RSS

56. “ඌ අපේ බැජ් එකේ එකෙක් මචං.” එන්න ගොඩ දාන්න ඉංග්‍රීසි!

21 මාර්තු

“ඒයි, මටත් ඉංග්‍රීසි ටිකක් කියාදීපංකො.”

“ඒ මොකද උඹට හිතුනෙ මේ හදිස්සියෙ ඉංග්‍රීසි ඉගෙන ගන්න?”

“කඩ්ඩ බැරුව සෑහෙන කේස් වෙනවා බං. දැං අපේ පොඩි උං හෝම්වර්ක් එකක් ඇහුවත් ගොඩ දාගන්න බැරි වුනාම ඒකත් හෙන ප්‍රශ්ණයක්නෙ. ඔය වගෙ එකී නොකී ප්‍රශ්ණ වැලයි බං.”

මේ දෙබස ගියේ මාත් එක්ක කොට අදින ඉස්කෝලෙ වැඩ කරපු ගමයායි මායි අතර. ගමයා ජ්‍යේශ්ඨ අංශ ප්‍රධානියා. මම ඩෙපියුටි. දෙන්න එක්ක කරන නරක වැඩක් තමයි සිගරට් බොන එක. අර හොරි බනිස් කතාව උනෙත් ඔය වගෙ වෙලාවක. ඉතින් දෙන්න එක්ක පාර පැනලා බේකරි කඩෙන් හොරි බනිස් කාලා, ප්ලේන්ටී එකත් ගහලා ආයෙම පාර පැනලා අනිත් කඩෙන් කැහි කූරු දෙකකුත් අරගෙන කඩේ ඉස්සරහම හිටගෙන බිබී ජීවිතය ගැන කතා කරනවා. සිගරට් බීම නරක වුනත් මේකෙන් අපි දෙන්න සෑහෙන්න එකිනෙකාව හඳුන ගත්තා. එක එක මාතෘකා ඕස්සෙ සෑහෙන දුර ගියා. ගමයා සිංහල උපාධිධාරියෙක්. සමාජ අධ්‍යනයනයි සිංහලයි තමයි ඉගැන්නුවෙ. අප්සෙට් එක ඒක ඉංග්‍රීසි අතහැරලා කරපු උසස් අධ්‍යාපනයක් වීමයි. ඒකයි ගමයා අරවගෙ ඉල්ලීමක් කරන්න හේතුව.

“මෙහෙමයි මචෝ. උඹට පන්තියක් දාලා වගේ නං උගන්නන්න බෑ. උඹ දවසකට එක වාක්‍යයක් ඉගෙන ගනින්. ඒක හරියට දිගටම කලොත් ඒ ඇති.”

“ඒක හොඳ අදහස. උඹ මගෙ අඩුපාඩු දැක්කොත් හදන්න ඕනෙ.”

“අන්න ඒක නම් කරන්න උඹේ අවසර ඕනෙ. මොකද සමහරු කැමති නෑ අඩුපාඩු පෙන්නලා දෙනවට.”

“අන්න අන්න. මට ඕනෙ මගේ අඩු පාඩු හදා ගන්න. උඹ වැ‍රැද්දක් දැක්ක ගමන් මට කියන්න ඕනෙ.”

“හරි එහෙනම් මේ මොහොතේ සිට ක්‍රියාත්මකයි, හරි.?”

“හරියට හරි. ඔන්න යටින් අත්සනුත් කලා, හරි?”

එතකොටම එතනින් ගිය රතු පාට මොන්ටෙරෝවක් පොඩ්ඩක් ඉස්සරහට ගිහින් නවත්තලා රිවර්ස් කලා අපි ලඟට. වීදුරුව පහත් වුනා.

“හලෝ මචං ගමයා..”

“ආඩේ මචං සේරෝ.. යකෝ දැක්ක කල්. කොහොමද ඉතිං?”

“අපිත් ඉන්නවා බං උඹලගෙ පිහිටෙන්.”

“අනේ පලයං ඩෝ යන්න. අපේ පිහිටෙන්…”

කියපු ගමයා හිනාවෙලා යාලුවව මටත් අඳුන්නලා දුන්නා.

“මේ සේරා මචං මූ ඉස්සර ඉඳන්ම ඔය වගෙම ලෝකෝත්තරයා..”

තව පොඩ්ඩක් කතා කරපු සේරා පාවෙලා ගියා මොන්ටෙරෝවෙ වීදුරු වහගෙන. කාලේකින් හමුවුනු යාලුවා ගමයගෙ හිතට සෑහෙන සතුටක් ගෙනාපු බව පෙනුනා මූන පුරා ඇඳුන හිනාවෙන්ම.

“ඕකා අපිත් එක්ක කැළනියෙ බං හිටියෙ. අපේ බැජ් එකේමයි.”

“ඒ වුනාට උඹ තාම බස් එකේ යනවා, ඌ මොන්ටෙරෝ එකේ යනවා.”

ඒකට ගමයාට හිනා ගියා.

“සේරා ඉස්සරත් හෙන බිස්නස් මයින්ඩඩ් තමයි බං.

“මේ, ගමයෝ”

ගමයා මං දිහා බැලුවා.

“මං උඹේ පළවෙනි වැ‍රැද්ද පෙන්නන්නද?”

“හහ්, හහ්, හදපං මචං, බිස්නස් මයින්ඩඩ් කිව්ව එකවෙන්නැති.”

“නෑ. ඌ උඹේ බැජ් එකේ වෙන්න බෑ මචං.”

“එහෙනං?”ගමයා විමතියෙන් මා දිහා බැලුවා.

මෙන්න බැජ් එකක්!

මෙන්න බැජ් එකක්!

මෙන්න අපේ බැජ් එකේ පොරවල්!

මෙන්න අපේ බැජ් එකේ පොරවල්!

“බැජ් එක කියන්නෙ බං ලාංඡනයක්නෙ. ඔය යුනිෆෝම් එකේ හෙම ගහගෙන ඉන්නෙ.”

“හ්ම්ම්ම්”

“ඉතින් ඕකෙ කී දෙනෙකුට ඉන්න පුලුවන්ද ඔය වගෙ ඉඩක?”
ගමයාට හිනා

කී දෙනෙකුට ඉඩ තියෙනවද මේ බැජ් එකේ!!

කී දෙනෙකුට ඉඩ තියෙනවද මේ බැජ් එකේ!!


“හැමෝම කියන්නෙ බැජ් එක කියලා තමයි බං.”

“යකෝ, හැමෝම කිව්වට යමක් නිවැරදි වෙන්නෙ නැ.”

“හරි මොකක්ද එතකොට හරි වචනෙ?”

“බැච් එක. අරූ උඹලගෙ බැච් එකේ. B-A-T-C-H. අනිත් වචනේ බැජ් B-A-D-G-E.”

“යකෝ මං ඕක දැනං හිටියෙ නෑනෙ.”

“උඹ විතරක් නෙවෙයි හුඟ දෙනෙක් එහෙම තමයි කියන්නෙ.”

“තැංක් යූ මචං, ඈ.”

“වෙල්කම් මචං”

 

ටැග: , , , ,

61 responses to “56. “ඌ අපේ බැජ් එකේ එකෙක් මචං.” එන්න ගොඩ දාන්න ඉංග්‍රීසි!

  1. කිරිපුතා

    මාර්තු 21, 2012 at 6:46 පෙ.ව.

    ගොඩක් උන් අතින් ඔය වැරැද්ද සිද්ද වෙනවා….

     
  2. weniwel

    මාර්තු 21, 2012 at 7:13 පෙ.ව.

    ඕක හරියට වැරදිලා කියවෙන වචනයක් තමයි..මමත් ඒක හරි ගස්සා ගත්තෙ මෑතකදි..බැච් එක බැජ් එක..හැබැයි සමහර වෙලාවට තාමත් වරදිනවා…

     
  3. පන්සල් හංදිය

    මාර්තු 21, 2012 at 8:12 පෙ.ව.

    දැනගෙන හිටියට හුඟක් වෙලේට වරදිනවා, දැන්වත් වරද්දන්නෙ නැතුව ඉන්න ට්‍රයි එකක් දෙන්නම් ….

     
  4. abeetha

    මාර්තු 21, 2012 at 8:13 පෙ.ව.

    මම ඔය වචනේ හරි ගස්ස ගත්තේ 2005දි… තාමත් ඉඳහිට කියවෙනවා හැබැයි… මේක ගොඩාක් බලපාන්නේ ගමෙන් එන උන්ට….

     
    • henryblogwalker

      මාර්තු 22, 2012 at 9:20 පෙ.ව.

      @කිරිපුතා: ඒකනෙ මේ පොඩී ට්‍රයි එකක් දෙන්නෙ උඩුගං බලා පීනලා.

      @weniwel: ඒකත් ඇරිලා යයි.

      @පන්සල් හංදිය: හිත ඇත්නම් පත කුඩාද?

      @abeetha: අවුරුද්ද මතක හිටින්න මොකක් හරි සිද්ධියක් වුනා වත්ද අභීත?

       
  5. Observer

    මාර්තු 21, 2012 at 8:46 පෙ.ව.

    මේකට හෙන දිග කොමෙන්ට් එකක් දැම්ම කෝ ඒක ? පෝස්ට් ඒක පබ්ලිෂ් වෙලා විනාඩි 59 යි කොමෙන්ට් එක දාන කොට.

     
  6. henryblogwalker

    මාර්තු 21, 2012 at 9:06 පෙ.ව.

    ඔබා අයියා, මම ආයෙම බැලුවා. ඒ කමෙන්ට් එක මිසිංනෙ. මම කමෙන්ට් මොඩරේට් කරලත් නෑ. තරහ නැතිව ආයෙම ඒක එවනවද?

     
    • නවම්

      මාර්තු 21, 2012 at 11:52 පෙ.ව.

      එහෙම කියල ප්‍රශ්ණෙ යටපත් කරන්න ඉඩ දෙන්න බෑනෙ මෙතන. චෝදනාවක් ප්‍රතික්ෂේප කල පමණින් අපි කොහොමෙයි පිළිගන්නෙ එහෙම සිදුවීමක් උනේ නැතය කියල. ඔබයිය ජාත්‍යන්තර සහාය ඉල්ලන්න කලිං අභ්‍යන්තර කමි‍ටුවක් පත්කරමු.

       
  7. Kasun Chanaka

    මාර්තු 21, 2012 at 9:24 පෙ.ව.

    මාත් ගොඩක් දැකලා තියනවා ඔය වැරැද්ද නම්. ෆොටෝ ටික නම් පට්ට.:D

     
  8. mahesh

    මාර්තු 21, 2012 at 9:35 පෙ.ව.

    ආනේ…. වෙලාවට මගේ උච්චාරණ දෙකම එක වගේ..

     
  9. රාජ්

    මාර්තු 21, 2012 at 10:07 පෙ.ව.

    ඔයවගේ වැරදි ගොඩක් තියනව. මට මතකයි ඉස්කෝලෙ යනකාලෙ අපේ එවුන් chemistry උච්චාරණය කරන්නෙ “චෙ” යන්නෙං. ප්‍රැක්ටිකල් වලට පැට්‍රිකල් කියන එවුනුත් ඉන්නව. එක අතකින් බැලුවම සිංහලත් බැරි එවුන් ඉන්න රටේ ඉංග්‍රීසි නං වැරදුනත් මොකද? ප්‍රජාතන්ත්‍රවාදයට ප්‍රජාචන්ත්‍රවාදය කියන කෙනා දන්නවද?

     
    • නවම්

      මාර්තු 21, 2012 at 11:45 පෙ.ව.

      හෙහ් හෙහ් මොකෝ නොදන්නෙ…. අම්මප කවුරුවත් කිව්වෙ නැතුවාවද්ද වැ‍රැද්ද. එක්කො ඒක කියන්නත් වටේ පිටේ උන් හරි වචනෙ දන්නෙ නැතුව ඇති.

       
      • henryblogwalker

        මාර්තු 21, 2012 at 11:49 පෙ.ව.

        ඇත්තටම මට ඕක නෝට් වෙලා නෑනෙ රාජ්. කවුද පොර කිව්වොත් Poison Mistake (වස වැ‍රැද්දක්)ද?

         
      • Observer

        මාර්තු 21, 2012 at 1:03 ප.ව.

        නවම්, උඹ රවියවත් අල්ලගෙන අර උගෙ ජාතියෙ සිංහළ පන්තියක් දාහන්. ඕන්නං පියුං වැඩේට භුරාභිදාන කෙළෙඹි පුත්‍රයා aka බුරුපුතා අල්ල ගනිං.

         
      • නවම්

        මාර්තු 21, 2012 at 4:55 ප.ව.

        උගෙ ජාතියෙ සිංහල පන්තියක්, ඇයි “උගෙ ජාතියෙ” වෙනත් ජාතිත් තියනවද ?
        මෙන්න මෙතන තවත් බේදයක් ඇතිකොරන්න හදනෝ………

         
    • Observer

      මාර්තු 21, 2012 at 12:57 ප.ව.

      චයිරෝපැට්රික්
      ලයිබ්රි
      ජෙමිනි පාර්ට්ස්
      ශොකට්ශෝබර්
      ඩෙල්කො
      සීල්බීම්
      අන්ඩකොම්පැනි [බැගේජ්]
      බැස්ටි
      ඩික්
      ඇටැක් බාත්රූම්
      හෙන්රි ඉස්සෙල්ල දාපු කොමෙන්ට් එකම නෙමේ මේ, ඒකෙ මේ ටික සහ අමතක වුන තව කීපයක් භාවිතා වෙන තැන ඒ කියන්නෙ සම්භන්දය එක්කම ලිව්ව.
      පුළුවන් නම් සම්භන්දය නැතත් හරි වචනෙ වත් කියල දෙන්න අහිංසක අපිට, පිං සිද්ධ වෙනව.
      ඇයි ප්ලේන් එකට ෆ්ලයිට්
      එතකොට සෙරෙප්පුවට බාටාව
      තව මතක් වුනොත් කියන්නං
      Whole , hole , hall , සද්ද කොරන හැටි වගේ එව්වත් කිව්වොත් මැරෙන්නැතුව නිවන් යන්නත් ඉඩ තියෙනව

       
      • winchat kirilli

        මාර්තු 21, 2012 at 8:05 ප.ව.

        මේක නම් 2012 හොඳම කොමෙන්ටුව වෙන්න ඕනෙ…..ඔබා මාමේ, චොප්පෙ අයිය මතක් කරන්න කිව්ව ඔයාව…දෙන්න එකම ‘බැජ්’ එකේ කිව්ව උන්නෙ…හී.හී.හී……

         
      • henryblogwalker

        මාර්තු 22, 2012 at 9:26 පෙ.ව.

        @ඔබා: ඔය තියෙන්නෙ බඩු නැවකට. ඔය සමහරක් මම දැනටම ඩ්‍රාෆ්ට් කරලා තියෙන පෝස්ට් වල තියෙනවා. ස්තුතියි ඔබා අයියා.

         
  10. සමීර

    මාර්තු 21, 2012 at 11:00 පෙ.ව.

    මොනවා උනත් නිහතමානී මනුස්සයෙක්.. තමන්ගේ වැරදි හදාගන්න කැමතිවෙන මිනිස්සු අද කාලේ බොහොම අඩුයි..

     
  11. uwiniran

    මාර්තු 21, 2012 at 12:32 ප.ව.

    දැන් උඹ අපිටත් දවසට එක වාක්‍යක්ද උගන්වන්නෙ….?
    කොහොම උනත් උඹටත් මොකක් හරි වාසියක් තියෙන්න එපැයි ඔය ඉගැන්විල්ලෙන්, ඒක නිසා මම තීරනය කෙරුව ගුරු පඬුරු හැටියට උඹ මොන ජරාවක් මේ බොගේ ලිව්වත් “ශාහ් නියම කතාව” “පට්ටයි බං” ආදී වශයෙන් ඔය වගේ මොකක් හරි කමෙන්ට් එකක් දාන්න.

    අද කතාවත්, එල කතාව මචං

     
  12. පිණිබිඳු

    මාර්තු 21, 2012 at 2:20 ප.ව.

    චොකලට්, නූඩ්ලස් ඔහොම වැරදෙන තව වචන

     
  13. පිණිබිඳු

    මාර්තු 21, 2012 at 2:22 ප.ව.

    මේකෙ අලුත් පෝස්ට් එකක් දාපුවම නොටිෆිකේෂන් එකක් එන්න ක්‍රමයක් නැද්ද. ෆලෝ කරන්නත් බෑනෙ.

     
  14. ලොකු පුතා

    මාර්තු 21, 2012 at 3:04 ප.ව.

    කොම්පැණි (Company)
    නූල්ඩ්ස් (Noodles)
    ප්ලේන්ට් (Paint)
    වෑල්ඩින් (Welding)

    ඒ මදිවට සමහරු කිචන් එකයි චිකනුයිත් මාරු කරගෙන කියන්නේ….. 🙂
    තව කොපමණනම් කියල තියෙනවද?.

     
    • henryblogwalker

      මාර්තු 22, 2012 at 9:35 පෙ.ව.

      @සමීර: ඒක ඇත්ත සමීර. තමන්ගෙ වැරදි හදාගන්න කැමති එහෙමත් මනුස්සයෙක් තමයි. නමුත් පුදුමෙකට වගේ මේ වගෙ ඉංග්‍රීසි සම්බන්ධ අවස්ථාවලදි හුඟ දෙනෙක් මගෙන් ඔය ඉල්ලීම කරලා තියෙනවා. වැ‍රැද්දක් තියෙනවානම් පෙන්නන්න කියලා.

      @uwiniran නැතුව බං. එක පාරම ඔක්කොම කියලා දැම්මම ඇදගෙන යන්නෙ කොහොමද? හෙහ් හෙහ්. ඇත්තටම කිව්වොත් එකපාර එක දෙයක් හරියට ඉගෙනගන්න එක කීපයක් ඉගෙනගන්නවට වඩා හරිම ඉෆෙක්ටිව් කියලා අත්දැකීමෙන්ම දන්නවා.

      @පිණිබිඳු: ස්තුතියි පිණිබිඳු උනන්දුවට. ඇයි ඔය උඩම බාර් එකේ තියෙනවනෙ Following බටන් එකක්. නැත්ද.බ්ලොග් එක ෆලෝ කරන නිසා. මට ඊමේල් නෝටි‍ෆිකේෂන් එනවා අලුත් පෝස්ට් එකක් දාන ගානෙ.

      @ලොකුපුතා: ලොකුපුතාත් මේ ගැන උනන්දුවෙන් ඉඳලා තියෙන බව පේනවා. ස්තුතියි.

       
  15. hiruni

    මාර්තු 21, 2012 at 3:16 ප.ව.

    ඇත්ත කතාව. තව මට තේරෙන්නෙම නැති එකක් තමා ඇයි ට්‍රයි ඒකට ශයි කියන්නෙ කියලා. උදාහරනයක් හැටියට, “මම ෆසට් ශයි කරන කාලේ………”, ඒහෙම කියන්නෙ ඇයි කියලා ඩුඩ් දන්නවද?

     
    • Observer

      මාර්තු 21, 2012 at 3:30 ප.ව.

      අපි පොඩි කාලෙත් පාවිච්චි කරපු එකක් ඒක, ඇයි කියන්න නං දන්නෙ නෑ.

      Henry,තව එකක් මතක් වුනා බිස්ටේක්.
      හැබැයි මාළු, එළුමස්, ඌරුමස් එහෙමත් බිස්ටේක් තියෙනව

       
    • henryblogwalker

      මාර්තු 22, 2012 at 9:39 පෙ.ව.

      @hiruni: ඔන්න හිරුණි මමත් දහ අතේ කල්පනා කරලත් හිතාගන්න බැරිවෙච්ච දෙයක්. ඇත්තෙන්ම මම දන්නෙ නෑ. බලමු මේ ගැන අදහසක් දෙන්න පුලුවන් කාටද කියලා.

       
    • Dulip Sikurajapathy

      මාර්තු 23, 2012 at 3:35 පෙ.ව.

      මේ හිරුනි ඒ හිරුනිමද ??? ඒ හිරුනිමයි කියල මට හිතුන නිසා 1:10 විතර අනුපාතෙට ශැන්ඩි කරල තමයි සුදුසුම උත්තරේ තෝරගත්තෙ.

      මෙහෙමයි, ඔයා කැමතිද විබාගෙ ඇනගෙන ඊලග පාරත් කරනව කියන්න ??? මොනව උනත් පොඩි ලැජ්ජාවක් හරි තියනවනෙ . . . ලැජ්ජාවට කඩ්ඩෙන් කියනව නේද ශයි කියලත් (ඩූඩ් ලොකු අයියා . . වචනෙ හරිද මන්ද?)

      දැන් තේරෙනව නේද ෆස්ට් ශයි, සෙකන්ඩ් ශයි විදියට කියන්නෙ ඇය කියල ??? පලවෙනි ලැජ්ජාව, දෙවනි ලැජ්ජාව

      ප.ලි.
      ඔය වගේ විස්තර කිරීම් හැමදාම නෑ, හැම තැනම නෑ, හැමෝම ලගත් නෑ

       
      • henryblogwalker

        මාර්තු 23, 2012 at 7:57 පෙ.ව.

        ඔවු දුලීප් හිතුවා හරි. මේ ඒ හිරුණි තමයි. ස්තුතියි උත්තරේ ශැන්ඩි කලාට

        ඔය දීල තියෙන්නෙ කිරි ගහට මෝල් ගහෙන් ඇන්න වගෙ. විලි ලැජ්ජා සන්තෝසෙ බැරුවා! තැන්කු වේවා ඕනයා.

         
      • pasanOnline

        මාර්තු 25, 2012 at 9:00 ප.ව.

        මේක නෙමේ හේතුව

        ඉංග්‍රීසි භාශාවෙ ‘shy’ කියන එකේ තේරුම ලැජ්ජයි කියන එක විතරක් නෙමෙයි.

        දෙයක් එක පාරට විසි කරන එකටත් (බොහෝ විට එල්ලයකට ) shy කියල කියනවා.

        ඒක තමා ක්‍රිකට් වලත් ‘a shy at the stumps’ කියලා commentators ලා කියන්නෙ කියන්නෙ. ඒ කියන්නෙ විකට් එකට බෝලෙ ගහන්න උත්සාහ කරනවා කියන එක.

        ඔය carnival වල එල්ලයකට බෝල විසි කරලා තෑගි දිනන වගේ සෙල්ලම්වලත් ‘උත්සාහයක්’ කියන එක කියන්න ඔය වචනෙ පාවිච්චි කරනවා

        ඒ තෙරුමෙන් තමා මේක ඇවිල්ලා තියෙන්නෙ. ඒක නිසා ‘first shy’ කියන්නෙ පලමු උත්සාහය. ‘second shy’ කියන්නෙ දෙවැනි උත්සාහය.

         
  16. kavikaari

    මාර්තු 21, 2012 at 5:56 ප.ව.

    මිනිස්සුංගෙ හොඳටම කං ඇහෙන්නෙ පොඩි කාලෙ. වයස යනකොට ඇහීම ටික ටික අඩු වේගෙන යනවා. මනසට යමක් උරා ගැනීමත් අඩුවෙනවා.
    බාසාව ඉගෙනගන්නවා නං අඩු වයසකදි පටංගන්ට ඕනැ. කනට භාශාව ඇහෙන්ටත් ඕනැ. කතා කෙරෙන්ටත් ඕනැ. අනික පොඩි කාලෙදි බාශාවක් වැරදුනහම ලැජ්ජාවක් ඇතිවෙන්නෙ නැහැ. කොහොම හරි වැරදි හදාගෙන ඉගෙන ගන්නවා මිසක්.
    ඒකයි පිට රට හැදෙන අපේ පැටවු හොඳට වචන උච්චාරනය කරන්නෙ. පස්සෙ මෙරටට ආවත් ඔවුං පරණ පුරුද්දට ඒ බාශා වල පොත පතත් කියවන්ට ගන්නවා. මොක කොහොමකොහොම උනත් අපි සිංහල නිසා ඒක හුරු කරන්ට ඕනැ මොක නැතත්

     
  17. sAm sRi

    මාර්තු 21, 2012 at 8:32 ප.ව.

    සිරා මචං… කැම්පස් එකාලගෙ වැරදි වැඩක් ඕක..

     
  18. තිස්ස දොඩන්ගොඩ

    මාර්තු 21, 2012 at 8:52 ප.ව.

    හෙන්රි මේ බ්ලොග් කලාවට හොඳ පණක් ජවයක් එක්කහු කරනව – ඇත්තටම අපේ සනත් අයියත් [ඔබාමා] මේ වගේ දේවල් ලියනවනම් මම කැමතියි – උනැනැහෙටත් නොසෑහෙන්න අත්දැකීම් නැතෑ

     
  19. Gold fish

    මාර්තු 21, 2012 at 9:31 ප.ව.

    මුල්ම පාඩම මරු ඈ….

     
  20. emailkavikaari

    මාර්තු 22, 2012 at 8:53 පෙ.ව.

    @තිස්ස පටලවා ගන්ට එපා. අපේ රටේ බඩු මිල වැඩි වෙන වෙන සැරේට ඔබා මහත්තය කොල්ලො කෙල්ලොංට මොකක් හරි ලියල දානව. මුනුත් ඉතිං වෙන වැඩක් නැහැ වගෙ විටිංවිට ඇවිත් කොමෙන්ට් දදා යනව. උන්දැ රටවල් දෙකෙංම පඩි ගන්නව ඇති. මෙව්වට දෙසීය කෘමංතන ද විදේසීය කෘමංතනද කියන්ඩ ඕනැ කියල මං මේ කල්පනා කොරන්නෙ

     
    • Observer

      මාර්තු 22, 2012 at 9:00 පෙ.ව.

      කුමන්ත්‍රණ

       
      • henryblogwalker

        මාර්තු 22, 2012 at 9:47 පෙ.ව.

        @kavikaari: කතාව ඇත්ත. භාවිතා කරන්නෙ නැති පිහියක් උනත් මලකඩ කනවනෙ.

        @ස්Aම් ස්ර්‍ඉ: හුඟ දෙනෙක් කරන වැ‍රැද්දක් සෑමා.

        @තිස්ස දොඩන්ගොඩ: ස්තුතියි තිස්ස. ඉතාම ඉහල අගය කිරීමක්. Think Globally Act Locally කියන එක මගෙ ප්‍රියතම ආදර්ශ පාඨයක්.

        @Gold fish: ඉස්සර වගේම පන්තියෙ නිදාගෙන ඉඳලා නේද මූ? බොල මාලුවො මේ දෙවෙනි එක පළවෙනි එක Z අකුර ගැන.

        @emailkavikaari: මටත් පේන්නෙ “කෘමංතනයක්” වගෙ. 😀

         
  21. අමා

    මාර්තු 22, 2012 at 3:08 ප.ව.

    මොනා උනත් නිහතමානි කෙනෙක්. ගොඩක් අය තමන්ගේ වැරදි හදාගන්ට උනන්දුවක් නෑනේ.
    සමහරු පෑන් කේක් වලට ෆෑන් කේක් කියලත් කියන්නේ…
    dessert ඩිසර්ට් කාන්තාර කරලා ඩෙසට් desert කියනවා.
    බ්‍රයිඩ්ස් මේඩ් -> බ්‍රයිඩ්ස් මේට් වෙනවා.

    අපි ගොඩක් ඈයෝ අඩු වැඩියෙන් ඔය වැරදි කරනවා මයේ හිතේ.
    සික් එලොකියුෂන් කලාස් ගියේ නැති වැරැද්ද හෆ්පා !!

     
  22. kavikaari

    මාර්තු 22, 2012 at 3:42 ප.ව.

    sorry “කුමන්ත්‍රණ”

     
  23. නිසුපා

    මාර්තු 22, 2012 at 4:33 ප.ව.

    හුගක් වරදින වචනයක් තමා ඔය.කියන කොට වගේම ලියනකොටත් වරද්දනවා.

     
  24. දුකා

    මාර්තු 22, 2012 at 6:31 ප.ව.

    මේ ක්‍රමේ නියමයි ඩූඩ් . .

     
  25. Makulu Panchi

    මාර්තු 22, 2012 at 6:55 ප.ව.

    කොහොම වුණත්…හෙන්රි අංකල් හොඳ ශබ්ද ග්‍රාහකයක් වගෙයි… 😀

     
    • henryblogwalker

      මාර්තු 25, 2012 at 10:09 ප.ව.

      @අමා: ඔව් අමා. සමහරු /f/ වෙනුවට /p/ යොදනවා. තව සමහරු /p/ වෙනුවට /f/ යොදනවා.
      ඔයා හරි desert and dessert ගැන, එතන stress කරන syllable එකත් වෙනස්නේ?

      @kavikaari:
      කෘමන්තන කියන එකේ ආතල් එක වැඩියි.

      @නිසුපා: ඇත්ත මම දැකලා තියෙනවා හුඟාක් අය ඒ විදියට ලියලාත් තියෙනවා පොත්වල, පත්තරවල, කෙටිකතාවල එහෙමත්.

      @දුකා: ස්තුතියි දුකා. ටිකයි හොඳයි.

      @මකුලු පැංචි: ජොබ් එකේ කොටසක්නෙ මකුලි

       
  26. Dulip Sikurajapathy

    මාර්තු 23, 2012 at 3:45 පෙ.ව.

    මමත් වතාවක් සදරුවාට (හිස් අහස) ඔය විදියට දවසට වාක්‍යය ගානෙ ඉංග්‍රීසි උගන්නන්න හැදුව (ෆෙයා ෆීල්ඩ් මැඩම්ගෙ මෙතඩ් එකත් ඒකමයි, සාර්ථක ප්‍රතිඵලසහිතයි). කොහෙද සදරුවා නෑනෙ උනන්දු උනේ. එකම එක වාක්‍යයයි කියල දුන්නෙ ඌ ගේම අතෑරියා. මෙන්න ඒක,

    “මයි හන්ඩ්‍රඩ් බැක් යෙලෝ යෙලෝ ස්ලීපිං ඔන් ද ඩොංකි බෙඩ්”

    හා මං අහන්නෙ ඕක බයවෙන්න තරම් බරපතල එකක්ද ???සදරුවාගෙ බොරු බය

     
    • henryblogwalker

      මාර්තු 23, 2012 at 8:02 පෙ.ව.

      සඳරුවා හැදෙන එකෙක් නෙවෙයි නැත්නං ඔච්චර වටින චාන්ස් එකක් මිස් කර ගනීද?
      He was on the roadside keeping nails.
      Black fat rice flies arithmetic. කියලා උගන්නන්නෙත් ඔය කෝස් එකේමනෙ නේද?

      FairField කිව්වෙ මොන කුඹුරද? David Copperfield නං දාවිත් තඹකුඹුරනෙ.

       
      • Dulip Sikurajapathy

        මාර්තු 24, 2012 at 2:47 පෙ.ව.

        හරියට හරි ඒ කෝස් එකේ තමයි උගන්නන්නෙ . . . ඒත්අයියගෙ දෙවනි සෙන්ටෙන්ස් එක (පට්ට නේද වදන් ?) පොඩ්ඩක් ඉන්කම්ප්ලීට් (ඒකනං හරිද මන්දා ?). ඒක නිවැරදිවෙන්න ඕනෙ මේ විදියට,

        බ්ලැක් ෆැට් මාකට් කෝනර් බුටික් රයිස් ෆ්ලයිස් වෙරි ඇරිත්මැටික්

         
  27. ගැමියාගේ පත් ඉරුව

    මාර්තු 23, 2012 at 7:15 ප.ව.

    අයියෝ මට මේක මිස්වෙලානේ………….ඇත්තටම බැජ් කියන එක තමයි ගොඩාක් අය පාවිච්චි කරන්නේ මගේ වෙලාවටද මන්දා ඒ වචනේ තාම පාවිච්චි කරන්න අවස්තාවක් ලැබුනේ නෑ…අපේ යාළුවෝ ක්‍රිකට් ගහද්දි විකට් එකට කියන්නේ //රිකට්// අවුට් එකට කියන්නේ //අවට්// ක්‍රීස් එකට කියන්නේ //රීස්// ඕවා හදන්න ගියාම රටේ නැති දේවල් කියනවා මලාට හැදෙන්නේ නෑ මොනා කරන්නද ඉතින්….

     
  28. hasithag

    මාර්තු 24, 2012 at 6:05 ප.ව.

    මේ වැරැද්ද නම් හැම 10 කින්ම එක්කෙනෙක් කරනවාද කොහෙදෝ 🙂

     
  29. Gaminie Vijith

    මාර්තු 25, 2012 at 10:33 පෙ.ව.

    අපේ දෙපාර්තමේන්තුවෙ එවුනුත් නිතර වරද්දන වචන කීපයක් තියෙනවා. ‘බැරියල් එක’ (barrier), ‘ඉන්ග්‍රිමන්ට් එක’ (increment) එයින් දෙකක් විතරයි.

    උඹ් කිව්වා වගෙ මොන විදිහට බාර ගනියි ද දන්නෙ නැති නිසා හැමෝගෙම වැරදි හදන්න බෑ.

     
    • henryblogwalker

      මාර්තු 25, 2012 at 9:53 ප.ව.

      @Dulip Sikurajapathy: වාක්‍යයෙ අඩුපාඩු හදාගත්තා. තැන්කූ ඈ.

      @ගැමියා: තාම පාවිච්චි කරන්න අවස්තාවක් ලැබුනෙ නෑ?( :D)
      ඔවු ඔහොම කියනවා මමත් අහලා තියෙනවා. ඒකා ක්‍රීස් එකට කියන්නෙ ග්‍රීස් එක

      @hasithag: ඊටත් වැඩිද මන්දා.

      @Gamini Vijith: බැරියල් එක නම් මමත් අහලා තියෙනවා. ඒක නෙවෙයි කෝ අලුතෙන් බ්ලොග් පෝස්ට්?

       
  30. pasanOnline

    මාර්තු 25, 2012 at 8:02 ප.ව.

    ඔය වචනෙ ඇහෙනකොට මගේ නම් ඇඟටත් අමාරුයි. x-(

    සමහරු ඔහොම වැරදි වලට කියපු කෙනාට හොරෙන් හිනාවෙනවා. ඕවා කියල දෙන්න යන්නත් අමාරුයි කට්ටිය හිතන්නෙ එක එක විදි වලටනෙ.

    ඒ අතින් බලනකොට මෙහෙම දෙයක් කරන එක තවත් වටිනවා.

     
    • henryblogwalker

      මාර්තු 25, 2012 at 9:44 ප.ව.

      @pasanOnline: ස්තුතියි පසන් ප්‍රතිචාර දෙකටම. අර shy ගැනනම් පසන් දීල තියෙන උත්තරේ මම දැනගෙන හිටියෙ නෑ. කිව්වට පස්සෙ මම චෙක් කලා CALD3 එකේ. ඒකෙ තියෙනවා තමයි මෙහෙම.
      shy 2. [ T usually + adverb or preposition] OLD FASHIONED INFORMAL
      to throw something suddenly, often in a sideways movement
      Two small boys were shying stones at a tree.

      I also think this is too old fashioned and it’s time to drop it and go for “first try” which is universally understood.
      Thanks again.

       

ප්‍රතිචාරයක් ලබාදෙන්න