RSS

29. සයිකල් ශූර වි. ප. බ‍ටුවංගලතුමා

06 නොවැ.

මිස්ට බ‍ටුවංගලගෙ මඩ පුවක් බැක් අප් එක මතකයිනෙ? කියවලා නැති අය මෙතන ඔබන්නකො.

බ‍ටුවංගල තුමා ඇත්තටම නිල්වන් කඳුකරයෙන් ආපු ඩයල් එකක් නිසා බයිසිකල් කියන ජාතියට ආගන්තුකයි. ඒ මොකද ඒ පලාත් වල තියෙන කඳුවල හැටියට බයිසිකල් වලින් වැඩක් නැහැ. ඉතිං බයිසිකල් ඇත්තෙත් නැහැ. ඒ නිසාම හුඟ දෙනෙකුට බයිසිකල් පදින්නත් බැහැ.

නමුත් දෙහිඅත්තකණ්ඩිය කියන්නෙ පැතලි භූමියක් නිසාත්, වෙනත් ප්‍රවාහන මාධ්‍ය දුර්ලභ නිසාත්, බයිසිකල් හරිම සුලභයි. ඉතිං අපේ බ‍ටුවංගල තුමත් බයිසිකල් පදින්න පුරුදු වුනා ටික ටික, වැටි වැටි. වැඩිහිටියෙකුට බයිසිකලයක් පදින්න පුරුදුවෙනවා කියන එක පොඩිහිටියෙකුට වඩා සෑහෙන අමාරු වැඩක් නෙ.

බ‍ටුවංගල එතකොටත් මැදි වයසෙ පුද්ගලයා. සිමෙන්ති කොට්ටයක හැඩහුරුකම තියෙන පොර. මමත් පොරව දාගෙන මුලින් බයිසිකල් වලත් පස්සෙ මගෙ මෝට බයික් එකෙත් ගිහින් තියෙනවා. අපරාදෙ කියන්න බෑ සිමෙන්ති කොට්ට දෙකක් පටවන් යන එක ලේසියි බට්ටව දාගෙන යනවට වඩා.

මොකද, ඔය බයික් පදින අය දන්නව ඇතිනෙ බයික් එකක් පදින කොට, විශේෂයෙන්ම වංගුවක් හෙම ගන්නකොට පිටිපස්සෙ ඉන්න පුද්ගලයා දරදඬුව ඉන්නෙ නැතුව ඇ‍ඟෙන් පොඩ්ඩක් වංගුව ඇතුලට නැවිලා පොඩි සහයෝගයක් දෙනවනෙ. සිමෙන්ති කොට්ටෙ එහෙම නොකලත් අඩුම ගානෙ අනිත් පැත්තට බර නොවී එහෙමම තිබිලා හරි උදවු වෙනවනෙ. බ‍ටුවංගල ඕකෙ අනිත් පැත්ත. දකුණට වංගුවක් ගන්නකොට පොර වමට ඇලවෙනවා. වමට වංගුවක් ගන්නකොට දකුණට ඇල වෙනවා. හදිස්සියෙ යාලුවෙක් දැක්කොත් දුවන බයිසිකලෙන් කකුල බිම ගහලා නැගිටින්න හදනවා. ඉතිං හරිම කල්පනාවෙන් නොගියොත් බයික් එක පෙරලගෙන අතපය කඩාගන්න පුලුවන්.

ඉතින් අපේ පොරත් කොහොම හරි පුෂ් බයිසිකලයක් පදින්න පුරුදු වුනා. හැබැයි සමබර තාවය කියන එක නම් අන්තිමයි. වැනි වැනි යන්නේ ඇඟ දරදඬු කරගෙන, හැඬල් එක මරු විකාරෙන් වගෙ අල්ලගෙන. සිංහලෙන් ‘DEATH GRIP’ කියන්නෙ. බ්‍රේක් ගහන්නෙ මුලින්ම කකුල් බිම තියලා අද්දගෙන ගිහින් අන්තිම මොහොතෙ පසුව ඇතිවෙන පසු සිතුවිල්ලක් (after thought) හැටියට. (පසු සිතුවිල්ල කියන වචනෙ මේ දැන් නිර්මාණය කලේ. එහෙම වචනයක් තියෙනවද ඇත්තට? හික්ස් (:))

එතකොට ගමනාරම්භය බලා ඉන්නත් භයංකාර දර්ශණයක්.


මුලදි තනියෙම ඉස්කෝලෙ වත්ත ඇතුලෙත්, පස්සෙ පාලු පාර වලත් පුරුදු වෙච්ච බට්ටා, තනියෙම දුර ගමනුත් යන්න පුරුදු වුනා. නමුත් අපි කවුරුත් දැනගෙන හිටපු දෙයක් තමයි මෙයා නම් කවදාවත් මේ ශාස්ත්‍රය ප්‍රගුණ නොකරන බව. මොකද හුඟක් ශාස්ත්‍ර වගෙ ඕකත් ඇ‍ඟෙන් එන්න එපායැ.

දවසක් ඉස්කෝලෙ වෙලාවෙ මම පන්තියක ඉඳලා ඔෆීස් එක පැත්තට එනවා. බට්ටා බයිසිකලේක නැගලා ඔෆීස් එක පැත්තෙ ඉඳලා ගේට්‍ටුව දිහාට පැදගෙන යනවා සුපුරුදු වැනෙන ගමනින්. එතකොටම ළමයෙක් පන්තියකින් එලියට ඇවිත් “සර්, සර්!!” කියලා කෑ ගැහුවා.

කොහොමත් වැනි වැනී යන බට්ටා, හදිසියෙම වඩා වේගයෙන් වැනෙන්න ගත්තා. මමත් නැවතිලා මේකා දැන් වැටෙයි දැන් වැටෙයි කියලා බලාපොරොත්තුවෙන්, ඇස් අයාගෙන, කට ඇරගෙන බලා ඉන්නවා. බට්ටා තිබ්බා කකුල් බිම.  දූවිලි අවුස්සාගෙන කකුල් බිම අද්දාගෙන ටික දුරක් ගිය බට්ටා, අන්තිම මොහොතෙ බ්‍රේකුත් මතක් වෙලා ඒකත් ගැහුවා. බයිසිකලෙත් අන්තිමේදි නැවතුනා. බට්ටා බයිසිකලෙන් බැහැලා, ලඟම තියෙන ගහකට හේත්තු කරලා, ආපහු හැරිලා ආවා වෙඩි කාපු ඌරා වගෙ දත් මිටි කාගෙන. ආපු ගමන් අත දිග ඇරලා දුන්න කනේ පාරක් කොල්ලට. කොල්ලා මොනවද කියන්න කට අරිනවා මන් බලාගෙන. බට්ට තව පාරක් දෙන්න අත උස්සනකොට මම ඇහුවා,

“ඇයි සර් මේ ළමයට ගහන්නෙ?”, කියලා.

“හැයි සෑර් තමයි.” බට්ටට මා එක්කත් මල. “මේක සර් සර් ගෑව. තව පොඩ්ඩෙන් මාව කලබල වෙලා වැටෙනවනෙ.” බට්ට කිව්වා.

පස්සෙ අපි අහලා බලන කොට වි ප බ‍ටුවංගලතුමාමයි මේ ළමයට කියලා තිබිලා තියෙන්නෙ එයා කළාප කාර්යාලයට යනකොට මොනවද දෙයක් අරන් යන්න මතක් කරන්න කියලා.

 

ටැග: ,

16 responses to “29. සයිකල් ශූර වි. ප. බ‍ටුවංගලතුමා

  1. විසිතුරු | visituru

    නොවැම්බර් 6, 2011 at 6:46 පෙ.ව.

    හෙහ් හෙහ්! බ‍ටු මහත්තයා ඊට පස්සෙ වත් හරියට බයිසිකල් පදින්න ඉගෙන ගත්තාද?

    (ඒ අහිංසක ළමයාට පහර දීම තරයේ හෙලා දකිමි.)

     
  2. Chanaka Aruna Munasinghe

    නොවැම්බර් 6, 2011 at 7:50 පෙ.ව.

    හකිස්සෝ, හිනා වෙලා බඩ රිදෙනෝ

     
  3. පූසා

    නොවැම්බර් 6, 2011 at 9:07 පෙ.ව.

    මදෑ සෑර්ට බයිසිකලේ හුරු නැතුවට ගුටි කෑවේ අර පොඩි එකා නොවැ 😀

     
  4. Weni

    නොවැම්බර් 6, 2011 at 10:12 පෙ.ව.

    හිකීස්.. මට මැවිලා පෙනෙනවා වැනි වැනි ගිහින් බයිසිකලේ බ්‍රේක් ගහන හැටි.. හෆොයි අර කොල්ලගෙ පරණ කරුමයක් තමයි පල දීලා තිබ්බෙ..

     
  5. hirunijayawardenehiruni

    නොවැම්බර් 6, 2011 at 3:06 ප.ව.

    හිහ් හිහ් හිහ්…..පව් වැඩේ අර ලමයා. අපරාදේ, ඩුඩ්ට තිබ්බෙ බයිසිකලේට ගයිඩ් වීල් දෙකක් හයි කරලා දෙන්න….හෙ හෙ හේ

     
  6. ඕනයා (Dulip Sikurajapathy)

    නොවැම්බර් 6, 2011 at 3:51 ප.ව.

    හෆ්ෆා . . . සයිකල් පදින්න පුරුදුවෙන දවස් වලදි හිටං පාගනකොට චේන් පනිනව තරං ආතල් එකක් ලොවෙත් නෑ . . . .

     
  7. henryblogwalker

    නොවැම්බර් 6, 2011 at 5:27 ප.ව.

    @විසිතුරු: හරියට පදින්න කවදාවත් ඉගෙන ගත්තෙ නෑ. ළමයින්ට පහර දීම මමත් හෙලා දකිනවා. ඒ විතරක් නෙවෙයි. අපි වැඩකරන රටේ ළමයෙකුට අත තිබ්බොත් පැය 24න් ඩිපෝට් කරනවා. තව දෙයක්. ඔය බට්ටත් එහෙම ලමයින්ට ගහන පොරක් නෙවෙයි. මේක මලම පැනපු වෙලාවක්.
    @චානක;: ස්තුතියි මේ පැත්තෙ ආවට.
    @පූසත් කොච්චර ගුටි කාලා ඇත්ද නේ?
    @වෙනි: සමහර වෙලාවට වඳින්න ගිය දේවාල ඉහේ කඩා වැටෙනවනෙ වෙනී.
    @හිරුණි: පොරගෙ බරට හරියන්නෙ වීල් බැරෝ වීල් දෙකක තමයි.
    @ඕනයා: ඒ වුනාට ඔය උඹට බබාල ඉන්නෙ.

     
  8. Weni

    නොවැම්බර් 7, 2011 at 10:43 පෙ.ව.

    ඕනයාට දීපු උත්තරේට හෙන්රි මෙන්න මගෙන් උඩ පැනල දාන්න පහේ දෙකක්ම !

     
  9. Observer

    නොවැම්බර් 7, 2011 at 12:56 ප.ව.

    වි.ප. බට්ටා බයිසිකල් පද්ද හැටි බ්රේක් ගැහුවා හැටි නං මැවිලා පෙනුන.

    ප.ලි.
    එහෙනං අර පොරට ටේලර් කිව්වා එක වැරදියි, බයිසිකල පැදීමයි අර ඔලුවෙ කැක්කුමට මුල.
    බබාල ගැන නං මුකුත් කියන්නෙ නැහැ

     
  10. නවම්

    නොවැම්බර් 8, 2011 at 2:05 ප.ව.

    ඔයි කෑකිල්ලෙ උන්නාන්සෙත් ඒ කාලෙ වීදි සංචාරේ කියල බ‍ටුවංගල උන්නැහේලයි පළාතෙ කරක් ගැහුවලු නෙව රෑට රෑට. ආරෙට වෙන්ඩැ අර කනේ පාර.. හිකිස් !..

    අර බ්‍රේක් ගැහිල්ල කිව්ව්මයි මතක් උනේ මාත් ඉස්සෙල්ලම මොටෝ සයිකලයක් පදින්න අරං නවත්තගන්න කකුල් ගැහැව්ව නෙව. හොඳ වෙලාවට තනකොළ බිස්සක වෙච්චි.

     
  11. ලොකු පුතා

    නොවැම්බර් 9, 2011 at 10:15 ප.ව.

    ඇත්තටම කනේ පාර ගහන්න තිබ්බේ කොල්ලට නෙමෙයි අර Mr බටු මහත්තයට. මෙච්චර කල් ගිහිල්ලත් බයිසිකලයක් පදින්න දන්නේ නැති කමට

    ඔය වගේ අසාධාරණ වැඩ කොච්චරවත් වෙනවා නොව අහිංසක ඉස්කෝලේ ළමයින්ට…
    මොකද ආපහු හැරිලා ගහන්න කියලයැ.

     
  12. නරකයා

    නොවැම්බර් 10, 2011 at 9:29 පෙ.ව.

    අපේ අයියා කෙනෙක් ඉන්නවා.. කෑගල්ල පැත්තෙ පොරටත් පුෂ් බයිසිකලයක් තියෙනවා…. යද්දා නැගලා යනවා.. එද්දි තල්ලු( පුෂ් ) කරන් එනවා.. කඳු නේ..

     
  13. DJ

    නොවැම්බර් 14, 2011 at 12:21 ප.ව.

    හෙන්රි බ්ලොග්වොකර්,

    බ‍ටුතුමා කටෙ පුරවා ගෙන ඉන්න ඇති අර එයාගේ ඩෙලිකසි මඩ පුවක් , බයවුන පාර ෂුවර් එකටම එකත් ගිලෙන්න ඇති. මට නම් හිතෙන්නේ එකයි එයාට ඔය තරමටම තරහා ගියෙ .

     
  14. Hasitha

    දෙසැම්බර් 20, 2011 at 8:29 පෙ.ව.

    අපෙත් එකෙක් ඉන්නවා ඔය ජාතියෙම. ඌත් එක්ක බයිසිකල්වල යන එක නම් හරි ඩේන්ජර්. එක පාරක් අපි හැප්පෙන්ත් ගියා ඌ හැන්ඩ්ල් එක එහෙම මෙහෙට කරලා

     
  15. Sarath Lankapriya

    අගෝස්තු 24, 2012 at 9:30 පෙ.ව.

    මරු අත්දැකීම් ටික..

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න