RSS

53. තවත් පොලිස් කතා තුනක්: #3. මම එහෙම කිව්වෙ මහත්තයාව කතා කරවන්න.

10 මාර්තු
53. තවත් පොලිස් කතා තුනක්: #3. මම එහෙම කිව්වෙ මහත්තයාව කතා කරවන්න.

මෙන්න තුන්වෙනි පොලිස් කතාව.

පහුගිය දෙසැම්බර් නිවාඩුවෙ අන්තිම දවස්. කොල්ලුපිටියත් බම්බලපිටියත් අතර ගාලු පාර. නවීකරණය කර ඇති මාර්ගයේ වර්ණ සංඥා එලි එල්ලලා තියෙන්නෙ පාරට ඉහලින්. අංකයක් හොයමින් හෙමින් ධාවනය කරමින් හිටි අපේ ඉදිරියට පැන්න පොලිස් නිළධාරියා වාහනය නවත්තන්න සංඥා  කලා. මමත් ලාංකික ක්‍රමයට ලියකියවිලි අර වාහනයෙන් බහින කොටම දීපා කලා ඉල්ලීමක්. “අනේ හෙන්රි ආගියූ කරන්න යන්න එපා. ගහන දඩයක් ගහපුදෙන්.”

“රතු ලයිට් එක හරහා ගියේ මොකද?”

“මොන රතු ලයිට් එකද?”

“දැක්කෙත් නෑ හා? දැක්කෙත් නෑ? අන්න අර රතු ලයිට් එක”

“මම හොඳට ලයිට් දිහා බලාගෙන ආවෙ. ඒක මම එනකොට නම් කොළ පාටයි. මැදදි තැඹිලි වුනාද දන්නෙ නෑ.”

“අනිත් වාහන නතර කලා. මහත්තයා ආවා කඩාගෙන.”

“මම ආවෙ තව වාහන කීපයක් එක්ක එකට රාළහාමි අත අල්ලනකොට. ඒ අය ගියා.”

“නෑ. අනිත් වාහන ඔක්කොම නතර කලා. ඔයා ආවා කඩාගෙන.”

“හරි”

මම කට පියාගන්න තීරනය කලා.

ලියකියවිලි ඉල්ලාගත් පොලිස් නිළධාරියා, තව බොහෝ දේ කියවූවත් මම ‘හ්ම්’ ‘හ්ම්’ ගෑවා විතරයි. ඇයි දෙවියනේ මේ අසාධාරණේ කාටවත් පේන්නෙ නැති හැටි. නඩුත් හාමුදුරුවන්ගෙ. බඩුත් හාමුදුරුවන්ගෙ.

“මේකට නඩුවක් දාන්න ඕනෙ.”

“නඩු දාන්න එපා රාලහාමි, දඩයක් ගහන්න.”

“අපිත් දන්නවා මේ වගෙ පොඩි වැ‍රැද්දකට නඩු දැම්මම   කාටත් නිරපරාදෙ රස්තියාදු වෙන්න වෙන බව. මම එහෙම කිව්වෙ මහත්තයාව කතා කරවන්න. මොකද සද්ද නැතුව ඉන්නෙ?”

කාටද මේවා කියන්නෙ? කතා නොකර හිඳීමත් වරදක්!!!

“මම කියන්න තියෙන දේ කියලා තියෙන්නෙ. වෙන මොනවා කතා කරන්නද?”

“කොහෙද ගම? ආහ්, මේ පොලිසියට මිනිස්සු ගැහුවා නේද? හහ් හහ්! මහත්තයත් හිටියද? හහ් හහ්!

“ගැහුවලු. මමත් දැක්කෙ ඉන්ටනෙට් එකෙන්. මම ලංකාවෙ හිටියෙත් නෑ.”

දඩ කොලය ලියා මගේ රියැදුරු බළපත්‍රය වෙනුවට තාවකාලික රිසිට් පතත්  එක්ක අතට දීපු පොලිස් නිලධාරියා,

“මේක අහවල් පොලිසියට ගෙවන්න. මහත්තයාට හුඟක් වැඩ තියෙනවා නම් වෙන කෙනෙක් අතේ එවන්නත් පුලුවන්.”

“හරි, බොහෝම ස්තුතියි. අපි යනවා.”

පහුවදා උදේම ආපහු කොළඹ ගිහින් දඩේ ගෙව්වා නොකල වරදකට.

ඔන්න ඉඳලා ඉඳලා අන්තිමට දඩේ ගැහුවා. ඇත්තෙන්ම මට හිතෙන විදියට මට දඩ ගහන්න මූලික  හේතුව, තර්ක කරන්න හරි, පින්සෙන්ඩු වෙන්න හරි නොගිහින් කට පියාගෙන ඉඳීමයි.

 

ටැග: , , , , , , , ,

26 responses to “53. තවත් පොලිස් කතා තුනක්: #3. මම එහෙම කිව්වෙ මහත්තයාව කතා කරවන්න.

  1. weniwelWeni

    මාර්තු 10, 2012 at 12:15 ප.ව.

    මන් නම් හිතෙන්නෙ මෙච්චරම පොලෝසියෙන් නවත්තන්නෙ ඔය හුරතල් මූන දැක්කහම පොලෝසියෙ අයියලට ඉවසුන් නැතුව ඇති අෆ්ෆා..

     
  2. Observer

    මාර්තු 10, 2012 at 1:02 ප.ව.

    කට හින්ද මාළුව නැහුනට, හෙන්රි නැහුනෙ කට වහගෙන සිටි නිසාය

     
  3. Observer

    මාර්තු 10, 2012 at 1:05 ප.ව.

    මම නං නඩු දාන්න කියල එනව, ලයිසමත් දීල. මෙහෙ ලයිසමේ කොපියක් ගන්න සුළු ගානයි යන්නෙ 🙂

    අප්‍රියෙල් මාසේ මටත් සෑහෙන්න පොලිෂ් කාරයෝ [සුද්ධෝදනල] හම්බ වෙයි…හෙහ්…හෙහ්…

     
  4. indika27

    මාර්තු 10, 2012 at 2:16 ප.ව.

    හරි සෝක් මරු කතාව…

     
  5. බුද්ධි

    මාර්තු 10, 2012 at 2:29 ප.ව.

    පොලිසිය ගැන නම් කතා කරල වැඩැක් නෑ! චිත්‍රෙ ගැන නං කියලා වැඩැක් නෑ!

     
  6. emailkavikaari

    මාර්තු 10, 2012 at 2:52 ප.ව.

    කට ගහන්න තිබුන.

    මගෙ නෑදැ වෙන පුංචි අම්ම කෙනෙක් යුනි එකේදි අඳුනගත්ත වන්නිය පැත්තෙ මනුස්සයෙක් හිටිය. කවුරුත් වැඩිමහල් අය ඒ මගුලට කැමැත්ත දුන්නෙ නැහැ. මගුල කඩන්ඩ බැරි උනා. ඉගෙනගෙන ඉවරවෙලා අන්තිමට මිනිහ ASP කෙනෙක් වෙලා පොලිස් රස්සාව පටන්ගත්ත. ඉවර උනේ DIG කෙනෙක් වෙලා. දෙසපාලනේත් කරනවා. විශ්‍රාම යනකොට සෑහෙන පෝසතෙක්. තේවතු තියෙන, ලෝක ප්‍රසිද්ද විශ්ව විද්යාලවලට ළමයි යවපු හොඳ තාත්ත කෙනෙක්. ඔච්චර සල්ලි හෙව්වෙ කොහොමද කියන එක නං කාටත් පුදුමයි. සමහර විට පොලිසිය හොඳට පඩි ගෙවනවත් ඇති

     
    • Observer

      මාර්තු 10, 2012 at 6:49 ප.ව.

      මගෙ යාලුවෙක් ඒ කාලෙ කිව්ව කථාවක්… උගෙ අක්ක බැඳපු එස්. අයි. කෙනෙක් රාජාන්ගනේ පැත්තේ පොලිසියකට ගියෙ දෙන්න එක්කම සුට් කේස් දෙකක් අරගෙනලු. අව්රුදු කීපෙකට පස්සේ කොළඹ පැත්තට ට්‍රාන්ස්ෆර් වෙලා එනකොට බඩු ඇද්දෙ ලොරි ගානනකින්ලු … මේ 80 ගණන් වල මුල හරියේ.

      PS
      අපේ ලොකු මාමත් පුස්සැල්ලාව දිහා පොලිසියක OIC ඉඳල නුගේගොඩ ජුබිලි කනුව හංදිය කිට්ටුව ගෙවල් තුනක් හැදුව :-))

       
  7. නරකයා

    මාර්තු 10, 2012 at 4:46 ප.ව.

    හප්පේ කොහෙගියත් පොලිස් නවත්තනවනේ… වෙලාව බලාගන්ඩ වෙයි

     
  8. කිරිපුතා

    මාර්තු 10, 2012 at 6:12 ප.ව.

    පො – ලු මුගුරු රැගත්
    ලි – යන්න කියවන්න නොදත්
    සි – රකරුවන් මරාදමන
    ය – කුන් රැල

    මූණු පොතේ තිබ්බෙ

     
  9. තිස්ස දොඩන්ගොඩ

    මාර්තු 10, 2012 at 6:57 ප.ව.

    මේ ච්ත්‍ර අඳින්නේ මොකෙන්ද??

     
  10. henryblogwalker

    මාර්තු 10, 2012 at 7:29 ප.ව.

    @වෙනී: හුරතල් කෙසේවෙතත් මට තියෙන්නෙ ගුටිකන මූනක් කියලා තමයි කශ්ටිය කියන්නෙ. බල්ලො එක්ක පොරකන්න යන්නත් හොඳයි කියන්නෙ.

    @Observer: කට කියන්නෙ ඇරලත් බැරි වහලත් බැරි පුදුමාකාර අවයවයක් ඔබා අයියා. කලින් පාරවල් දේකේම ඇරියා. මේකෙදි වුනේ අර ආපහු යන්න ලඟ නිසා වැඩි හොඳට මුනිවත රකින්න ගියා. ඕට්ටේලියාවෙ පුලුවන් වුනාට මෙහෙ කොපියක් ගන්නෙ කොහොමද? මගෙ ලයිසන් එක ලංකාවේ එකක්නෙ.

    අප්‍රේල් මාසෙ ඔබටත් එසේම වේවා. පස්වෙනි කොපියත් ගන්න.

    @Prasanna: ප්‍රසන්න අහපු ප්‍රශ්නෙමයි මටත් අහන්න හිතුනෙ.

    @indika27:තැන්කූ ඉන්දික. මේ 27 මොකක්ද ඉන්දික? ඔබා දැන් කියන්න එපා 1927 උපන්න නිසා කියලා.

    @බුද්ධි: උඹ පොලෝසියට කොච්චර ලැදිද කියලා මම දන්නවා.
    චිත්‍රෙ ගැන. ඇත්තෙන්ම බුද්ධි උඹ වගෙ දක්ෂ චිත්‍ර ශිල්පියෙක් මගෙ චිත්‍ර අගයන එක මට විශෙෂයෙන්ම වටිනවා. මොකද ඒක බොහොම කලාතුරකින් වෙන දෙයක්. මමත් උඹේ අංක එකේ රසිකයෙක්.

    ඒත් කෝ බං කාටූන් එක? මම එව්ව අහවල් එක හම්බවුනාද?

    @emaillavikaari: කලින් පාර කට ගහලා තමයි බේරුනේ. කියවන්න ඇතිනෙ.

    @නරකයා: ඒකනං ඇත්ත නරකයා. පොලොන්නරුව මඩකලපුව පාර, කුරුණෑගල දඹුල්ල පාර, කොළඹ ගාලු පාර. ත්‍රිකෝනයක් හැදුවෑකි. වැඩේ අපි වැඩිපුර පාරෙමනෙ ඉන්නෙ. අනික මගෙ ගුටිකන මූන. ඒක පොලෝසියට allergic

    @කිරිපුතා: හුටා!

    @තිස්ස දොඩන්ගොඩ: තිස්ස මේ චිත්‍ර අඳින්නෙ graphic tablet එකකින්. අර බුද්ධිටත් එකක් තියෙන්නෙ. මේකට මම තාම L-board. ඒ කියන්නෙ මීට වැඩිය හොඳට මට අතින් අඳින්න පුලුවන්. තාම අමාරුවෙන් පුරුදු වෙනවා. දැන්නම හරියාගෙන වගේ එන්නෙ.
    මේකෙ තියෙන අමාරු වැඩේ අර stylus එක වගෙ පෑනකින් ටැබ්ලට් එකේ අඳින්න ඕනෙ ලැප්ටොප් ස්ක්‍රීන් එක දිහා බලාගෙන. ටැබ්ලට් එක දිහා නෙවෙයි.
    හරියට අර කාර් එලවන්න පුරුදු වෙන දවස්වල පෙඩල් දිහා බලනවා වගෙ.

     
  11. රාජ්

    මාර්තු 10, 2012 at 8:38 ප.ව.

    මම නං කරන්නෙ කෙලින්ම තවුසන් ටෝක්එකක් දෙනඑකයි. කට වහගෙන ඉන්න එපා. නිලයේ බලය ඔළුවට ගහපු අයගෙ වදන් වලට වඩා ලොකුවට අපි කතා කලාම එයාල සරෙන්ඩර්. එහෙම නොවන අතලොස්ස කොහොමත් මට්ටු කරන්න බෑ. දඩුවම භාරගන්නව.

     
  12. ඉඳුනිල්

    මාර්තු 10, 2012 at 9:31 ප.ව.

    මම ඉස්සර වෙලාම කොළඹ වාහනයක් අරන් ආපු දවසේ CTB ඩ්‍රයිවර් බස් එක නවත්තලා මට හොඳටම බැනලා ගියා.. තවම දන්නේ නැහැ හේතුව.. මිනිහගේ නෑදෑයෙක්වත් පොලීසියේ ඉන්නවාද දන්නේ නැහැ..

     
  13. ගැමියාගේ පත් ඉරුව

    මාර්තු 10, 2012 at 11:24 ප.ව.

    තනි පොලිස් නිලධාරියෙක්ට දඩ කොලයක් ලියන්න පුළුවන්ද?? අපේ තාත්තා කියන විදියටනම් පොලිසියේ කට්ටිය කන කටු නිසාලු මෙහෙම අහුවෙන අහුවෙන මිනිහව මරාගෙන කන්න හදන්නේ අසරණ මිනිස්සුන්ටයි ඒකෙන් කෙලවෙන්නේ…. දැන් පේන විදියට නම් අයියගේ මූණ දැක්කම හිතෙනවද දන්නේ නෑ මේකාගෙන් නම් එකසිය ගානට දත ගලවන්න පුළුවන් කියලා….හි හි

     
  14. ඕනමැන්ටල් (දුලිප් සිකුරාජපති)

    මාර්තු 11, 2012 at 12:08 පෙ.ව.

    මම තාම කලර් ලයිට් චාටරයක් කා නැත

     
  15. uwiniran

    මාර්තු 12, 2012 at 11:45 පෙ.ව.

    බොට හොඳ වැඩේ කලර් ලයිට් වැටිලා තියෙත්දි ගියාට, මීට පස්සෙවත් වාහනේ නවත්තලා ලයිට් එක පැත්තකින් අරන් තියලා පල.

     
    • henryblogwalker

      මාර්තු 12, 2012 at 7:17 ප.ව.

      @රාජ්: අර දෙවෙනි කතාවෙ බේරුනේ ටෝක් එකෙන්ම තමයි. වැඩේ මේකනෙ. ආපහු යන්න දවස් කීපයක් තියෙද්දි කිසිම දේකට පැටලෙන එක අන්තිම මෝඩ වැඩේ.

      @ඉඳුනිල්: ඒක මාර කෙලියක්නෙ. ඒ මොකටද ඒකා බැන්නෙ? මොනවා කියලද?

      @ගැමියාගේ පත් ඉරුව: ඔය අවස්ථා තුනේම තව කට්ටිය හිටියා. නමුත් අර කලින් නිවාඩුවක වෙච්ච පාක් එක ලඟ රවුන්ඩබවුට් කතාවෙදි හැර.
      වෙන්න ඇති මගෙ මූණෙ අප්සෙට් එකක් තමයි. ගුටි කන මූණක් තමයි තියෙන්නෙ.

      @ඕනයා: මේ පාර වත් ගෙදර ගියාම ඒ පුල පුලා බලා සිටින අවස්තාව උදාවේවායි ඉත සිතින් පතමි.

      @uwiniran: හරියට හරි බොල. මට ඕක කල්පනාවක් වුනේ නෑනෙ. තැන්කූ.

       
  16. නවම්

    මාර්තු 12, 2012 at 2:33 ප.ව.

    හෙහ් හෙහ්.. එදා මතකයිනෙ තමුන්ට අත වනන්න ගිහිල්ල යුනියන් ප්ලේස් කලර්ලයිට් ජම්ප් කරල මට දඩයක් ගහන්න පොලීසියෙන් නැවැත්තුව.

    ඊටපස්සෙ උන්දැ මට කියුවෙ මොකක්ද දන්නවද

    පො.නි : කොහෙද යන්නෙ
    මං : ගෙදර යනව
    පො.නී : අර කාටද අත වනන්න ගියේ
    මං : ආ ඒ අර අපේ හෙන්රිට නෙ
    පො.නී : යාළුවෙක්ද
    මං : ඕව් ඔව්.
    පො.නී : තමුසෙගෙ තාත්තගෙ වයසෙ විතර ඇති නෙව ඒ මනුස්සය
    මං : 🙂
    පො.නී : හරි හමං යාළුවෙක් නං තමුසෙ මේ කරදරේ වැටිච්ච වෙලාවෙ නවත්තල විපරං කරන්න එපැයි අයිසෙ.
    මං : මිනිහට නවත්තන්න බෑ
    පො.නී : මොකෝ බ්‍රේක් නැද්ද
    මං : නෑ. ලයිසන් ඉන්ෂුවරන්ස් දෙකම නෑ
    පො.නී: ඌට &**&$_(@#$+_ එපැයි ඕයි !!!!

     
    • henryblogwalker

      මාර්තු 12, 2012 at 7:03 ප.ව.

      @ නවම්: මූව කොටියා කාපිය. එදා ඔය සිද්දිය ගැනම මේකා ලියලා තිබ්බ හැටි මෙන්න. මේකත් උපුටා ගත්තෙ නිවාඩු කාලෙ පොලිස් කතා පෝස්ට් එකෙන්.

      මටත් ඔහොම කාකි මහත්තුරු දෙන්නෙක්ම මුනගැහිල තියනව [ජීවිතේටම දෙපාරයි අහු උනෙත්] දෙපාරම අර මාළුවත් එක්ක යනකොට. එක සැරයක් නම් හෙන්රිත් සීන් එක දැක්කනෙ.

      එදා උනේ මෙන්න මෙහෙම දෙයක්.

      ඔන්න කලර් ලයිට්ස් පැන්න ගමන් අත දාපි කොළු රාලහාමියෙක්. මාත් ඉතිං අන්ද මන්ද වෙලා නෑවැත්තුව, ඇයි මං වැ‍රැද්දක් කොලාය..

      මගෙන් අහපි මල්ලි, මොකෝ ලයිට් දැක්කෙ නැත?

      ලයිට්, මොන ?

      රෙඩ් ලයිට් එකේ නවත්තන්න නැතුව ආවනෙ.

      හප්පටසිරි. දක්කෙ නෑ නෙ. මං මේ යාළුවෙක්ට අතවන වනනෙ ආවෙ. [යාළුව කවුද කියල ආයෙ අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ]

      හ්ම්… එහෙමංනං පොඩි දඩයක් ලියන්නම්.

      හා.. මොනව කරන්නද වැ‍රැද්ද මගේනෙ.

      හා… උඹලත් කොල්ලො නේද.. ඔය දඩේ ගෙවන සල්ලිවලින් ඇඟ හැදෙන්න මොනව හරි කෑවොත් නරකද.

      මට කොලොප්පං !

      කොහෙද වැඩකරන්නෙ ?

      නවම් මාවතේ.

      හෙහ්.. ඒ අපේ ඒරියා එකනෙ. දැක්කොත් නවත්තල කතාකරල යන්න ඕනෙ හරිද,

      කොටියා කාපිය කිව්වෙ විහිලුවට. මූව කොටියා කෑවොත් අර චූටි මැණිකෙටයි පැටියටයි යන කල මොකක්ද? හැබැයි අපරාදෙ කියන්න බෑ මේකාගෙ නිර්මාණාත්මක හැකියාව නම්!!!

       
      • නවම්

        මාර්තු 13, 2012 at 1:03 ප.ව.

        හෙහ් කොටියට කියල කව්වන්න මාව ! එහෙනං ඒ කොටියගෙ අන්තිම කෑම වේල තමා. ඊට පස්සෙ චූටිමැණිකෙ ඌව කයි නැට්ටෙ එක මයිලක් ඉතුරු නොකර.

        උඹට කියන්න අයියෙ පහුගිය දොහේ අපි සත්තුවත්තෙ ගියා. අනේ මේං ගෙදර උන්දැව දැකපු කොටිය නැට්ට දෙපරන්දෙ ගහං කූං කූං ගාන්න තියාගත්ත. හෙහ් හෙහ්.. අන්න එහෙමයි අපේ වීර කාන්තාවො !

         
  17. hiruni

    මාර්තු 12, 2012 at 9:27 ප.ව.

    හිහ් හිහ් හිහ්. ඒත් මේවට දැන් හිනා උනාට වෙච්ච වෙලාවෙ නම් හිනා යන්න නැතුව ඇති නේ? පින්තුරත් ලස්සනයි 😀

     
  18. sAm sRi

    මාර්තු 13, 2012 at 7:28 ප.ව.

    අදයි බ්ලොග සෙට් වුනේ හිමීට බලන්නමි.. ජය !

     
  19. Nish

    මාර්තු 14, 2012 at 11:49 පෙ.ව.

    හපොයි මටත් ඔහොමම කලා බොරැල්ලෙදි කෙනෙක්..

    මම නම් මිනිහට එතනදිම කියන්න ඕන ටික කියලා දැම්ම කිසිම පොලිස් නිළධාරියෙක් ප්‍රසිද්දියේ මිනිස්සු ගොඩක් මැද එහෙම බැනුම් අහල නැතිව ඇති කාගෙන් වත්. ඒ වගේම ඔහුගේ ඉහල නිළදාරීන්ටත් වෙච්ච අසාධාරනේ ගැන complain කරලා දඩ නොගෙවාම ලයිසන් එකත් අරගෙනම තමා පස්ස බැලුවෙ ඇයි අප්පා මොන එහෙකටද වැරදි නොකර දඩ ගෙවන්නේ.
    අනික වරදක් කලොත් නම් මම කවදාවත්ම ඔය පොලිසියෙ උන්දැලට නම් පිංසෙන්ඩු වෙන්නෙ නෑ දඩ කොලේ ලියල දෙන්න කියනව මිසක්ක

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න