මතක ඇතිනෙ පැඩිඩිලියන් අංක එක? මේ ඒ සීරීස් එකේම තව කතාවක්.
සුරේෂ් තමයි උමේෂ්ගෙ මල්ලි. මම මාස කීපයක් ඒ ගෙදර බෝඩ් වෙල හිටියනෙ. බෝඩ් වෙලා හිටිය කිව්වොත් ඇත්තටම ඒක පැඩිඩිලියන් පවුලට කරන අපහාසයක්. ඒ මොකද මම හිටපු මුලු කාලෙටම, බෝඩින්ං ගාස්තු කියලා සත පහක් වත් අයකලේ නැති නිසා.
යකෝ, උඹ මේ බ්ලොග් එකක් අටවගෙන කරන්නෙ, ඒ මිනිස්සුන්ට මඩ ගහන එක නේද කියල කෂ්ටියට දැන් හිතෙන්න පුලුවන්. නමුත් මගෙ චේතනාව පවිත්‍රයි. මේ කරන්නෙ ඇත්තටම උපහාරයක් කියලයි මට හිතෙන්නෙ. තව තව උපහාර, තව තව ඉස්සරහට. ඔහොම යංකෝ.
පැන්නනෙ පීලි. මේ පවුලෙ උන් ඔක්කොම මට ඒ දවස්වල මගේම පවුලෙ උන් වගේ තමයි. තමන්ගෙම දරුවෙකුට වගේ තමයි මමීත් මට සැලකුවෙ ඇත්තටම.
ඉතිං, මේ නොමිලේ වාසය කිරීම හිතට වද දෙන නිසා. මම දවසක් ලොකු එළවලු මල්ලක් අරං ගෙදර ආවා. ගෙට ගොඩ වෙනකොටම ඕක දැකපු සුරේශයා උගෙ අර කැත හිනාව දාලා “කොහෙද බං උඹ මේ යන්නෙ අතිං කටිං එල්ලගෙන?” කියල ඇහුව.
මමත්, “මේක ගිහිං ඇතුලෙං තියපංකො හොඳ එකා වගේ” කියලා කිව්ව ගොනා වගේ.
“ඒයි! උඹ මේ මෙහෙටද ඕක ගෙනාවෙ?” කියපූ මූ බෙරිහන් දෙන්න ගත්තෙ නැත්ද,
“මමී, මමී, මෙහෙ එන්න. මේං මූ නැදෑ ගම් ඇවිල්ල.”කියල.
කට්ටියම දුවගෙන ඇවිත් මාව වටකරගෙන, කිච කරා මාව නැතිවෙන්නම.
ඊට පස්සෙ මං ගෙනාපු එළවලුවක් උයන ගානෙ මාව මඩවනවා.
“අද උයල තියෙන්නෙ පරිප්පුයි, හෙන්රියගෙ/අරූගෙ/උඹේ (සුදුසු වචනය යොදා) බෝංචියි, පපඩනුයි…” යනාදී වසයෙන්.
කොහොම හරි කතාව ඉවරවෙන්නෙ මමී මන් දිහා හිනාවක් එක්ක බලං ඉඳල ” You are a wonderful…” කියනකොටම මම පැනල, ” idiot ” කියල සම්පූර්ණ කරනව මමී ඊට වැඩිය හොඳ වචනයක් දාන කලිං..
ඒ එළවලු ටික ඉවරවෙච්ච දවස මට පුදුමාකාර අස්වැසිල්ලක් සහනයක් ලැබිච්ච දවසක් කියලයි මට හිතෙන්නෙ. පස්සෙ මම හොස්ටල් එකට යන කල්ම, ඒ වගෙ ගොං වැඩක් කලේ නෑ.
hirunijayawardenehirunijayawardene
ජූලි 25, 2011 at 2:12 ප.ව.
ඔය කතා පැඩ්ඩ්ලියන්ලාට කියවන්න ලැබුනොත් හරිම සතුටු හිතෙයි. තව තව තවත් බ්ලොග් එනකන් ඔබේ ෆෑන්ස්ලයි එයාර් කන්ඩිශනර්ලයි පූල පුලා බලා සිටී………..
deepa
අගෝස්තු 9, 2011 at 11:44 පෙ.ව.
blogwalker,
u are a genius to recall the past and specially in putting them into words. Do u know that we enjoy reading u r blogs very much. Give us more and more.
DJ
Observer
අගෝස්තු 19, 2011 at 4:53 පෙ.ව.
හිකිස්….
Hasitha Chamikara Gunasinghe
ජූනි 12, 2012 at 12:29 ප.ව.
හොඳ කරන්නම හොඳ නැහැ වගේ 🙂
Sarath Lankapriya
අගෝස්තු 2, 2012 at 1:23 ප.ව.
මටත් නිකම් කන එක නම් මහා අබිලික් වැඩක්..
henryblogwalker
අගෝස්තු 2, 2012 at 10:22 ප.ව.
මටත් ඔය වැඩේට හරි ගිල්ටි ෆීලිං එකක් එනවා. නිකං කාපුව දිරවන එකක් නෑ වගේ! හැබැයි හැමෝටම ඔහොම නෑ.
DDT
අගෝස්තු 12, 2012 at 9:13 ප.ව.
හප්පුච්චියේ ….. මටත් ඔහොම නිකම්ම ගෙදරක ඉන්න උනොත් ලොකු අපහසුවක් දැනේවි. ඒ මිනිස්සු මූණට මොනව කිව්වත් හිත යටින් මම ගැන මොනව හිතනව ඇත්ද කියල මට විචිකිච්ඡාවක් ඇති වෙනව. ඒත් ඔයාගෙ මිතුරු ෆැමිලි එක නම් එහෙම නෑ වගේ.