RSS

126. මාරක කේක් වට්ටෝරුව 1 – Cake of Doom 1

26 අප්‍රේල්
126. මාරක කේක් වට්ටෝරුව 1 – Cake of Doom 1
මාරක කේක් වට්ටෝරුව. Cake of Doom
 
A choose your own baking adventure

කේක්  එක බේක් කර ගැනීම: 
ඔබට අවශ්‍ය සාර්ථකව අවසන්වන වට්ටෝරුවක්ද?
නැතහොත් විනාශයෙන් අවසන් වන වට්ටෝරුවද?
මේ කතාවෙදි එය  තීරණය කරන්නේ වෙනින් කවුරුවත් නෙවෙයි . 
ඔබමයි.
ඔබේ නම ඇන්ඩි.
හෙට මව් වරුන්ගේ දිනය. 
හෙට උදෙන්ම අවදි වී, ඇයට කේක් එකක් ඔබම සාදා,
ඇයව විශ්මයට පත් කිරීමට ඔබ අදහස් කරනවා. 
එකම ගැටළුව ඔබ මින් පෙර කිසිදා කේක් එකක් සාදා නොමැති වීමයි. 
නමුත් එවැනි සුළු කරුණකින් සැලෙන්නෙක් නෙවෙයි ඔබ.
 
එසේ නම්, සුබ පැතුම්!
Good Luck! Happy Baking 
අනේ මොනවා කලත් ‘පරිස්සමෙන්’ මයේ දෙයියෝ!
෴ Cake of Doom ෴ + ෴ Cake of Doom ෴+෴ Cake of Doom ෴
 1.


ඔන්න දැන් හෙට උදෙත් වෙලා. ඔන්න  ඔයාගේ අර ඩිජිටල් X-Men අලාම් ඔරලෝසුවවදිනවා හි‍ටු කියලා. ඉස්සෙල්ලම අර අනතුරු හඟවන සයිරන් සද්දේ. ඊට පස්සෙ X-Men ලගේ අණදීම: “GET UP! TIME FOR ACTION! GO! GO! GO!”


*ඔයාට
මල පැනලා, අනිත් පැත්ත හැරිලා මෙහෙම හිතනවා නම්, “නෙද්දකිං!   මොන මල
කරදරයක්ද යකෝ මේක! මට බෑ නැගිටලා කේක් හදන්න. මම නිදාගන්නවා… අනික අම්මා
මා වෙනුවෙන් මොනවද කරලා තියෙන්නේ?”  යන්න කෙලින්ම 2 කොටසට.



*ඔයා දුන්න වගෙ නැගිටලා කෙලින්ම කුස්සියට යනවානම්, යන්න කෙලින්ම 3 කොටසට.

2.  



ඔයා ඇඳේ රවුමක් පෙරළිලා, අලාම් එක ඕෆ් කරන්න හදනවා. නමුත් කරුමෙට, අර ඇඳ ලඟ පොඩි කබඩ් එක උඩ තිබුන වතුර වීදුරුවෙ අත වැදිලා, ඒක පෙරළෙනවා බිමට. වතුරෙන් වැඩි කොටස කාපට් එකට උරා ගන්නවා, නමුත් වතුර ටිකක් යනවා  අර විදුලියෙන් ක්‍රියාකරන ඩිජිටල් X-Men අලාම් අර්ලෝසුවේ පිටිපස්සෙන් ඇතුලට. ඔයා දැන්ටමත් දන්න විදියට වතුරයි විදුලියයි මිශ්‍ර වෙන්නේ නෑ. 

ඔරලෝසුව කෙකර ගානවා, චට පට ගානවා, සයිරන් සද්දේ එකසිය ගානට වැඩි වෙනවා, අඩුවෙනවා. X-Men ලගෙ අණදීමත් දැන් ඇහෙන්නේ බුවාලා වතුර යට ඉඳන් කෙකර ගානවා වගේ. 

දැන් ඔයාට මල් පොකුරම පනිනවා ඔරලෝසුවත් එක්ක. ඔයා අත දික් කරලා ඒක ඕෆ් කරන්න හදනවා. මේ පාර නම් ඔයාට පුලුවන් වෙනවා ඔරලෝසුවට ගහන්න, නමුත් කරුමෙට, ඒකට ඇවිත් නන්නත්තාර වෙලා ඉන්න  වෝල්ට් 220ක විදුලිය, ‘සිං’ ගාන කොට ඔයාගේ අත දිගේ ඇවිත් ඔයාගේ මොළේ කරකුරුට්ටං වෙනවා. 

ඔයාගේ අවසාන සිතුවිල්ල, අම්මා විශ්මයට පත්වෙනවා නම් තමයි, නමුත් ඒ ඔයා කරන්න හිතාගෙන හිටපු විදියට නෙවෙයි කියන එක. 

ඔයා මැරෙනවා.


 ෴ නිමි  ෴

3.

ඔයා කුස්සියට යනකොට ඔයාට ඇහෙනවා පැන්ට්‍රියෙන්  ‘ටකාස්’ සද්දයක්. ඒ, මේ මෑතක ඉඳන් කුස්සිය ආක්‍රමණය කරන්න හදන මීයන්ට එරෙහිව,  ඔයාගේ තාත්තා කරන මෙහෙයුමේ කොටසක් හැටියට  අටවපු මී උගුලක් වෙන්නැති. මුං කවුන්ටර් උඩයි, අවන් එක ඇතුලෙයි, පාං දාන පෙට්ටිය ඇතුලෙයිබෙටි ගහන එකට විරුදධව, තාත්තා, මී උගුල්, මී කතුරු, මී පාසානම්, ඒ ඔක්කොටම වඩා දරුණු අවිය වන ඔයාගේ බල්ලා සූටිව  යොදාගෙන යුද ප්‍රකාශ කලා. 



ඔයා පැන්ට්‍රි කබඩ් එකක් අරිනවා. ආ මේ ඉන්නෙ බඩු! මෙන්න මීයෙක් අහුවෙලා මී කතුරකට.  දුඹුරු පාට, ඇ‍ඟේ මැක්කො ඉන්න, අපිරිසිදු ජරා මීයෙක්! මූ මැරිලා නෑ.  උගේ අතක් විතරයි අහුවෙලා තියෙන්නේ කතුරට. ඌ, උගේ අර දුක්බර, ආයාචනාත්මක, ඇඬුම්බර මී ඇස්වලින් ඔයා දිහා බලනවා. ඔයාට හෙන අවුල් මේ වැඩේ. ඔයාටම විශ්වාස කරන්න අමාරුවුනත්, ඔයාට පව් කියලා හිතෙනවා මේ ජරා සතා ගැන….


*ඔයා මී කතුර එළියට අරන් ගිහින් මීයව නිදහස් කරනවා නම් කෙලින්ම යන්න 4 ට.

*ඔයා අර රෝලිං පින් එකෙන් ඔලුවට පාරක් දීලා අරන් මීයව මේ දුක්ඛිත සංසාරෙන් එගොඩ කරලා දානවා නම් යන්න 5ට.

4.


ඔයා මීයව නිදහස් කරනවා. මේ ජරා යකා අනිත් පැත්ත හැරිලා ඔයාගේ ඇඟිල්ල හපනවා.
මීයාගේ කෙල හරහා ඔයාට අධි මාත්‍රාවකින් ශරීරගත වෙනවා අධි වේගී, මාරාන්තික, ජලභීතිකා වෛරසය. 

ඔයාගේ කටින් පෙණ දාන්න ගන්නවා.

ඔයා පිස්සු බල්ලා වගේ රවුමට රවුමට දුවනවා.

දුවලා දුවලා ඇද ගෙන  වැටෙනවා. 

වැටිලා ඔයා මැරෙනවා.


  ෴ නිමි  ෴
5.





ඔයා රෝලිං පින් එකෙන් නෙලනවා පාරක් මීයගේ ඔලුවට, පොරි හැලෙන්න. ඈක්කා! පොරි කිව්වට මොළ කෑලි එලියට වීසි වෙන්න. වැඩේ චොර! මොකද මේකගෙ ඔලු කට්ට පුපුරනවා හරියට කුණු බිත්තරයක් පුපුරනවා වගේ, ‘පඨෝං’ ගාලා.

ඔයා මූණ පුරාම විසි වෙච්ච ලේයි, මොළ කෑලියි පිහදාද්දි, ඔයාට දැනෙනෙවා   චිත්ත සන්තානනයේ ඇතුලතින් බුර බුරා නැගෙන  උණුසුම් විස්තර කරන්න අමාරු හැඟීමක්, ඔයා කල දේ හරිය කියලා. එහෙමයි කියලා ඔයාට, මුළු දවසම මීයන්ගේ ඔලු පල පල ඉන්න බෑනේ. අර කේක් එක හදන්න තියෙනවනේ. 

*ඔයාට නියම ක්‍රමයට කේක් එක හදන්න කම්මැලි නිසා අර ක්ෂණික කේක් මිශ්‍රණයට අත යනවා නම් , යන්න 6 ට.
*ඔයාට නියම කේක් එක හදන්න කම්මැලි නැති නිසා අර කෑම වට්ටෝරු පොත ගන්න  අත දික්වෙනවා නම්, යන්න 7ට.

6.


අර ක්ෂණික කේක් මිශ්‍රණය තියෙන්නේ, පැන්ට්‍රි කබඩ් වල උඩම තට්‍ටුවේ. ඔයා ඇඟිලි තුඩු වලින් හිටගෙන ඒක ගන්න හදන්නේ… නමුත් ඔයා හීනෙකින්වත් නොහිතපු විදියට, මාරයා මෙතන හැංගිලා, ඔයා දිහා දත් විලිස්සාගෙන බලාගෙන ඉන්නවා.

කුස්සිය කියන්නේ ඔයා නිතර යන තැනක් වත්, ගිහින් කේක් හදන තැනක් වත් නොවන නිසා අම්මයි තාත්තයි, ඔයාගේ උපන් දිනයට ඔයාට දෙන්න හිතාගෙන ඉන්න බෝලිං බෝල් එක හංගන්න හොඳම තැන හැටියට තෝරගත්තෙත්, පැන්ට්‍රි කබඩ් එකේ උඩම තට්‍ටුව.

ඔයා ක්ෂණික කේක් මිශ්‍රනය පැකට් එකේ කොනකින් අල්ලලා අදිනවා පහලට. කරුමෙට, පහලට ඇදිලා එන්නේ කේක් මිශ්‍රණ පැකට් එක විතරක් නෙවෙයි. ඒ එක්කම ඇදිලා එන බෝලිං බෝල් එක දෝයි ගාල වැටෙන්නෙ ඔයාගේ ඔලුවඋඩට. ඔයා එතනම මැරෙනවා..

 
෴ නිමි  ෴

7.



අර කෑම වට්ටෝරු පොත තියෙන්නේ, පැන්ට්‍රි කබඩ් වල උඩම තට්‍ටුවේ. ඔයා ඇඟිලි තුඩු වලින් හිටගෙන ඒක ගන්න හදන්නේ… නමුත් ඔයා හීනෙකින්වත් නොහිතපු විදියට, මාරයා මෙතන හැංගිලා, ඔයා දිහා දත් විලිස්සාගෙන බලාගෙන ඉන්නවා.

කුස්සිය කියන්නේ ඔයා නිතර යන තැනක් වත්, ගිහින් කේක් හදන තැනක් වත් නොවන නිසා අම්මයි තාත්තයි, ඔයාගේ උපන් දිනයට ඔයාට දෙන්න හිතාගෙන ඉන්න බෝලිං බෝල් එක හංගන්න හොඳම තැන හැටියට තෝරගත්තෙත්, පැන්ට්‍රි කබඩ් එකේ උඩම තට්‍ටුව.

ඔයා කෑම වට්ටෝරු පොත කොනකින් අල්ලලා අදිනවා පහලට. නමුත් පහලට ඇදිලා එන්නේ කෑම වට්ටෝරු පොත විතරක් නෙවෙයි. ඒ එක්කම ඇදිලා එන  බෝලිං බෝල් එක ඔයාගේ නහයේ ගෑවීගෙන  දෝයි ගාල වැටෙනවා බිමට.

“යකෝ, මාර බේරිල්ලක්නේ. ඒක ඔලු ගෙඩියට වැ‍ටුන නම් කේක් හදන්න මම ඉතුරු වෙන්නේ නෑ!” ඔයා කියනවා.

ඔයා කෑම වට්ටෝරු පොතත් අරගෙන කුස්සියේ මේසෙට ගිහින්, කේක් හදන හැටි කියන කොටස පෙරලාගන්නවා. .

*ඔයා කැරට් කේක් එකක් හදන්න තීරණය කරනවා නම්, යන්න 8 ට.
*ඔයා චොක්ලට් කේක් එකක් හදන්න තීරණය කරනවා නම්, යන්න 9 ට.


8.



මේ වට්ටෝරුවට ඕනෙ වෙනවා ග්‍රේට් කරපු කැරට්. ඒ වුනාට ඔයාට ග්‍රේටර් එක හොයාගන්න  බෑ.  ඔන්න ඔයාට පහල වෙනවා පට්ට අයිඩියා එකක් වැඩේ ගොඩ දාගන්න. තාත්තා, මේ පාර Mothers’ Day  එකට අම්මට දෙන්න හිතාගෙන ඉන්නේ, සුපිරි බලයක් තියෙන බ්ලෙන්ඩර් එකක්. ඔයාට හිතෙනවා ඔයා හොරෙන්ම තෑගි පාර්සලේ ඇරලා අරගෙන, පාවිච්චි කරලා, ආපහු තිබ්බ විදියටම ඔතලා තිබ්බොත්, ඕක කාටවත් දැනගන්න ලැබෙන එකක් නෑ කියලා.

ඔන්න ඉතින් ඔයා බ්ලෙන්ඩර් එක එලියට ගන්නවා. ඒකෙ  පෙට්ටියේ එලියෙම අවවාදයක් සටහන් වෙනවා, පළමුව උපදෙස් පත්‍රිකාව  නොකියවා කිසිසේත්ම බ්ලෙන්ඩර් එක පාවිච්චි කරන්න එපා කියලා. තමන් හෙන ස්මාර්ට් වැඩ්ඩෙක් කියලා හිතාගෙන ඉන්න ඔයා,  කවදාවත් උපදෙස් පත්‍රිකාවල් කියවන්නෙ නෑ. ඉතින් ඔයා බ්ලෙන්ඩර් එකට කැරට් පුරවගෙන පුරවගෙන යනවා. ඊට පස්සෙ ස්විච් එක දානවා.

වැඩේ නැගලා යද්දි ඔයා නිකමට කල්පනා කරනවා ඇයි මේ ග්‍රේට් කරපු කැරට් මෙච්චර රතු පාට කියලා. ඒ එක්කම ඔයා කල්පනා කරනවා, ඇයි ඔයාගේ ඇඟිලි මෙච්චර රිදෙන්නේ කියලා. ඔන්න එතකොටම ඔයාට තේරුම් යනවා, ඔයාඋපදෙස් කියෙව්වේ නැති නිසා, ඔයා අර ආරක්ෂිත වැස්ම දාලා නැති බවත් ඒ නිසා ඔයාගේ දකුණු අතේ ඇඟිලි ටිකත් කැරට් එක්කම ග්‍රේට් වෙලා ගිහින් බවත්.

ඔයා කොච්චර කම්පනයට පත් වෙනවද කිව්වොත්, ඔයා කලන්තේ දාලා ඇදගෙන වැටෙනවා ‘දෝයි’ ගාලා. ඔයාගේ ඇ‍ඟේ තියෙන ලේ ඔක්කොම,  ඔයාගේ කලින් ඇඟිලි තිබ්බ තැන් වලින් එලියට ගලාගෙන යනවා ‘ගොදගොද’ ගාලා. කුස්සියේ බිම ඇතිවෙන ඔයාගෙම ලේ  විලේ, ඔයා  ගිලිලා මැරෙනවා..  

 
෴ නිමි  ෴


9.




ඔයා වට්ටෝරු පොතේ කියලා තියෙන  හැම දේම කරනවා.

ඔයා අවන් එකත් කලින්ම 350 ට රත් කරනවා. 13″ X 9″ X 3″ සෘජු කෝණාශ්‍රාකාර තැටියේ අඩියට ඔයා බටර් ගාලා, පිටි පොඩ්ඩකුත් ඉහිනවා. ඊට පස්සෙ තියෙන්නේ මිශ්‍රණය බ්ලෙන්ඩර් එකට දාලා  ගහන්න. නමුත් ඔයාට බ්ලෙන්ඩරයක් හොයා ගන්න බෑ. ඔන්න ඔයාට පහල වෙනවා පට්ට අයිඩියා එකක් වැඩේ ගොඩ දාගන්න.  තාත්තා, මේ පාර Mothers’ Day එකට අම්මට දෙන්න හිතාගෙන ඉන්නේ,  සුපිරි බලයක් තියෙන බ්ලෙන්ඩර් එකක්. ඔයාට හිතෙනවා ඔයා හොරෙන්ම තෑගි පාර්සලේ ඇරලා අරගෙන, පාවිච්චි කරලා, ආපහු තිබ්බ විදියටම ඔතලා තිබ්බොත්, ඕක කාටවත් දැනගන්න ලැබෙන එකක් නෑ කියලා. 

ඔන්න ඉතින් ඔයා බ්ලෙන්ඩර් එක එලියට ගන්නවා. ඒකෙ  පෙට්ටියේ එලියෙම අවවාදයක් සටහන් වෙනවා, පළමුව උපදෙස් පත්‍රිකාව  නොකියවා කිසිසේත්ම බ්ලෙන්ඩර් එක පාවිච්චි කරන්න එපා කියලා. තමන් හෙන ස්මාර්ට් වැඩ්ඩෙක් කියලා හිතාගෙන ඉන්න ඔයා  කවදාවත්, උපදෙස් පත්‍රිකාවල් කියවන්නෙ නෑ.

ඉතින් ඔයා බ්ලෙන්ඩර් එකට  ඉබේ පිපෙන පිටි කෝප්ප දෙකක්, බේකින් සෝඩා තේ හැඳි බාගයක්, ලුණු තේ හැඳි කාලක්, කොකෝ පව්ඩර් කෝප්ප බාගයක්, සීනි කෝප්පයක්, බටර් ස්ටික්ස් එකයි තුන්කාලක්, කිරි කෝප්ප එකක්, වැනිලා තේ හැන්දක් සහ බිත්තරදෙකක් පුරවගෙන පුරවගෙන ගිහින් ස්විච් එක දානවා. ස්විච් එක දාපු ගමන් ඔයාට හයියෙන්, “හුටා!” කියවෙනවා, මොකද ඔයාට තේරුම් යනවා ඔයා (අර උපදෙස් පත්‍රිකාව කියවලා තිබ්බා  නම් ඔයා දැනගෙන සිටිය යුතු මූලික දෙයක් වන)  බ්ලෙන්ඩර් එකේ පියන වහපු නැති බව.

ඔයා ඔලුව අත් දෙකෙන්ම බදාගෙන හොල්මං වෙලා බලා ඉන්නවා, හරියට පුපුරණ ගිණිකන්දක් වගේ, ඉබේ පිපෙන පිටි කෝප්ප දෙකක්, බේකින් සෝඩා තේ හැඳි බාගයක්, ලුණු තේ හැඳි කාලක්, කොකෝ පව්ඩර් කෝප්ප බාගයක්, සීනි කෝප්පයක්, බටර් ස්ටික්ස් එකයි තුන්කාලක්, කිරි කෝප්ප එකක්, වැනිලා තේ හැන්දක් සහ බිත්තර දෙකක් කුස්සිය පුරාම සී සී කඩ විසිවෙන හැටි. ඇත්තෙන්ම ඊට වඩා තව හුඟාක් දේවල් විසි වෙනවා වගේ තමයි පෙනුම නම්.

ඔයා බ්ලෙන්ඩර් එක ඕෆ් කරනවා.

*ඔයා පැනලා දුවන්න තීරණය කරනවා නම් යන්න 10 ට.

*ඔයා කොහොම හරි කුස්සිය පිරිසිදු කරලා අස්පස් කරලම ගොඩ යන්න තීරණය කරනවා නම් යන්න 11ට.


ප. ලි:

හැබැයි 10ටයි 11ටයි දෙකටම යන්න ඔයාලට ඉන්නවෙනවා ඩූඩ් මේකෙ ඉතිරි කොටස දානකල්.

ඒයි ඩූඩ්, ඕක ඉක්මනට දාපං බං, නිකං මේ කට්ටිය රස්තියාදු නොකර.

ඔන්න උඹලට බයේ දාලා තියෙන්නේ. දෙවෙනි කොටසට මෙතන ඔබන්න..

 
Simulblogged @ මගේ ඩෙනිම for Blogspot Lovers.
 
 

ටැග: ,

7 responses to “126. මාරක කේක් වට්ටෝරුව 1 – Cake of Doom 1

  1. hiruni

    අප්‍රේල් 26, 2013 at 11:17 ප.ව.

    ඩුඩ්!!!!!!!!!!!!!!!! මොනවද කරන්නේ????? මේකෙ ඉතුරු ටික එනකල් ඉන්නෙ කොහොමද නොඉවසිල්ලෙන්???!!!! :O

    හරිම ශෝක් කතාව…..මම ඔක්කොම කලා මේ වෙනකල් නොමැරී…එක පාරක් මීයව බේරන්න ගිහින් මැරුනට ආයෙම ගිහින් ඒක හරි ගැස්සුව….හිහ් හිහ් හිහ් 😀

    මම හැමදාමත් කියනව වගේ චොක්ලට් කේක වල වාසි ගොඩයි නේද? 😀 😀 😀

    ච්ත්‍රෙත් හරිම ලස්සනයි…..:D 😀 D:

    බලන්නකො කට්ටිය මේ ලියපු විදිහට හරිම කැමති වෙයි.. feels like we are on an adventure 😀 😀 :D…

    ඉතුරු ටිකත් ඉක්මනටම දාන්න හරිද ඩුඩ්….. 😀 😀 😀

     
    • henryblogwalker

      අප්‍රේල් 27, 2013 at 9:57 ප.ව.

      ඒ අංක වලට යන්න කිව්වට කමක් නෑ. ඔහේ දිගටම කියවන්න. එතකොට මොකුත් මිස් වෙන්නේ නෑ.

      මමත් හිතුවා කට්ටිය කැමති වෙයි කියලා, මම කැමති නිසා.

      චිත්‍රේ පසුබිම ඇන්දේ ෆෝටෝෂොප් වලින්. කේක් එක මම ඇන්දා.

       
  2. රයිටර්

    අප්‍රේල් 28, 2013 at 12:57 ප.ව.

    අංක වලට යන්න කිව්වට මම නම් මුල ඉඳන් පිළිවෙලට කියෙව්වා. එහෙම අතෑරලා කියවන්න නිකන් ලෝබයි ලෝබයි කියලා දැනුනා.. අංක පිළිවෙලට ගියානම් කොටස් දෙකෙන් කතාව ඉවරයි. සිරාවටම මම මේ ජාතියේ කතාවක් කියෙව්වමයි

    කමෙන්ට් බොක්ස් එක වෙනස් කරානම් ගොඩක් හොඳයි සුදු අයියේ

     
    • henryblogwalker

      අප්‍රේල් 28, 2013 at 1:07 ප.ව.

      මොකටද බං උපදෙස් පිළිපදින්න ගියේ? ඔහේ කියවාගෙන යන්න එපායැ.

      මේ වර්ඩ්ප්‍රෙස් කමෙන්ට් බොක්ස් එක මෙහෙම තමයි හැටි. ඉතින් උඹ මෙච්චර දුක් විඳගෙන මේකටම එන්නේ, ඇයි වරෙන්කො මගේ ඩෙනිමට. උඹ බ්ලොගර් බුවෙක් නේ? 😀

       
  3. ක්සැන්ඩර්

    අප්‍රේල් 29, 2013 at 2:37 ප.ව.

    මොකද මට වෙනදා එන මේල් එක මේකට ආවේ නැත්තේ? අලුත් එකට නේ ආවේ ඒක?

     
  4. iamdeejay

    මැයි 17, 2013 at 12:20 පෙ.ව.

    මේ ඇන්ඩියාත් අර ඩෙනිස් ද මෙනස් තමයි, ෆුල් ඔෆ් ප්‍රැන්ක්ස්. :O

     

ප්‍රතිචාරයක් ලබාදෙන්න