RSS

142. යකුනේ,රෙදි ඇඳගෙන පාරේ යන්න අපිටත් ඉඩ දීපියව්…

08 සැප්.
142. යකුනේ,රෙදි ඇඳගෙන පාරේ යන්න අපිටත් ඉඩ දීපියව්…

උම්බලකඩ වාඩිය යැයි අපහාසත්මක අනවර්ත නාමයෙන් බොහෝ ශ්‍රී ලාංකිකයන් හඳුන්වන මාල දිවයිනත් සමඟ ක්‍රීඩා කල ලංකා පාපන්දු කණ්ඩායම ගෝල් 10-0 ක අන්ත පරාජයක් හිමිකරගෙන  මාල දිවයින් පා පන්දු ඉතිහාසයේද වාර්තාවක් පිහිටවූ දිනට පසු දින, පාපන්දු ලෝලීන් වූ  මාල දිවයින් වැසියන්ට මුහුණ දීමේ අපහසුවකට මුහුණ දීමට අපට  සිදුවිය.  

වාසනාවකට මෙන්, මේ දිනවල විභාග (Mock Exam) පැවැත්වෙන නිසා, පාපන්දු පිස්සන් වන මගේ ගෝලයන් සමඟ කතා කිරීමක් නොමැති වීම, මගේ ඉමහත් අස්වැසිල්ලට හේතු විය. 

නමුත් ඒ පැය කීපයකට පමණි. 

වෙනදාට බුම්මාගෙන යන ආයතන ප්‍රධානියා මා දු‍ටු වහාම සිනාමුසු මුහුණින් ලඟට පැමිණ. “ඊයේ මොකද වුනේ?” යයි. විමසූ විට මට කල හැකි වූ එකම දේ  වූයේ, “We are not a football nation like you guys. We are cricket people,” යයි පවසා ජාම බේරාගැනීමය.

මුහුණු පොතේ වරක් දු‍ටු “Boss is like a diaper. Always behind you and full of SHIT”යන කියමන සිහිපත් කර හිත හදාගන්නට තැත් කලත් එය එතරම් සාර්ථක නොවීය.

යම් ජන කොට්ඨාශයක් නියෝජනය කරන්නට සිදුවීම නම් විටෙක මහත්ම අබග්ගයකි. ඒ මුලින්කී  අපහසුව අප වින්දේ අප මෙහි ශ්‍රී ලංකාව නියෝජනය කරන බැවිනි. ශ්‍රී ලංකාව පමණක් නොව, ගුරු පරපුරද නියෝජනය කිරීම මහාම ඛේදවාචකයකැයි නැවත හැඟුනේ අන්තර්ජාලයේ ගොසිප් අඩවියක පලවූ පුවතක් දැකීමෙනි.

‘පමා නොවී වැඩෙහි යෙදෙනු’ යන්න තේමා පාඨය කර ගත් පාසැලක ප්‍රධානියකු වූද, ධර්මයට දාසයකු වූද,  දරුවකු එක වසරට ඇතුලත් කර ගැනීමට මවකගෙන් ‘පමා නොවී’ ලිංගික අල්ලසක් ගන්නට ගොස් දැලට හසු වූ පුද්ගලයා නියෝජනය කරන්නේද, මා නියෝජනය කරන ගුරු පරපුරම නොවේදැයි සිතන විට ඇතිවූයේ ඉමහත් ලැජ්ජාවකි.

‘අපි පොලීසියට බැන්නාට, හැම පොලිස් කාරයාම එහෙම නැතැයි’ යන කියමනට අනුව යමින්, හැම ගුරුවරයාම එහෙම නැතැයි කියා හිත හදාගන්නට  උත්සාහ කලත්, හෙට තවත් එකෙකු ඔය වගේම  පාහර වැඩක් කර හසු නොවේයයි කාට නම් කිව හැකිද?

පුතාට නො ඇසෙන සේ පහත් හඬින් මේ ‘පාහර කතාව’ බිරිඳට කී විට, ඇය දුන් පිළිතුර මා වික්ෂිප්ත කරවීය.

“ඇයි අනේ ඔයවගේ වැඩ වලට තාත්තලා නොගිහින් මේ අම්මලවම යවන්නේ? ඔය කාලකන්නි හැත්ත, තාත්තලගෙන් ජරාවක් ඉල්ලුවොත් මිසක, ඔය වගේ ඉල්ලීමක් කරන්නේ නෑනේ.”

‘විදුහල්පතිවරුන්ගෙන් අම්මලාව බේරාගමු’ යයි කරන විරෝධයට මගේ බිරිඳගේ මේ ක්ෂණික ප්‍රතිචාරය සෑහෙන හොඳ පිළිතුරක් නොවේද?

ඇයගේ ප්‍රකාශය ගැන ඔබ කියන්නේ කුමක්ද?

ප ලි: මමත් සිසු-දෙගුරු-ගුරු (අනුපිළිවෙල කෙසේ වෙතත්) හමු වලට, ඔය තුන් පැත්තම නියෝජනය කරමින් සහභාගී වී ඇත්තෙමි. දෙමාපියන් හැටියට, පියෙකු සහභාගී වන්නේ එහෙමත් පවුලකින්ය. ඇත්තෙන්ම ශාලාව පිරී ඇත්තේ මව් වරුන්ගෙනි. ඇතැම් විට ‍රැස්වීමට සහභාගී වන එකම පියා මා වන අවස්ථා මම අනන්තවත් දැක ඇත්තෙමි.

 Simulblogged @ මගේ ඩෙනිම for Blogger Lovers.

 
ප්‍රතිචාර 20

Posted by මත සැප්තැම්බර් 8, 2013 in කාලීන, නිර්මාණ, සමාජ

 

ටැග: , ,

20 responses to “142. යකුනේ,රෙදි ඇඳගෙන පාරේ යන්න අපිටත් ඉඩ දීපියව්…

  1. marayagehorawa

    සැප්තැම්බර් 8, 2013 at 2:48 ප.ව.

    ඇත්තටම ඇයි ඕවට අම්මලම පැනගෙන යන්නේ.. තාත්තලාව නොයවා.. 😀

     
  2. kasun

    සැප්තැම්බර් 8, 2013 at 3:08 ප.ව.

    ඔව් අම්මලාව එකත් වරදක් තමයි,හැබැයි මචං මේ තියන ආර්ථික අමාරුකම් වලට අනුව සහ ඔය ඉස්කෝලේ හදාගන්න වැඩේට එක දවසක් දෙකක් නිවාඩු දාල ගිහින් බැහැනේ.මම ඕක හොඳින්ම දන්නවා….ඔය වැඩේ අව්රුද්දක් විතර ඔකටම කැපවෙලා ඉන්න ඕන වැඩක්.ඉතින් සාමාන්‍ය රැකියාවක් කරන පියෙකුට ඔය තරම් නිවාඩු දාල ඔය වැඩ වලට යන්න බැහැ..ඔය කොහොම කිව්වත් …..එකයි වැඩිපුර අම්මල යන්නේ ……

     
    • henryblogwalker

      සැප්තැම්බර් 8, 2013 at 7:16 ප.ව.

      කසුන්. ඔය කතාවේ ඇත්තක් නැතුවා නොවෙයි. නමුත් දැන් අම්මලත් රස්සාවල් කරනවා නේද තාත්තලා වගේම? ඒ කොයි හැටි වෙතත් සල්ලාලයෙක් ලඟට බිරිඳව යවන එක ගැන මොනම නිදහසට කරුණක්වත් මට නම් පිළිගන්න බෑ. මේක නැති කරදර වලට අතවැනීමක් නෙවෙයිද?

       
  3. raigam

    සැප්තැම්බර් 8, 2013 at 3:29 ප.ව.

    බොරු කියන්නේ මොකද මචං බොන්න ඕනේ පුරස්න කිහිපයක්. අර රවී කියුවට මට නම් උඹව මතක් වුනේ නැහැ. මොකද මගේ සිතේ උඹ ගැන තියෙන්නේ වෙන රූපයක් නිසා. මා නම් ක්‍රිකට් වලදි කියන දේවල් වලට, අපේ වැඩ කරන තැන ඉන්න එවුන්ට කතා නැති වෙනවා.මොකද මා අවශ්‍ය වෙලාවට පැති මාරු කරනවා. අනික් කතාව නම් සැබෑම ඛේදවාචකයක්. එතන කිසි විහිළුවක් නැහැ. 😦

     
    • henryblogwalker

      සැප්තැම්බර් 8, 2013 at 7:17 ප.ව.

      සෑහෙන්න බොන්න වෙනවා රයිගම්. ඒක නෙවෙයි මචං ඔය රවියා ඕවා කියන්නේ ජොලියට, මාව අවුස්සන්න. අපි දෙන්නටම එකිනෙකාට පාරක් ගහන්න අවස්ථාවක් ලැබෙනකල් කට මැදගෙන ඉන්නේ. 😀
      ඔව් දෙවෙනි කතාවේ කිසිම විහිළුවක් නෑ.

       
  4. රූ

    සැප්තැම්බර් 8, 2013 at 3:53 ප.ව.

    දීපාට මෙච්චර හොඳට මොලේ තියෙන්නේ හෙන්රි එක්ක ඉඳලාද දන්නෑ..කොහොම වුනත් හිසරදේ සුව වෙන කොට්ට මාරු කිරිල්ලක්..!!

     
    • henryblogwalker

      සැප්තැම්බර් 8, 2013 at 7:19 ප.ව.

      රූ. ඒක නම් අනිත් පැත්ත වෙන්නත් ඉඩ තියෙනවා. විසඳුම නම් හොඳම එක නොවුනත්, අනිත් දීර්ඝ කාලීන විසඳුම් වෙනුවෙන් ශතවර්ශයක් බලා ඉන්නවට වඩා හුඟක් ප්‍රායෝගිකයි කියලා හිතෙනවා.

       
  5. Ravi

    සැප්තැම්බර් 8, 2013 at 6:49 ප.ව.

    @ රයිගම්,

    අනේ බොලේ එහෙම අපහාසාත්මකව හිතුවෙ නෑ මම තුංහිතකිංවත්…හෙන්රි ද නයින්ත් ගැන මම දන්නෙ නැද්ද?….. 🙂

    ඒත් ඉතිං දන්නවනෙ අපේ කැතහිත..ලාවට හරි පාරක් ගහන්ට පුලුවන් නං අත අරින්නෙ නෑනෙ…:)

    @ හෙන්රි,

    කොල්ලො තරහ නෑනෙ නේද?…:)

     
    • henryblogwalker

      සැප්තැම්බර් 8, 2013 at 7:22 ප.ව.

      පිස්සුද බං රවී. මටත් උඹට ටොක්කක් ඇන්නේ නැතිනම් නිකං කෑවේ නෑ වගේ. මින් ඉදිරියටත් එහෙමමයි. “අන්‍යෝන්‍ය මඩාවබෝධය®” කියලා මම මේ දැන් යෙදුමකුත්නිර්මාණය කෙරුවා ඕන්න. 😀

       
  6. වයලීනෝ

    සැප්තැම්බර් 8, 2013 at 8:32 ප.ව.

    අම්මලා එහෙම යන්නේ ගෙදර ඉන්න බැරි අමාරුවට කියලා කියනවා නේද ?

     
  7. maathalan

    සැප්තැම්බර් 9, 2013 at 7:44 පෙ.ව.

    අපේ කාළේ දෙමව්පියෝ පාසලට ගියේ, පාසලට ඇතුලත් කරන්න විතරමයි. ඒ ඇර ඔය කොන්සට් එකක් ප්‍රයිස් ගිවින්ග් එකක් තිබුනොත් යනවා. ඒත් ටීචර්ලා එක්ක කතා නෑ. ටීචර් තියා මෙලෝ දෙයක් දන්නෙ නෑ. පාසලේ පරිපාලන කටයුතු සියල්ලම කලේ ගුරුවරුන්. ට්‍රිප් එකක් ගියත් ගියේ ගුරුවරු විතරයි.

    අද අම්මලා තමයි ඉස්කෝලේ රන් කරන්නේ. උඹට ඕවා නිව්ස් උනාට, අපි නම් බොහොම ඉස්සර ඉඳලා ඔය ගැන කතා කරන්නේ. ප්‍රින්සිපල්ට නෙමෙයි, සර්ලටත් අල්ලන අම්මලා වැහි වැහලා. ඉතින් උන් හිතන්නේ හැම අම්මම එහෙමයි කියලා. මම බොහොම ඉස්සර ලිව්වා. ළමයි පාසල් යවන එක නවත්තලා අම්මලා පාසල් යවන්න. නැත්නම් දෙමව්පියන් පාසලට ගෙන්වීමෙන් වලකින්න කියලා.

    පියවරුන්ට රස්සාවේ නිවාඩු දාලා හැමදාම ඉස්කෝලේ යන්න බෑ. ඒ නිසා අම්මලා යනවා. එතන එකම මල විකාරයක්. දැන් ඉතින් උනුත් ඒකට පුරුදු වෙලා. චන්ද්‍රිකාගේ කාළේ ඉඳන් අධ්‍යාපනේ කෑවා. ඒ බැල්ලිගේ තාත්තා ඉංග්‍රීසී අයින් කරලා රට කෑවා. දැන් ඉන්න එකාටත් ඕන මෝඩයෝ සෙට් එකක් හදන්න.

    හොහොම නමුත් ගුරු ප්‍රජාවගේ නමත් වෙනස් වෙලා ඉවරනේ. ඉස්සර තිබුනේ ගුරු සේවයක්. ඒක මාර ගෞරවනීයයි. දැන් තියෙන්නේ ගුරු වෘත්තිය.. ඒ කියන්නේ රස්සාවක්. ඉතින් අනිත් රස්සා කරන උන් වගේම. බිස්නස් කරනවා, ගම්බ කරනවා, බොනවා, බඩු ගහනවා විතරක් නෙමෙයි ශිෂ්‍ය ශිෂ්‍යාවන් එක්කත් රමණයේ යෙදෙනවා..

     
    • henryblogwalker

      සැප්තැම්බර් 10, 2013 at 12:58 ප.ව.

      ඔව් බං. ඒ වුනත් අම්මයි තාත්තයි එකම රස්සාව කරන ගෙවල් වලත්, නිවාඩු ගන්න එකම අපහසුව තියෙද්දිත්, ඉස්කෝලෙට යන්නේ බහුතරය අම්මලා කියලා පැහැදිළියි.

      අනිත් හැම එකක්ම වෘතියක් වෙලා තියෙද්දි, ගුරු සේවයක් තියෙන්න බෑනේ බං. ජීවිතයට අධ්‍යාපනයටත් වඩා අත්‍යාවශ්‍ය සෞඛ්‍යත් සේවයක් නොවෙනකොට අධ්‍යාපනය සේවයක් වෙන්නෙ කොහොමද?ඔව් බං

       
  8. abeetha

    සැප්තැම්බර් 9, 2013 at 3:45 ප.ව.

    මම එත් බැලුවා හෙන්රි ලොක්කා මොකෝ මේ වරම් අතට අරන් කියලා… සකල සිරින් පිරි සිරි ලංකා සීන් එකකටනේ…

     
  9. henryblogwalker

    සැප්තැම්බර් 10, 2013 at 10:25 ප.ව.

    😀 ඔව් බං. ගනං නොගෙන ඉඳලා ඉඳලා සමහර වෙලාවට සීමාව ඉක්මවා යන්න එනවා.

     
  10. Kandyan

    සැප්තැම්බර් 11, 2013 at 2:48 ප.ව.

    කතාව ඇත්ත…ඇයි තාත්තලාට යන්න බැරි?
    අනික අපේ රටේ ඉස්කෝලවල් ඕනෑවට වඩා දෙමව්පියෝ ඉස්කෝලේ වැඩවලට ගාවගන්නවා…ඒකාලේ අපේ දෙමව්පියෝ ඉස්කෝලෙට ආවේ ඉතාම කළාතුරකින්.. අපි එන්ට කිව්වෙත් නෑ…ඉස්කෝලෙන් බල කලෙත් නෑ…

     
  11. vidura “ෂැගියා” weerasinghe

    සැප්තැම්බර් 22, 2013 at 8:26 ප.ව.

    අනේ මන්ද බං මමත් ඔය සිද්දිය ගැන අහල සෑහෙන්න කලකිරුන. මුන්ට ගෑනිව මදිනම් ගිහින් බඩුවක් ගැහුව නම් ඉවරනේ , ඔය පොඩි උන්ගේ අම්මල අල්ලාගෙන පජාත වෙන්නේ නැතිව ,, දැන් ඉතින් ගමෙත් ඉඳල ඉවරනේ…

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න