RSS

Search results for ‘බබාලන්ත බුවාලා’

වසරක් තිස්සේ මට හිතුන හැටි

වසරක් තිස්සේ මට හිතුන හැටි

1.Hello world!

2. එම්බා ලෝක වැසියනි,

3. පැඩිඩිලියන්ලා

4. පැඩිඩිලියන් 2 – වරදකාරී හැඟීමට එළවලු වලින් ප්‍රතිකාර

5. පැඩිඩිලියන් 3 – සීමාව ලකුණු කිරීම

6. පැඩිඩිලියන් 4 – හෙයා ජෙල්

7. පිංසිබොල්ගෙ ගොං කේස් එක.

8. බලලා තියෙනවද 7D MOVIE එකක්? 3D නෙවෙයි. 7D! කියලා වැඩක් නෑ!

9. ලොකු අයියයි ටිකිරි මොලෙයි

10. තාත්තගෙ ඉස්කෝලෙ කාලේ

11. “බලලා තියෙනවද 7D MOVIE එකක් ” පෝස්ට් එක අප්ඩේට් කලා. ඇවිල්ලම බලන්නකො.

12. “හහ්… හහ්… හා…! උඹ හිතන්නෙ මං තිලකයයි කියලමද?”

13. මගේ පළමු 1000 දෙකම එකම දවසෙ එකම වෙලාවට!! ඔබට ස්තුතියි!

14. උගෙ වර්ෂන් එක, මගෙ වර්ෂන් එක සහ හරි වර්ෂන් එක

15. පිස්සු බම්ප් වෙනවා මෙයා!

16. වයිෆ්ට, අක්කට, නංගිට, අම්මට කියලා ටයි ගැටේ ගහගන්න බබාලන්ත බුවාලා මෙහෙ වරෙල්ලා.

17. පිංසිබොල්ගෙ කොමෝඩ් බැක් අප් එක.

18. ඩයස් 1 – “ඒයි මෝඩයො! තමුසෙ කොයි ඉස්කෝලෙටද යන්නෙ?”

19. ඩයස් 2 – “මෙන්නෙ මෙව්ව තමයි දෙන්නෙ.”

20. මෙම්බර්ස්ලට විතරද අයියා රෙ#@ බර හැදෙන්නෙ?

21. පලුප්පු මාතියා.

22. අඹ අඹමයි, ලෙඩ ලෙඩමයි.

23. වැහි වැහැලා වතුර ගලා

24. ඇණේ

25. කාකි හදවත.

26. කස්සාගෙ, ඕනයාගෙ, වසුන්දරාගෙ ඇඩ්‍රස් නැතුව යන කතා

27. ඉංගිරිස් ඉන්ටර්විව්

28. දළ පූට්ටුවා සහ ණයට ගත් සෙරෙප්පු කබල

29. සයිකල් ශූර වි. ප. බ‍ටුවංගලතුමා

30. අන්තිම පේලියේ උංගේ නිදහස් ආර දම්වැල් චිත්‍ර (Free Form Chain Art.)

31. යකෝ කෝච්චිය එනවා!

32. මචං බාප්පලා සහ ‘ප‍ටුන’

33. අපි ගෙදර එනවෝ….!!! / We’re On Our Way Home…!!!

34. කටට බ්‍රේක් නැති විදුහල්පති සුපිරිපාල.

35. මෙන්න මෙතනිං කපපං මචං

36. හේයි ජූඩ්

37. මං උඹලට දෙන්න හැදුවෙ සබං පෙට්ටියෙන්ම!!!

38. දකුණු කකුලෙ ගෙඩිය නැව් භාෂාවෙන්

39. අනේ අත්තම්මෙ මැරෙන්නනං එපා.

40. 2011 in review

41. ඉතිං මොකක්ද ඒකෙ ඇති වැ‍රැද්ද?

42. හොරි බනිස්

43. ලංකාවෙ පොරවල් මාර වැඩ කාරයෝ හෙවත් ජාත්‍යන්තරයට එරෙහිව අපි.

44. නිවාඩු කාලේ පොලිස් කතා.

45. පොඩ්ඩක් ඉන්න! ලෝකෙන්ම එපාම කරපු රියැදුරෝ ඉන්නෙ ලංකාවෙද?

46. මේ ජාතික දිනයටවත් ටික ටික ගෙවන්න හරි කොන්දක් ගමුද?. ජාතික දිනයට මට හිතුන දේ.

47. විපතක් අසා සැනසුම් සුසුම් හෙලූ දවසක්!

48. අයිසෙක් Newton අපිත් දකින්නැති, ගණන් හදන්නැති ඒකාලේ

49. Get that feeling of Déjà vu? කලින් අහල පුරුදු ගතියක් දැනෙනවද?

50. රයිස් ඇන් කරි කමු නේද මචංලා? මොකද උඹලා කියන්නෙ?

51. තවත් පොලිස් කතා තුනක්: #1. මැදියම් රෑ පොලිස් දේශනය

52. තවත් පොලිස් කතා තුනක්: #2. ‘මම නිකං බැලුවෙ’

53. තවත් පොලිස් කතා තුනක්: #3. මම එහෙම කිව්වෙ මහත්තයාව කතා කරවන්න.

54. ඉංග්‍රීසි හෝඩියේ අන්තිම අකුර මොකක්ද?

55. අඩෝව්! මෙන්න මූ හුලං ගහනවෝ!!!

56. “ඌ අපේ බැජ් එකේ එකෙක් මචං.” එන්න ගොඩ දාන්න ඉංග්‍රීසි!

57. ‍රැග දෙන්නට ගොස් ඇන ගත් දවසක්

58. උමතු ලෙනන් දු‍ටු විකාර සිහිනය

59. පරාක්‍රමබාහු අයියා සහ අපේ ටීචගෙ හොඬවැල

60. පැත්ත ගියත් ඇත්ත මෙන්න! මගේ වන් වේ සබඳකම්!

61. Daddy’s Home!!! අමාෂි දුවේ, ඉතින් හිනාවෙන්න!

62. ෂීට් එකක් එලාගෙන කශ්ටියටම ආතල් එකේ එක පොකුරට යං මෙයා!

63. ඒ පාහර වැඩේ කලේ කවුද?

64. මයිකල්ගේ දෛවෝපගත මුකුණුවැන්න මැල්ලුම.

65. කළන මිතුරෙකුගේ නික්ම යාම

66. නුඹ…

67. ජර්මන් යන එවුන් බේත් විදගන්න වරෙල්ලා!!

68. වැරදි දවසක අප හැර ගිය අපේ අම්මා

69. මයි ෆස්ට් ලව්ස්. (My First Loves) – 1

70. “යකෝ ෂර්, අපි ෂර්ගෙ බර්ත්ඩේ එකට මොනා අරි කරන්ඩෙපෑ බං!”

71. අපේ තාත්තා වුනාට ස්තුතියි, ඩූඩ්…

72. රැජිණ වීදියේ මහා බලුබෙටි මෙහෙයුම/ Operation Dogpile in Queen Street

73. අපේ සංක්‍රමණික ජීවිතය සහ කෝච්චි.

‍හරියටම වසරක් පුරා

‍”මට හිතෙන හැටි” සහ Hey Dude

‍සමඟ රැඳී සිටි ඔබට ස්තුතියි. නැවත එන්න.

henryblogwalker the Dude

 
ප්‍රතිචාර 98

Posted by මත ජූලි 14, 2012 in සැමරුම්

 

ටැග: , ,

16. වයිෆ්ට, අක්කට, නංගිට, අම්මට කියලා ටයි ගැටේ ගහගන්න බබාලන්ත බුවාලා මෙහෙ වරෙල්ලා.


දැන්වීමයි:

මේ පෝස්ට් එක අධිරාජ්‍ය විරෝධීන්ට, ටයි විරෝධීන්ට හෝ දැනට කිසිම ආබාදයක් නැතුව ටයි එක ගැටගසාගැනීමට දන්න බුවාලාට නොවේ. මේ හුදෙක් වයිෆ්ට, අක්කට, නංගිට, අම්මට කියලා ටයි ගැටේ ගහගන්නාවූද, ගහපු ටයි ගැටය ටයි පොල්ල දිරාපත් වී කන්ඩෙම් වනතෙක් දිවිහිමියෙන් ආරක්ෂාකර ගන්නා වූද, මට නිදා ගන්නට නොදී රෑ දෙගොඩහරියට පැමින දොරට තඩිබා මගේ බියුටි ස්ලීප් එකට ඩිස්ටර්බ් කර, “අනේ හෙන්රි (අයියේ/ මල්ලියේ/බාප්පේ/මාමේ/මහප්පේ/පුතේ/ළමයෝ/පැටියෝ)” යනාදී වශයෙන් ආදර ඇමතුමින් සංග්‍රහ කර, “මට මේ ටයි පොල්ල ගැට ගහල දියං හෙට මට වෙඩිමක්/ඉන්ටර්විව් එකක්/එන්ගේජ්මෙන්ට් එකක්  තියෙනවා බං”, කියමින් මටද වාතයක් වී,  උන්ටද වාතයක් වන හුදී ජනයාගේ ලාම්පු කණගා‍ටුව උදෙසාමයැ. සොරියැ. පහන් සංවේගය උදෙසාමයැ.

අපේ තාත්තා කියලා දීපු සමහර  දේවල් මගේ  ජීවිතයටම පාඩම් වුනා. මේකත් ඉන් එකක්. Paying It Forward කියන එක දන්නවද? ඒ නමින් හොලිවුඩ් සිනමා පටයකුත් තියනවා. ඒකෙන් කියන්නෙ. කෙනෙක් තමන්ට කල උපකාරයකට කරන ප්‍රතිඋපකාරය (සමහරවිට උපකාරය කරපු කෙනාගේ ඉල්ලීම මත) ඔහුට/ඇයට නොකර වෙනත් උපකාර ඉතාම අවශ්‍ය කෙනෙකුට කිරීමයි.

මම ලංකාවෙ ඉස්කෝල වල උගන්නන කාලෙ O/L, A/L  පන්තිවල අන්තිම වාරෙදි අනිවාර්යයෙන්ම කියාදෙන පාඩම් කීපයක් තිබුනා සිලබස් එකේ ඇති සහ නැති. එකක් තමයි ඉංග්‍රීසියෙන් නිවැරදිව   job application එකක් ලියන හැටි.(දැනුත් ටයි ගැටේ වගේම ඇප්ලිකේෂන් එක ඉංග්‍රීසියෙන් ලියාගන්න මාගෙ දොරට ගහන එවුන් ඉන්නව අවුරුදු 10ක් ඉස්කෝලෙන් ඉංග්‍රීසි ඉගෙනගෙනත්) , තව ඉංග්‍රීසි සම්මුඛ පරීක්ෂනයකට පෙනී සිටින හැටි, ඇඳගෙන යන හැටි, සහ ටයි ගැටය ගහන හැටි.

මම එදාට මගෙ ලඟ තියෙන ටයි කලෙක්ෂන් එකම අරං  ගිහින් කොල්ලන්ට දීලා ටයි ගැටේ ගහන එක ගැන ප්‍රායෝගික පාඩමක් කරනවා.  මේ දිහා අනිත් ගුරුවරු වපර ඇහින් බලපු අවස්ථාත් අනන්තව තිබ්බා. මගේ ජීවන දර්ශනය ‘හැම එකාම කියන දේට සාවධානව ඇහුම්කන් දීල මට ඕනැ දේ කරන එක’ නිසා මගේ ව්‍යාපාරය එහෙමම ගියා.

නමුත් සමහර ගෝලයො අදත් හමුවුනාම ,”සර් කියලා දීපු පාඩම් වලින් අර ටයි පාඩමයි ඇප්ලිකේෂන් පාඩමයි අදත් මතකයි.” කියලා කියන කොට හිතට හීන් ආඩම්බරයක් මුසු සතුටක් දැනෙනවා.

දැන් උගන්නන රටේ නම් පන්තියට යන්න ටයි එක ඇඳීම අනිවාර්යයි. අපිත් එක්ක වැඩ කරන අපේ අසල්වැසි රටවල බුවාල සෙට් එකකට අදත් ටයි ගැටේ ගහල දෙන්නෙ මම. (ඇඩ් එකක් නෙවෙයි.) එක පොරක් ටයි ටික ප්ලාස්ටික් බෑග් එකකට දාගෙන ඇවිත් ඔක්කොම ගැට ගස්සගෙන යනවා මාසෙකට ඇතිවෙන්න.

ටයි එක ගැට ගහන්න නොදන්න එක ලැජ්ජාවකට කරුණක් හෝ ගැට ගහන්න ඉගෙන ගන්න එක හෙන ගේමක් හෝ නොවෙයි. පුදුමෙ කියන්නෙ ගැට හැට හුටහමාරක් ගහන්න ඉගෙන ගෙන තියෙන හුඟක් බාල යක්ෂයොන්ටත් ටයි ගැටේ ගහ ගන්න බැරි එකයි.

මෙන්න එහෙනම් ටයි ගැටේ ගුරු මුෂ්ටි නැතුවම.

1.ටයි එක කර වටේ එලනවා. හීනි පැත්ත වම් අත පැත්තට. කනපිට යටට හරිද? දැන් දෙපැත්තම අත් දෙකෙන් අල්ලගන්නවා. (පින්තූරෙ අත් නැත්තෙ ඇයි? ඒ කොයි එකාද? ඇයි මිනිහො එතකොට කැමරාව අල්ලන්නෙ මොකෙන්ද?)

2. දැන් හීනි පැත්ත වම් අතෙන් අල්ලගෙන මහත පැත්ත මේ විදියට උඩින් පාස් කරනව වම් පැත්තට. (Overpass) මතක තියා ගනිල්ලා කොල්ලනේ හීනි වම් පැත්ත සහ අත එහෙමමයි. නෝ හෙල්ලුං පොල් මැල්ලුං! දාන සෙල්ලං ඔක්කොම දාන්නෙ දකුණු අතින්, මහත පැත්තෙන්.

3. U-turn එකක් ගහලා යටින් එනවා ආපහු දකුණු පැත්තට. (Underpass) වම අතාරින්නෙ නෑ. (මගුල් දේශපාලනයක් නෙවෙයි මනුස්සයො. ටයි ගැටේ)

4. ආයෙම ගහනවා U-turn එකක්. ආයෙත් යනවා දකුණට. මේ පාර උඩින්. (overpass එකක්.) වම අතාරින්නෙ නෑ.

5. ආයෙ U-turn එකක් ගහලා එනව ආපහු. නමුත් කලින් පාරෙ නෙවෙයි.බෙල්ල දිහාවට යටින්. දැන් මතුවෙනවා උඩින් මෙන්න මෙහෙම.

6. වම එහෙමමයි. හරි? දැන් අර මතුකරගත්ත මහත කොන U-turn එකක් ගහලා එනවා පහලට හැබැයි එන්නෙ උඩින්ම තියෙන ලූප් එක ඇතුලෙන් මෙන්න මෙහෙම.

7. දැන් ගැටේ ගහල තියෙන්නෙ. කැතයි නේද? ඔවු. කැතයි තමයි. ඉතිං ඕක හෙමිහිට සීරු මාරු කරලා ලස්සනට හදා ගන්න ඕනෙ. ඒක මහ ගේමක් නෙවෙයි. දැන් අමාරු හරිය ඉවරයි.

8.මෙහෙම ඇදලා කරලා...

9. ඔය තියෙන්නෙ ගතියට. ඔය ගැටෙන් ටයි එක මතුවෙන තැනට ඔන්නම් ‍රැල්ලක් දාන්නත් පුලුවන්.

හුටා! යට පොට එල්ලෙනවා නේද යටින් දිගට?  ඒ දිග හරියට ගන්න ගලවලා ගැට ගහලා ප්‍රැක්ටිස් වෙන්නම ඕනෙ. හරියට දැම්මම මහත කොන බෙල්ට් බකල් එක ලඟට තියෙන්න ඕනෙ. හීනි කොන ඊට කොට නිසා හැංගිලා තියෙන්න ඕනෙ.   ටයි එකේ දිග බකල් එක දක්වාද, බකල් එක වැහෙන්නද කියන එකෙත් තියෙනවලු විවාහක අවිවාහක වෙනසක්. ඒක වැඩක් නෑ. මුද්ද හංග ගනිල්ලකො. එතකොට හරි.

තාත්ත නම් කියන්නෙ වම් අතින් අල්ලගත්ත ග්‍රිප් එක ගැටේ ගහල ඉවර වෙනකල් ඒ විදියටම තියෙන්න ඕනැයි කියලයි. ඒකනම් තරමක් අමාරු වැඩක්. මම නම් අත  හරිනව.

තව සීන් එකක් තමයි ටයි ගැටේ හරියට ගහලා නම් හීනි වම් පැත්ත ගැටෙන් එලියට ඇදලා දැම්මට පස්සෙ.....

ටයි එක කොන් දෙකෙන් ඇද්දාම ඔක්කොම ගැට ගැලවිලා යන්න ඕනෙ. ඕකත් තාත්තගෙ පාඩමේ කොටසක්.

හරි දැන් ඉතින් මේක ප්‍රැක්ටිස් කරන්න ඕනෙ දහ වතාවක් වත්. අනික කම්මැලිකමට එකම ගැටේ දාගෙන යන්න පටන් ගත්තොත් ප්‍රැක්ටිස් එක නැතිව යනවා. බය නැතුව ගැටේ ගලවලා හැම දාම පොර වගේ  අලුතින් ගහන්න ඕනෙ. හැබැයි පු‍තෝ, “අරූ කිව්ව විදියට කරන්න ගිහින් තමයි රතු ඉර වැදුනෙ” කියලා මට බර බර ගානවනම් රෑට ටයි ගැටේ ගහගන්න එකයි ඇත්තෙ අලාම් එක සෙට් කරලා.

මාසයක් විතර යනකොට ආයෙ ජීවිතේට කාටවත් වඳින්න ඕනැත් නෑ. සෙකන්ඩ් වෙන්න ඕනැත් නෑ.   ටයි ගැටේ ගහලා චොකලට් පගාව ගත්ත නංගිලා ඔන්නම් මාව දායි හිට් ලිස්ට් එකට. ඒ ඉතිං උඹලා කට වරද්දා ගත්තොත්.

මොකක්ද අර අරකා කියන්නෙ? අපි ටයි දානෙ නෑ හැම දාම? වෙඩිං එකකට යන්න විතරයි? ඉතිං? මේක ප්‍රින්ට් කරලා අලවගන්න එකයි අල්මාරියේ දොර පිටිපස්සෙ.

ඉතිං වෙන මොනවද? ආ මට මතක් වුනේ සමහර පොරවල් ටයි අඳිනව හරකෙකුට කඹේ දාල වගේ. සමහරුන්ගෙ වර්ණ සංයෝජනය නං කියලා වැඩක් නෑ. කලුවරේද මන්දා අඳින්නෙ? එල හරකයි මී හරකයි වගෙ. නිල් පාට ශර්ට් එකට ලා කෙසෙල් දළුකොල පාට ටයි එක ඇඳගෙන බලන්න ලස්සනයි. ඇයි යකුනේ කොල්ලො නේද? කලර් සෙන්ස් එකක් ඇත්තෙම නෑ. නංගි හරි අක්ක හරි වයිෆ් හරි දැක්කෙ නැත්නම් අහුවෙච්ච එක එල්ලගෙන එනවා.

මම නම් ඔය ගැන සෑහෙන  උනන්දුයි හැමදාටම. ආයෙම කිව්වා. ඇඩ් එකක් නෙවෙයි. මම නං ටයි එකට කලිසමයි ශර්ට් එකයි විතරක් නෙවෙයි මේස් දෙකත් මැච් කරනවා. මොකක්ද අර අරූ අහන්නෙ? ඔව් බං ජොකත් මැච් කරනව තමයි මේස් දෙකට. උඹ කොහොමද ගෙස් කලේ? හික් හික්!

මගෙ වයිෆ් මං ගැන අනිත් උන්ට කියනකොට කියන්නෙ ඌ ඉතිං කොහොමත් ස්ටයිල් කුක්කනෙ කියලා.ආ උඹලට ඉරිසියා හිතුනා නේද?

හරි.ආයෙම යමු මාතෘකාවට. ටයි ගැට ගනනාවක් තියෙනවා. ඔය අද ගැහුවෙ සිංගල් නොට් කියන සරලම සහ ලේසිම එක.

තව එකක් තමයි ඩබල් නොට් එක. ඒකට වින්ඩ්සර් නොට් එක කියලත් කියනවා. මන් දන්නෙ නෑ ඇයි කියලා. විකිපීඩියා එකේ බලාපල්ලකො මගෙන්ම අහන්නෙ. මේ පෝස්ට් එකට ලැබෙන ප්‍රතිචාර අනුව ඒක ඉගෙන ගනිමු පස්සෙ පෝස්ට් එකකින්.

එතකොට පට්ට කම්මැලි හොරුන්ට මෙන්න බඩුව. මොකුත් නෑ. බෙල්ලට තොන්ඩුව දැම්මා. ඇද්දා.

තව දෙයක්. මම හරි ආසයි ටයි සම්බන්ධ රසවත් සිද්දි, අකරතැබ්බ හෙම ගැන කමෙන්ට් කියවන්න. කල්පනා කරලා ලියමුකො එහෙනම් කමෙන්ට් එකක්.

 

ටැග: , , ,