RSS

37. මං උඹලට දෙන්න හැදුවෙ සබං පෙට්ටියෙන්ම!!!

13 දෙසැ.

ඉස්කෝලෙ යන කාලෙ ඉඳලා එක දිගටම නොනැසී, සැර බාල නොවී තියෙන යාලු ‍ෆිට් වලින් චූන්ජි සහ මහින්දට මගෙ ජීවිතේ විශේෂ තැනක් හිමියි. චූන්ජියා ගැන නම් මම ලියලා තියෙනවා “ලැයිට් වැඩ වලට ඕනෙ කරන බඩුවක්” කියන පෝස්ට් එකේ.
මේ අනිත් එකා මහින්ද. අපි තුන්දෙනා ඉස්ස්සර එකටමයි හිටියෙ. එකට කෑවෙ, බිව්වෙ, නෑවෙ, ගමන් ගියේ.

මහින්දයා දැන් ඉන්නෙ ගමේ නොවුනට ඌ නිතර කියන කතාවක් තමයි, ‘ගමේ ගෙයක් හදනවා බං මම පොඩියට. එතකොට අපි තුන් දෙනාට වයසට ගියාමත් ඉස්සර වගෙ එක ගමේම කිට්‍ටුවෙන් එකට හිටියෑකිනෙ’, කියලා.

ඔය මහින්දලගෙ වත්ත පල්ලෙහා තියෙනවා හැමතිස්සෙම වතුර උතුරලා යන නාන්න පුලුවන් පොකුණක්. ඕකෙ නාන්න අපිත් හරි කැමතියි. ඇත්තටම කල්පනා කරලා බැලුවොත් ඔය පොකුණෙන් මම කොච්චර නාලා ඇත්ද…….!!!

ඔන්න දවසක් මායි චූන්ජියයි ගියා මූව බලන්න තරමක් ඇඳිරි වැ‍ටුනට පස්සෙ. ගේට්‍ටුවෙන් ඇතුල් වෙන කොටම අපට ඇහෙනවා මූ අම්මගෙන් කෑ ගගහ අහනවා උගෙ නානාභරණ දැක්කද කියලා. නානාභරණ කියන්නෙ  අපි සෙට් එක නිශ්පාදනය කරපු වචනයක්, එලිමහනේ නාන්න අවශ්‍ය උපකරණ, සබන් පෙට්ටිය, ටවල් එක, ජොකා වගෙ.

මූ කෑ ගහනවා ඇහුනා විතරයි අපෙත් තියෙන ගතිය කියන්නෙ අපි ගෙදරට ගියේ නෑ. අපි ආපු බයිසිකලුත් හංගලා මූ එන්න කලින් කෙලින්ම වත්ත පහල ලිඳ ගාවට ගියා. ගිහින් පඳුරක් පිටිපස්සෙ ඉඳගෙන ඉන්නවා මූ එනකල්. ඔන්න අපිට පේනවා ගොම්මං අඳුරෙ මහින්දයා ටවල් එකත් කරේ දාගෙන, සබන් පෙට්ටියත් වන වන,  ගල් පඩිපෙල බැහැගෙන එනවා ලිඳ දිහාට. මූ ලඟට කිට්‍ටු වෙන කොටම චූන්ජියයි මායි දෙන්නම එකටම,  පඳුර පිටිපස්සෙ ඉඳන් පැන්න මූ ඉස්සරහට

“හෑ…ඈ ඈ ඈ ඈ ඈ හ්හ්!!” ගාලා කෑ ගහගෙන.

මහින්දයා අනිත් වෙලාවට පොර ටෝක් දුන්නට,  මෙන්න පොර ගැහුව එක තැන බ්‍රේක්, පැන්න අඩි තුනක් පස්සට, කෑගැහුවා මරහඬ දීලා අපිට වැඩිය හයියෙන්,

“හෑ…ඈ ඈ ඈ ඈ ඈ හ්හ්!!” ගාලා.

අපිට තේරුනා මූ හොඳටම බය වුනා තමයි කියලා. අර කතාවකුත් තියෙනවනෙ මිනිස්සුන්ට බය උනයම බය යවන්නත් අමාරුයි කියලා.

ඉතිං මම කෑ ගහලා කිව්වා, “ඒයි මචං මහින්දයො. මේ අපි මචං. හෙන්රියි, චූන්ජියි.”

මෙන්න මූ කියනවා,

“හහ් මම දැක්ක උඹලා ඉන්නව ඈතටම. මං උඹලා දෙන්නට දෙන්න තමයි හැදුවෙ සබං පෙට්ටියෙන්ම.”

කොහොමද මුගෙ වෙපන් සිලෙක්ෂන් එක.

මේවා කියලා මූ වෙනද වගෙ එයාපෝට් එකට නෑවිත් ඉඳීද දන්නෙත් නෑ අපි එනකොට. මූ අනිත් උන් වගෙ නෙමෙයි මගෙ බ්ලොග් කියවනවා.

“හෑ…ඈ ඈ ඈ ඈ ඈ හ්හ්!!”

 

ටැග: , ,

20 responses to “37. මං උඹලට දෙන්න හැදුවෙ සබං පෙට්ටියෙන්ම!!!

  1. weniwel

    දෙසැම්බර් 13, 2011 at 6:53 පෙ.ව.

    ගොම්මන් වෙලාවල් වල කළු කුමාරයා ගැවසනවලු ලිං, පොකුණු වගේ නාන තොටවල් වල..ඔය කතාව අහල තියෙන්න ඇති මහින්ද..ඉතිං දෙයියනේ බය වෙච්ච එක අහන්න දෙයක්ය ???

     
  2. විසිතුරු | visituru

    දෙසැම්බර් 13, 2011 at 7:15 පෙ.ව.

    හොඳ වෙලාවට සබන් පෙට්ටිය මතක් වුනේ! බැරි වෙලාවත් පනිට්‍ටුවක් තිබිලා ඒක මතක් වුණා නම් ……………..

     
  3. වෙද ගෙදර මහ වෙදනා

    දෙසැම්බර් 13, 2011 at 7:25 පෙ.ව.

    අර කිව්වැහේ පණිට්ටුවක් තිබ්බ නම්. හෙන්ඩ්‍රියා ඉවරයි. මෙහෙම යාළුකමක් අපෙත් තියනවා.අපි ඔක්කොම 20 විතර ඉන්නවා පළ්මු පංතියේ ඉඳලා යාළුවෝ. අවුරුද්දට සැරයක් සෙට් වෙනවා. දැන් ලෝකෙ දසත විසිරිලා ඉන්නෙ.

     
  4. uwiniran

    දෙසැම්බර් 13, 2011 at 9:47 පෙ.ව.

    “හහ් මම දැක්ක උඹලා ඉන්නව ඈතටම. මං උඹලා දෙන්නට දෙන්න තමයි හැදුවෙ සබං පෙට්ටියෙන්ම.”

    ඔය කතාව පට්ටපල් බොරු බන්, හැම එකාම බය උනාම කියන්නෙ ඕක තමයි….!!

    මම ඔය වගේ රබර් වෙස් මූනක් දාගෙන එකෙක්ව බය කෙරුවා, ඌ නම් කිව්වෙ අනේ මචං, ආයෙ බය කරන්න එපා බං. මම බය උනොත් බය ඇර ගන්න බැරි වෙයි මචං. කියලා.

     
  5. වර්ණා

    දෙසැම්බර් 13, 2011 at 11:03 පෙ.ව.

    හිහි මාර කතාව.. අදයි මේ පැත්තට ආවේ.

     
  6. Observer

    දෙසැම්බර් 13, 2011 at 2:00 ප.ව.

    මහින්ද නාන්න ආවෙ ඇඳුමක් මුකුත් ඇඟේ ඇතුවද, නැතුවද?

     
  7. ඉඳුනිල්

    දෙසැම්බර් 13, 2011 at 3:10 ප.ව.

    සංවේදී කොල්ලෝ සෙට් එකක් 😀

     
  8. රාජ්

    දෙසැම්බර් 13, 2011 at 3:15 ප.ව.

    බය කිරිල්ල මරුය. දීපු උත්තරේද මරුය. චිත්‍රය මරේ මරුය.

     
  9. ගෝල්ඩ් fish

    දෙසැම්බර් 13, 2011 at 9:57 ප.ව.

    අන්න නියම යාළුවෝ… පේනවනේ කපාපු පලුව වගේ ඉඳලා තියෙන හැටි…. චිත්‍රය මැක්ස්…

     
  10. henryblogwalker

    දෙසැම්බර් 14, 2011 at 12:05 පෙ.ව.

    @ වෙනී: අපි කලුද?

    @විසිතුරු: ඇත්තමයි එහෙනම් මේ කතාව කියන්න ඉන්නෙ කවුද?

    @වෙද ගෙදර මහ වෙදනා: හොඳ වෙලාවට පනිට්‍ටුව තියෙන්නෙ ලිඳ ළඟමයි. එහෙම දීර්ඝ කාලීන යාලුවො ඉන්නෙ ටික දෙනෙකුට විතරයි වෙද මහත්තයා.

    @uwiniran: කියෙව්වෙ නැද්ද මේ බ්ලොග් එකේම “උඹ හිතන්නෙ මං තිලකයයි කියලාමද” කියන පෝස්ට් එක?

    @වර්ණා: වෙල්කම් වේවා. ඉතින් ඉඳගන්නකො. තේ එකක් බොමු.

    @Observer: එහෙමත් නාන වෙලාවල් තියෙනවා.

    @ඉඳුනිල්: ස්තුතියි ඉඳුනිල්.

    @රාජ්: ස්තුතියි රාජ් දිරිමත් කිරීමට.

    @ගෝල්ඩ් fish: යාලු මාලුවොනෙ.

     
    • uwiniran

      දෙසැම්බර් 14, 2011 at 10:59 පෙ.ව.

      කියෙව්ව..කියෙව්ව… …(උඹේ ඔක්කොම පොස්ට් ටික කියවල තියෙන්නෙ..) ඒක කියවපු වෙලාවෙ ඉඳන් මගේ හිතේ තියෙන්නෙ කාවහරි එකෙක්ව ඒ විදියට බයිට් කරන්න. තාම වැඩේ කරගන්න හම්බ උනේ නැහැ.

       
  11. ලොකු පුතා

    දෙසැම්බර් 14, 2011 at 11:37 පෙ.ව.

    ගහනවා කිව්වට සබන් පෙට්ටියෙන්වත් ගහල නැහැනේ
    ඒකෙන්ම පේනවා පොර බයවෙච්ච බව

     
  12. නවම්

    දෙසැම්බර් 14, 2011 at 6:19 ප.ව.

    දෙන්න තිබ්බෙ බාල්දියෙන් පැණි බේරෙන්න…..

     
  13. hiruni

    දෙසැම්බර් 15, 2011 at 12:13 පෙ.ව.

    හිහ් හිහ් හිහ්….පුදුමයි බය වෙලා ලිදට වැ‍ටුනෙ නැතුව. ලස්සන පින්තුරේ….

     
  14. henryblogwalker

    දෙසැම්බර් 15, 2011 at 6:16 පෙ.ව.

    @uwiniran: උඹ නම් මහා sadist කෙනෙක්. හැදියල්ලකො මේ අපි වගෙ, මල් වගෙ.

    @ලොකු පුතා: ලිඳ ලඟම හන්දා කොයි තරම් බය වුනත් ආබාදයක් නෑ ලොක්කා.

    @නවම්: නවමො උඹත් මහාම මහා sadist කෙනෙක්. හරියටම අර uwiniran වගෙ. අනුන්ට කරදරයක් කර සතුටක් ලබන්නා නොහොත් පරපීඩා කාමුකත්වයෙන් පෙලෙන බුවෙක්.

    @හිරුණි: පැන්නෙ පස්සටනෙ. ස්තුතියි වර්ණනාවට.

     
  15. රූ

    දෙසැම්බර් 18, 2011 at 12:02 ප.ව.

    සිත්තරේ නම් අපූරුයි..කතාව වගේම..

     
  16. Gaminie

    දෙසැම්බර් 18, 2011 at 7:59 ප.ව.

    අපේ ගෙට පහලිනුත් තිබුනා ඒ වගෙ ඇදගෙන නාන ලිඳක්. දැන් නම් ඇදගෙන නාන්නේ ලිඳත් නැතුවම !
    කතාවයි චිත්‍රෙයි දෙකම එල.

     
  17. ඕනයා (දුලිප් සිකුරාජපති)

    දෙසැම්බර් 18, 2011 at 9:30 ප.ව.

    හරි ඉතිං ඌ බයනොවී ඉඳීද කලු කුමාරය යාලුවෙක් එක්ක එනව වගේ හෙන්රියා කලුවට කලුවෙ තව යාලුවෙකුත් එක්ක කඩං පනිද්දි ????

     
  18. Hasitha

    දෙසැම්බර් 20, 2011 at 10:42 පෙ.ව.

    හොඳටම බය වුණු පොරවල අන්තිමට ඔය වගේ ඒවා කියනවා තමා :))

     
  19. Sarath Lankapriya

    අගෝස්තු 24, 2012 at 12:03 ප.ව.

    ඕනය කිවුව වගේ හෙන්රිගේ දත් ටික විතරනේ පෙනෙන්න ඇත්තේ !

     

ඉඳුනිල් වෙත ප්‍රතිචාරයක් සටහන් කරන්න ප්‍රතිචාරය අවලංගු කරන්න