිනාවෙන්නෙ? වුනාවත්ද ඔහොම වැඩක්?

    @හරී: අනේ අපි නොදන්න ලොජික්!

    @දුකා: වෙන්න ඇති! සිංහලකමටත් ලැජ්ජයි!

    @ලොකු පුතා: මොනවද මේ කතා ලොකු පුතා! හෙල ජාතික අභිමානේ!

    @hiruni පස්සෙ කෑවද දන්නෙ නෑ!

    @නවම්: පට්ට කතාව නවම්! ඒක අහලා මටත් බඩගින්නක් ආවා. අද රෑට මැජෝරොටි හටි ඔ‍තෝරොටි හරි කන්න!

    @ඕනමැන්ටල් (දුලිප් සිකුරාජපති): බැලුවා බැලුවා. උඹත් ඇවිදින ඉන්ඩෙක්ස් එකක් බලං ගියාම.

    @වෙනී: මොනවද බං අර අහිංසකයො හතර දෙනෙක් සා ගින්දර නිවාගන්න තියෙන හැටියට කෙසෙල් කොලේකට බෙදාගෙන බත් චූට්ටක් කන එකට ආයෙම මඩ ගහන්නෙ! එකෙකුට ඒකත් නෑ අර පාං රොඩ්ඩක් විතරයි.

     
  11. weniwelWeni

    22/02/2012 at ප.ව. 6:39

    ඒ පාන් රොඩ්ඩ කාපු හාදයා කීවලු නේද “හනේ ලම්ප්‍රයිස් කියන්නෙ බත් කියලා දන්නව නම් මමත් කනවා” කියලා?

     
  12. ඉන්දික උපශාන්ත

    22/02/2012 at ප.ව. 7:28

    මටනං හිනා මෙන්න මේකට….

    “මේ සුගත් මගෙ බ්‍රේක් පෑඩ් හයි කරනවා.”

     
  13. ඩිලාන්

    22/02/2012 at ප.ව. 8:35

    මෙහෙම දෙයක් තියනවා බ්‍රේක් පෑඩ් අලුතෙන්ම මාරු කරන එක හොදයි නේද පාවිච්චි කරපු එකම දානවට වඩා,කොහොමත් ඔය වයස යාගෙන එද්දී ඔය පෑඩ් ගෙවිල්ල, කලු දුම් දැමිල්ල එනවා නේද?

     
  14. ගෝල්ඩ් fish

    22/02/2012 at ප.ව. 8:45

    අප්පට සිරි… හරියට නිකං ප්ලේන්ටි එක්ක තේ බොනවා වගේ…..

     
  15. නවම්

    23/02/2012 at ප.ව. 1:48

    ලම්ප් රයිස් කියන්නෙ ඔයි කෙහෙල්කොලේ ඔතල දෙන බත් ගෙඩිය කියල දන්නවනං අපි අහිංසකයො දෙන්නත් ඕකම කනවනෙ අර පිටි ගුලි නොකා. සැහ්.. !

     
  16. Observer

    23/02/2012 at ප.ව. 3:42

    ‘රයිස් & කරි ‘…හ්ම්…අපේ මුණුපුරාට තාම අවුරුදු තුනයි මාස හතරයි…කන්න මොනවද ඕනෙ අහපුවාම ඉල්ලන්නෙම ‘රයිස් & කරි ‘ ඔබී කියන්නෙ මේක ගිය ආත්මෙ ලංකාවෙ හිටපු එකෙක් වෙන්නැති කියල.

     
  17. Observer

    23/02/2012 at ප.ව. 3:47

    බ්රේක් පෑඩ් හයි කරන පොරගෙ ‘ෆැමිලි ජුවෙල්ස් ‘ තියෙන්න ඕනෙ පැත්තෙ තියෙන සර්කල් එක මොකද්ද ?

     
  18. බුද්ධි

    24/02/2012 at පෙ.ව. 9:14

    මේ සුගත් මගෙ බ්‍රේක් පෑඩ් හයි කරනවා.// මම අදමයි ඇහැව්වෙ මිනිස්සුන්ටයි බ්‍රෙක් පෑඩ් ඕනෙයි කියලා…..

    ……….

    දවසක් කඩේකට ගිහිං “රයිස් ඇන්ඩ් කරි තියෙනවද” කියලා අහද්දි කඩේ මෑන් කියනවා “රයිස් ඇන්ඩ් කරි නං නෑ රයිස්” තියෙනවා කියලා. පොර රයිස් කියන්නෙ ඔය ප්‍රයිඩ් රයිස් වලට……

     
  19. henryblogwalker

    24/02/2012 at ප.ව. 1:06

    @ ඩිලාන්: ඔය අලුතෙන් දානවා තමයි ඩිලාන් පෑඩ්, ෂූස්, වොෂර් ඔක්කොම. ඒකනෙ අර පෙට්ටි. Brake Overhaul.

    @ගෝල්ඩ් Fish ප්ලේන් ආප්පයි සුදු ආප්පයි කනවා වගෙ.

    @නවම්: හුටා! ලම්ප් රයිස් කියන්නෙ කෙහෙල් කොලේ ඔතලා දෙන බත්ගෙඩියද? දැන්ද බං කියන්නෙ?

    @Observer ජාන, ජාන!
    ඔබා අයිය FBI එකේද වැඩකරන්නෙ? ඒ සර්කල් එක ඔබා අයියා දන්නෙ නැත්තං කවුද දන්නෙ?

    @බුද්ධි: අපේ බ්‍රේක් තියනවා බුද්ධි. නිකනුත් නෙවෙයි ABS. (තමාටම) යකෝ මුං එක්ක බේරෙන්න බෑනෙ. ලියන අකුරක් ගානෙ බලන්න වෙනවා. දාන හැම පින්තූරයක්ම පැය බාගයක්වත් ස්කෑන් කරන්න වෙනවා.)

     
  20. වර්ණා

    24/02/2012 at ප.ව. 7:14

    හේ හේ මාර වැඩේනේ… බිව්වම සිහි විකල් වෙන එක අහන්නත් දෙයක්ද

     
  21. emailkavikaari

    28/02/2012 at ප.ව. 12:54

    මෙන්න ගෙට්ටුවක්……………..

     
  22. Sasanka De Silva

    01/03/2012 at පෙ.ව. 6:38

    This reminds me of a similar incident involving Wood-apple.Good stuff & I like this.

     
  23. chami4u

    09/05/2012 at ප.ව. 12:04

    අප්පට සිරි මාර වැඩක්නේ වෙලා තියෙන්නේ… ඔය වගේ දේවල් ගොඩක් උන්ට වෙනවා මම හිතැන්නේ. මම දන්නා තව කතා කිහිපයක් තියෙනවා ඔයිට සමාන..වෙලාවක දාන්නම්කො..

    එතකන් බලපු නැති අය මේක බලන්න..කැටපිලර් එකක් කන්න හදපු කථාවක්
    http://chami4u.blogspot.com/2012/05/blog-post_07.html

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / වෙනස් කරන්න )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / වෙනස් කරන්න )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / වෙනස් කරන්න )

 
Follow

Get every new post delivered to your Inbox.

Join 33 other followers